AUTOMATICALLY SHUTDOWN PC IN WINDOWS

සොයන්න

9.9.11


Hi guys...ආයුබෝවන් කියලා පිළිගන්නවා.ඉතින් නිකං ඉන්න එකේ ලිපියක් ලියන්න හිතුවා.ඇත්තටම මම ලියන්න යන්නේ කොහොමද අපි කාල සටහනකට අනුව අපේ පරිගණකය shutdown කරගන්නේ කියලා.අපි හිතමු අපි ලොකු file එකක් හෝ movie එකක් download වෙන්න දැම්මා හැබැයි අව්ලකට තියෙන්නේ ඒක download වෙලා ඉවර වෙන්නේ පාන්දර 1ට විතර කියලා.ඉතින් ඕක download වෙනකල් අපි අහරෙගෙන ඉන්න ගියොත් එපා වෙනවනේ.අපිට පුළුවන් time එකට pc එක shutdown වෙන්න හදාගන්න.මේක ඇත්තටම පරිගණක ගොඩක් තියන office එකකට උනත් ගොඩක් ප්‍රයෝජනවත් වෙන trick එකක්.මොකද අපිට පුළුවන් time එකකට හැමදාම උනත් shutdown වෙන්න හදාගන්න.ඉතින් අපි බලමු මේක කොහොමද කරන්නේ කියලා..


01- Start > type " Task Scheduler " > Enter දෙන්න.


02- ලැබෙන window එකේ Action වලට ගොස් Create Basic Task වෙතට යන්න.


03-දැන් ඔයාට ලැබෙන name field එකේ කැමති නමක් ලබාදී Next මත click කරන්න.



04- දැන් ඔයාට තෝරාගන්න එනවා මෙමෙ සේවාව daily, weekly ,monthly, Onetime...මම උදාහරණයක්‌ ලෙස daily තොරගන්නම්.Next 


05- දැන් ඔයාට හැමදාම pc එක shutdow විය යුතු වෙලාව සඳහන් කරන්න.Next දෙන්න.


06- Start a program මතට tic එක දමා Next මත click කරන්න.


07- execute එක browse කරලා Next මත Click කරන්න.
C:\Windows\System32\shutdown.exe



08- Finish මත click කිරීමෙන් වැඩේ ගොඩ.

රූප සටහන් මාර්ගයෙන් පහසුවෙන් බලාගැනීම සඳහා මෙම blog පිටුව වෙත පිවිසෙන්න.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්