සොයන්න

29.11.11

පරිගණක උදවු VIPs

3 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
පරිගණක උදවු VIPs 2011

(Very Important Posts)



ශ්‍රී ලංකාවේ පළමු Facebook පරිගණක උපකාරක සමූහය වන පරිගණක උදවු මගින් පරිගණක උදවු සාමාජික ඔබ වෙනුවෙන් 2011 දෙසැම්බරයේ “පරිගණක උදවු VIPs“ නමින් සිංහල පරිගණක තාක්ෂණික ලිපි තරඟයක් පැවැත්වීමට සියලු කටයුතු දැන් සූදානම් කොට තිබේ.

මෙම සිංහල පරිගණක තාක්ෂණික ලිපි තරඟය පිළිබඳ විස්තර සහ තරඟ කොන්දේසි පහත සඳහන් වේ.
  1. පරිගණක උදවු VIPs පරිගණක තාක්ෂණික ලිපි තරඟය සඳහා ලිපි භාරගැනීම 2011 දෙසැම්බර් මස 01 වැනි බ්‍රහස්පතින්දා උදෑසන 6.00ට ආරම්භ වී 2011 දෙසැම්බර් මස 15වැනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.00න් අවසන් වේ. (මීට පෙර සහ පසු ඉදිරිපත් කෙරෙන ලිපි තරඟය සඳහා වලංගු නොවේ).
  2. තරඟය සඳහා ඉදිරිපත් කරන සියලුම ලිපි පහත ප්‍රමිතීන්ට අනුකූල විය යුතුය.
    1. ලිපි පල කළයුත්තේ පරිගණක උදවු ෆේස්බුක් සමූහයේ Doc ආකාරයෙනි. ලිපි සැකසීම සඳහා පහත සබැඳියෙන් Create a Doc වෙත යන්න. ( https://www.facebook.com/groups/pariganakaudau/docs/)
    2. එක් තරඟකරුවෙකුට ඉදිරිපත් කළ හැකි උපරිම ලිපි සංඛ්‍යාව 10කි.
    3. තරඟය සඳහා වන සියලුම ලිපි වල ආරම්භයේදී “(පරිගණක උදවු VIPs තරඟය වෙනුවෙන්)“ යැයි සඳහන් කළ යුතුය.
    4. සියලුම ලිපි සිංහල මාධ්‍යයෙන් විය යුතුය.ඉංග්‍රීසි භාෂවෙන් වන ලිපි තරඟය සඳහා වලංගු නොවේ.
    5. ලිපි ලිවීමේදී කියැවීමට උචිත භාෂා රටාවක් සහ කියැවීමට පහසු ආකෘතියක් අනුගමනය කරන්න. (ඡේද වෙන්කිරීම, Bullets යෙදීම ආදිය). අවශ්‍ය පරිදි රූප සටහන්, පින්තූර යනාදියද තරඟකරුගේ අභිමතය පරිදි භාවිතා කළ හැක.
    6. ලිපිය පල කරන්නා විසින්ම එය ලියා තිබීම අනිවාර්ය වේ. වෙනත් අයගෙන් උපුටාගත් ලිපි තරඟය සඳහා වලංගු නොවන අතර එම තරඟකරුගේ වෙනත් ලිපි සඳහා ඇති අවස්ථාවද අහිමිවීමට එය හේතුවත් වනු ඇති.
    7. තරඟය සඳහා ඉදිරිපත් කෙරෙන ලිපි මීට පෙර පරිගණක උදවු සමූහය තුළ Doc ආකාරයෙන් පල නොවූ ඒවා විය යුතුය.
    8. ලිපි සඳහා සුදුසු තේමා පරිගණක ක්ෂේත්‍රයට අදාල විවිධ අංශ ඔස්සේ තෝරාගත හැකිය. (මෘදුකාංග, දෘඪාංග, ජාලකරණය, පරිගණක ක්‍රමලේඛ කරණය, ජංගම දුරකථන හා විවිධ උපාංග, අන්තර්ජාලය, විවිධ නව තාක්ෂණ ආදිය උදාහරණ වේ). සෑම ලිපියකම එහි තේමාව ආවරණය වන සම්පූර්ණ අන්තර්ගතයක් තිබිය යුතුය.
    9. පරිගණක උදවු ඇඩ්මින්වරුන්ගේ ලිපි  තරඟය සදහා වලංගු නොවේ.
  3. තරඟයට ඉදිරිපත් කෙරෙන ලිපි වල ගුණාත්මක භාවය, නවතම කරුණු සහ ප්‍රයෝජනවත් භාවය සලකා තේරීම් කමිටුවක අපක්ෂපාතී තීරණය අනුව හොඳම ලිපිය ද, ලැබී ඇති  Likes ප්‍රමාණය මත ජනප්‍රියම ලිපියද තේරීම සිදු කෙරේ.
  4. ජයග්‍රාහකයින් ප්‍රකාශයට පත් කිරීම සහ ත්‍යාග ප්‍රදානය කිරීම දෙසැම්බර් මස අවසානයේ සිදු කෙරෙනු ලැබේ. ත්‍යාග පහත සඳහන් පිළිවෙලින් වේ.
    1. Digital කැමරාවක් - vivitar vivicamf332 අනුග්‍රහය - දිනිති දීපිකා සොයුරියගෙන් (https://www.facebook.com/profile.php?id=100001138279526)
    2. Portable Hard Drive එකක් (1)
      අනුග්‍රහය - පරිගණක උදව් ඇඩ්මින් - mg super සොයුරාගෙන් (https://www.facebook.com/mg.mahesh1)
    3. HSPA Modem එකක් (1) 
      අනුග්‍රහය - Dinindu Piyakaru සොයුරාගෙන් - https://www.facebook.com/dinindu.piyakaru
      (www.BuyOnline.lk වෙබ් අඩවිය වෙනුවෙන්)
    4. පෙන් ඩ්‍රයිව් එකක් (1)
      අනුග්‍රහය - පරිගණක උදවු සාමාජික සොයුරියක් විසින් (ඇගේ ඉල්ලීම පරිදි නම සඳහන් නොකරමු)
    5. සැනසිලි තැගි ලෙස - Silicone Anion Watch පහක් (5)
      අනුග්‍රහය - Dinindu Piyakaru සොයුරාගෙන් - https://www.facebook.com/dinindu.piyakaru
      (www.BuyOnline.lk වෙබ් අඩවිය වෙනුවෙන්)
    • යම් හෙයකින් නිර්නාමික/ ව්‍යාජ (Fake) තරඟකරුවෙකු ත්‍යාගයක් ලබාගතහොත් ඔහු විසින් තම අනන්‍යතාවය පරිගණක උදවු ඇඩ්මින් වරයෙකුට පුද්ගලිකව හෙළිකළ යුතුය.
    • ත්‍යාග ලබාගන්නා ආකාරය පිළිබඳව දෙසැම්බර් මස අවසානයේදී දැනුම්දෙනු ඇති.
෴වැඩිදුර විස්තර සහ පැමිණිලි සඳහා පරිගණක උදවු ඇඩ්මින් සොයුරු සොයුරියන් හා සම්බන්ධ වන්න෴

