මෙන්න ඔබ කියවිය යුතු ම ලිපියක්..මේ... ඔබේ ආරක්ෂාව පිණිසයි..

සොයන්න

9.9.11


මේ... ඔබේ ආරක්ෂාව පිණිසයි..


මෙන්න මගේ ඊළඟ ලිපිය.. මේක ලියන්න වෙලාවක් හොයාගන්නත් අමාරු වුනා මට.. ඒත්මේක තව පරක්කු කලොත් හොඳ නැහැ.. මට පේන විදිහට.. මොකද ඒ ටිකටත් තව කෙනෙක් අමාරුවේ වැටෙන්න පුළුවන්.. එහෙනම් මෙන්න ප්‍රශ්ණය..


ඔබ අන්තර්ජාලය තුල සැබවින් ම ආරක්‍ෂිත ද??? 


අපි බලමු.. මොකක්ද මේ කතාව.. අපි ආරක්ෂා වෙන්නේ කොහොමද? මේ හැම දෙයක් ම.. පියවරෙන් පියවර..



එහෙනම්.. පටන් ගමු..  මුලින් ම මට හිතෙනවා ටිකක් අපි දැනුවත් වෙමු මේ වටා පිටාව ගැන..  ඉස්සෙල්ලම  බලමු කෝ අන්තර්ජාලය ගැන ටිකක්.. හොඳයි.. අපි දන්නවා නේ පරිගණක ජාල ගැන.. පරිගණක එකිනෙක සම්බන්ධ කිරීම.. රැහැන් ඇතුව හෝ නැතුව.. පස්සේ වෙනම බලමු.. එතකොට මෙන්න මේ ජාල කිහිපයක් එකතු වෙලා තමා මේ කියන අන්තර්ජාලය තැනිලා තියෙන්නේ.. තව ජාල වර්ගයක් තියෙනවා.. එක තමා අන්තඃ ජාලය.. ඈ.. අදමයි ඇහුවේ.. එහෙමද.. හොයල බලන්නකෝ intranet කියලා.. මේක හැබැයි භාවිතා වෙන්නේ විශේෂිත පරිසර වල.. මොකද මේක අධික ආරක්ෂාවක් සහිත ව පවත්වාගෙන යනවා.. උදාහරණයකට බැංකු ටිකක් ගමු.. ඒවායේ පරිගණක ජාල මේ වගේ ඒවා.. අපිට එච්චර අදාල නැති නිසා පස්සේ බලමු.. නැත්තම් ඩොක් එක දිග වෙනවා.. හරි.. එතකොට අන්තර්ජාලය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද.. මෙන්න මෙහෙම.. අන්තර්ජාලයේ තියනවා පරිගණක වර්ග කිපයක් එකක් තමා client pc ඒ කිව්වේ අපේ පරිගණක.. අන්තර්ජාලයෙන් තොරතුරු ලබා ගන්නා ඒවා.. අනික ඒවා තමා සර්වර්.. ඒ කිව්වේ තොරතුරු ලබා දෙන ඒවා.. එතකොට මෙන්න මේ සර්වර් වලින් තොරතුරු අපිට ලබා ගන්න පුළුවන්.. හැබැයි එහෙම ඕනේ ඕනේ විදිහට බැහැ..අපිට ඕනේ විදිහට පාරේ යන්න බැහැ වගේ.. අන්තර්ජාලයටත් ක්‍රමවේද තියනවා.. දත්ත ගෙනියන්න.. එතකොට එකිනෙකාව හඳුනා ගන්න.. මේක විස්තරාත්මකව කතා කරන්න ගියොත් මට මේ ලිපිය අවුරුද්දක් විතර ලියන්න වේවි. අපි බලමු පසුවට ඒ ගැන .. හරි.. එතකොට අපේ පරිගණකයෙන් තොරතුරු ඉල්ලනවා.. සර්වර් එකෙන් තොරතුරු එවනවා.. එතකොට මේවා යන්නේ කොහෙන්ද.. දුරකථන මාර්ග හරහා.. එතකොට පරිගණක හරහා.. තව එක්ස්චේන්ජ් සර්වර්ස් හරහා.. එතකොට මේවා හරහා යනකොට අපේ තොරතුරු නැති වෙන්න.. එතකොට හොරකම් කරන්න බැරිද? උත්තරය සාමාන්‍යයෙන් නම් බැහැ.. නමුත් පුළුවන්.. මෙහෙම හිතන්න කෝ.. අපි තැපෑලෙන් යවන ලියුම් අතරමගදී මොනවත් වෙන්න බැරිද? පුළුවන්.. ඒ වගේ තමා.. සාමාන්‍යයෙන් අන්තර්ජාලය තුලදී පණිවිඩ හුවමාරු වෙන රටාවක් තියනවා.. ඔයාලා දන්නවා ඇති නේ ip address ගැන.. මම ආයේ කියන්න යන්නේ නැහැ.. එතකොට මේවා අතරින් රිංගන්න බැරිත් නැහැ.. මම හැම වෙලේම කියන කතාවක් තියනවා... එක තමා පරිගණකය කිසි දෙයක් දන්නේ නැහැ කියන එක..එක නිසා අපි පරිගණකය පාවිච්චිකරනවා මිසක් එකට වහල්  වෙන්න හොඳත් නැහැ..    හරි..
එතකොට දැන් ප්‍රශ්නේ මේකයි.. අපි කියනවා ගොඩක් අය මේ හැකිං ගැන.. අපේ අය ගොඩක් මේවට අහු වෙනවා.. වයිරස් ගැන කියද්දී මම කිව්වනේ.. සතුරා හඳුනා  ගන්න කියලා .. ගොඩක් අය ඒකෙන් ප්‍රයෝජන ගත්තා.. එහෙනම් මේකෙනුත් ඒ වැඩ ටික ගත්ත හැකි.. අපි බලමු..
හරි.. බලමු.. හැකිං කියල කියන්නේ සරලව කිව්වොත් යම්කිසි දෙයක තාක්ෂනය උපයෝගී කරගෙන ඒ තුලින් වැඩි යමක් කිරීම.. දුර්වලතා සොයා ගැනීම.. තව ගොඩක් දේවල්...දැන් නම් මේක අපි යොදා ගන්නේ නරකටනේ..පිහි වලින් බෙල්ල කපනවා වගේ.. එක ඉතින් අපේ වැරැද්ද..  එකට අපි මොකක් හරී කරන්න ඕනේ.. ඒ විදිහට ගත්තොත් හැකිං වර්ග දෙකයි..  white hat hacking හා  black hat hacking  ලෙස.. මෙයින් දෙවන ගනයේ අය තමා  ඔය සියලුම විනාශ කරන්නේ.. ඒ අය කරන්නේ  අනික් අයව අමාරුවේ දාන එක.. බලමු ඒවායින් බේරෙන හැටි..  


