let ස් ඩු සm magiක් .... මැජික් ෂෝ එකේ දෙවෙනි කොටස.. මග හැර ගන්න එපා..

සොයන්න

9.9.11


මෙන්න මැජික් ෂෝ එකේ දෙවෙනි කොටස.. මේකේ තියෙන්නෙත් බොහොම විනෝදජනක හා ත්‍රාසජනක වැඩ.. කරලා බලමු..


මෙන්න පොඩි වැඩක්.. කරලා බලන්න.. හරි ෂෝක්.. දැකල ඇතිනේ matrix .. කැමතිද එකක් හදන්න.. මෙන්න වචන ටික.. ටයිප් කරන්න නෝට් පෑඩ් එකේ.. සේව් කරන්න කැමති නමක්.bat කියලා.. ඒ කිව්වේ abc.bat වගේ..
echo off
color 2
:start
echo %random%  මේ %random%  පදය කොපි 20 ක් විතර ගහන්න.. ඉඩ තිය තිය..  
ඊට පස්සේ පේලිය 
goto start



හරිනේ.. දැන් රන් කරන්න.. එල නේ.. දැන් මෙහෙමයි.. ඕක අරගෙන යන්න යාළුවෙක් ගේ ගෙදර..ගිහින් ඕපන් කරලා alt+enter  ඔබන්න.. ෆුල් ස්ක්‍රීන් ඒවි.. අයින් කරන්න නම් ආයෙත් ඒ කී දෙකම ඔබන්න ඕනේ.. මවුස් එක හෙල්ලුවට වැඩක් නැහැ.. හැබැයි  සෙවන් වල නම්   ෆුල් ස්ක්‍රීන් ගන්න බැරි වේවි..


හරි .. තව ඉස්සරහට යමු.. තව වැඩ තියනවා නේ.. ඊළඟට බලමු..  අමුතු වර්ගයේ ෆෝල්ඩර් .. මේවානම් ඔයාල දකින පළවෙනි වතාව වෙන්න පුළුවන්..


පලවෙනි එක.. මෙන්න.. මේක කොටන්න notepad එකේ..
[Shell]
Command=2
IconFile=shell32.dll,3
[Taskbar]
Command=ToggleDesktop
 දැන් මේක save කරන්න.. නම දෙද්දී ඕනේ නමක්.scf කියල දෙන්න.. උදා:  open this folder.scf 
 දීල ඊට පස්සේ save කර ගන්න.. දැන් ඒවි ලස්සන ෆෝල්ඩර් එකක්.. පුළුවන් ද බලන්නකෝ ඕක ඕපන් කරන්න... හරි වැඩේ නේ.. ඉතින්..  ඇයි  බලාන ඉන්නේ.. දෙන්න කෝ යාලුවෙක්ට.. කිසි හානියක් නැහැ.. වයිරස් එකක් නෙමේ.. නිකන් ම කොමාන්ඩ් එකක්.. කරන්නේ ඩෙස්ක්ටොප් එක පෙන්නන එක.. 



 හරි.. අපේ ගොඩක් අය කරන වැඩක් නේ.. ෆෝල්ඩර් හංගන එක..ඒකටත් කරන්නේ මෘදුකාංග වලින් හංගන එක නේ.. මේක බලන්නකෝ.. කොහොමද කියලා.. ආයේ මේකෙන් හැන්ගුවොත් ඉතින් හෙවිලි බොරු.. පටන් ගමු.. ඕපන් කරන්න regedit..  හොයා ගන්න මෙන්න මේක..
HKEY_LOCAL_MACHINE\software\microsoft\windows\currentversion\Shell Extensions\approved  හරි.. දැන් මේකෙන් ගන්න ඔයාලට කැමති අගයක්..දකුණු පැත්තේ.. පේනවා ඇති නේ සඟල වරහන් එක්ක අගයන් තියනවා.. රයිට් ක්ලික් කරලා මොඩිෆයි කරන්න..දැන්.. කිසි දෙයක් වෙනස් කරන්න යන්න එපා.. value name එක විතරක් කොපියක් දා ගන්න.. ඊට පස්සේ මතක ඇතුව ඒක අරන් තිය ගන්න.. නෝට් පෑඩ් එකේ සේව් වත් කර ගන්න.. හරි.. දැන් ඔයාලගේ ෆෝල්ඩර් එකක් රී නේම් කරන්න.. මම යෝජනා කරනවා අලුත් එකක් හද ගන්න.. මොකද වැරදුනොත් අවුල.. හරි.. දැන් එකේ නමට පස්සේ තිතක් තියලා අර කොටස paste කරන්න තියෙන්නේ.. දැන් එන්ටර් කොරන්න.. බලමු මොකද වුනේ කියලා.. මොකෝ.. ෆෝල්ඩර් ඒක වැඩ නැතෙයි.. explore කරලත් බලන්න.. හරි.. දැන් හදා ගන්නේ කොහොමද? ඕක සාමාන්‍ය ක්‍රමයට නම් බැහැ පුතෝ.. dos රීනේම් එකක් ම දාන්න ඕනේ.. මෙහෙමයි.. එකට තම කෝඩ් ඒක තියා ගන්න කිව්වේ.. මෙන්න dos command එක. ren  පරණ නම.කෝඩ් එක ස්පේස් එකක් තියලා අලුත් නමක්.. එන්ටර් කරන්න.. උදාහරණ ren folder{c330202u2u2r} folder2 වගේ.. කොහොමද වැඩ.. නිකන් ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේනේ..


