මේක මම නිදහස් මෘදුකාංග ගැන තියන ගෘප් එකට මිනිත්තු කීපයකට පෙර ලියපු ලිපියක්..
පරිගණක උදව් වලට දන ලිපි සැට් එකක් ම ලිව්වා.. ඉතින් මං හිතනවා මේකටත් මොනවා හරි වටින කියන දෙයක් නොලිව්වොත් අඩුවක්.. ඒ නිසා මෙන්න මේකට ලියන පලවෙනි ඩොක් එක..
ඕගොල්ලෝ දන්නවනේ.. පරිගණකයට අවශ්‍ය අංක එකේ මෘදුකාංගය මොකක්ද කියලා.. එක තමා ඉතින් ඔපරේටින් සිස්ටම් එක.. ඒකෙන් නේ සේරම කරන්නේ.. හරි.. මම මේ දෙන්න යන්නේ..එකට හොඳ ආදේශකයක්.. හැබැයි හැමෝම කියන බොරු බයිලා මේකේ නැහැ.. ඒ කිව්වේ වින්ඩෝස් ලා එහෙම කියනවා නේ මෙමරි අඩුවෙන් ම "කන" වැඩිම වේගෙන් ලෝඩ් වෙන.. නියම සිස්ටම් කියලා..හරි.. ඔයාල දන්නවා නේ.. ඒවා සේරම උඩින පුම්බපුව නේ.. හරි.. මෙය එහෙම වුනොත් මම වගකීමෙන් කියනවා මට මැසේජ් එකක් එවන්න.. හරි.. දෙන්නෙක් ඉන්නවා.. දෙන්න ටිකක් වෙනස්.. පළවෙනිය ගැන මුලින් ම කියන්නම්.. ඕගොල්ලෝ විශ්වාස කරයි ද දන්නේ නැහැ.. එත මේ කියන්නේ ඔපරෙටින්ග් සිස්ටම් එකක් ගැන..
අවශ්‍යතා පෙන්ටියම් 2 පමණ පරිගණකයක්.. රැම් එක 64 MB පමණ.. සී ඩි ධාවකයක් හෝ නැත්නම් පෙන් වලින් බූට් කිරීමේ හැකියාව..
මෙහෙයුම් පද්ධතියේ ප්‍රමාණය 32 මෙගා බයිට්.. (සුවර්ද කියල අහන්න එපා.. මම යන යන තැන සාක්කුවේ දාගෙන යනවා)
ඕනෑම පැරණි හා නව දෘඩාංග සමග.. ඩෙස්ක් ටොප් හා ලැප්ටොප් සමග ක්‍රියා කරයි.. වයිරස නොමැත..
ලෝඩ් වීමට ගත වන කාලය.. තත්පර 15 ත් 30 ත් අතර..(ඩෙස්ක්ටොප් එක මතට)
පිස්සු හැදෙයි නේ.. මෙයාගේ නම ස්ලිටාස්.. මෙන්න බා ගන්න.. තව එකක්.. මෙයා වැඩ කරන්න හාඩ් ඕනේ නැහැ... රැම් එකේ කොපි වෙලා වැඩ.. අනික.. පෙන් එකකට බූටබල් විදිහට විනාඩි දෙකෙන් දා ගත්තකි... එහෙනම් අයි බලන ඉන්නේ.. මේකෙන් iso එක බා ගෙන දැන්ම රයිට් කර ගන්න..
http://www.slitaz.org/en/ මේක දෙන්නේ ලෝකේ වටිනා ම මිලට.. ඒ කිව්වේ නොමිලේ..
අනික එක.. මේක පෙන් එකට දා ගන්න නම මෙන්න මේක බා ගන්න.. universal usb installer එක තියෙන්නේ මෙතන.. pendrivelinux.com ඊට පස්සේ පෙන් එකේ ගැහුවා.. මේ ටූල් එක රන් කළා.. ඉමේජ් එක දුන්නා නම් විනාඩි දෙකෙන් ගොඩ.. ඕකෙන් බූට් කරලා ම බලන්නකෝ..
හරි.. අංක දෙක.. මෙයා ගේ නම පපී ලිනක්ස්.. http://www.puppylinux.org/ වලින් බා ගන්න..
මෙන්න මෙයාගේ වැඩ කිඩ..
ප්‍රමාණය මෙගා බයිට් 120 (වැඩියි කියල හිතෙනවද බලන්නකෝ ඊළඟ පේලිය)
සියලු ආදේශක මෘදුකාංග ඇතුලත්.. ඒවා ගැනීමට කඩේ යා යුතු නැත.. ඔයාල හිතනවා ට වැඩ ගොඩක්..සම්පුර්ණ ඔෆිස් කට්ටලයක්.. පොටෝෂොප්.. කොරල්ඩ්රෝ.. පී ඩි එෆ්.. එතකොට හාඩ් ඩිස්ක් මැනේජර්.. තව ගොඩක්..
ක්‍රියාත්මක වීමට යන කාලය.. උපරිම විනාඩි 2
ඕනෑම පැරණි පරිගනකයක ක්‍රියා කරයි.. භාෂා රැසක් තෝරාගත හැක.. සියලු මෘදුකාංග තනි ක්ලික් එකකින් ක්‍රියා කරයි.. සුපිරි වේගවත්.. වයිරස බලපෑම නැත..
මේකේ නියම වැඩේ.. ඔයා මේක රී රයිටබල් එකකට හරි මල්ටිසෙසන් එකකට හරි ගැහුවොත් ඔය ෂට් ඩවුන කරන කොට කරපු වැඩ ටික ඒකට ම වෙනම රයිට් කර ගත හැකි.. ඒක මේ ඕ එස එකේ විතර මයි තියෙන්නේ.. එහෙනම්.. මොකට වැඩි කතා.. බා ගෙන.. දා ගෙන බලල කියන්න.. වැඩේ එල නේද කියල.. මේකේ ප්‍රයෝජන ගැන තව දන ගන්න ඕනේ නම්.. මම පරිගණක උදව් වල පල කරපු ලයිව් සි ඩි ලිපිය කියවන්න.. ඔබේ කොමෙන්ට් වලට මා සහ ලිපිය දෙක ම විවෘතයි.. මෙන්න ලයිව් සී ඩි ලිපියේ ලින්ක් එක ..http://www.facebook.com/groups/pariganakaudau/doc/?id=249796945050453
0 comments:
Post a Comment