26.11.11

විශේෂ ලිපි - Web Cam එක Security Cam එකක් කරගමු!!!

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
සුභ දවසක් ඔක්කොම දෙනාට......අද ටිකක් විශේෂ දවසක් , මොකද අද අපේ ලිපිය ටිකක් වටිනා එකක්...උඩ මාතෘකාව දැක්කම එක තෙරෙනවා නේ..ඉතින් මේක කරන්න ගොඩක් අය උත්සහ කරලා ඇති ඉතින් මම හිතුවා මෙක ක්‍රමානුකුලව කියලා දෙන්න...ඔයාලට මතක ඇති මම මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රයිව් එක හදාගන්න හැටි කියලා දිලා කිව්වා මෙක කතන්දරෙ පළමු පිටුව කියලා....ඉතින් එහෙනම් මෙක තමා දෙවන පිටුව.ඔක්කොටම කලින් එක කියෙව්වෙ නැත්නම් සහ එක හදා ගත්තෙ නැත්නම් පහල ලින්ක් එකට ගිහින් මයික්‍රසොෆ්ට් ස්කයි ඩ්‍රයිව් එක හදාගන්න..
 
මෙතනින් බලන්න http://tinyurl.com/3ss3kx7

 මෙක අත්‍යාවශ්‍යයි මේ වැඩෙට ඉතින් ඔක හදාගත්තට පස්සෙ මේ පහල තියෙන පින්තුරය වගේ පෙන්න ඔනේ.

එක එක ඒවා ඔෆ්ෆ් කරගෙන වයිරස් දාගන්නේ මොකටද??free kespersky මේවා නම් trial නෙමේ ඔන්න හොද බඩු

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
  • 1st go http://www.kaspersky.com/kis-trial-register and download it..                                                                                                                                                                                                                    2.go www.kavkisfile.com For Providing
Free Activation To Everyone. There Is No Virus/Trojan or Phishing Attack In This Site.
 රෙසේට්ටේර්  හදන අය ඔවා හදන්නේ අපිට අදරේකට නොවෙන බව මතක තියා ගන්න.ඔවා තුල කිලොගේර් වැනි  වයිරස් තිබේ..ඒවා පරිගණකය තුල එස්ථාපනය කිරීමට තමා කෙස්පෙර්ස්ක්ය් ඔෆ්ෆ් කරන මෙන් ඉල්ලා සිටින්නේ...
  මේක trial  නොවෙන නිසා මේ මගින් සම්පුර්න ආරක්ෂාව ඔබගේ පරිගණකයට ලැබෙනවා
අනික නොදන්නා බඩු ගෙන ඉල්ලන් කන්න එපා
To activate your kaspersky 2012 With Keyfiles-

හැම සතියෙම අලුත් keys දාන්නෙ මොකටද.. මෙන්න kaspersky 2012 හැමදාටම..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
හොර keys දාල නිකම් blacklist වෙන්නෙ මොකටද.. :p :p
Kaspersky 2012 හැමදාටම තියාගන්න පුලුවන් ක්‍රමයක් මේක..
කිසි අවුලක් නෑ [100% ෂුවර් ..  :) ]
මේක ඔයාලටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව..
වැඩි විස්තර පහත blog එකේ තියනව.
යාලුවනේ පුලුවන්නම් ගිහින් බලන්න..

Microsoft Word 2003

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
Microsoft Word 2003

පරිගණක භාවිතයේදී ලිපි ලේඛන ආදිය සකස් කර ගැනීම සඳහා Microsoft ආයතනය මගින් word හදුන්වා දී ඇත.ඒ මඟින් අපට ක්‍රමානුකූලව ලිපි සකස් කර ගැනීමට අවස්ථාව ලැබේ. පහත දක්වා ඇති පාඩම් ඉගෙන ගැනීම මගින් ඔබට ඒ සඳහා  හැකියාව ලැබෙනු නොඅනුමානයි.
  1. පළමුව word open කිරීම සඳහා Start          All programs           Microsoft Office       Microsoft  Office  Word  2003

 

Free MMS @ Sri Lanka Via Web

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
______________________________________________________________________

නොමිලේ MMS යවමු

මතක් උන වෙලාවෙම හැමදේම ලියලා තිබ්බම Shape නෙ.
නැත්නම් අමතක උනාම කාටද පාඩුව

මොබයිල් ෆෝන් එකෙන් MMS යවන්න අපි හැමෝම දන්නවනෙ

මම අද කියල දෙන්න යන්නේ E-mail Account එකෙන් MMS යවන හැටි

නොමිලේ Mobile news Alerts ලබාගන්න........

