මොකක්ද මෙ ලිනක්ස් by chanux

සොයන්න

2.7.11

ලිනක්ස් (Linux) (ග්නූ/ලිනක්ස් ලෙසද හැඳින්වේ) යුනික්ස් හා සමාන පරිගණක මෙහෙයුම් පද්ධතියකි. ලින්ක්ස් විවෘත කේත මෘදුකාංගයක සංවර්ධනයට ප්‍රකට නිදසුනක් වන අතර වානිජමය මෙහෙයුම් පද්ධති වන මයික්‍රොසොෆ්ට් වින්ඩෝස් හා මැක් ඕ. එස්. මෙන් නොව මෙහෙයුම් පද්ධතියේ සියලු කේතයන් ලෝකයේ ඕනෑම කෙනෙකු හට නොමිලයේ භාවිතයට, ලබා ගැනීමට, බෙදා හැරීමට හා වෙනස් කිරීමට ඉඩ සලසයි.


ආරම්හක යුගයේදී ලිනක්ස් සංවර්ධනය හා පාවිච්චි කිරීම සිදුවූයේ ලිනක්ස් ලෝලීන් සීමිත පිරිසක් අතර පමණි. නමුත් පසු කාලීන ව IBM, Sun Microsystems, Hewlett-Packard, Novell වැනි සමාගම් ලිනක්ස් සර්වර් මෙහෙයුම් පද්ධතියක් ලෙස දියුණු කෙරිණී. වර්තමාන ව ලිනක්ස් ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතියක් ලෙස ප්‍රචලිතව ඇත. මෙය ජංගම දුරකතන වල සිට සුපිරි පරිගනක දක්වා විහිදී ඇත. මෙහි ඇති විශ්වාසීදායකත්වය, ආරක්ෂාව, අඩු වියදම හා නිදහස මෙහි සාර්තකත්වයට හේතුවී ඇත.

===========================================================================

"ලිනක්ස් කර්නලය" යනු ලිනක්ස් පවුලේ Unix-like (යුනික්ස් හා සමාන) මෙහෙයුම් පද්ධති කර්නලයකි. එසේම එය නිදහස් හා විවෘත මූලාශ්‍ර මෘදුකාංග සඳහා ප්‍රමුඛ උදාහරණයකි.

එය ජීඑන්යූ ජෙනරල් පබ්ලික් ලයිසෙන්ස්](GNU General Public License) දෙවන සංස්කරණය (සමහර ස්ථීරාංග අනුරූප(Firmware images) විවිධාකාර බලපත්‍ර භාවිත කරයි) යටතේ නිකුත් කර තිබෙන අතර ලොව වටා දහස් ගණනකගේ දායකත්වය ලැබ ඇත. ඒසේම ලිනක්ස් කර්නලය ලිනක්ස් කර්නල විද්යුත් තැපැල් ලැයිස්තුව(Linux kernel mailing list) හරහා එදිනෙදා සංවර්ධනයට බඳුන්වේ.



ලිනක්ස් කර්නලයෙහි නිර්මාර්තෘ පින්ලන්ත ජාතික ලිනස් ටොර්වල්ඩ්ස්(Linus Torvalds) වන අතර ඒ 1991 දී ඔහුට ඇතිවූ අදහසක් අනුවය. ඔහුගේ කර්නලය සීඝ්‍රයෙන් අනිකුත් නිදහස් මෘදුකාංග ව්‍යාපෘති කේතකරුවන් සහ පරිශිලකයින් ආකර්ශනය කරගන්නා ලදි. මෙසේ ලොවපුරා දහස් ගණනකගේ දායකත්වය ලැබූ ලිනක්ස් කර්නලය පදනම් කර ගනිමින් අද වන විට බොහෝ ලිනක්ස් බෙදා හැරීම් නිකුත්වී ඇත.

  • ඉතිහාසය
1991 දී පින්ලන්තයේ හෙල්සින්කි සරසවියේ 21 හැවිරිදි සිසුවෙකුව සිටි ලිනස් ටොර්වල්ඩ්ස්(Linus Torvalds) නව මෙහෙයුම් පද්ධතියක් නිපදවීම සඳහා කටයුතු ආරම්භ කළේ ය. ඔහු මුලින් ම තම වැඩ කටයුතු සඳහා Intel 80386 assembly language හි task switcher ක් හා terminal driver ක් භාවිත කළ අතර යූස්නෙට් (Usenet) හි comp.os.minix පුවත් කණ්ඩායමේ මෙසේ සඳහන් කලේය.

