සොයන්න

Showing posts with label Special Notices. Show all posts
Showing posts with label Special Notices. Show all posts

14.1.12

මඩ ප්‍රහාර හරහා පරිගණක උදවු බිඳහෙළිය නොහැක

14 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...




මේ ලොව යමෙක් ලෝකයට වැඩදායී දෙයක් කිරීමට උත්සහ දරද්දී අනෙත් උන් ඔහුගේ/ඇයගේ කකුලෙන් ඇදීම, මඩ ගැසීම, අපහාසයට ලක් කිරීම ලෝක ස්වභාවයයි. හොඳම උදාහරණ බුදුරජාණන් වහන්සේ, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වැනි ආගමික නායකයින්ගේ චරිත වලින්ම ගත හැක. අප මේ ශාස්තෘ වරුන් ඉදිරියේ අබ ඇටයක් තරම් උතුම් මිනිසුන් නොවද්දී, අපට එල්ලවන නින්දා අපහාස, ගැරහුම්, මඩ ගැන කවර කතාද?

පළමුවෙන්ම ඔබේ ආදරණීය බ්ලොග් අඩවිය වන පරිගණක උදවු තුළ මෙවැනි පෝස්ට් එකක් පළ කිරීමට සිදුවීම පිළිබඳව අප කණගාටු වෙමු. නමුත් මාස 7ක පමණ කාලයක් තිස්සේ දිගින් දිගටම එල්ලවන තර්ජන, මඩ ප්‍රහාර හමුවේ තවත් නිහතමානීව, නිහඬ බව රැකීම සුදුසුයැයි අප නොසිතමු. මන්ද අපේ නිහතමානීත්වය නිවට කමකැයි මේ කියන්නට යන පුද්ගලයින් වැරදි වැටහීමක ඉන්නා බව පෙනෙන හෙයිනි.

මාස 10ක කාලයක් තිස්සේ ලොවපුරා වෙසෙන 83,000ක් දෙනාගේ ආදරයට ගෞරවයට පාත්‍රවූ, අද ලංකාවේ කෙනෙක් ෆේස්බුක් අඩවියට ලොග් වුණොත් එක් වරක් හෝ පැමිණ යන ශ්‍රී ලංකාවේ පළමු ෆේස්බුක් උපකාරක සමූහය වන පරිගණක උදවු මෙහෙයවන ඔබේ ආදරණීය සහෝදර සහෝදරියන්ට සිදුවන අසාධාරණයක් පිළිබඳ හෙළිකිරීමයි මේ ලිපියේ අරමුණ.

මෙය කියැවීමෙන් පසු කිසිදු ආකාරයක ද්වේශ සහගත කමෙන්ටු සහ ක්‍රියා නොකරන ලෙසත් මෙහි සඳහන් පුද්ගලයින්ගේ පහත් මානසිකත්වය කෙරෙහි අනුකම්පා කරන ලෙසත් අප පළමුකොටම ඉල්ලා සිටිමු. 

ඒ 2011 ජූනි මාසයයි. පරිගණක උදවු ආරම්භ වූ දින සිට විටින් විට ෆේස්බුක් අඩවිය හරහාම එල්ලවූ මඩ ප්‍රහාර පළමු වරට ඉන් පිටතදීද එල්ලවන්නට පටන් ගති. ඒ ශ්‍රී ලංකාවේ අපි ඉතා ආදරය කරන තවත් ආදරණීය වෙබ් අඩවියක ෆෝරම් එකක් තමන්ගේ පහත් මානසික අවශ්‍යතාවයන් සපුරාගැනීම සඳහා අයුතු ආකාරයෙන් භාවිතා කරන සාමාජිකයෙකු විසිනි.

මේ ප්‍රහාරය එල්ලවූයේ පරිගණක උදවු ඇඩ්මින් සොයුරු කිනිත් හෙට්ටිආරච්චි ඉලක්ක කරගෙනය. ඒ ඔහුට සුවකළ නොහැකි රෝගයක් ඇතිය යනුවෙන් පළ කරන ලද ත්‍රෙඩ් එකකි. සිතන්න! ඒ පලවූයේ ඔබ ගැනනම් ඔබට කුමක් සිතේවිද? ඔබේ අම්මාට තාත්තාට කුමක් සිතේවිද? කෙසේවෙතත් දයාබර ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසාම එම පදනම් විරහිත මඩ ප්‍රහාරය පැරදවීමට අපට හැකිවිය.