ගොඩක් වෙලාවට අපිට වෙන්නේ අපි අන්තර්ජාලයේ හදන විවිධ එකවුන්ට් වෙනත් අය අතට පත විම නේ.. අංක එකට ම මේල් එකවුන්ට්.. මම කියන්නේ ඔය වරදෙන් සීයට අනුවක් ම අයිති අපිට.. ඇයි මම එහම කියන්නේ.. අහලා තියනවා නම් පාස් වර්ඩ් ක්‍රැක් කරන හැටි.. එකට යොදා ගන්න මෘදුකාංග මුලින් ම කරන්නේ පුද්ගලයා ගේ මුලික තොරතුරු වලින් පටන් ගන්න එක.. ඔයාම කල්පනා කරන්න.. ඔයාගේ මොබයිල් නොම්බරේ මයි නේද ඔයා ඊ මේල් එකේ පාස්වර්ඩ් එකට දාලා තියෙන්නේ.. ඇයි ඉතින්.. අමතක වෙන්නෙත් නැහැ නේ.. අනික.. ඔයා ට මතක ද ඔයා හදපු මේල් වල රිකවරි ඔප්ෂන් වල දිපු උත්තර.. නෑ නේද.. ඔන්න.. තව.. ඔයාගේ පාස් වර්ඩ් ඕනේ කෙනෙකුට අනුමාන කරන්න පුළුවන් ඒවා නේද ගොඩක් වෙලාවට..ඒවා වෙනස් කරනවද? ඔන්න වැඩේ.. පටන් ගන්න ඕනේ මෙතනින්.. මෙන්න හොඳ පාස් වර්ඩ් එකක ලක්ෂණ.. 
1 අඩුම තරමේ අකුරු හා ඉලක්කම් දෙක ම තිබිය යුතුයි.. 
2 අකුරුත් වර්ග දෙකෙන් ම.. සංකේත තියනවා නම්.. දිග අකුරු අටකට වැඩි නම්.. එල ම තමා..
3 ඔබ සමග රිජු සම්බන්ධයක් ඇති දේවල් නොතිබිය යුතුයි.. උදා: දුරකථන අංක.. උපන් දින .. ලිපින වැනි..
4 හොඳ හින්ට් තිබිය යුතුයි.. හොඳ security question  එකක් තිබිය යුතුයි.. වෙන කෙනෙකුට ගෙස් කරන්න බැරි..