මම විනෝදයට වගේ 386(486) AT ක්ලෝන සඳහා මෙහෙයුම් පද්ධතියක් නිර්මාණය කරනවා. ඔබ මිනික්ස් (minix) හි කැමති අකමැති දේ මට පවසන්න. මොකද මගේ නිර්මාණයත් ටිකක් විතර ඒ වගේ (ප්‍රායෝගික හේතුන් නිසා ගොනු පද්ධතිය හා තවත් සමහර දේ).
මම දැනට bash(1.08) හා gcc(1.40) පරිවර්තනය කර අවසන්. එය වැඩ කරන බවයි පේන්නෙ. ඒ කියන්නෙ තව මාස කීපයකින් මට ප්‍රයෝගික යමක් කරන්න පුලුවන් වෙයි [...] ඔව් - එය මිනික්ස් (minix) කේත වලින් තොරයි. එය පරිවර්තනය කල නොහැකි අතර හුගක් වෙලාවට එය වැඩ කරන්නේ AT දෘඩ තැටි වල විතරක් වෙයි.
[...]එය බොහෝ දුරට කේත කලේ C වලින්, ඒත් හුගක් අය කියන විදිහට ඒක C නෙවේ. මොකද මම ඒකෙ මට හොයා ගන්න පුලුවන් හැම 386 ලක්ෂණයක්ම වගේ පාවිච්චි කරනව. එය මට 386 ඉගනීමට කරපු ව්‍යාපෘතියක්ද වෙනව. කිව්වත් වගේ එය MMU පාවිච්චි කරනව, පේජින් (paging) සඳහාත් (තවම දෘඩ තැටියට බැහැ) සෙග්මෙන්ටෂන් (segmentation) සඳහාත්. සෙග්මෙන්ටෂන් වලදි නම් එය 386 වලින් හුගක් දුරට ස්වාධීනයි. [...]මගේ සමහර C ගොනු (විෂේෂයෙන් mm.c) C වගේම ඇසෙම්බ්ලි (assembly) වලට ගොඩක් ළගයි.
මින් පසුව මෙය සඳහා බොහෝ දායකත්වයන් ලැබුණි.එසේම ආරම්භක අදහස් හා කේත බොහෝ විට මිනික්ස්(Minix) ප්‍රජාවෙන් විය. මෙසේ ජීඑන්යූ ව්‍යාපෘතියට (GNU project) මෙහෙයුම් පද්ධතියකට අවශ්‍ය බොහෝ අංග එකතු වුවත් එයටම ආවේනික කර්නලය වූ ජීඑන්යූ හර්ඩ්(GNU hurd) තවමත් අසම්පූර්ණවම තිබිණි. බීඑස්ඩී(BSD) මෙහෙයුම් පද්ධතිය මේ අවධිය වන විටත් නෛතික බලපැම් වලින් මිදී නොතිබිණි. මේ අතර මුල් සංස්කරණ වල අඩු ලුහුඩුකම් නොතකා ලිනක්ස් සීඝ්‍රයෙන් පරිශිලකයන් අතරට ඇදී ගියේය.
1991 සැප්තැම්බරයේදී ලිනක්ස් හි සංස්කරණ 0.01 නිකුත් වූ අතර එය හෙල්සින්ස්කි සරසවියේ ftp.funet.fi යන FTP සර්වරයේ තැන්පත් විණි. මෙම සංස්කරණය කේත පේලි 10,239කින් යුතු විය.
1991 දෙසැම්බරයේදී ලිනක්ස් හි සංස්කරණ 0.11 නිකුත් වූ අතර එය ප්‍රථම ස්වයං ධාරක (self-hosted) සංස්කරණය වූ අතර ලිනක්ස් 0.11 සහිත පරිඝනකයක් මගින් ලිනක්ස් 0.11 සම්පාදනය(compile) කල හැකි විය. 1992 පෙබරවාරියේදී ලිනක්ස් හි සංස්කරණ 0.12 නිකුත් වීමත් සමග ලිනස් ටොර්වල්ඩ්ස්(Linus Torvalds) ඔහු තමා කෙටුම්පත් කල බලපත්‍රය වෙනුවට ජීඑන්යූ ජෙනරල් පබ්ලික් ලයිසෙන්ස්](GNU General Public License) ලබා ගත්තේය.
ඉන් පසුව ලිනක්ස් සංස්කරණ නිකුතු මෙසේය.
  • 1994 මාර්තු 14 ලිනක්ස් 1.0.0 (කේත පේලි 176,250)
  • 1995 මාර්තු ලිනක්ස් 1.2.0 (කේත පේලි 310,950)
  • 1996 ජුනි 09 ලිනක්ස් 2.0.0
ලිනක්ස් 2.0.0 යටතේ නිකුතු
  • 1999 ජනවාරි 25 ලිනක්ස් 2.2.0 (කේත පේලි 1,800,847)
  • 1999 දෙසැම්බර් 18 ලිනක්ස් 2.2.13 ( IBM පරිඝනක වල භාවිත කල හැකි)
  • 2001ජනවාරි 04 ලිනක්ස් 2.4.0 (කේත පේලි 3,377,902)
  • 2003 දෙසැම්බර් 17 ලිනක්ස් 2.6.0 (කේත පේලි 5,929,913)
  • 2010 ඔක්තෝම්බර් 20 ලිනක්ස් 2.6.36 (කේත පේලි 13,499,457)

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්