ඔබේ පරිගනකයත් "බීප්" ගානවා ද?

සොයන්න

9.9.11


“තිළිණ මල්ලී ඔබ වෙත ගෙන එන "දවසේ ටිප් එක #1"

පරිගනකය පණ ගන්වන විට නැගෙන බීප් නාදය වෙත ඔබ මීට පෙර සැලකිල්ලෙන් සවන් දුන්නාද? එය ඔබගේ පරිගනකයේ සෞඛ්ය තත්වය පිළිබඳ වැදගත් පණිවිඩයක් ඔබට කියන්නට මග බලා සිටී.”




කොහොමද කස්ටිය? මම මේ කියන්ඩ යන කතාව මීට පැය 20කට කලින් පෝස්ට් එකක් විදිහට දැම්මෙත් මම ම තමයි. ඉතින් ඒ පෝස්ට් එක දැකපු අය දැන් හිතයි මේකට ෆික්සු ද කියලා. නෑ. මේ එහෙම සීන් එකක් හින්දා නෙවෙයි ඒ පෝස්ට් එක ඩොක් එකක් විදිහට අයේ දාන්නෙ. අපේ පරිගනක උදව් එකේ ඕනෙම කෙනෙක් හොඳින් දන්න අඳුනන, හැමෝටම ක්ෂණිකව නිවැරදිව උදව් කරන සිරාවටම සුපර් Mg Super අයියා තමා මට මේ අදහස දුන්නෙ. එයාගේ වචනයෙන් ම කිව්වොත්



“තිලිණ මල්ලි,මේ වගේ වැදගත් වන ලිපියක් මෙහෙම පොස්ට් කලාම නිකන්ම යටට යනවා..
ඒක නිසා මේක ඩොකියුමන්ට් එකක් විධියට පොස්ට් කරන්න,නැවත නැවත හැමෝටම බලාගන්න පුළුවන්...”

ඔන්න ඔහොමයි මම ඩොක් ලිවිල්ලට ප්‍රවිෂ්ඨ උනේ.
හරි හරි. කතා ඇති නේද. එහෙනම් බලන්නකෝ මොකද්ද මේ සීන් එක කියලා.
මම මුලින්ම කිව්ව වගේ ඔය අපට කොම්පියුටරේ ඔන් කරනකොට ඇහෙන "බීප්" සද්දේ නිකං මදර්බෝඩ් හදන අය ජොලියට දාපු ජිරිබිරිස් එකක් නෙවෙයි. ඒකෙන් ඔයාගේ කොම්පියුටරේ සැප දුක බලාගන්න පුලුවන්. දැන් සමහරු බලනවා ඇති මොකද්ද බොල ඒ කතාවෙ තේරුම කියලා. ඔය "බීප්" එක ඇහෙන විදිහෙන් අපට කියන්න පුලුවන් කොම්පියුටරේ තත්වෙ. ඔන්න එහෙනම් මම තේරෙන සිංහලෙන් ම දාන්නම් කො.


1.) No beep - Short, No power, Bad CPU/Motherboard, Loose peripherals
2.) One beep - Everything is normal and computer POSTed fine
3.) Tow beeps - POST/ CEMOS error
4.) One long beep & one short beep - Motherboard problem
5.) One long beep & two short beeps - Video problem
6.) One long beep & three short beep - Video problem
7.) Three long beeps - Keyboard problem
8.) Repeated Long beeps - Memory error
9.) Continuous Hi-Low beeps - CPU overheating

මගෙ පලවෙනි ඩොක් එකනේ. අඩුපාඩුවක් කියලම යන්න.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්