එතකොට මේවා කඩන්න මාස ගානක් යාවි.. මොකද පාස් වර්ඩ් කියන ඒවා අපි ටයිප් කරන එක  එන්ක්‍රිප්ට් කරලා තමා හැදෙන්නේ.. එතකොට මේ උපදෙස් පිළිපදින්න.. අනික.. ඔබට යම්තම් හෝ සැක සිතුනොත් එසැනින් ඔබේ මුර පදය වෙනස් කරන්න.. ඊට අමතර ව ඔබට මෙහෙම ගැටලුවක් තියනවා නේ.. කොහොමද මේ සේරම මතක තියා ගන්නේ.. එකට තියනවා විසඳුමක්.. password manager software  එකක් දා ගන්න.. හැබැයි.. මෙහෙමයි.. හොඳට හොයලා බලන්න.. මේවට ව්‍යාජ මෘදුකාංග ඕනේ තරම්..   මෙන්න හොඳම එකක්.. මම භාවිතා කළා.. නියමයි.. efficient password manager මේ වගේ එකක ඔබට සියලුම මුර පද ගබඩා කර ඊට පස්සේ එක master password  එකක් මඟින් සියල්ල ආරක්ෂා කර ගන්න පුළුවන්.. හරි.. තව එකක් තමා මෙවැනි ඇඩෝනයක් ස්ථාපනය කර ගැනීම.. lastpass කියන්නේ එවැනි එකක්.. ඔබට මෙය  ie,chrome,firefox වැනි ඕනෑම එකකට ලබා ගන්න පුළුවන්.. 


හොඳයි .. තව ප්‍රශ්න තියනවා නේ.. ඒ මොනවාද? ඇයි වයිරස්.. එතකොට කැෆේ වලින් නෙට් යන අය.. අනික..කී ලොගර්.. ප්‍රශ්න වැලයි.. 


හොඳයි.. තමන්ගේ පරිගණක වලින් නැතුව වෙනත් ඒවයින් නෙට් යනවා නම්.. අනිවාර්යයෙන් ම කරන්න ඕනේ දේවල් තියනවා.. ඒ තමයි.. තමන් වැඩ කරන්න යන පරිගණකයේ තියන මෘදුකාංග ගැන පොඩ්ඩක් බලන්න.. අනික.. ඒ වගේ තැන වලින් මේල් චෙක් කරන එක එච්චර හොඳ වැඩකුත් නෙමෙයි..නිකම් බ්‍රවුස් කරන්න නම් ඉතින් වරදක් නැහැ.. අනික ඒ වගේ වෙලාවක නැගිටලා එනකොට මතක ඇතුව කරන්න ඕනේ හිස්ට්‍රි මකලා දාන එක.. ඒක කරගන්න දන්නවා නේ.. අනික කුකිසුත් මකලා දාන්න පුළුවන් නම් හොඳයි..  හැබැයි මේකට මම දෙන බෙහෙත නම් මෙන්න මේක.. 
1 චෙක් කරන්න හාඩ්වෙයා කී ලොගර් ගැන.. අහල නැද්ද? සමහර විට ඒක නිකන් පෙන් ඩ්‍රයිව් එකක්.. එහෙම නැත්නම් usb to ps2  අඩප්ටරයක් වගේ  පෙන්න පුළුවන්.. එහෙම දේවල් ඔයා ගන්න යන මැෂින් එකේ තියනවා නම්.. පරිස්සම් වෙන්න.. ඒ කිව්වේ ඒක තුල ගබඩා වෙනවා ඔයාලගේ සේරම දත්ත.. 
2 මම මේක කරන හැටි කිව්වා ලයිව් සී ඩි ගැන ලියද්දි.. හදා ගන්න ඔයාටම කියල os එකක් පෙන් එකට.. එතකොට ඒක ගැහුවා මැෂින් එකට .. ඔන් කළා සැරිසැරුවා..
3 පුළුවන් නම් ඔයා යනකොට පෝටබල් සොෆ්ට්වෙයා දාගෙන යන්න.. එතකොට ඒවා ඔයාට යොදා ගන්න පුළුවන්..

