ප්‍රින්ටරයේ වේගය අඩු වෙලා ද?

සොයන්න

23.11.11

තිළිණ මල්ලී ඔබ වෙත ගෙන එන "දවසේ ටිප් එක" #8


හප්පා..... කොහොමද යාලුවනේ. හෙන කාලෙකට පස්සෙ තමා ඩොකක් ලියන්ඩ ඉඳගත්තෙ. මේ ටිකේ මේ පැත්තෙ ආවෙ නැත්තෙ පරිගනක උදව් අමතක වෙලා එහෙම නෙවේ. දන්නැද්ද ඉතින්, අපිටත් ඔය පොඩි පොඩි වැඩ සෙට් වෙනව නෙව. :ඩී

මේ ඩොක් එක මම මිට ටික දවසකට කලින් පෝස්ට් එකක් විදිහටත් දැම්මා. ඒක නොදැකපු අය අද බලාගන්නකො. ටිප් එකක් කිව්වට මේක වෙනදා කියන ජාතියේ වැඩ කෑල්ලක් නම් නෙවේ. පුංචි ප්‍රායෝගික ගැටලුවක්. මගේ යාලුවො කිහිපදෙනෙකුටම මේ ගැටලුව මතු උනා. ඉතින් අපේ පරිගනක උදව් යාලුවන්ටත් මේ ගැටලුව ඇති කියලා හිතුනු හින්ඳයි මෙහෙම ලියන්න හිතුනේ.


හරි හරි, අපි කෙලින් ම සීන් එකට බහිමු.


  • ප්‍රින්ටරයේ වේගය අඩු වෙලා ද?                     


ප්‍රින්ටරය හොඳට තියෙද්දිත් ප්‍රින්ට් වෙන්ඩ දාලා වැඩේ පටන්ගන්නකං සෑහෙන වෙලාවක් බලන් ඉන්ඩ වෙලා තියනවද? මට නං වෙලා තියනවා. එහෙම වෙලාවට ප්‍රින්ටරේ අල්ලලා හොල්ලන්ඩ හිතෙනව නේද? අදින් පස්සෙ එහෙම හිතෙන එකක් නෑ. මොකද අද කියන්ඩ යන්නෙ ඔය අව්ල හදාගන්න හැටි තමා.

ඔහොම වෙන්නෙ මෙන්න මේ හේතු නිසා. සමහර විට වෙන ප්‍රශ්ණයක් හින්දා වෙන්ඩත් පුලුවං. ඒත් ගොඩක් වෙලාවට වෙන්නේ මේ හින්දා.



                1.ප්‍රින්ටරයට අවශ්‍ය අවම සුදුසුකම් වත් නැති මැෂිමකට ප්‍රින්ටරේ හයි කරලා තිබීම.

    මෙකනං ඉතින් වෙන්නෙ බොහොම කලාතුරකින් තමා. මොකද ඔය පොඩි පොඩි ප්‍රින්ටර් වලට මහා දඩ රික්වයර්මන්ට්ස් ඕනේ නෑ නේ. කෝකටත් ෂුවර් නැත්තං ප්‍රින්ටරේ එක්ක නොමිලේ දෙන අත්පොත කියවලා බලන්ඩ. ඒකේ ඔය ගැන ඇති.



                    2.ප්‍රින්ටරේට අදාල ඩ්‍රයිවර්ස් නිවැරදිව ස්ථාපනය නොකිරීම.

      මේකත් අර කලිං එක වගේම තමා. ඔයා වගේ දක්ෂ කොල්ලෙක් අතින් නිතර සිදු නොවන වැරැද්දක්. හැබැයි වෙන කිසි අව්ලක් නැත්තං මේකත් චෙක් කොරලා බලන්ඩ.


                      3.මුද්‍රණය කරන ගොනුවේ විශාලත්වය

        ප්‍රින්ටරයේ සහ පරිගනකයේ මතක ධාරිතාවයන්ට සාපේක්ෂව මුද්‍රණය කරන ගොනුවේ විශාලත්වය වැඩි උනොත්, එහෙමනම් ප්‍රින්ට් වෙන්ඩ ටිකක් වෙලා යනවා.