හරි.. තව එකක් බලමු.. මේකත් නියම වැඩක්.. ඔයාලා දන්නවද.. ලේසියෙන් ම පුළුවන් ඩිජිටල් දින පොතක් හදා ගන්න.. අනේ හරිම ලේසි වැඩක්.. open කරන්න notepad .. ටයිප් කරන්න .LOG  කියලා.. දැන් ඉතින් ඉවරයි.. ඈ.. මාරයි නේ.. බලන්නකෝ මාර නැද්ද කියලා ඕක කොහෙන් හරි සේව් කරලා ආයේ ඕපන් කරන්නකෝ.. මොකද වෙන්නේ.. ලස්සනට එනවා නේද දිනය සහ වෙලාව..


මෙන්න ඊළඟ එක.. මේක වටීවි මෙන්න මේ අයට.. ඔයාලා දන්නවනේ miniclip.com ගැන.. ඒකෙ තියන ගේම් බ ගන්න හැටි තමා කියන්න යන්නේ.. විනාඩියෙන් ඕනෙම එකක්.. හරි.. මේකට ඕනේ වෙනවා මෙන්න මෙයාව.. මෙයට කියන්නේ orbit downloader කියලා.. මෙන්න ලින්ක් එක..www.orbitdownloader.com/download.htm 
මෙයාව දා ගෙන ඊට පස්සේ ටාස්ක් බාර් එකේ අයිකන් එක උඩ රයිට් ක්ලික් කරන්න.. එන මෙනු එකෙන් grab++  කියලා ඒවි එකක්.. එක ක්ලික් කරන්න..දැන් ඒවි dialog box 1ක් .. එහෙමෙමේ තියන්න.. දැනට මේක chrome වලට නම් වැඩ නැහැ.. එ නිසා වෙන එකකින් යන්න miniclip.com වලට.. ඕනේ කරන ගේම් එක තොර ගන්න.. දැන් ඒක ලෝඩ් වෙනවනේ.. දැන් බලන්න.. අර grab++ එකට ගිහින්.. පෙන්නාවි ඔයාගේ game එකට අදාල file එකක්.. ඒක ටික් කරලා යට ඇති download බොත්තමට කොටන්න.. ඊට පස්සේ file ඒක ගාවට ගිහින්.. open with  දීලා chrome හරි ඕනෙම browser  1ක් දෙන්න.. වැඩේ ගොඩ.. අනික මේකෙන් මේ විදිහට ඕනෙම ස්ට්‍රිමින් මීඩියා එකක් බා ගන්න පුළුවන්.. එ කිව්වේ වීඩියෝ පවා..  


ඔන්න එහෙනම්.. මැජික් ෂෝ එක අහවර කරන්න තමා ලෑස්තිය.. කාගේ කාගේත් ප්‍රේක්ෂක ප්‍රතිචාර වලට බොහොම ස්තුතියි.. මේකටත් ඔබේ ප්‍රතිචාර බලපොරොත්තු වෙනවා..
එහෙම නම්..

let ස් ඩු  සm magiක් ....

1 comments:

  • Unknown says:
    4/10/19 9:41 AM

    those are not magiX

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්