එතකොට ගෙදරදී නම් ඒ ප්‍රශ්න නැහැ නේ.. හැබැයි ඉතින් ඒ වෙනුවට තව ප්‍රශ්න තියනවා නේ.. කී ලොගර් එහෙම.. ඒ වගේ ඒවා ට නම් ඉතින් ප්‍රති වයිරස වල පිහිට තමා.. ඉට අමතරව  ඇන්ටි ලොගර් , එතකොට ඇන්ටි ස්පයිවෙයා වලින් මේවා අල්ලනවා..මෙන්න මේවා වගේ..  super antispyware එතකොට spybot s&d .. ඒත් මේකනේ.. ඒවටත් අහු වෙන්නේ නැත්නම්.. මම කලින් කිව්ව lastpass එක ඕකට එක විසඳුමක්.. එකේ පුළුවන් අපේ පාස් වර්ඩ් ගබඩා කරලා තියා ගෙන ලෝකේ ඕනේ තැනකින් ගන්න.. හරි.. දැන් කියන්න යන්නේ වෙනස් එකක්.. ඒ කිව්වේ මේ කී ලොගර්ස් වලට අහු නොවී ටයිප් කරන හැටි.. මෙන්න මෘදුකාංගය.. keyscrambler මෙයා කරන්නේ කී ලොගර් වලට වැරදි තොරතුරු සපයන එක.. එතකොට වැඩේ ඉවරයි නේ.. 


හරි.. තව තියනවා. මතක ඇතුව මේ වැඩේ කරන්න එපා.. මොකක්ද? ඔයාගේ බ්‍රව්සර් එකේ.. අඩුම ගානේ ගෙදරදී වත් පාස් වර්ඩ් ගබඩා කරන්න එපා.. මම පෙන්නන්නම් ඒ ඇයි  කියලා.. IE ඇරුණහම ගොඩක් ඒවායේ.. පාස්වර්ඩ්  ඒ වෙලාවෙම බලන්න පුළුවන්. මම දාන්නම් විස්තර...,IE වලටත් එහෙම කල හැකි.. මෙන්න බලන්නකෝ වැඩේ..  මේ විදිහට මේවා බලන්න පුළුවන් නම්  කවර කතා ද නේ.. හරි.. එතකොට ඒ ගැනත් හිතමු..
මෙන්න බලන්නකෝ.. ක්‍රෝම් වල නම මෙනු එකෙන් options  ඊට පස්සේ වම පැත්තෙන් personal stuff වලට ගියා.. manage saved passwords කියන ඒක බලන්නකෝ.. එතකොට ගිනි හිවලාගේ මෙහෙමයි.. tools-options-select privacy tab - then passwords-view saved passwords.. කොහොමද? අපි හිතන ඉන්නවා නේ හරි ලේසියි කියලා.. මාර කේස්..

