TuneUP Utilities 2011 භාවිතය සහ වැදගත්කම

සොයන්න

9.9.11


                                                   

ආයුබෝවන්.......

සුබ උදෑසනක්....ඔයාලා හැමෝටම, පරිගණක ලිපි හා රැදී සිටින ඔයාලට හැමදාමත් අලුත් දෙයක් දෙන්න බලාපොරොත්තු වෙනවා, මේ ඇරබෙන්නෙ, තවත් එවන් ලිපියක්.....අද අපි බලමු මේ TuneUP Utilities 2011 ගැන, සහ එය Download කරගන්න, විදිහත්.....එහෙනම් කතාව පටන්ගමු..........

අපි හැමෝම එදිනෙදා පරිගණකය භාවිතා කරන විට විවිධ ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිදුවනවා, එහෙත් මේවායින් බොහොමයක් ඇති වන්නේ අප පරිගණකයට ස්ථාපනය කරන විවිධ මෘදුකාංග හේතුවෙන් කියලා අය අමුතුවෙන් කියන්න ඔනේ නෑනේ, ඒක අපි කවුරුත් දන්න දෙයක්, ඉතින් පරිගණකයේ තිබෙන මෙවන් දෝෂ හදුනාගෙන එවා යතාත්වයට පත්කරගැනීමට සමත් මෘදුකාංග කිහිපයක් අපට තිබෙනවා, මේ අතරින් TuneUP Utilities මෘදුකාංගයට විශේෂ තැනක් හිමිවෙනවා......ඉතින් දැන් මෙහි අලුත්ම සංස්කරණය තමයි මේ TuneUP Utilities 2011 කියන්නෙ, අප බලමු මේ ගැන.....


TuneUP Utilities 2011 මගින් ඔබට නවතම විශේෂාන්ග කිහිපයක් ලාබාගැනීමේ හැකියාව තිබෙනවා, මේ ලිපිනේ මම ඔබට ඒ ගැන යමක් කියන්නයි මේ බලාපොරොත්තු වන්නේ, ඔයාලා දන්නවනේ TuneUP Utilities 2011 කියන්නෙ බොහෝ දෙනෙක් අනුමත කරන මෘදුකාංගයක් කියලා, හාඩ් ඩිස්ක් එක ෆ්‍රැග්මන්ට් වීම නිසා පරිගණකයේ වේගය අඩු වෙන්න පුළුවන්, ඒ වගේම වින්ඩෝස් රෙජිස්ට්‍රියෙහි ඇති දෝෂ නිසාද? විවිධ? දෝෂයන් දැකගන්න පුළුවන්, මේ නිසා පරිගණකයේ ක්‍රියාකාරිත්වයට අවුල් සිදුවෙනවා නොඅනුමානයි.

පළමුවෙන්ම, පහතින් මේ TuneUP Utilities 2011 මෘදුකාංගය Download කරගන්න.......


පරිගණකයේ හාඩ් ඩිස්ක් එකෙහි ඉඩ ප්‍රමාණය වැඩි වෙන තරමට වේගය අඩු වෙනවා, මෙම ප්‍රශ්න මගහැරගැනීමට TuneUP Utilities 2011 මෘදුකාංගයේ විශේෂ විකල්ප කිහිපයක් තිබෙනවා, Tweaking, Optimization ot System, Disk Space Retrieval, Fixing Registry Promlems සහ Cistomize Windows ලෙසට ඔප්ෂන් කිකිපයක් දකින්න පුළුවන්.........මෙම මෘදුකාංග ඉන්ස්ටෝල් කිරීමෙන් අනතුරුව Taskbar එකට මෙම TuneUP Utilities 2011 මෘදුකාංගයක් දැකගන්න පුළුවන්, එය විවෘත කරගත් විට ලැබෙන අතුරුමුහුණතයි මේ........

                                      

කලින් සදහන් කළ පරිදි මෙහි ඔප්ෂන් කිහිපයක් ලබාදී තිබෙනවා (Tweaking, Optimization ot System, Disk Space Retrieval, Fixing Registry Promlems සහ Cistomize Windows) මේවා අතරින් Status and Recommendations යන ටැබ් එක ක්ලික් කිරීමෙන් පරිගණකයේ ඇති දෝෂයන් මෙම TuneUP Utilities 2011 හරහා ස්වංක්‍රීයව නිවැරදි කරගැනීමේ හැකියාව තිබෙනවා........ඒ වගේම ඔබට අවශ්‍ය වෙලාවක මේ දෝෂ පරීක්ෂා කිරීමට One-Click maintenace යන විකල්පය භාවිතා කරන්නද? පුළුවන.

වින්ඩෝස් රෙජිස්ට්‍රියේ ඇති දෝෂ නිවැරදි කිරීමට, ඩ්‍රිෆැග්මන්ට් කිරීමට, දෝෂ සහිත සොට්කට්ස් ඉවත් කිරීමට පරිගණකය ක්‍රියාත්මක වෙන වේගය සහ සට්ඩවුන් වීමේ වේගය වැඩි කිරීමට Optimize System කොටස භාවිතා කල හැකියි....ඒ වගේම පරිගණකය ක්‍රියාත්මක අවස්ථාවේදී ස්වංක්‍රීයව ක්‍රියාත්මක වල මෘදුකාංග නතර කිරීමේ හැකියාවද තිබෙනවා......

බලමුකො එහෙනම් ඉතිරි ටිකත්, මේ මෘදුකාගය සතු තවත් වැචගත් විකල්පයක් තිබෙනවා ඒ තමයි TuneUp Programs On-Demand Technology ය. මෙය භාවිතා කර ඔබගේ පරිගණකයේ තිබෙන වැඩසටහන් ඔබට අවශ්‍ය අවස්ථාවක පමණක් ධාවනය වීමට ඉඩ සැල්ස්විය හැක....හේ නිසා නිකරුණේ අනවශ්‍ය මෘදුකාංග පරිගණකයේ තාවකාලික මතකයට ලොඩ් නොවීම නිසා පරිගණක මන්දගාමී වීමක් සිදුන්නේ නැත.

Gain Disk Space යන කොටසින් පරිගණකයේ හාඩ් ඩිස්ක් තුළ ඇති අනවශය ෆයිල් මොනවාද? සොයාබලා ඒවා ඉවත් කිරීමේ හැකියාව තිබෙනවා..... මේ ආකාරයට මෙම TuneUP Utilities 2011 සතු බොහෝ කාර්යයන් තිබෙනවා......ඔබත් භාවිතා කර වෙනස අත්විදින්න.....

ස්තූතියි!!!
ඔබට සුබ දවසක්.......

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්