ආයුබෝවන්.....
ලිපි නම් ගොඩක් ඉදිරිපත් කළා ඒත් ඒවට වැඩි ප්‍රතිචාර නෑ, සමහර ඒවට එක ප්‍රතිචාඑයක්වත් නෑ, එහෙම වෙනවා ඇත්තේ ඒවා ඔයාලට වැදගත් වෙන්නෙ නෑ කියලා හිතෙන නිසා වෙන්න ඇති, ඒත් මම ඉදිරිපත් කළේ නම් හැමෝටම වැදගත් වෙයි කියලා හිතෙන ලිපි, අද නම් කියන්න යන්නෙ කිලින් කියපු ඒවට වඩා ටිකක් වෙනස් ලිපියක්, ඒ තමයි* Flash Drive එකකින් Windows 7 install කරන ආකාරය* මේ ගැන දන්න අයත් ඇති, නොදන්න අයත් ඇති, ඒ දන්න අයටයි නොදන්න අයටයි දෙගොල්ලොටම කියවල බලන්න කියලා කියන්න කැමතියි.
අපි කවුරුත් සාමාන්‍යෙයන් දන්නා ආකාරයට OS එකක් (Operating system) පැමිණෙන්නේ CD හෝ DVD ආකාරයටයි. Windows 7 මෙහෙයුම් පද්ධතියත් නිකුත් කලේ DVD මාධ්‍යයෙන්. ඉතින් DVD ධාවකයක් නැති පරිගණක පද්ධතියක Windows 7 install කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට ගත්තොත් නෙට්බුක් පරිගණකයට Windows 7 install කිරීම සදහා කළ යුත්තේ කුමක්ද?
ඒ සදහා ඇති ලෙහෙසිම විසදුම තමයි Windows 7 DVD image එකක් මාර්ගයෙන් Windows 7 USB Flash Boot Drive එකක් සාදා ගැනීම. මේ සදහා ඔබට Windows 7.iso image එකක් හෝ DVD එකක්, 4GB වලට වඩා වැඩි ධාරිතාවයකින් යුත් Flash Drive එකක් හා මේ කාර්්‍යය සිදුකර ගැනීමට උදව් වෙන මෘදුකාංග උවමනා වෙනවා. මෙම මෘදුකාංග මගින් සිදුකරන්නේ Windows 7 installation File සියල්ල Flash Drive එකට කොපි කිරීම සහ එය Bootable Drive එකක් ලෙස සැකසීමයි. මේ සදහා භාවිතා කළ හැකි මෘදුකාංග දෙකක් ඇති අතර ඒ ආකාර දෙකටම මේ කාර්යය සිදුකරන ආකාරය දැන් අපි විමසා බලමු.
Windows 7 USB/DVD Download Tool
ඔබ සතුව Windows 7.iso image එකක් ඇතිනම් මේ කුඩා මෘදුකාංගය යොදා ගෙන එමගින් Flash Drive එක සකසා ගත හැකිය.
මේ මෘදුකාංගය ස්ථාපනය කරගැනීම සදහා XP SP2 වලට ඉහල පරිගණකයක් හා .Net framework 2.0 සමග Microsoft Image Mastering API V2 යන අවශ්‍යතා ඔබගේ පරිගණකය සතු විය යුතුයි. මේ සියල්ලම ඔබට පහත වෙබ් ලිපිනයෙන් නොමිලේ ඩවුන්ලෝඩ් කරගත හැකිය.
http://store.microsoft.com/Help/ISO-Tool
මෙහිදී ඔබගේ Flash Drive එක NTFS ආකාරයෙන් Format කර ගැනීම මගින් මෙම මෘදුකාංගය භාවිතා කිරීමේදී පහසු වේ. මෙය අත්‍යවශ්‍ය නොවන අතර මෘදුකාංගය මගින් ද Flash Drive එක Format කරන බැවින් ඔබේ අවශ්‍ය දත්ත Backup කර තබා ගන්න.
ඉහත ඩවුන්ලෝඩ් කර ගත් Windows 7 USB/DVD Download Tool මෘදුකාංගය Open කරන්න. එවිට පහත ආකාරයට ඒය විවිත වන අතර මෙහිදී Browse button එක මගින් ඔබේ Windows 7.iso image එක ඇති Path එක තෝරා Next කරන්න.
ඉන්පසු මතුවන තිරයෙන් ඔබට තෝරාගැනීම් 2 ක් කළ හැකියි. මෙම .iso image එක අවශ්‍ය නම් DVD එකට Burn කරගත හැකි අතර මෙය USB Flash Drive එකකට Copy කරගැනීම සදහා USB Device යන විධානය දෙන්න.