එම අසත්‍ය පුවත නැවැත්වීම සඳහා එම වෙබ් අඩවියේ ඇඩ්මින් සොයුරන්ගෙන් ලැබුණු පූර්ණ සහයෝගයද අප ඉතා ආදරයෙන් සිහිපත් කරමු.

මේ කියන පළමු ප්‍රහාරයේදී මේ පිළිබඳව එම අඩවියේ පළකොට තිබුණේ Freak88 නැමැති නාමයකිනි.


එහි යොදාතිබූ රූපය අන්තර්ජාලයට එක්කොට තිබුණේ "ආපසු යන්නට පාර කියනවද" නම් වූ ව්‍යාජ ෆේස්බුක් Profile එකෙනි.


මේ පිළිබඳව සියලු තොරතුරු අප සතුව පැවතියත් අප හෙළිදරව් නොකළේ, අසත්‍යය ඔප්පු කිරීමට සාක්ෂි අවශ්‍ය වුවත් සත්‍යය අමුතුවෙන් ඔප්පු කිරීමක් කළ යුතු නැති නිසාත් සත්‍යය කවදා හෝ හෙළිදරව් වන නිසාත්ය.

2011 ජූනි මාසයෙන් පසු පරිගණක උදවු සමූහය වෙත වරින් වර එල්ලවූ ඉතා පහත් ගණයේ අසභ්‍ය ප්‍රහාර සහ අසත්‍ය ප්‍රචාර පිළිබඳව ඔබට නැවත මතක් කළයුතු නැතැයි සිතමු.

2012 ජනවාරි 13 වැනිදා ඉහත කී Freak88 විසින්ම නැවතත් පරිගණක උදවු ඇඩ්මින් වරයෙකු සහ නිර්මාතෘවරයා වන කැලුම් විජේවර්ධන සොයුරා ඉලක්ක කරගෙන ඔහුගේ පහත් මානසිකත්වය විදහා පෑමේ මඩ ප්‍රහාරය අරඹා ඇත.

මේ කවුද?
මොහුගේ අරමුණ කුමක්ද?
මොහුට මෙසේ පුද්ගලයින්ට පදනම් විරහිතව මඩ ගැසීමෙන් වන වාසිය කුමක්ද?

පහත් මානසික තෘප්තිය පමණකි.

කතාවේ හොඳම හරිය ඇත්තේ දැන්ය.

මොහු විසින් මෙවර පල කර ඇත්තේ ඡායාරූප සැකසුම් මෘදුකාංගයක් භාවිතයෙන් සකස්කරගත් විකෘති කරන ලද ෆේස්බුක් සංවාදයකි. එය මෙසේය.




මෙහි පහළින් මෙසේද තිබුණි.


මගේ නංගී එක්ක මූ චැට් කරා නංගීත් මොඩයා වගේ චැට් කරා මූව රීපොට් කරපන් මූ මගේන් ගෙම ඉල්ලූවා

කතාවේ ඉතිරිය පැවසීමට පෙර මෙහි එන මැසේජ් දෙස හොඳින් බලන්න. 
  • පළමු මැසේජ් එක එවා ඇත්තේ විනාඩි 4කට පෙරය. (4 Minutes ago)
  • ඒසඳහා පිළිතුර ලෙස යොදා ඇති මැසේජ් එක එවා ඇත්තේ විනාඩි 6කට පෙරය. (6 Minutes ago)
ඒ කියන්නේ ප්‍රශ්නය ඇසීමට විනාඩි 2කට පෙර උත්තරය යවා ඇති බවද?
පරිගණක උදවු ඇඩ්මින් සහෝදරයින්ට විනාඩි දෙකකට පසුව ඇසීමට නියමිත ප්‍රශ්නය දැනගැනීමට පරචිත්ත විජානනය ඇති බවද?

සත්‍ය සිදුවීම ඔබ හමුවේ තැබීමට පෙර මේ පුද්ගලයා කවුදැයි අප ඔබට හෙළිදරවු කරන්නෙමු.