2 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
හැමෝම දන්නවනෙ ඔය අපේ ජංගම දුරකතන වලට එක එක විදියෙ Mobile News Alert ගන්න පුලුවන් කියලා.හැබැයි ඉතිං ඒ විදියට News Alerts ලබාගන්න නම් අපෙන් මාසිකව රු.30 ක් වගේ මුදලක් අය කරගන්නවා.



නොමිලේ Mobile news Alerts ලබාගන්න පුළුවන් විදියක් තියෙනවා අපේ සුපුරුදු facebook හරහා.

facebook fan pages කියලා ජාතියක් තියෙනවා කියලා හැමෝම දන්නවනෙ. ඉතිං facebookඉන්න සාමාජිකයන්ගෙ වගේම ඔය ‍fan pages වලත් Status updates වලට sms මගින් subscribe වෙන්න අපිට පුළුවන්.මෙ සදහා ඔබේ ජංගම දුරකතනයේ නම්බරෙ  facebook ලබාදී fb alerts සක්‍රීය කර තිබිය යුතුයි. එහෙම sms මගින් subscribe උනාට පස්සෙ ඒ fan pages වලත් Status updates කෙලින්ම අපේ ජංගම දුරකතනයට එනවා.

බල බල ඉන්න ඔන නෑ....ඔක්කොටම හරියන ( Threat Fire ) All-rounder කෙනෙක් [ Keylogger වලට උනත් ඔට්ටුයි ]

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
 මෙන්න අලුත් විදියෙ Antivirus Software එකක් ගෑන.මෙකට කියන්නෙ  Threat Fire කියලා. Key Loggers,Spyware,Adware , Viruses,worms,Trojans,rootkit ගෑන හිත හිත වද උනු ඔයාලට දෑන් අවුලක් නෑ. Active Defense වලින් තමා මෙයා වෑඩෙ දෙන්නෙ..දෑනට ඔයාලගෙ Computer එකෙAntivirus Software එකක් තිබුනත් මෙක කිසිම ප්‍රශ්නයක් නෑතිව භාවිතා කරන්නපුලුවන්...Compute එකෙ  Speed එකට මෙකෙන් කිසිම බාදාවක් වෙන්නෙන්නෑ.මෙකට ඔයාලා දෑනට භාවිතා කරන Antivirus Software එක කරන්න බෑරි වෑඩකරන්න පුලුවන්.ඒකතමයි මෙකෙ තියන Special එක.දිනෙන් දින  අන්තර්ජාලයටඑක්වන් විවිද මෑල්වෙයා වෑඩසටහන් හදුනාගත හෑක්කෙ හොද තත්වයෙ Antivirus Software එකකට පමණි.ThreatFire කියන්නෙ ඔයාගෙ Computer එකට හානි කරන වෛරස්,ස්පයිවෙයා,මෑල්වෙයා වෑනි හානිකර පරිගණක වෑඩසටහන් හදුනාගෑනීමට හෑකියාවක් ඈති Antivirus Software එකක්.      

Top 12 Websites To Download Free E-Books

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
          Top 12 Websites To Download Free E-Books
                                       









5. Free-Ebooks - http://www.free-ebooks.net/

How To Find A Keylogger on Your Computer

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
  • Keylogger normally install in one of the Windows directory and the place is hidden so it will be very hard to know which file belong to the keylogger since windows have more than 100K files.

    Step 1: 
    Make sure you have anti virus program running. First you need to do is go to start up and click under “Run”. Then, Type “msconfig” . It will open a new window. After that, Click under Start up (it located on the top right hand). After you click that, there will be so many program that you can disable or enable from here.

    Step 2:
     Disable all the running program in the startup item by clicking on the box. Remember to Disable all. After that, Shut down all you Firewall and Anti Virus software that currently running. Then,

Remove REGSVR.EXE and New Folder.exe viruses completely.. ;)

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙ virus කොම්පියුටර් එකට එන්නෙ ගොඩක් වෙලාවට external device (Pen drive තමා ඉතින් ;) ). මෙ virus එක computer එකට ගියාම මෙවගේ ඒවා වෙනවා..

-explorer.exe corruption ඇති වෙනවා
-computer එක Slow වෙනවා
-registry edit  කරන්න බැරිව යනවා
-Folders ඇතුලෙ ඒ නමින් තව Folder එකක් තියෙන්න ගන්නවා

මෙකට පිලියම මෙකයි.....

Step 1 -

Start---> Run----> type msconfig
(මෙක ඔපෙන් වෙන්නේ නැත්තම්.. ඉස්සෙල්ලම task Manager එක (ctrl + Alt + delete) open කරලා processes tab එකට ගිහිල්ලා regsvr.exe කියන එක හොයලා..
ඒක Select කරලා End Process කරන්න. ඊට පස්සෙ අයිත් Step 1 විදිහට කරන්න කොකටත් මෙක කරල තියන එක ඇගට ගුනයි   )
Task Manager කොහොමවත් ඔපෙන් වෙන්නෙ නැත්තම් මෙක Download කරගන්න-http://www.taskmanagerfix.com/

එහෙම කලම එන Window එකෙ startup tab එකට ගිහිල්ල regsvr select කරල එක unchek කරලා ok කලාම එන Window එකෙ Exit without restart කරන්න.

Useful Windows 7 Keyboard Shortcuts

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
                                                  Windows 7 Keyboard Shortcuts                                                                                                 
Let's kick off with keyboard shortcuts – the first thing every power user must memorize with working with a new operating system. In Windows 7, we’ve uncovered several new sets of essential time-saving shortcuts that will make your mouse jealous with neglect.