මීලගට මෙහි ඇති List එකෙන් ඔබගේ Flash Drive එක තෝරා දෙන්න. මෙහි ඔබේ Device එක නැතිනම් Refresh කර බලන්න. අවසානයේ Begin Copying Click කරන්න.
මෙහිදී මෙම මෘදුකාංගය මගින් ඔබගේ Bootable Flash Drive එක සැකසීම සිදුකරන අතර ඒ සදහා තරමක වේලාවක් ගතවේ.
ඉහත පියවර අවසානයේ Flash Drive එක සැකසී අවසානයි. ඔබ මෙම Drive එක My Computer හරහා විවෘත කර බැලුවහොත් Windows 7 DVD එකට සමාන ආකාරයට මෙහිදී File කැකසී ඇති අයුරු දක්නට ලැබේවී. දැන් මෙම Flash Drive එක ආධාරයෙන් USB Boot සහාය දක්වන ඕනෑම පරිගණකයකට Windows 7 install කිරීමට ඔබට හැකිය.
____________________________________________________________________________
WinToFlash
ඔබ සතුව .iso image එකක් නැතිනම් Bootable Flash Drive එකක් සාදා ගැනීම සදහා Windows 7 DVD එක භාවිතා කළ හැක. මෙම මෘදුකාංගය භාවිතයෙන් එම කාර්යය ඉතා පහසුවෙන් කරගත හැකිය. Wizard ආකාරයේ User interface එකක් සහිත නිසා ඕනෑම කෙනෙකුට ඉතාමත් පහසුවෙන් භාවිතා කළ හැකියි. ඔබටත් මෙම මෘදුකාංගය පහත වෙබ් ලිපිනයෙන් ඩවුන්ලෝඩ් කරගන්නට පුළුවන්.
http://wintoflash.com/download/en/
මෙහි ඇති දෙවැනි තිරයෙන් ඔබට Windows හි විවිධ සංස්කරණ සදහා Bootable Flash Drive සාදා ගැනීමට අවශ්‍ය තේරීම් කළ හැකියි. Windows 7 සදහා මෙහි දක්වා ඇති ආකාරයට තෝරා මීලග පියවරට යන්න.
ඉන්පසු මතුවන තිරයෙන් ඔබට Windows file අඩංගු DVD එක හෝ Folder එක තෝරා දිය හැකිය. මේ සදහා Windows file path යටතේ ඇති Select යන්න තෝරන්න. ඔබගේ USB Flash Drive එක තෝරා දීම සදහා USB Drive යටතේ ඇති Select යන්න තෝරන්න. සියළු සැකසීම් සුදුකළ පසු Next දෙන්න.
මෙහිදී මෙම ක්‍රියාවලියේ කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීම සදහා ප්‍රති වෛරස මෘදුකාංග අක්‍රීය කරන ලෙසට දන්වන අතර එය එතරම් අත්‍යවශ්‍ය කාරණයක් නොවේ. මන්ද Microsoft ආයතනයෙන් නිෂ්පාදිත Windows 7 DVD එකකින් ලබාගත් .iso එකක වෛරසි තිබිය නොහැකි නිසා.
මීලගට ඔබට Windows 7 EULA සදහා එකඟතාවය පළ කිරීමට සිදුවන අතර ඒ සදහා මෙහි දැක්වෙන ලෙස අනුමැතිය පළකර Continue ක්ලික් කර මීලග පියවර වෙත යන්න.
දැන් ඇත්තේ Flash Drive එක සැකසීමේ කටයුත්තයි. මේ සදහා තරමක වේලාවක් ගතවන අතර සාමාන්‍යෙයන් විනාඩි 10-15 ක් අතර කාලයක් ගතවේ. මේ පියවර අවසානයේදී ඔබගේ Windows 7 Bootable Flash Drive එක සැකසී ඇති අතර පහත පරිදි ඒ බව සඳහන් පණිවුඩයක් ඔබ වෙන ලැබෙනු ඇත.
ඉහත දැක්වු ආකාර දෙකටම ඔබට Bootable Flash Drive සාදා ගත හැකි අතර එය ඉතා පහසුවෙන් Windows 7 install කර ගැනීමට හැකියි.
පිවිසෙන්න - http://pariganakalipi.blogspot.com/
ස්තූතියි!!!!
සුභ දවසක්
thank u oyoma yan
xp walatath me widiyema ekak hadala dannako
Tx machoo...
Thanxxx broo