Freak88 නමින් ඉහත රූපය අදාල ත්‍රෙඩ් එකට පෝස්ට කර ඇත්තේ මෙම ෆේස්බුක් ගිණුමෙනි.

Krishan Jayalath (Stillwaters)

Facebook Name එක සහිත ලින්ක් එක - https://www.facebook.com/stillwater5

Facebook ID එක සහිත ලින්ක් එක - https://www.facebook.com/profile.php?id=100001642942739 

මේ ලිපිය පල කළ 2012-01-14 දින සිට තමන් කළ බොරුව හෙළිවීම වසාගනු පිණිස තම Facebook ගිණුම Deactivate කරගෙන සැඟව ගොස් සිටි ඔහු 2012-01-17 වැනිදා නැවත පැමිණ තිබේ. බොහෝවිට තව දින කිහිපයකින් මොහු නැවත පැමිණ ඔහුව හැක් කර තිබූ බවත්, මේවා කළේ හැකර් බවටත් තමන් කිසිවක් නොදන්නා බවටත් කාගේත් සුපුරුදු ගැලවීමේ ප්‍රකාශය කරනු ඇත. ටික දිනකින් ඔබටද මෙය අමතක වී යනු ඇත. එහෙත්, පරිගණක උදවු නිරන්තර අවධානයෙන්!


නමුත් පරිගණක උදවු වේගවත්ය!
අප ඔහු ගිණුම Deactivate කිරීමට පෙර ඔහුගේ සියලු තොරතුරු සොයාගෙන අවසානය...

Deactivate කිරීමට පෙර

නැවත පැමිණි පසු


කිසිදු විටෙක මෙවැනි බ්ලොග් පෝස්ට් එකක් හරහා කිසිම පුද්ගලයෙකු අපහසුතාවයට පත්කරවීමට අප නොසිතුවෙමු. නමුත් මේ ක්‍රියාව දිගින්දිගටම සිදුවෙද්දී නිශ්ශබ්දව සිටීම පරිගණක උදවු සාමාජික ඔබගේ සත්‍ය තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් ඇති යුතුකමක් පැහැරහැරීමකැයි යන හැඟීමෙන් ඔහු විසින් ප්‍රොෆයිල් එක ඩිඇක්ටිවේට් කිරීමට පෙර ලබාගත් මෙම තොරතුරු ඔබ හමුවේ ඉදිරිපත් කරමු.



Living

Battaramulla
Current City
Avissawella
Hometown

About Krishan

..the still waters-are, literally, "waters of "stillness," whose quiet flow invites to repose. They are contrasted with boisterous streams on the one hand, and stagnant, offensive pools on the other.

No matter how many fishes in the sea..
It'll be so empty without me..

Basic Info

BirthdayMay 12

SexMale

Relationship StatusIn a relationship

LanguagesSinhala and English

Contact Info

Address
  • http://profile.to/stillwaters



Favorite Quotations

අමාරුවෙන් කට්ට කන්නාට කෙදිනක හෝ මදය කන්නට ලෑබේ...

夢 .. Really do come true.

If someone prays for patience, you think God gives them patience? Or does he give them the opportunity to be patient? If he prayed for courage, does God give him courage, or does he give him opportunities to be courageous? If someone prayed for the family to be closer, do you think God zaps them with warm fuzzy feelings, or does he give them opportunities to love each other?

දැන් මෙහි සත්‍යය විමසා බලමු.


කැලුම් විජේවර්ධන සොයුරා ෆේස්බුක් හි කාගේත් ආදරය දිනාගත් කවි රචකයෙකි. කවුරුත් හොඳින් හඳුනන නිර්මාණකරුවෙකි. මේ ඔහුගේ කවි ඇල්බමයයි. (https://www.facebook.com/media/set/?set=a.102265319863766.4524.100002408948283&type=3). එසේම ඔබ හොඳින් දන්නා පරිගණක උදවු කණ්ඩායමේ නිර්මාතෘ වරයාද ඔහුය.


ඉහත පුද්ගලයා විසින් “නංගී“ යැයි හඳුන්වමින් විකෘති කර ඉදිරිපත් කර ඇති සංවාදයේ සම්පූර්ණ කොටස ඔබගේ දැනගැනීම පිණිස පහත පළකරමු.


