PHP එච්චර අමාරු නෑ

සොයන්න

2.7.11

කෙලින්ම වැඩේට බහිමු..


 ඒත් ,PHP  වල වැඩ .ආරම්භ කරන්න ඉස්සෙල්ලා , අපේ පරිගණකය තුල අපි චූටි වැඩ ටිකක්, ඒ කිවුවේ ,චූටී configurataions  ටිකක් කරගෙන ඉන්න ඕන.අපි බලමු ඒ මොනවද කියලා.


 ඔබේ පරිගණකය තුල PHP run කිරීමට සපුරා ගත යුතු අවශ්‍යතා.
1. Server එකක් ...
                    PHP යනු server side language එකක් නිසා එය run කිරීමට අපගේ පරිගණකය තුල Server එකක් install කර ගැනීමට සිදුවෙනවා.මේ සඳහා භාවිතා කලහැකි විවිධ සර්වර්ස් වර්ග තිබෙනවා.Apache, Microsoft IIS, යනු ඉන් කීපයක්.මෙහිදී, ගුණාත්මක භාවය සහ විවෘත මෘදුකාංගයක් නිසා , අපි තෝරගන්නේ Apache වෙබ් සර්වර් එකයි.මෙය download කරගැනීම පහත link එක මගින් කර ගන්න පුලුවන්.

http://httpd.apache.org/download.cgi
අනතුරුව මෙම Server  එක  මත PHP install කරගත යුතුයි.ඒ සඳහාPHP download  කරගැනීම පහත පහත link එක මගින් කර ගන්න පුලුවන්.
http://php.net/downloads.php
ඒ වගේම අපේ වැඩ වලට database  සම්බන්ධ වෙන නිසා Database server  එකකුත් install  කරගන්න ඕන.මේකට අපි යොදා ගන්නේ MySQL කියන Database server එක.මේකත් පහත link එකෙන් download
කරගන්න පුලුවන්.
http://dev.mysql.com/downloads/
මේ මම කියපු සේරම මෘදුකාංග විවෘත මෘදුකාංග .වාණිජ  මෘදුකාංග නෙමෙයි.
 2.PHP coding කිරීමට Text editor  එකක්...
මේ සඳහා, Adobe Dreamweaver සුදුසුයි. ඒත් , ඔයාලාට ඕන නම් Notepad වුනත් කමක් නෑ.හැබැයි Dreamweaver නම් වාණිජ මට්ටමේ මෘදුකාංගයක්. ඒ සඳහා ඔයාලා මුදල් ගෙවීමක් කරන්න ඕන. ඒත් , free php coding editors කියලා google search එකක් කරලා free editors ඕන තරම් හොයාගන්න පුලුවන්.
( සමහරවිට ඔයාලා අහලා ඇති , Eclipse කියලා software  එකක්. ඒකේ තියෙනවා PHP වලට නිර්මාණය කරපු IDE   එකක්.මේ link එකෙන් ඒක download  කරගන්න පුලුවන් .http://www.eclipse.org/pdt/downloads/  . ඒකත් , වෘත්තිමය තත්වයේ තියෙන හොද Software එකක්.
 ඒ වගේම Zend studio client http://www.zend.com/en/products/studio/downloads  කියන එකත් හොඳයි.
)


ඒත් දැන් අපි මේ Softwares ටික  download කරලා install  කලාට , ඒවා configure  කරන්නත් ඕන. ඒක ටිකක් දිග වැඩක්. ඒ හින්දා ඒක මම වෙන Post  එකක කියන්නම්.දැන් අපි බලමු ඊට වඩා ටිකක් ලේසි වැඩක්.මේ සේරම එකතු කරපු තනි මෘදුකාංගත් තියෙනවා.උදාහරණ තමයි , WAMP Server  සහ  XAMPP Server .මෙහි XAMPP වල විශේෂත්වයක් තියෙනවා.ඒ තමයි ඕනම මෙහෙයුම් පද්ධතියක් සමග වැඩ කිරීමේ හැකියාව. ඒ වගේම මේ දෙකම විවෘත මෘදුකාංග .


මෙහිදී මම භාවිතා කරන්න බලාපොරොත්තු වෙන්නේ  wamp server එක .මේ දෙකේම එතරම් ලොකු විශේෂත්වයක් නැති බව නම් කියන්න ඕන.
Wamp Server එක Download කරගෙන install කරගත්තට පස්සේ ඔයාලාට දකින්න පුලුවන් එකේ කියලා එකක්.එකේ ඇතුලේ තියෙනවා www කියලා folder එකක්.මේක තමයි ඔයාලගේ  Server එකේ Document root එක .කෙටියෙන් කිව්වොත් Server එකට දමන්න ඕන , Files copy  කරන්න ඕන මේ folder එකට තමයි.
(XAMPP වල නම් මේ වෙනුවට තියෙන්නේ htdocs කියලා folder  එකක්)

දැන් මූලික වැඩ ටික සම්පූර්ණ කරලා ඉවරයි.(ටිකක් දිග ක්‍රියාවලියක් කෙටියෙන් පැහැදිලි කලේ ...අපැහැදිලි තැනක් තියෙනවනම් අහන්න.)
අවශ්‍ය කරන පරිසරය හදාගෙන අවසාන නිසා ...PHP  මුල සිට " PHP එච්චර අමාරු නෑ....දෙවන දිගහැරුම...." තුලින් බලමු

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්