මෙන්න.. වීඩියෝ බෑමේ නවතම කලාව..

සොයන්න

9.9.11


  මේක පරිගණක උදව වල මම පල කරපු එකක්.. මේකටත් දැම්මා හොඳයි ද බලන්න..

වීඩියෝ බලන ගමන බා ගමු.. ඕනෙම සයිට් එකකින්.. ඕනෙම වීඩියෝ එකක්.. නොමිලේ බා ගන්න..

හරී සෝක් නේ.. ඔයාල එහෙම කියයි.. ඔව්.. මේක ඒ තරමට වටින එකක්.. ගොඩක් වැඩ කරගන්න පුළුවන්..  ඔයාලට ඕනෙම සයිට් එකක තියන වීඩියෝ මේකෙන් ගන්න හැකි.. ඉතින් වැඩි කතා නැතුව වැඩේට බහිමු..


මේකේ තියරි පාට් එකත කිව්වොත් වටිනවා කියලා හිතුන.. ඒ කිව්වේ අපි අන්තර්ජාලයෙන් යමක බලනකොට ඔයාල දන්නවා ඒක ටෙම්ප් ෆයිල් එකක් විදිහට ඩවුන්ලෝඩ් වෙනවා කියලා.. ඉතින් ඒ ෆයිල් එක හරහා අපිට පුළුවනි අරාපි බලපු වීඩියෝ එක ලේසියෙන් මබා ගන්න.. අයෙ වද වෙන්න ඕනේ නැහැ.. 

එහෙම නම් මෙන්න මේක බාගන්න.. videocacheview.. හොඳයි මේකේ පෝටබල් එක ගත්ත නම්.. මොකද එතකොට ඔයාට පුළුවන් මේකෙන් වෙන පරිගනකයක වුනත් භාවිතා කරන්න..
http://www.nirsoft.net/utils/videocacheview.zip  මේ ලින්ක් එක කෙලින් ම ඩවුන්ලෝඩ් කර ගත්ත හැකි..

හරි.. දැන් මේක රන් කරන්න.. පලවෙනි පාර රන් කරන්න ටික වෙලාවක් යාවි.. ගණන ගන්න එපා.. මේකෙන් පුළුවන් ඔයාල ගේ ඉන්ටර්නෙට් හිස්ට්‍රි එක කියවල‍ ඒකෙ තියන ෆයිල් හොයල බා ගන්න.. හරි ලේසියි.. සමහර විට ඔයාල පුදුම වේවි.. අවුරුද්දකට කලින් විතර ඔයාල බලපු එකක් මෙතන තිබුනොත්.. 

රන් කරහම මෙහෙම ලැබෙයි..

හරි.. මේ පෙන්නන්නේ ඔයගෙ පරිගනකයේ මේ වෙනකොට තියන වීඩියෝ ෆයිල්.. එතකොට මේක ගන්න නම් රයිට් ක්ලික් කළා..  copy selected files to  ක්ලික් කලා... ඕනේ කරන තැන දුන්න.. වැඩේ ගොඩ..  එතකොට මේකේ ගොඩක් එන්නේ flv ෆයිල්.. ඕව ඉතින් vlc  වලින් සෝක් එකට බැලුව හැකි.. නැතිනම් කන්වර්ට් පාරක්  දා ගන්න..  හරිනේ... වටිනවා නම් ඉතින් පොඩි කොමෙන්ට් එකක් දෙන්න.. නැවත හමු වෙමු.. 

ප.ලි..
අනික..

 කියන්න අමතක වුනා.. මේක වැඩ නොකරන්න හේතු දෙකක් තියනවා.. එකක් තමා අපි ඉන්ටර්නෙට් හිස්ටරි එක මකුවොත් ඉතින් මේකෙන් මොනවත් ගන්න බැහැ.. අනික් කෙස් එක තමා.. වීඩියෝ එක සම්පුර්ණයෙන් බෆර් වුනා ම තමා ගන්න පුළුවන්... ඒත් ඉතින් අවුලක් නැහැ නේ.. මොකද සමහර වීඩියෝ බෆර් වෙනවට වඩා වෙලා යනවනේ බාගන්න.. මේක කරලම බලන්න.. වීඩියෝ එක බෆර් වුනාට පසු ඉන්ටර්නෙට් අවශ්‍ය නැත.. 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්