වර්ඩ් භාවිතා කරන අය සඳහා වැදගත් ක්‍රමවේදයක්

සොයන්න

14.12.11

මම ඔයාලට කියල දෙන්න යන දේ දැනටමත් දන්න අයත් ඇති. නමුත් නොදන්නා බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේවි කියා සිතුන නිසා පල කරමි.

අපි කවුරුත් දන්නවා ms Word කියන්නේ කුමක්දැයි කියා.එහෙත්  අපි ඒකෙන් කරන වැඩ ( ලිපියක් සකස් කිරීම වගේ දේවල් ) සිංහල භාශාවෙන් කිරීමේදී තමයි මේ ගැටලුව මතුවන්නේ.

                          ඉතින් වැඩි කතා නැතුව මම වැඩේ පටන් ගන්නම්. අපි ‍ගෙදර හෝ යම් කිසි තැනක පරිගනකයකින් සකස් කරන ලිපියක් ( සිංහල භාශාවෙන් ) අවසානයේ පිටපතක් ( Print Out ) එකක් ගන්න ඔන වෙලාවට අපි ලඟ ප්‍රින්ටර් එකක් නැති අවස්ථාවක හෝ තිබෙන ප්‍රින්ටර් එක වැඩ නොකරන අවස්ථාවක අපිට සිද්ද වෙනව ඒ ලිපිය සංයුක්ත තැටිවක හෝ පෙන් ඩ්‍රයිව් එකකට කොපි කරගෙන ප්‍රින්ට් මැෂින් එකක් තිබෙන තැනකට ගෙන යාමට.
                       
                                      ඉතින් ඒ වෙලාවට සමහර විට අපි ලිපිය සකස් කිරීමට භාවිතා කල සිංහල අකුරු ඒ ස්ථානයේ පරිගණකයේ නොතිබෙන අවස්ථාවන් වලදී  අපි සකස් කල ලිපිය අපට අවශ්‍ය විදියට නොපෙනෙන  වෙලාවන් තිබෙනවා. ඒ වෙලාවට තමයි ඉතින් මල පනිනවා කියන්නෙ.                         ඉතින් ඒ ප්‍රශ්නෙට මෙන්න මේ විදියට අපි අනුගමනය කලා නම් අපි ප්‍රින්ට් අවුට් එක ගන්න පරිගණකයේ සිංහල අකුරු තිබුනත් නැතත් අපි සකස් කල අයුරින්ම ලබාගන්නට පුලුවනි.

            save as > Tools > Save Options > තේරීමෙන් ලැපබන window එකේ අනිකුත් විකල්පයන් එසේම තිබියදී  Embed fonts in the file විකල්බයට හරි ලකුණ යොදා ඒ යටතේ ඇති Do not embed common system fonts කියන විකල්පය ට පමණක් හරි ලකුණක් යොදන්න.

ඉන් පසු ok කර කැමති තැනකට save කර ඕනම කැනකින් ප්‍රින්ට් අවුට් අරගන්න කිසිම කරදරයකින් තොරව.

ස්තුතියි..
මම නදීශා ලියනගේ.

2 comments:

  • This comment has been removed by the author.
    Unknown says:
    3/1/15 10:39 PM

    This comment has been removed by the author.

  • This comment has been removed by the author.
    Unknown says:
    3/1/15 10:41 PM

    This comment has been removed by the author.

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්