“පළිඟු කැට“ යනු ෆේස්බුක්හි කාව්‍ය නිර්මාණකරණයේ යෙදෙන සොයුරියකගේ කාව්‍ය ග්‍රන්ථයකි. මෙවැනි දේ එළිදැක්වීමේදී කවියට හිතතැති අයට ඒසඳහා ආරාධනා කිරීම සාමාන්‍ය දෙයකි. මෙම සංවාදය එවැනි ආරාධනයක් විකෘති කොට මඩ ගැසීම සඳහා සකස්කරගෙන ඇති බව ඔබට ඉතා හොඳින් පැහැදිලි වනු ඇති.


මේ පහතින් ඇත්තේ කැලුම් සොයුරා විසින්,  ඉහත ක්‍රිෂාන් ජයලත් නැමැත්තා විසින් විකෘති කරන ලදුව පල කළ “බොරු“ සංවාදයට පිළිතුරු වශයෙන් පළකරන ලද සත්‍ය සිදුවීමට අදාල සම්පූර්ණ විස්තරයයි.


සම්පූර්ණ රූපය නැරඹීම සඳහා ඉහත රූපය මත ක්ලික් කරන්න.


මම කැලුම් විජේවර්ධන...

මේ පොස්ට් එක පල කල අය
Krishan Jayalath (Stillwaters)

https://www.facebook.com/stillwater5
_______________

මේ ඔහු කියන නැගණිය සමග කල චැට් එක
(ඇගේ yrl එක පලකලේ නැ අවැසි නම් දෙන්නම්

Kelum Wijewardena
හෙට එනවාද ඔයා

5 JanuaryDarshani Samanthika
e koheda?????

5 JanuaryKelum Wijewardena
0773864180 call me

5 JanuaryKelum Wijewardena
https://www.facebook.com/events/280770135304824/

පළිඟු කැට කාව්‍ය සංග්‍රහය එළිදැක්වීම
6 January at 15:00
Share

5 JanuaryDarshani Samanthika
y should i call u????????

5 JanuaryKelum Wijewardena
මේ ඉවෙන්ට් එක පොත එලිදැක්විම මගේ යාලුවෙක්ගේ
පුලුවන්නම් එන්න බලන්නකො
උඩ දිලා තියෙන්නේ මගේ නො එක
එනවා නම් කොල් එකක් දෙන්න සහො..


5 JanuaryDarshani Samanthika
ok

____________________________________

හ්ම්.....
කවියට කොමෙන්ට් දාගෙන එකම පවුලක කවිකාරියන් ලෙස එන අයගෙනුත් දැන් ප්‍රවේසම් වෙන්න ඕනි කාලය

_______________
දැන් මේ ගැන ඔබ සිතන්න !!!


ක්‍රිෂාන් ජයලත් නැමැත්තා විසින් මෙම ක්‍රමයෙන්ම පෙනීසිට තවත් බොහෝ පුද්ගලයින් අපහසුතාවයට පත්කොට ඇත. මේ මෙම පුද්ගලයා විසින් එම ප්‍රොෆයිල් එකම යොදාගෙන තවත් කරනු ලබන තවත් මෙවැනි ක්‍රියාවකි.



ඉතින් තවත් කිසිවක් කිවයුතු නැතැයි සිතමු.
සියලු දේ අප හෙළි කළෙමු.
සත්‍යය දැන් හොඳින් පැහැදිලිය.
සත්‍යය සැඟවිය නොහැක.


Freak88 ගැන අවධානයෙන් පසුවන්න.
ඔහුගේ මීළඟ ගොදුර ඔබ විය හැකියි.
මේ පිළිබඳව නෛතික ක්‍රියාමාර්ග ඉදිරියේදී ගැනෙනු ඇති.


යමෙක් යමක් කියූ පමණින් පිළිගෙන නිකරුණේ නිර්දෝෂී පුද්ගලයන් අපහසුතාවයට පත්කරන සියල්ලන්ට මෙය හොඳ පාඩමක් වනු ඇති.