Alt + P
In Windows Explorer, activate an additional file preview pane to the right side of the window with this new shortcut. This panel is great for previewing images in your photos directory.


Windows + + (plus key)
Windows + - (minus key)

Test Virus gaurd

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
meka note pade ekaka save karala       pahala ati  name ekata save karanna 

  X5O!P%@AP[4\PZX54(P^)7CC)7}$EICAR-STANDARD-ANTIVIRUS-TEST-FILE!$H+H*


All File    Save   click karala  name ekata meka dila save karanna 


    fakevirus.exe

mediafiremoviez වෙබ් අඩවිය තුලින් චිත්‍රපටයක් download කිරීම..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
අන්තර්ජාලයෙන් චිත්‍රපටයක් download කිරීමේ හොදම ක්‍රමය මෙන්න..
ඇයි seedersල ගැන වද වෙන්නෙ. මෙන්න විසඳුම.. :)


මේ ගැන නොදන්න අයට මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙයි කියල හිතනව..
වැඩි විස්තර පහත blog එකේ තියනව.
යාලුවනේ පුලුවන්නම් ගිහින් බලන්න..

comment එකක් දන්නත් අමතක කරන්න එපා.. :D

අපි නම් ගොඩ....(XP Driver Pack)

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙදා සැරෙ දුන්නා බැටෙ...... අපි හමොම නානවනෙ XP දාගන්න ගිහින් ඔක්කොම ගොඩ Drivers හොයන්න ගිහාම විදින දුකක්.... Driver Magic, DriverScanner කියයි....  Internet ගිහින් Driver 1ක බාගෙන හෙන කට්ටක් නෙ කන්නෙ...????? මෙන්න විසදුම Internet අවශ‍යම නෑ.... වැල් බයිලා අවශය නෑ... සුද්ද සින්හලෙන්ම කිව්වොත් මෙක Driver Pack  ආ එහෙනම් ඔන්න ඔක බාගන්න...
මෙක හුගක් වැදගත්...Size:1ක නම් 2.86 GB මෙච්චර්යි.... වැඩිද මන්ද???? අපෙ ඔපිසියෙත් දැන් පරණ Pc වලට Drivers දාන්නෙ මෙකෙන් තමයි.... එහෙනම් කස්ටිය Used කරන්නකො.... 

short cuts

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
100 keyboard shortcuts


CTRL+C (Copy)
CTRL+X (Cut)
CTRL+V (Paste)
CTRL+Z (Undo)
DELETE (Delete)
SHIFT+DELETE (Delete the selected item permanently without placing the item in the Recycle Bin)
CTRL while dragging an item (Copy the selected item)
CTRL+SHIFT while dragging an item (Create a shortcut to the selected item)
F2 key (Rename the selected item)

Google Tips & Tricks, (utilizing search engine)

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
==================================================
Utilizing search engines
==================================================


So much information is on the web, its mind boggling. Thankfully we have search
engines to sift through them and catagorize them for us. Unfortunatly, there is still so
much info that even with these search engines, its often a painstakingly slow process
(something comparable to death for a hacker) to find exactly what you're looking for.


Lets get right into it.


I use google.com as my primary search engine because it presently tops the charts as far as
the sites that it indexes which means more pertinent info per search.

මෙන්න ගේම්ස් ගහන අයට

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
ඉතින් කොහොමද ඔන්න ඔතින් මම දෙන්න යන්නේ වැදගත් වෙයි කියල හිතපු නිසා..අපේ කට්ටිය games ගහන්න අසයිනේ..ඔන්න ඒගොල්ලන්ට තමයි මේක තියෙන්නේ..බලන්නකෝ ..

මේක සමහර අය දන්නවත් ඇති.. සමහර අය දන්නේ නැතුවත් ඇති ...හරි දැන් අපි මෙහෙම හිතමුකෝ අපි දැන් ගේමක් ගහගෙන යද්දී එපා වෙනවා ..අපිට ඕනේ මේක ඉකමනට ඉවරයක් කරලා දාන්නනේ..ඔන්න ඕකට තමයි මෙම software එක තියෙන්නේ...මම උදාහරණයක් දෙන්නම්කෝ අපි හුගක් දෙනෙක් GTA  ගේම් එක play කරලා තියනවනේ. දැන් මට ඕනේ මගේ සල්ලි වැඩි කරගන්න..ඒවගේම අලුත් කාර්, බයික් ඔය වගේ දේවල් ගන්න ඕනේ එකට තමයි cheats ඕනේ වෙන්නේ. අපිට cheats ගහලා ඔය අපිට ඕන දෙයක් ගන්න පුළුවන්..ඉතින් මම දෙන්න යන්නේ games cheats software එකක් ..මේකේ අපිට අවස්ශ කරන ඕන ගේම් එකක් තියනවා අපිට කරන්න තියෙන්නේ අවස්ශ ගෙම එක තෝරලා එකේ තියන cheats ගන්න තියන්නේ ... 

iPhone lock කඩමු

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
විශේෂ ස්තුතිය Nickol වෙත.

අද මම ඔයාලට කියල දෙන්න හදන්නෙ iOS 5.0, 4.3.5, 4.3.4 ජේල්බ්‍රේක් කරගන්නා අකාරයයි.


මේ සදහා පහත ආම්පන්න ටික අවශ්‍යවෙනවා.


