සොයන්න

Showing posts with label පරිගණක උදවු Exclusives. Show all posts
Showing posts with label පරිගණක උදවු Exclusives. Show all posts

26.11.11

CD/DVD Burn කරන්න Neroම ඕන නෑ! - පරිගණක උදව් Exclusives!!!- සත්වැන්න

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
(Read with Images)

ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්‍රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන කතා කරද්දි Nero මෘදුකාංගයත් අපිට නැතිවම බැරි වෙලා. ඒතරමට අපි නීරෝට වහවැටිලා! කොටින්ම කීවොත් මම මේ මහන්සිවෙලා කියන්න යන මෘදුකාංගය නිකමට අත්හදාබලන්න නොසිතෙන තරමට ඒ ඇබ්බැහිය ප්‍රබල වෙන්න පුලුවන්.

හැබැයි පරිගණක උදවු යාලුවො අලුත් අලුත්දේ හොයන අයනෙ නේද :)...  

CD Burn කරන්න Nero ඕනෙමද? - CD Burn කරන්න Neroම ඕනෙද?

මේ කියන්න යන්නේ සියලු පහසුකම් වලින් යුත් නොමිලේ ලබාදෙන බර්නිං මෘදුකාංගයක් ගැනයි. සමහරු භාවිතා කරනවත් ඇති. දන්නවත් ඇති. මෙය 100%ක් නොමිලේ ලබාදුන්නත් Audio CD, VCD, DVD, Data, Image Burning වගේම data erasing, Image සෑදීම, Image Mount කිරීම යනාදි අවශ්‍ය සියලුම පහසුකම්වලින් පරිපූර්ණ මෘදුකාංගයක්. එසේම මෙය ඔබට කිසිදු ගෙවීමකින් හෝ අවසරයකින් තොරව “නොමිලේ“ බෙදාහැරීමද කළ හැකියි.

“StarBurn”
මෙහි නොමිලේ ලබාදෙන සංස්කරණය මෙතැනින් නොමිලේම ලබාගන්න පුලුවන්. ප්‍රමාණයෙන් එය 14MB ක් පමණයි.

22.11.11

...෴FACEBOOK TIMELINE෴...ඔබේ ජීවිත කතාව Time Line එකකින් කියන්න - පරිගණක උදවු Exclusives!!!

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

Facebook වල ආරම්භයේ සිටම, ඔබේ Profile එක ඔබේ ජීවිත කතාව ඔබේ මිතුරන්ට කියාපෑමට යොදාගත් හොඳම ස්ථානය විය. රුචි අරුචිකම්, සිතුවිලි වැනි පුංචි පුංචි දේවල් වල සිට විවාහය, දරුවෙකුගේ උපත වැනි ජීවිතයේ ඉතා වැදගත් අවස්ථා දක්වාම විවිධ දේ අපි Facebook හරහා බෙදාහදාගැනීමට පුරුදුව සිටින්නෙමු.

ඔබේ profile එකේ විකාශය

1.7.11

සියලුම වින්ඩෝස් සෙවන් සෙටින්ග්ස් එකම වින්ඩෝවක- පරිගණක උදවු Exclusives!!!

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...


වින්ඩෝස් සෙවන් වල IP Address එක වෙනස් කරන්න ගිහින් තැන හොයාගන්න බැරිවුණාද?

හුඟක් අයට අලුත් Operating System(OS) එකකට හුරුවෙනව කියන්නෙ එපා වෙන වැඩක්. මොකද කළින් භාවිතා කළ OS එකේ settings තිබුණු තැන් බොහෝවිට සම්පූර්ණයෙන්ම වගේ වෙනස් වෙනවනෙ.

වින්ඩෝස් සෙවන් සෙටින්ග්ස් එකම වින්ඩෝවක II - පරිගණක උදවු Exclusives!!!

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...


පසුගිය පරිගණක උදවු Exclusives! ලිපියෙන් (http://www.facebook.com/home.php?sk=group_200205416676273&view=doc&id=209621519067996) අපි කතා කළේ සියලුම වින්ඩෝස් සෙවන් සෙටින්ග්ස් එකම වින්ඩෝවකට ගන්න හැටි ගැන. GOD MODE කියල හැඳින්වෙන්නෙත් මේ ක්‍රමය තමයි.

මේ ලිපියෙන් කියන්න හදන්නේ එක් එක් සෙටින්ග්ස් සඳහා වෙන වෙනම ෆෝල්ඩර්ස් හදාගන්න හැටි ගැන.කරන්න තියෙන්නෙ කලින් කළ දේම තමයි. 


1.පහළ තියෙන කෝඩ් එක කොපි කරගන්න.
2.ඔයාගෙ මැෂින් එකේ අලුත් ෆෝල්ඩර් එකක් හදල ඒකෙ නම (New Folder) වෙනුවට මේක paste කරන්න.

වින්ඩෝස් සෙවන් Libraries - පරිගණක උදවු Exclusives!!!

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

කලින් කීව දේවල් වගේම මේ කියන්න යන්නෙත් අමුතු දෙයක් නෙමෙයි. එදිනෙදා අපේ ඇස ගැටෙන ඒත් වැඩි අවධානයක් යොමු නොවුණු කොතැනකදිවත් සිංහලෙන් කතා නොකෙරුණු තවත් පුංචිම පුංචි තැනක් ගැනයි. Windows 7 Libraries!.