අසාධාරණය, අසත්‍යය ඉදිරියේ තවදුරටත් අප නිහඬව නොසිටිමු.
ක්‍රිෂාන් ජයලත් වැන්නන්ගේ පහත් මඩ ප්‍රචාර හමුවේ නොසැලී අප සමග රැඳීසිටින පරිගණක උදවු සාමාජිකය සහෘද ඔබ සැමට අපගේ ප්‍රණාමය පුදකර සිටිමු!.

මෙහි කිසිවක් කිසිදු අඩවියක් හෝ ආයතනයක් අපහසුතාවයට පත් කිරීම සඳහා නොවන බව අවධාරණය කරමු. මෙම අකටයුතුකම් වලට එම අඩවි හෝ ආයතන කිසිසේත් කිසිදු ආකාරයින් සම්බන්ධ නොමැති බවත්, එම අඩවි සහ ආයතනද අපහසුතාවයට පත් කරමින් මේවා සිදුකරන්නේ ඉහත හෙළිදරව් කළ විනයක් නැති පුද්ගලයින් විසින් බවද තරයේ ප්‍රකාශකර සිටිමු. අපට දිගින් දිගටම මොහු විසින් සිදුකළ අසාධාරණය හමුවේ ඔබ විසින් දැනගතයුතු සත්‍යය පමණක් හෙළි කළෙමු.

ස්තුතියි!

ඔබ වෙනුවෙන්,

නොසැලී...

ඉදිරියටම...


෴පරිගණක උදවු෴

29.11.11

පරිගණක උදවු VIPs

3 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
පරිගණක උදවු VIPs 2011

(Very Important Posts)



ශ්‍රී ලංකාවේ පළමු Facebook පරිගණක උපකාරක සමූහය වන පරිගණක උදවු මගින් පරිගණක උදවු සාමාජික ඔබ වෙනුවෙන් 2011 දෙසැම්බරයේ “පරිගණක උදවු VIPs“ නමින් සිංහල පරිගණක තාක්ෂණික ලිපි තරඟයක් පැවැත්වීමට සියලු කටයුතු දැන් සූදානම් කොට තිබේ.