[මූලාශ්‍රය]( http://greenpois0n.com/ )

පළමු පියවර.
ඔබගේ අයි උපාංගය (iPhone, iPod, iPad) USB කේබලය හරහා පරිගණකයට සම්බන්ධ කරගන්න. පසුව උපාංගය ක්‍රියා විරහිත (off) කරන්න.

windows 7 වලින් Disk Burn කරගන්න..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
වින්ඩෝස් විස්ටා වල පටන් විශේෂ පහසුකමක් ලෙස ඩීවීඩි මේකර් මෘදුකාංගය හඳුන්වා දුන්නා. ඒක තව ටිකක් දියුණු කරල 7 වලට ලබා දීලා තියෙනවා. හදිසියට ඩීවීඩි එකක් බර්න් කරගන්න නීරෝ වගේ මෘදුකාංග දැන් ඕන කරන්නේ නෑ. මං අද කියලා දෙන්න යන්නේ ඒ ගැන. වැදගත්, මේ පහසුකම Windows 7 Home Premium සහ Windows 7 Ultimate වල විතරයි තියෙන්නේ. ඒ වගේම මේක සරලයි. කාටත් ලේසියෙන් කරගන්න පුලුවන් වීම විශේෂත්වයක්.
         අපි දැන් හොයමු කොහෙද Windows DVD Maker තියෙන්නෙ කියලා. හොයන්න ලේසියි Start Button එක ක්ලික් කරලා එන search-box එකේ "dvd Maker" කියල ටයිප් කරන්න. එතකොට මේ වගේ එනවා. තව ක්‍රමයක් තියෙනවා, ඒ Start -> All Programs -> Windows DVD Maker මඟින්.



දැන් ඒක ඕපන් කරගන්නකෝ..

වෙබ් පිටුවක ඉංග්‍රීසි වචනයක සිංහල තේරුම ක්ෂණිකව බලා ගැනීම

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙම gadget එක නිර්මාණය කිරීමේ අයිතිය කොළඹ විශ්වවිද්‍යාලය UCSC සතුය. මෙමගින් මූලිකව ම සිදු කරනුයේ ඔබ කියවන ඉංග්‍රීසි වෙබ් පිටුවල ඇති නොතේරෙන වදන්හි සිංහල තේරුම ක්ෂණිකව බලා ගැනීමට සැලැස්වීමයි. ඔබ කළ යුත්තේ ඔබට නොතේරෙන ඉංග්‍රීසි වචනය මත mouse pointerය ගෙන යාම පමණි. Firefox වෙබ් බ්‍රව්සරය හෝ Thunderbird මෘදුකාංගය සඳහා මෙය ක්‍රියාත්මක වේ. පහත දැක්වෙන linkකුවට ගොස් download කර ඔබත් වෙනස අත් විදින්න. 

මෙන් තව link එකක්. chrome වලටයි firefox වලටයි දෙකටම වැඩ

ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගමු

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
උපුටා ගැනීම : www.sandriesoft.tk

ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගැනීම සදහා පහත පියවරයන් අනුගමනය කරන්න.
 


1. Opera Mini හි Address bar හි " config: " යනුවෙන් type කර අදාල window එක ලබාගන්න.
2. දැන් ලැබුනු window එකෙහි අන්තිම කොටසේ ඇති check box එක click කර check කරගන්න.

දැන් ඔබ ඔබේ Opera Mini මොබයිල් browser එකට සිංහල ඇක්ටිවේට් කරගෙන අවසන් ය.
නිවැරදිව වැඩකරන්නේ ද යන්න සදහා ඔබේ Opera Mini මොබයිල් browser එක මගින් මෙම පිටුව පරීක්ෂා කර බලන්න.

XP Mode ක්‍රියාත්මක කරගන්න හැටි..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
ආයුබෝවන් කොහොමද යාලුවනේ..
අපි පසුගිය ලිපියෙන් කතා කරේ 7 සමඟ Xp භාවිතා කරන්නේ කොහොමද කියලා.. ඒක දැක්කේ නැති අය මෙතනින්  ගිහින් බලන්න.
අදත් ඒ වගේම දෙයක් තමයි කියන්න යන්නේ. මේ තවත් ක්‍රමයක්. මොකද ඉස්සෙල්ලා ලිපියෙන් මං කිව්වනේ XP Mode එක ගැන කියලා දෙනවා කියලා, අන්න ඒක ගැනයි මේ කියන්න යන්නේ..


මොන මළ වදයක්ද මේ write-protect ????

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
ඔන්න ඉතින් මේ දවස් ටිකේ මම බලාගෙන බලාගෙන යද්දි මම දැක්ක අපේ යාලුවො ගොඩ දෙනෙක් තමන්ගෙ පෙන් වල හරි මෙමරි කාඩ් වල හරි එන මේ write-protected ප්‍රශ්නය ගැන අහල තිබ්බ. ඔන්න ඉතින් ඕක නැති කර ගන්න විදිහක් හම්බවුනා. මේක ඉතින් එච්චරම අමාරු නෑ. හරියට කලොත් වැඩේ ගොඩ. ඔන්න එහෙනම් මම කරන පියවරයන් එහෙමම කරන්න.

1. Registry Editor ඕපන් කර ගන්න (Run > regedit )

2. ඒකේ මෙන්න මේ registry key  එක තියෙන තැනට යන්න.
HKEY_LOCAL_MACHINE\SYSTEM\CurrentControlSet\Control

3. Control රෙජිස්ට්‍රි කී එකේ Right click කරල new > key යන්න

නෝට් පෑඩ් එකෙන් වෙබ් සයිට් බ්ලොක් කරමු ??

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
පියවරයන්

1. C:\WINDOWS\system32\drivers\etc ට යන්න
2. "HOSTS" නමින් ඇති ෆයිල් එක තෝරා ගන්න
3. ඒක notepad එකෙන් ඕපන් කරන්න
4. ඒකේ "127.0.0.1 localhost" කියන එකට යටින් 127.0.0.2 කියල දාලා ඔයාලට බ්ලොක් කරන්න ඕන සයිට් එකේ නම දෙන්න.
5. එච්චරයි

එතකොට ඒ ෆයිල් එක තියෙන්නෙ මෙහෙමයි.

