සොරකම් කරපු දුරකතනය හොයගන්න අමාරුද? Is Your Phone Missing.. :/

සොයන්න

9.9.11


මේ ගැනත් පොඩ්ඩක් හිතන්න, ඔයාලගේ මොබයිල් ෆෝන් එකත් ඔයාලට ෆේස්බුක් ගිණුමක් වගේම වටිනවා නේද? ඉතින් ඔබ කවදා හරි හිතුවද ඒකට තියෙන ආරක්ෂාව මදියි කියලා. එහෙම නම්  මෙන්න ඔයාලටම කියලා ජංගම දුරකථන සොරකම් කිරීම වලක්වන(සොරකම් කරත් එයින් සොරාගත් අයෙකුට කිසිවක් කරගන්න නොහැකි වේ.) යෙදවුමක් තමා මේක. නමුත් පොඩි ගැටලුවකට තියෙන්නේ SmartPhone වලට පමණයි අනුගත කරලා තියෙන්නේ.. මොකද කී දාහක් දීලා ගත්ත ෆෝන් එක නැති වුනොත් කොච්චර පාඩුවක්ද.
මෙන්න මෙහෙමයි වැඩේ සිද්ධ වෙන්නේ..

ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතයක් නැති වුනොත් එය තියෙන තැන සොයාගැනීමට හරි එය මුලුමනින්ම ලොක් කරගැනීමට එහෙමත නැත්නම් තියෙන දත්ත වෙනකෙකු බලන්න බැරි විදියට මකා දමන යෙදවුමක් මේක. නම තමා f-Secure antiTheft-PC කියලා. මෙය නොමිලේ බාගත කරගත හැකි අතර ජංගම දුරකතනයට එක්කෝ පරිගනකයට බාගත කරගන්නට පුලුවනි. තවත් ක්‍රමයක් තමා ඔබ http://f-secure.mobi වෙත දුරකතනයෙන්ම පිවිස එය ලබා ගැනීම.(මෙහිදී ඔබ වෙත ලින්ක් එකක් එවනු ලැබේ, එමගින් ලබාගන්න පුලුවන්)
මෙය දුරකතනයේ ස්තාපිත කරගන්න විටම රහස් පදයක් ලබාගනී. එය හරියට මුර-පදයක් වගේ. මේක පාවිච්චි කරන්නේ ඔයගේ ෆෝන් එක නැති වුනොත්, එහෙමත් නත්නම් යම් වරදකින් දුරකතනය ඔබ අතින් ලොක් වුනොත් එය විවෘත කිරීමටයි. ඒ වගේම ඔයාලගේ තව දුරකතනයක් ඉල්ලනවා (Trust number), ඒ මොකටද දන්නවද දුරකතනය නැති වුනොත් ඒ බව කෙටි පනිවිඩයක් වශයෙන් සඳහන් කරපු දුරකතනය වෙත එවන්නටයි. මේ අංකය ඔබට විශ්වාසවන්ත අයෙක් ගේ(පවුලේ අයෙකු හෝ) වන්නේ නම් වඩා සුරක්ෂිත වේ. ඒ වගේමයි මෙය ඉවත් කිරීමත් අර රහස් පදය අනිවාර්ය වේ.
ප්‍රධාන වශයෙන් මේ යෙදවුම තුල ආරක්ෂාව සපයන විදි හතරක් තියෙනවා..
1. Theft Control :
මෙය සක්‍රීය නම් ඔබගේ දුරකතනය තුළ, නව සිම් පතක් යොදන හැම විටකම එය අර trust number එක වෙත දන්වයි. ඒ නිසා දුරකතනය සොරාගත්තත් එය සොය ගන්නට පුලුවනි, මොකද එම සිම් පතේ අංකය ද දැනගැනීමට ඉඩ ලැබීමයි. එවිට ඔබට එය ලබාගන්නට කටයුතු යොදන්නට පුලුවන් වෙනවා. ඔබ නව සිම් එකක් දැමූ විටද මෙය විමසනව නේ, ඒත් ඔයා අදාල අංකය දන්න නිසා එය ලබාදෙන්න පුලුවන්.. :)
