Nero ඕනෙමද
ඔන්න යාලුවනේ මම අදත් දෙන්න යන්නේ හොද සොෆ්ට්වෙයාර් කැල්ලක්. මේක ගැන කට්ටිය දන්නවා ඇති.නොදන්නා අයට දැනගන්න දාන්නේ.ඔයාල හැමෝම සී.ඩි./ඩි.වී.ඩි./බ්ලූ රේ පුච්ච ගැනීම සදහා විවිද මෘදුකාංග භාවිතා කරනවා.
ඉතින් ඔය ඔක්කොම අපි කොහෙන් හරි බාගෙන පරිඝණකයේ ස්ථාපනය කර ගන්නවා.කොහොම හරි ලයිසන් අංකයක් යොදාගෙන රෙජිස්ටර් කර ගන්නවානම් හරි.ඒත් අපි ගොඩක් වෙලාවට කරන්නේ පහසුවට crak/patch කරනවා.දන්නවනේ crack/patch කරහම තියෙන අවුල.ලෙඩ ගොඩයි,වයිරස් ගොඩයි.ඒ නිසා දැන් හැමෝම වගේ උත්සහ කරන්නේ නොමිලේ දෙන මෘදුකාංග වෙත යාමටයි.ඒත් ඉතින් මුදල් ගෙවල ගන්න මෘදුකාංග වල තරම් කාර්යක් කිරීමේ හැකියාව නොමිලේ දෙන ඒවායේ අඩුයි කියල දුකෙන් උනත් පිළිගන්න වෙනවා.වැඩි කතා ඕනේ නැහැ..ඔබට සි.ඩි./ඩි.වී.ඩි. පුච්ච ගන්න ඔක්කොම පහසුකම් තියෙන නොමිලේ දෙන මෘදුකාංගයක් හම්බ උනොත් එහෙම කොහොමද.ආස හිතෙනවා නේද.මම පොඩි sarch පාරක් දානකොට මට හම්බ උන එළකිරි මෘදුකාංග කැල්ලක්.මාත් දාල බැලුව.බඩුනම් වැඩ.ඔයාලත් දාගෙනම බලන්නකෝ
.ඔන්න එහෙනම් මුලින්ම මේක බාගන්න.
මේක මෙගා බයිට් 16.34 වගේ පොඩි මෘදුකාංගයක් උනාට වැඩ නම් පොඩි නැහැ.සී.ඩි./ඩි.වී.ඩි./බ්ලූ රේ පුච්ච ගැනීම මෙන්ම තැටි මැකීම වගේම තවත් වැඩ ගොඩක් මේකේ තිනවා.නීරෝ තරම් ඉඩක් යන්නෙත් නැහැ.මැෂින් එකට බරක් ඇත්තෙත් නැහැ.ඕනෑම පොඩි මැෂිමකට බබා වගේ වැඩ කරනවා.මම කියන එක හරි නැනේ.මිනිත්තු 2 ක් වැනි කෙටි කාලයකින් බා ගන්න පුළුවන්.එහෙනම් බාගෙන ඉන් පසු පරිඝණකයේ ස්ථාපනය කරගෙන ඔයාලම බලන්නකෝ.කැමති නම් ඔබේ නමටම රෙජ්ස්ටර් කර ගන්නත් පුළුවන්.
ඔන්න එහෙනම් අදට ඉවරයි.මේක ඔයාලට වැඩක උන කියල හිතෙනවා නම් කමෙන්ට් පාරක දාලම යන්න.එතකොට මටත් සතුටුයි නේ
0 comments:
Post a Comment