අම්බානෙට විසිටර්ල ගන්න ලෝකෙ තියෙන හොඳම ක්‍රමය ( Blog, Web, Fan page )

2 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
සමහර අය එයාලගෙ බ්ලොග් එකට වෙබ් සයිට් එකට හෝ ෆෑන් පේජ් එකට විසිටර්ල සහ ලයික්ස් ගන්න දෙන ගේම දැක්කම කටිනුත් හිනා ගිහින් වෙන තැන්වලිනුත් හිනා යනව.. :P  හැබැයි ඒව සාර්ථකව කරන අයත් ඉන්නව.

හැබැයි ඒව හැමෝටම පුලුවන් වැඩ නෙමෙයි. මම මේ කියන්නෙ ලෝකෙ තියෙන හොඳම ක්‍රමේ.. මේක තමයි ගොඩක් සාර්තක වෙබ් අඩවි සහ බ්ලොග් පාවිච්චි කරන්නෙ. ඔය Fb credit, Facebook T-shirt එහෙම දෙනව කියල ප්‍රෝඩාව දාන්නෙත් එයාලගෙ සයිට් එකට Traffic ගන්න තමයි.. අපි ඔය බොරු වැඩ කරන්න ඕනෙ නැ. හරි විදිහට  වැඩේ කරමු

Torrent ගැන සම්පූර්ණ පාඩමක්!

6 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
කොහොමද යාලුවනේ.... ඔන්න අදත් ආවා පොඩි කරුණු ටිකක් අරන්.
මේ මාතෘකාව ගැන කතාකරන්න හිතුවේ විශේෂයෙන්ම අපේ සමූහයේ යාළුවෝ සමහර අයට ටොරන්ට් ගැන නිවැරදි දැනුමක් නෑ කියලා මට හැගුන නිසා. ඒක මං කිහිපතැනකදිම දැක්කා. 
අනිත් එක අලුතින් එන යාලුවෙක් වුණත් ඇහුවොත් ටොරන්ට් එකෙන් වැඩ කරන්නේ කොහොමදකියලා... කොහොමද ඒක තේරෙන විදියට කෙටියෙන්ම කියන්නේ?..... දැන් මෙන්න තියෙනවා සම්පූර්ණ පාඩම. ලින්ක් එක අරන් ගිහින් අලවන්නයි තියෙන්නේ :D

මේ දැනුම මට ලබාගන්න උපකාරී වුණේ අපේ බයිස්කෝප් වෙබ් අඩවිය සහ විකිපීඩියා විශ්වකෝෂය.

හරි! තවත් අනං මනං නැතුව කෙලින්ම කතාවට බහිමු. 'අ'යන්නේ ඉදලම පටන් ගන්නම්කෝ...

VLC media player එක සිංහලෙන්....

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මට මේ මුහුණු පොතේම වෙන Group 1 තිබිලා හම්බුණා VLC media player එක සිංහලෙන් වැඩ කරන්න හදා ගන්න හැටි. ඉතින් මට හිතුනා එක මේ Group එකටත් දාන්න ඔන කියලා.

මෙහෙමයි කරන්නෙ.

01. VLC Media Player විවෘත කර Tools Tab Click කරන්න. ඊට පස්සෙ ඒකේ යටම තියෙන Preferences clickකරන්න. නැත්තම් කෙලින්ම කී බෝඩ් එකේ Ctrl + P ඔබන්න.

02. ඊට පස්සෙ එන වින්ඩෝ එකේ Menus language ඉස්සරහයින් තියෙන බාර් එක click කරලා එකෙ පල්ලෙහාට ගියාම හම්බෙයි සිංහල කියලා. එක click කරලා save කරන්න.

CD/DVD Burn කරන්න Neroම ඕන නෑ! - පරිගණක උදව් Exclusives!!!- සත්වැන්න

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
(Read with Images)

ගොඩක් වෙලාවට අපි සමහර මෘදුකාංග වලට අනවශ්‍ය විදියට ඇබ්බැහි වෙලා ඉන්නවා. වින්ඩෝස් මෙහෙයුම් පද්ධති සහ ඒ ආශ්‍රිත මයික්‍රොසොෆ්ට් ඔෆිස් පැකේජය, ෆොටෝෂොප් වගේ ඇඩෝබි මෘදුකාංග වගේම CD/DVD Burning ගැන කතා කරද්දි Nero මෘදුකාංගයත් අපිට නැතිවම බැරි වෙලා. ඒතරමට අපි නීරෝට වහවැටිලා! කොටින්ම කීවොත් මම මේ මහන්සිවෙලා කියන්න යන මෘදුකාංගය නිකමට අත්හදාබලන්න නොසිතෙන තරමට ඒ ඇබ්බැහිය ප්‍රබල වෙන්න පුලුවන්.

හැබැයි පරිගණක උදවු යාලුවො අලුත් අලුත්දේ හොයන අයනෙ නේද :)...  

CD Burn කරන්න Nero ඕනෙමද? - CD Burn කරන්න Neroම ඕනෙද?

මේ කියන්න යන්නේ සියලු පහසුකම් වලින් යුත් නොමිලේ ලබාදෙන බර්නිං මෘදුකාංගයක් ගැනයි. සමහරු භාවිතා කරනවත් ඇති. දන්නවත් ඇති. මෙය 100%ක් නොමිලේ ලබාදුන්නත් Audio CD, VCD, DVD, Data, Image Burning වගේම data erasing, Image සෑදීම, Image Mount කිරීම යනාදි අවශ්‍ය සියලුම පහසුකම්වලින් පරිපූර්ණ මෘදුකාංගයක්. එසේම මෙය ඔබට කිසිදු ගෙවීමකින් හෝ අවසරයකින් තොරව “නොමිලේ“ බෙදාහැරීමද කළ හැකියි.

“StarBurn”
මෙහි නොමිලේ ලබාදෙන සංස්කරණය මෙතැනින් නොමිලේම ලබාගන්න පුලුවන්. ප්‍රමාණයෙන් එය 14MB ක් පමණයි.

