ආරක්ෂාව අතින් හොඳ පාස්වඩ් එකක් නිර්මාණය කිරිම !

සොයන්න

7.3.12

හොදයි එහෙම නම්, ආයුබෝවන් කිව්වා හැමෝටම. අද මම කියන්න යන්නේ ටිකක් වැදගත් වෙයි කියල හිතුන දෙයක්. ටිකක් නෙමෙයි, ගොඩක්. මොකක්ද දන්නවද, ආරක්ෂාව අතින් හොඳ password එකක් නිර්මාණය කරගන්න විදිය.


මුලින්ම කියන්නම් කවුරුත් දන්නා සරල දෙයක්. කිසිම විටක password එක විදියට තමන්ගේ නම, දුරකථන අංකය, පෙම්වතා/පෙම්වතියගේ නම වගේ කෙනෙක්ට ලේසියෙන්ම අනුමාන කරන්න පුළුවන් දෙයක් තෝරාගන්න එපා. මොකද කෙනෙක්ට ඔයාව හැක් කරන්න ඕනේ නම් එයා මුලින්ම කරන්නේ ඒ වගේ දේවල් password එක විදියට ගහල උත්සහ කරලා බලන එකයි.

ඊළඟට, password එකේ characters ගණන වැඩි කිරීම. අඩු characters ගණනකින් යුත් password එකක් පහසුවෙන් අනුමාන කිරීමේ හැකියාව වැඩියි. ඒ වගේම password cracker එකකින් නම් ඉතාම පහසුවෙන් හොයාගන්න පුළුවන්. ඒ නිසා අඩුම තරමින් characters 8 කින් යුතු password එකක් පාවිච්චි කරන්න. ඊටත් වඩා වැඩි ගණනක නම් තවත් හොඳයි. ඒත් ඉතින් අකුරු,ඉලක්කම් 20-25 type කරන්න ගියාමත් එපා වෙනවනේ. ඒ වගේම තමයි නියම විදියට හදපු characters 8 password එකක්, mynameiscomododragon වගේ characters 20 ඒත් නිකම්ම අටවපු password එකකට වඩා ආරක්ෂිත වෙන්න පුළුවන්.

දැන් බලමු මොකක්ද මේ කියන නියම විදිය කියල. මම උදාහරණයකට එක password එකක් හදල පෙන්වන්නම්. අපි දැනට target කරමු characters 10-12 විතර password එකක් හදාගන්න.

මුලින්ම ඔයාට අමතක නොවන දෙයක් හිතාගන්න. දෙයක් කියල කිව්වේ වාක්‍යක්, නමක් වගේ දෙයක්. නමුත් තමන්ගේ නම පාවිච්චි නොකරනවා නම් හොඳයි. මම උදාහරණයට ගන්නේ I hate hackers කියන වාක්‍යය යි. මම දැන් මේ වාක්‍යය ටිකක් වෙනස් කරනවා.
වචන අතර ඉඩ නැති කරලා අගට තිබුණු "S" එක "Z" කළා. දැන් තව දෙයක්. ඉංග්‍රීසි අකුරු වෙනුවට ඉලක්කම් පාවිච්චි කරලා බලමු.
දැක්කද? hate කියන වචනේ a වෙනුවට 4 දාල. hackerz කියන වචනේ e සහ z වෙනුවට 3 සහ 2 දාල. ඒත් මම hackerz එකේ a අකුරට 4 දැම්මේ නෑ. මොකද අකුරු සහ ඉලක්කම් පමණක් පාවිච්චි කරලා මදි. Symbols කියල ජාතියකුත් තියෙන්නේ මේවට තමයි.
දැන් නම් ටිකක් අඳුර ගන්නත් අමාරුයි නේද? hackerz කියන වචනේ hack3r2 කියල වෙනස් කළා. ආයිත් ඒක h@(k3r2 කියල වෙනස් කළා. දැන් ආරක්ෂාව ගොඩක් හොඳයි. මේ ඇතිද? නෑ. අපි තව ටිකක් වෙනස් කරමු. මොකද තවම අපේ password එකේ capital letters තියෙන්නේ එකයි. I කියන එක විතරයි. තව අකුරු දෙකක් විතර capital කරලා බලමු.
දැන් නම් ඔන්න හරි. දැන් අපේ password එකේ තියෙනවා,
  • CAPITAL LETTERS 3 යි.
  • simple letters 3 යි.
  • ඉලක්කම් 3 යි.
  • Symbols 2 යි.
මේ විදියට වෙනස් කරපු password එකක් අනුමාන කරන එක නම් ඉතාම අපහසුයි. Password cracker software එකක් පාවිච්චි කරත් හොයාගන්න බෑ. නමුත් මතක තියාගන්න, ඔයා අතින් වෙන පුංචි එක වැරදීමක් ඇති දක්ෂ හැකර් කෙනෙක්ට. ඔයා දැනගන්න ඕනේ කොහොමද වෙන ක්‍රම වලින් ආරක්ෂා වෙන්නේ කියල. ඒ කිව්වේ කාටවත් තමන්ගේ password එක කියන්න එපා. තමන්ට අමතක වෙයි කියල හිතල කොහෙවත් ලියල තියන්න එපා.

හොඳයි එහෙනම්, ඔන්න මං කිව්වා කොහොමද නොම්මර එකේ password එකක් හදාගන්නේ කියල. මේ දාල තියෙන්නේ මගේ password එක නෙමෙයි. ඒ නිසා මේක අල්ලන් මාව හැක් කරන්න හදන්න එපා. ඒ වගේම මේ password එක ගෙඩි පිටින්ම දාගන්නත් එපා. හිතල බලල තමන්ට ගැලපෙන password එකක් තමන්ම හදාගන්න. ඩොක් එක වැදගත් උනා නම් like එකක් comment එකක් දෙන්න අමතක කරන්න එපා. මම කොමොඩෝ මකරා.
* මේකේ මුල් ලිපිය බලන්න ඕනේ නම් පහල ලින්ක් එකට යන්න.* 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්