වින්ඩෝස් 7 වල තියෙන සුවිශේෂීම ලක්ෂණයක් තමයි අපේ ෆයිල්ස් සහ ලිපි යනාදිය වඩාත් හොඳින් පිළිවෙලකට තබාගන්න පුලුවන් වීම. වින්ඩෝස් සෙවන් වලදි ඔයාට මුලු පරිගණකයේම තියෙන වැදගත් දේ ඩොකියුමන්ට්ස් ෆෝල්ඩරය හරහා organize කරගැනීමේ හැකියාව ලබාදෙනවා.
කලින් ආ වින්ඩෝස් වර්ෂන්ස් වල (XP, VISTA) අපිව පොළඹවන්නේ අපේ යූසර් එකවුන්ට් එක යටතේ තියෙන My Documents ෆෝල්ඩර් එකේ අපේ වැදගත් ෆයිල්ස් සහ ඩොකියුමන්ට්ම් දාගන්න කියලනේ. එතනදි වෙනත් තැන් වල තියෙන ෆයිල්ස් මෙතනට දාගන්න ගියාම ප්‍රශ්න ගොඩයි! ඔක්කොම My Documents ඇතුළට දාගන්න ගිහාම C:\ එකේ ඉඩ මදි වෙනවා, නැත්නම් එකම ෆයිල් එක දෙතැනක තියෙනවා. නමුත් වින්ඩෝස් සෙවන් වලදි ඒ අපහසුතාවය මගහැරෙනවා.

පෙන් එකකින් වින්ඩෝස් ඉන්ස්ටෝල් කරමු - පරිගණක උදවු Exclusives!!!

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...


පෙන් එක කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ආධාරයෙන් බූටබල් කරගන්නේ මෙහෙමයි. (වින්ඩෝස් විස්ටා/සෙවන් පෙන් එකක් හරහා ඉන්ස්ටෝල් කරගැනීම සඳහායි)

1. ඔබේ පෙන් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කර එහි ඇති අත්‍යාවශ්‍ය දත්ත වෙනත් තැනකට කොපිකරගන්න.

2. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක ඕපන් කරගන්න.
(Win+R Press කර ලැබෙන Run වින්ඩෝවේ CMD ලෙස ටයිප් කර Enter කරන්න.

3. කමාන්ඩ් ප්‍රොම්ප්ට් එක තුළ DISKPART ටයිප් කර එන්ටර් කරන්න. ඉන්පසු LIST DISK ටයිප් කර එන්ටර් කරන්න. මෙයින් ඔබේ පෙන් එකට දී ඇති ඩිස්ක් නම්බර් එක පෙන්වනු ඇති.

4. දැන් පහත කමාන්ඩ්ස් එක බැගින් ටයිප් කරමින් එන්ටර් කරන්න.

පෙන් එකේ ෆයිල්ස් hide වෙලා!....ඒ වෙනුවට shortcuts ගොඩක් හැදිලද? නැත්නම් .exe folders හැදිලද? - පරිගණක උදවු Exclusives!!!

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...


වෙනදා වගෙම මේ කියන්න යන්නෙත් ලොකු වැඩ හොයන අපේ අවධානය යොමු නොවුණු තවත් පුංචි තැනක් ගැනයි. පෙන් එකේ තියෙන ෆෝල්ඩර්ස් හැංගිලා ඒ වෙනුවට වෙනත් ෆෝල්ඩර්/shortcuts හැදුණම, පෙන් එකේ තිබුණු පරණ ෆයිල්ස් ටික නොපෙන්නුවත් properties ගියාම පෙන් එක පිරිල තියෙනව පෙන්වනකොට! මොකද කරන්නෙ.....

දන්න වැඩ සේරම දාලා ෆයිල්ස් ටික බේරගන්න හදනවා...වෙන මොනවද නේද :).....

ඩොස් attrib -r -a -s -h /s /d කමාන්ඩ් එක? හරිගියෙ නෑ......
Show Protected System Files? බැහැනේ!
වයිරස් ගාඩ් බොහොමයකම වගේ මේකට පිළියමක් නෑ....

කෝ මේ Quick Launch Toolbar එක????? - පරිගණක උදවු Exclusives!!! - (හය වැන්න)

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
(2011 මැයි 15 වැනිදා)


පරිගණක උදවු Exclusives 6 වැනි ලිපියෙනුත් වෙනදා වගේම කියන්න යන්නේ වින්ඩෝස් සෙවන් වල අපේ අවධානය යොමු නොකළ,  කතාබහට ලක් නොවුණු තවත් පුංචි තැනක් ගැනයි.


මතකද XP වල තිබුණු Quck Launch Toolbar එක?
කෝ ඒක වින්ඩෝස් සෙවන් වල නැහැනේ?


Taskbar එකට වැඩසටහන් වල Shortcuts අපිට pin කරන්න නම් පුලුවන් තමයි.  ඒත් කලින් තිබුණු Quick Launch Toolbar එක තරම් හිතට අල්ලන්නෙ නැති වෙන්නත් පුලුවන්...

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්