XP සමග වින්ඩෝස් 7 ස්ථාපනය කරන ආකාරය..

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...
මෙය ඉතා පහසුදායක ක්‍රියාවලියකි. ඔබගේ සමහර වැඩසටහන් XP වල පමණක් වැඩ කරයි නම් විසඳුම මෙයයි. එනම් පද්ධති දෙකක් ස්ථාපනය කිරීමයි. එවිට යමකට හානියක් වූ හොත් අනෙකෙන් ලෝඩ් කර ගෙන වැඩකටයුතු කර ගැනීමට පුළුවනි. නමුත් මෙහිදී වින්ඩෝස් 7 වලට අවුල වූවොත් XP ද ක්‍රියා විරහිත වේ. එය එක් අවාසියකි. මා ලද අත්දැකීම් අනුව මෙය කරගන්න අයුරු මා කියල දෙන්නම්. මේ වනවිට මාද එම ක්‍රමයට ගොස් එය හොඳින් භාවිතා කරමින් සිටී.


මේ සඳහා පරිගණකයේ පාටිෂන් දෙකක් වෙන් හිස් කරගන්න (වටිනා දත්ත ඇත්නම් සුරක්ෂිත කර ගන්න බැකප් කරගන්න සීඩි හෝ ඩීවීඩි වලට). එකක් එක්ස්පී වලටත් අනික 7 වලටත් වශයෙන්. මෙහිදී ‍රැම් එක අවම වශයෙන් 1 GB වලට වඩා තිබිය යුතුය. එසේම 7 වලට ස්පොර්ට් කරන හාඩ්වෙයා ඩ්‍රයිවර්ස් ද පෙර බාගත කර ගන්න. ඒවා බොහෝවිට නොමිලේ ආයතනයේ අඩවියෙන්ම ලබා ගන්නට හැකිය. හාඩ් ඩිස්ක් එක 160 GB වත් වේ නම් යෝග්‍ය වේ. මොකද අනිකුත් දත්ත තබා ගැනීමටද ඉඩක් අවශ්‍ය බැවිනි. මා 40 GB පාටිෂන් 4ක් සාදා ගෙන ඇත්තේ එම නිසාය.
මේ සඳහා 7 DVD එකක් අවශ්‍ය අතර  නැත්නම් අන්තර්ජාලයෙන් බාගත කිරීමටද පුලුවන්.


(මෙය ගැටලු සහිතනම් මා comment කරන්නම් තව හොඳ එකක්)
මඟින් එය ලබා ගන්න.
පසුව ISO ඉමේජයක් ලෙස නීරෝ වලින් බර්න් කරගත හැකියි.
ඔබ මුලින්ම ස්තාපනය කළ යුත්තේ XP. එය හඳුනා ගැනීමට පහසු නමක් යොදන්න. ඔබ ලඟ හොඳින් වැඩ කරන XP CD එකක් තිබිය යුතුය මුලින්ම (එය බිට් 32/x86 නැත්නම් බිට් 64/x64 විය යුතුය). 
1. පරිගණකය රීස්ටාට් කොට DEL හෝ මුල්ම ස්ක්‍රීන් එකෙන් දැක්වෙන කී එක ඔබා බූට් මෙනු එකට පිවිසෙන්න. 
2. අනතුරුව එයින් 1st Boot Device එකට සීඩි ඩීවීඩි ‍තෝරාගෙන දෙවැන්න සඳහා HDD ‍තෝරා ගන්න. අනතුරුව F10 හෝ ඊට අදාළ කී එක ඔබා Save and Exit වෙන්න..එවිට නැවත වරක් Restart වේ. 
3. එතකොට අර XP CD එක දමා ගන්න. Boot from CD/DVD.. යන ස්ක්‍රීන් එක ආ පසු එන්ටර් කී එක ඔබා සෙටප් එක වෙත ඇතුලු වන්න.
4. අනතුරුව තිර කීපයක් ගිය විය විට වින්ඩෝස් එක්ස්පී EULA එක පැමිණේ ඒ සඳහා F8 ඔබා Accept කොට ඉදිරියට යන්න. 
5. ඔබට ක්ලීන් ඉන්ස්ටෝල් එකක් ඕන නිසා ESC කී එක ඔබන්න. එවිට ඔබට අවශ්‍ය පාටිෂන් එක ‍තෝරල එය ෆෝමැට් කිරීමට D යතුර ඔබන්න. එය සහතික කිරීමට L යතුර ඔබන්න.
6. අනතුරුව එන්ටර් කී එක ඔබා පැමිනෙන ලිස්ට් එකෙන් NTFS ආකාරයට ෆෝමැට් කර ගන්න. Quick Format ‍තෝරාගන්න එපා. මන්ද එසේ කිරීමෙන් හාඩ් එකට හානි වීමට හැකි වීමයි.
7. දැන් පරිගණකයට එක්ස්පී ගොනු පිටපත් වීම ඇරෙඹෙන අතර අනතුරුව restart වීමක් සිදු වේ. මින් පසුවද Boot from CD/DVD.. වශයෙන් දිස්වෙන පණිවිඩය ගනන් ගන්න එපා ටික වෙලාවකින් XP logo එක දිස්වී නිල්පාට තිරයක් දිස් වේවි.
8. අනතුරුව ඔබගෙන් විවිධ විස්තර ලබා ගැනීම සිදු කරයි.  මුලින්ම එන තිරයෙන් භාෂාව ඉංග්‍රීසි English(US) ලෙස තබා ගන්න.අනතුරුව පරිගණකයට නමක් ආදිය ලබා දෙන්න. අනතුරුව අකුරු 25 කින් යුත්  XP Product Key එක ලබා දෙන්න.(නැත්නම් ඉදිරියට යාමට නොහැකිය) එය ඔබගේ CD එකෙ ඇති. නැත්නම් බොහෝ දුරට එය මෙයයි. QW4HD-DQCRG-HM64M-6GJRK-8K83T
Next කොට ඉදිරියට ගිය විට ලැබෙන තිරයෙන් නම් යොජනා කොට නැවත Next ඔබන්න. මෙ දැන් වේලා කලාපය(Time zone) හා ජාල විස්තර ලබා දෙන්න තිර කීපයක් පැමිනේ. ඒවාටද තොරතුරු සපයා ඉදිරියට යන්න.
9. ටික වේලාවකින් සෙටප් එක අවසන් වී නැවත Restart වේ. දැන් XP ඔබගේ පරිගණකයේ ස්ථාපිත වී ඇත.
10. රෙසලුෂන් සැකසීම ආදීය සිදු වී ඩෙස්ක්ටොප් එකට පැමිණි පසු ඔබ Drivers ස්ථාපනය කොට වෛරස් ගාඩ් එකක් පමණක් යොදා පරිගණකය තබා ගන්න. මොකද තවත් මෙහෙයුම් පද්ධතියක් දැමීමට පවතී.