                        4.ප්‍රින්ටරයේ සෙටිංස් සකසා ඇති ආකාරය අනුවත් මෙහෙම වෙන්ඩ පුලුවන්.

          ඒ කිව්වෙ බෙස්ට් කොලිටි වගේ දාලා තිබ්බොත් ටිකක් වෙලා යනවා කියලා. ඕක ඉතින් මම ඔයාලට කියලා දෙන්ඩ ඕනේ නෑ නේ නේද? ඒ උනාට ඉතින් නොකිව්වොත් ඒක මගෙන් සිදුවන අඩුපාඩුවක් නේ. ඒකයි කිව්වෙ.


                           5.ප්‍රින්ටර් පෝර්ට් වල සහ කේබල් වල දෝෂ

            ප්‍රින්ටරේ මැෂිමට හයි කරලා තියන පෝර්ට් එක, එහෙම නැත්තං සම්බන්ධක වයර් වල දෝෂ නිසාත් වෙන්ඩ පුලුවන්. වෙන වයර් එකක්, වෙන පෝර්ට් එකක් හරහා උත්සහ කරලා බලන්ඩ.


                             6.හාඩ් ඩිස්කියේ ඉඩ මදි වීම.

              හාඩ් ඩිස්ක් එකේ තිබිය යුතු අවම ඉඩ ප්‍රමාණය වත් නොතිබීමත් සීන් එකට හොඳ හේතුවක් තමා. කොහොමටත් සිස්ටම් පාටිෂන් එකේ ටිකක් වැඩිපුර හිස් ඉඩක් තියාගන්ඩ. වෙන වෙන අවස්ථා වලදි උනත් ප්‍රයෝජනවත් වෙයි.


                               7.රැම් එක මදි වීම

                අඩු රැම් මතකයක් සහිත පරිගනක වල, නැත්තං රැම් එක උපරිමටම භාවිතා වෙන අවස්ථා වලත් ප්‍රින්ට්ස්  පටංගන්ඩ වෙලා යනවා. වැඩ කර කර ඉන්න සොෆ්ට්වෙයාර් දෙක තුනක් ක්ලෝස් කරලා බලන්ඩ.

                ටාස්ක් මැනේජර් එකේ ප්‍රෆෝමන්සස් ටැබ් එකෙන් රැම කොච්චර පිරිලාද කියලත් බලන්ඩ පුලුවන් කියලා ඔයා දන්නවනේ.                                                                          


                                 8.නෙට්වර්ක් එකේ දෝෂ

                  ඔයා ප්‍රින්ටරේට සම්බන්ද වෙලා ඉන්නෙ පරිගනක ජාලයක් හරහා නම් ජාලයේ කාර්ය්‍යබහුලතාවය නිසා හෝ වෙන දෝෂයක් නිසාත් මෙහෙම වෙන්ඩ පුලුවන්. හරියටම දෝෂය හොයාගන්ඩ ප්‍රින්ටරේ ජාලයෙන් ගලවලා කෙලින්ම මැෂිමට ගහලා බලන්ඩ පුලුවන්.




                  ඔන්න එහෙනම් අදත් කතාව ඉවරයි. තව මේකට අදාල කරුනු එහෙම හම්බ උනොත් මේකෙම ලියලා ගියත් කමක් නෑ. එහෙම කරන්ඩ හිතෙන්නෙ නැත්තං වෙනම ඩොකක උනත් දාලා යන්ඩ. මොකද කොහොම කිව්වත් දැනුම, දැනුම ම නේ.

                  හරි එහෙනම්. හොඳට කියවලා බලලා  අස්පට් එකක් තියනවනම් කියලම යන්ඩ.

                  ඔන්න එහෙනම් අපි ගියා.
                  ජය වේවා!


                  0 comments:

                  Post a Comment

                  පරිගණක උදවු ගැන ඔබේ අදහස

                  PCWorld නවතම පුවත්