තව දෙයක් තමයි අපේ ඊ මේල් එක.. ඒක තමා වැදගත්ම.. ගොඩක් අයට වෙන්නේ මේකනේ.. තමන්ගේ ඊ මේල් ඒක ගියොත් සේරම යනවා.. මේකටත් විකල්ප තියනවා.. එකක් තමා ඊ මේල් ලිපින තුනක් භාවිතය.. ඕනේ තරම් නිකන් දෙන එකේ තුනක් හදා ගත්තාම මොකෑ වෙන්නේ.. 
පලවෙනි එක ඔයා ඔයාගේ එදිනෙදා වැඩ වලට ගන්න.. 
දෙවෙනි ඒක ගන්න සුවර් නැති වැඩ වලට.. ඒ කිව්වේ දන්නේ නැති සයිට් වලට ලොග් වෙන්න වුනාම.. වගේ වැඩ වලට.. එතකොට තුන් වෙනි එක.. එක තියා ගන්න රිකවරි වලට.. එතකොට ඔයාගේ මේන් ඊමේල් එකේ හැක් කරොත්..ඔයාට පුළුවන් රිකවරි මේල් එකකින් ඒක අපහු ගන්න.. පැහැදිලි නේ.. අනික.. මෙන්න මේ වැඩේ කරන්න එපා.. මේ ඊ මේල් වලින් එකයි දෙකයි අතර සම්බන්ධයක් තියා ගන්න එපා.. මොකද වයිරස් එකක් ආවොත් ඊ මේල් වලින්.. එය මුලින් ම කරන්නේ ඒ මේල් එකේ තියන සේරම ලිපින හොයා ගෙන පැතිරෙන එක.. ඒක නිසයි එහෙම කිව්වේ.. හරිනේ..  අනික ඔයා වැඩකරුවෙක් නෙමෙයි නම්.. ඒ කිව්වේ ඔයාගේ පරිගණක ආරක්ෂාව ගැන විශ්වාස නැත්නම් openid වගේ ඒවා වැඩිය යුස්‌ කරන්න එපා.. මොකද ඒවායින් වෙන්නේ එක එකවුන්ට් එකක් හරහා ගොඩක් දේවලට ලොග් වෙන එකනේ.. එතකොට එක එකවුන්ට් එකක් ලීක් උනොත් සේරම හරි..
තව එකක්.. ඩිස්පොසබල් මේල් එකවුන්ට් භාවිතා කරන්න.. ඒ කිව්වේ මේ වගේ මේල් එකක් වැඩ කරන්නේ සීමිත කාලයකට.. එතකොට ඒ වගේ එකක් යොදා ගත්තහම වැඩේ ලේසියි.. මෙන්න ඒ වගේ සයිට්..  10minutemail එතකොට tempalias වගේ ඒවා..මේවයින් තාවකාලික මේල්  හදාගන්න පුළුවන්..
අනික නොදන්නා වෙබ් අඩවි ගැන.. ඒවායින් බේරෙන්නේ කොහොමද? මේ වැඩේට නම් පොඩි ඉවක් ඕනෑ වෙනවා..මෙහෙමයි.. හිතන්න කවුරු හරි කෙනෙක් ඔයාට දිගට ම යම්කිසි ලින්ක් එකක් මේල් කරනවා කියලා.. ඔයා මොකද කරන්නේ.. මෙන්න මෙහෙම කරන්න.. ලින්ක් එක කොපි කරලා සර්ච් එකක් දාන්න.. තව මෙහෙමත් වෙනවා .. මේ දවස් වල වයිරස් යන ක්‍රමයක්.. චැට් වලට ලින්ක් දාන එක.. මේක දන ගොඩක් අයට වෙලා.. බැරිවෙලා හරි අපි මේකට ගියොත්  ඊට පස්සේ අපේ චැට් වලටත් මෙයා එනවා.. ඊට පස්සේ මෙහෙම එකක්.. මම ලඟදි තම දන ගත්තේ.. ඔයා fb වල එහෙම fan page වලට ලයික් දානවා නේ.. ඒ වෙලාවටත් පුළුවන්  ලු හොයාගන්න ඔයාගේ විස්තර.. හැබැයි ඒක ඉතා දුලභයි.. සුවර් ම නැති ඒ වගේ පේජ් ගැන දෙපාරක්   හිතන්න..