    දැන් වින්ඩෝස් 7 ස්තාපනය කර ගැනීමට බලමු. ඊට පෙර XP පාටිෂන් එක රීනේම් කොට  ඒ සඳහා XP ලෙස නම ලබාදෙන්න...එතකොට වැඩේ පහසු වේවි
එහෙනම් අර හදාගත්ත 7 එක දැන් ඕන වෙනවා..
1. අපට XP ස්ථාපනය කිරීමට පෙර, සැකසූ සෙටින්ස් පවතින බැවින් පරිගණකය restart කොට 7 DVD එක දමා ගන්න. අනතුරුව එන ස්ක්‍රීන් එකෙන් පෙර අයුරින්ම boot from CD/DVD.. වලදී එන්ටර් ඔබා ඉදිරියට යන්න.
2. දැන් වින්ඩෝස් ෆයිල් පරිගණකයට කොපි වේවී. අනතුරුව 7 ලෝගො එක දිස් වී ටික වේ ලාවක් ගිය පසු language එක හා අනිකුත් විස්තර ‍තෝරා දී ඉදිරියට යන්න. එවිට Install Now.. නම් ලින්ක් එකක් පවතින අතර එය ඔබා සෙටප් එක වෙත යන්න.
3. මීළඟට License Agreement එක Accept කොට next ඔබා ඉදිරියට යන්න. මීලඟ ස්ක්‍රීන් එකෙන් තමා අපගේ ක්‍රියාවලියේ සාර්ථක් බව ‍රැඳි පවතින්නේ මොකද පෙර අප Xp ස්තාපනය කල නිසා. මෙම තිරයෙන් Custom(Advanced) යන්න ඔබන්න. එවිට ඔබට පාටිෂන් දැක ගන්නට පුළුවන්. මුලින්ම Xp පාටිෂන් එක සොයා ගත යුත් වේ.මෙහි XP ලෙස පාටිෂන් එකේ නම පවතින අතර එසේ නොමැතිනම් ධාරිතාව අනුවද සොයා ගන්නට පුළුවන්. එය සොය ගත්තේ නම්  ඔබ හිස් කරගත් අනික් පාටිෂන් එක ‍තෝරා දෙන්න. Next කරන්න. එවිට ඉන්ස්ටෝල් වීම ඇරඹෙන අතර ඔබට ටික වෙලාවක් බලා සිටීමට සිදු වේ. Restart වීම් කිහිපයක් සිදු විය හැකි අතර අය ඔබ ගණන් නොගත යුතුය.
4. අනතුරුව  Registry Update වීමක් සිදු වේ. දැන් පරිගණකයට නමක් දෙන්න අර ProductKey එකත් ලබා දෙන්න. (නැතත් යන්න පුලුවන් ඉදිරියට ඉන්පසු 7 Loader මඟින් එය ඇක්ටිව් කරගන්න) ඉදිරියට ගිය විට Recommend Settings යොදා ඉදිරියට යන්න Home Network ‍තෝරා දෙන්න. එච්චරයි..
5. බලන්න දැන් 7 ස්ථාපනය වී ඇති අපූරුව. මෙහි සමහර විට ඔබගේ Sound Drives ආදිය ලබාගෙන තිබීමටද පුලුවන් නැතන් ඒව යොදා යොදා ගන්න. දැන් අපගේ ක්‍රියාවලිය සම්පූර්ණයි.


         අවශ්‍ය පරිදි මෘදුකාංග ස්ථාපනය කිරීමට දැන් හැකියාව ඔබට ලැබේ. මා මේ සඳහා යොදා ගත්තේ වින්ඩෝස් එක්ස්පී ප්‍රෝ සහ 7 අල්ටිමේට් යන OS සංස්කරණයි. අනෙක් සංස්කරණ වල මීට වඩා වෙනස් බවක් තිබිය හැකිය. පහත වීඩීයෝ බලා මේ ගැන වඩා අවබෝධ කරගන්නට පුළුවන්.ඒත් ඔයාල තේරුනේ නැත්නම්,
Install Windows 7 : http://www.youtube.com/watch?v=ZQGcjnnT2D (part 2 ක් තියෙනවා)


වැදගත් : මෙහි සඳහන් ක්‍රියාවලිය සමහර විටෙක ඔබගේ පරිගණකයට නොගැළපීමට පුළුවන්. windows xp mode මඟින්ද මේ වැඩේම කරගන්න පුලුවන්..ඒ ගැන පසුව ලියන්නම්.

පරිගණක උදවු © 2011 · සිංහල
ලිපිය නිර්මාණය : https://www.facebook.com/SajHarsh90


පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්