මෙම සිංහල පරිගණක තාක්ෂණික ලිපි තරඟය පිළිබඳ විස්තර සහ තරඟ කොන්දේසි පහත සඳහන් වේ.
  1. පරිගණක උදවු VIPs පරිගණක තාක්ෂණික ලිපි තරඟය සඳහා ලිපි භාරගැනීම 2011 දෙසැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 6.00ට ආරම්භ වී 2011 දෙසැම්බර් මස 15වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00න් අවසන් වේ. (මීට පෙර සහ පසු ඉදිරිපත් කෙරෙන ලිපි තරඟය සඳහා වලංගු නොවේ).
  2. තරඟය සඳහා ඉදිරිපත් කරන සියලුම ලිපි පහත ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
    1. ලිපි පල කළයුත්තේ පරිගණක උදවු ෆේස්බුක් සමූහයේ Doc ආකාරයෙනි. ලිපි සැකසීම සඳහා පහත සබැඳියෙන් Create a Doc වෙත යන්න. ( https://www.facebook.com/groups/pariganakaudau/docs/)
    2. එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැකි උපරිම ලිපි සංඛ්‍යාව 10කි.
    3. තරඟය සඳහා වන සියලුම ලිපි වල ආරම්භයේදී “(පරිගණක උදවු VIPs තරඟය වෙනුවෙන්)“ යැයි සඳහන් කළ යුතුය.
    4. සියලුම ලිපි සිංහල මාධ්‍යයෙන් විය යුතුය.ඉංග්‍රීසි භාෂවෙන් වන ලිපි තරඟය සඳහා වලංගු නොවේ.
    5. ලිපි ලිවීමේදී කියැවීමට උචිත භාෂා රටාවක් සහ කියැවීමට පහසු ආකෘතියක් අනුගමනය කරන්න. (ඡේද වෙන්කිරීම, Bullets යෙදීම ආදිය). අවශ්‍ය පරිදි රූප සටහන්, පින්තූර යනාදියද තරඟකරුගේ අභිමතය පරිදි භාවිතා කළ හැක.
    6. ලිපිය පල කරන්නා විසින්ම එය ලියා තිබීම අනිවාර්ය වේ. වෙනත් අයගෙන් උපුටාගත් ලිපි තරඟය සඳහා වලංගු නොවන අතර එම තරඟකරුගේ වෙනත් ලිපි සඳහා ඇති අවස්ථාවද අහිමිවීමට එය හේතුවත් වනු ඇති.
    7. තරඟය සඳහා ඉදිරිපත් කෙරෙන ලිපි මීට පෙර පරිගණක උදවු සමූහය තුළ Doc ආකාරයෙන් පල නොවූ ඒවා විය යුතුය.
    8. ලිපි සඳහා සුදුසු තේමා පරිගණක ක්ෂේත්‍රයට අදාල විවිධ අංශ ඔස්සේ තෝරාගත හැකිය. (මෘදුකාංග, දෘඪාංග, ජාලකරණය, පරිගණක ක්‍රමලේඛ කරණය, ජංගම දුරකථන හා විවිධ උපාංග, අන්තර්ජාලය, විවිධ නව තාක්ෂණ ආදිය උදාහරණ වේ). සෑම ලිපියකම එහි තේමාව ආවරණය වන සම්පූර්ණ අන්තර්ගතයක් තිබිය යුතුය.
    9. පරිගණක උදවු ඇඩ්මින්වරුන්ගේ ලිපි  තරඟය සදහා වලංගු නොවේ.
  3. තරඟයට ඉදිරිපත් කෙරෙන ලිපි වල ගුණාත්මක භාවය, නවතම කරුණු සහ ප්‍රයෝජනවත් භාවය සලකා තේරීම් කමිටුවක අපක්ෂපාතී තීරණය අනුව හොඳම ලිපිය ද, ලැබී ඇති  Likes ප්‍රමාණය මත ජනප්‍රියම ලිපියද තේරීම සිදු කෙරේ.
  4. ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම සහ ත්‍යාග ප්‍රදානය කිරීම දෙසැම්බර් මස අවසානයේ සිදු කෙරෙනු ලැබේ. ත්‍යාග පහත සඳහන් පිළිවෙලින් වේ.
    1. Digital කැමරාවක් - vivitar vivicamf332 අනුග්‍රහය - දිනිති දීපිකා සොයුරියගෙන් (https://www.facebook.com/profile.php?id=100001138279526)
    2. Portable Hard Drive එකක් (1)
      අනුග්‍රහය - පරිගණක උදව් ඇඩ්මින් - mg super සොයුරාගෙන් (https://www.facebook.com/mg.mahesh1)
    3. HSPA Modem එකක් (1) 
      අනුග්‍රහය - Dinindu Piyakaru සොයුරාගෙන් - https://www.facebook.com/dinindu.piyakaru
      (www.BuyOnline.lk වෙබ් අඩවිය වෙනුවෙන්)
    4. පෙන් ඩ්‍රයිව් එකක් (1)
      අනුග්‍රහය - පරිගණක උදවු සාමාජික සොයුරියක් විසින් (ඇගේ ඉල්ලීම පරිදි නම සඳහන් නොකරමු)
    5. සැනසිලි තැගි ලෙස - Silicone Anion Watch පහක් (5)
      අනුග්‍රහය - Dinindu Piyakaru සොයුරාගෙන් - https://www.facebook.com/dinindu.piyakaru
      (www.BuyOnline.lk වෙබ් අඩවිය වෙනුවෙන්)
    • යම් හෙයකින් නිර්නාමික/ ව්‍යාජ (Fake) තරඟකරුවෙකු ත්‍යාගයක් ලබාගතහොත් ඔහු විසින් තම අනන්‍යතාවය පරිගණක උදවු ඇඩ්මින් වරයෙකුට පුද්ගලිකව හෙළිකළ යුතුය.
    • ත්‍යාග ලබාගන්නා ආකාරය පිළිබඳව දෙසැම්බර් මස අවසානයේදී දැනුම්දෙනු ඇති.
෴වැඩිදුර විස්තර සහ පැමිණිලි සඳහා පරිගණක උදවු ඇඩ්මින් සොයුරු සොයුරියන් හා සම්බන්ධ වන්න෴

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්