2. Remote Lock :
දුරකතනය නැති වුයෙනම් වෙනත් අයෙකුගේ දුරකතනයකින් රහස් පදය සහිත කෙටි පනිවිඩයක් යවා ඒ බව දැන්වීමට පුලුවනි. එය සිදුකරන්නේ මෙහෙමයි #LOCK#<රහස් අංකය> ලෙස සටහන් කර යැවීමයි(යැවිය යුතු අංකය ඔබට යෙදවුම මගින් ලබා දේ ). එවිට දුරකතනය මෙම අංකය නොමැතිව කිසි ලෙසකින් විවෘත කරගන්න බැහැ. එම නිසා මේ අංකය හොඳට මතක හිටින එකක් වෙන්න ඕන බව තේරෙනවා නේද!
3. Locate Phone :
මේ මගින් ගූගල් මැප්ස් මගින් සොරාගත් පුද්ගලයා ඉන්න ඉසව්ව හොයාගන්න පුලුවන්. ඒ සඳහා කලින් ලෙසටම#LOCATE#<රහස් අංකය> ලෙස කෙටි පනිවිඩයක් යැවිය යුතුයි. එවිට ඊට පිලිතුර වශයෙන් ඉන්න තැන සටහන් ගූගල් මැප් ලින්ක් එකක් දුරකතනයට එවයි. ඒ ඇසුරෙන්ද ඔබට අදාල පුද්ගලයා හොයාගන්නට පුලුවන්.
4. Remote Wipe :
දැන් බැරි වෙලාවත් ඉස්සර වෙලා කියපු එක ක්‍රමයකින් වත් වැදගත් යමක් මීට අදාලව කරගන්න බැරි වුනා නම් අවසාන වශයෙන් මෙය කරන්නටයි වෙන්නේ. මතක තබා ගන්න බොහෝවිට ඉහත ක්‍රම මගින් අවශ්‍ය තැනැත්තා ව සොයා ගන්න හැකි වෙනවා. මොකද මං මෙහෙම කියන්නේ මේ ක්‍රමය මගින් වන්නේ දුරකතනයේ සියලු රහස් තොරතුරු අන්සතු වීම වැලැක් වීමයි. මෙය කල යුත්තේ කලහැකි වෙන යමක් නැත්නම් විතරයි. සිද්ධ වෙන්නේ තොරතුරු මකා ඉවත් කිරීමයි. එයට කරන්න ඕනේ
#WIPE#<රහස් අංකය> ලෙස සටහන් කර කෙටි පනිවිඩයක් යැවීමයි. එතකොට ඔබගේ සියලු තොරතු මැකී යාවි.

ඔන්න එහෙමයි ස්මාර්ට් ෆෝන් හොර අතටම අහු කරන්නේ.
This is the supported Devices for using this App For,
  • S60 3rd Edition, 5th Edition & Symbian^3
  • Android 1.6, 2.0, 2.1, 2.2, 2.3
  • Samsung i550, i8510, Omnia HD
  • SonyEricsson Satio, Vivaz, Vivaz Pro
  • Windows Mobile 6.x Professional/Standard
නැත්නම් ඔබගේ දුරකතනය මෙහි තියෙනවා නම් ඔබට මෙම වැඩේ කරගන්න පුලුවන්
මෙන්න ලින්ක් එක..
(කරන්න තියෙන්නේ ඔයාගේ දුරකතනයේ මොඩලය ‍තෝරා ඊලඟ පි‍ටුවේ දැක්වෙන "download" මඟින් එය ලබාගැනීමයි)

δδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδδ
මං අදට යනවා තවත් දවසක මෙවන් නව මෘදුකාංගයකින් හමු වෙමු එහෙනම්.. ඔබට ජය..!
Sajith Harshana © 2011 · Sinhala
Source: 2011 August Wijaya Pariganaka

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්