තව තියනවා.. ගිනි වැටවල්.. ඒ කිව්වේ ෆයර්වෝල්.... මේවයින් කරන්නේ අන්තර්ජාලයෙන් එන නොයෙකුත් තර්ජන වලින් අපිව ආරක්ෂා කිරීම.. හැබැයි වින්ඩෝස් වල තියන ඒක නම් ප්‍රමාණවත් නැත.. ඒ වෙනුවට හොඳ වයිරස් ගාඩ් එකක් දා ගන්න.. මම කියන්නේ ඒක අයින් කරන්න එපා.. ඒක තියෙද්දී තව එකක් දා ගන්න..  අනික.. මෙන්න මේ ගොන් වැඩේ කරන්න එපා.. මොකක්ද? වයිරස් ගාඩ් ක්‍රැක් කිරීම .. මොකද අපි ඒකෙන බලාපොරොත්තු වෙන්නේ වයිරස් ඇල්ලීම නේ.. එතකොට එයාගෙත් ඇතුලේ වයිරස් නම්.. මෙහෙමයි.. අද වෙනකොට හුඟක් හොඳ වයිරස් ගාඩ් නොමිලේ දෙනවා.. microsoft එකෙන් ජෙනුවින් ම එකක් දෙනවා.. ඔයා ව්න්ඩෝස් ඔරිගීනල් නම්.. මෙන්න මේක ගන්න.. අයෙ වෙන මොනවත් අවශ්‍ය නැත..  microsoft security essentials..  එතකොට අනික් අයට.. ඒ අයට පුළුවන්  avast,avira,pctools,avg,clamwin,security360 වගේ ඒවා භාවිතා කරන්න..  හරි.. ඒවා ගැනත් හිතන්න.. අනික.. ඔය ලස්සනට සමහර වෙබ් සයිට් වල දානවා නේද අලුත් අලුත් ඇන්ටිවයිරස් ගැන click here to protect your pc .. වගේ.. කියට වත් ඒවා නම් ගන්න එපා.. මොකද මේ වෙනකොට තියන අලුත් ම අවුල තමා ඒ.. පොදු නම scareware..  ඒ කිව්වේ මෙයා වයිරස් පොදියක්.. ඒ විතරක් නෙමේ.. ඔයා බය වෙන ජාතියේ එරර් හදලා ඔයාගෙන් සල්ලි.. ඒ කිව්වේ ක්‍රෙඩිට් කාඩ් නම්බර් ඉල්ලනවා ඒවා නිවැරදි කරන්න.. ඔය ටොරන්ට් වලින් බාන අය  දන්නවා ඇති නැත්නම් අහලා ඇති coralplayer කියලා එහෙම.. ඒකත්  ඒ වගේ.. මේවා අමුලික බොරු.. ඒ නිසා ඔය එක එක සයිට් වල පෙන්නනවා නේද click here to scan your computer  කියලා.. අහු වෙන්න නම් එපා.. ඒ වගේ සක හිතෙන ඒවාට ලොග් වෙන්න අර දෙවෙනි මේල් ඒක යොදා ගන්න.. ඉවරයි නේ.. සුවර් නැත් නම් ඒ වයිරස් ගාඩ් එකේ නම නෙට් එකේ සර්ච් එකක් දෙන්න.. එතකොට පෙන්නාවි.. උදාහරණයකට ඔය උඩ තියන coralplayer ගැන හොයල බලන්නකෝ..


අපි සැලකිලිමත් වෙනවා නම්.. අපිට පුළුවන් අපේ තොරතුරු ආරක්ෂා කර ගන්න.. මම හිතන විදිහට ඒක තමයි විය යුත්තේ.. හරියට අපි පාරක යනවා වගේ.. අපිට අනතුරු ගොඩක් වෙන්නේ අපේ වරදින් නේ.. ඒ වගේ තමා..  මගේ නිගමනය පරිගණකය කියන්නේ යන්ත්‍රයක්.. ඕනෙම මොහොතක එයා ව රවට්ටන්න පුළුවන්.. ඒත් ඉතින් අපේ රටේ ඉන්න අය ගොඩක් හිතන්නේ ඒ විදිහට නෙමේ.. ඒ අය හිතන්නේ පරිගණකය සේරම දන්නවා කියලා ..
එහෙනම්.. 
මම හිතනවා මේ ඇති.. ප්‍රශ්න අහන්න.. කොමෙන්ට් දාන්න.. මම දාන්න විදිහට උත්තර දෙන්නම්.. හරිනේ.. ඔබට ජය.. ඔබට දන ගන්න අවශ්‍ය මාතෘකා සඳහන් කරනවා නම් මට පුළුවන් ඒ ඔස්සේ ලියන්න.. පරිගණක තාක්ෂණය ගැන..  අපි බලමු..ඉස්සරහට මොකද කරන්න පුළුවන් කියලා..  එහෙනම්.. ඔයාලගේ පරිගණක වලට..
සියලු දෙවි දේවතාවුන්ගේ පිහිටයි.... ආරක්ෂාවයි.....
මං ගියා එහෙනං ඕං .... ආයෙත් එන්නම් වැදගත් දේවල් අරගෙන..

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්