මෙන්න ඔන් ලයින් ක්‍රමේට වෙබ් සයිට් පෙරන හැටි..

සොයන්න

9.9.11


යාලුවනේ.. එදා මම ලිව්වා නේ මැනුවල් ක්‍රමේට වෙබ් සයිට් පෙරීම ගැන .. ඉතිං ගොඩක් අය ඇහුවා මෙන්න මේ වගේ එකක්.. ඒ කිව්වේ වෙබ් සයිට් කීපයක් අර ඉතුරු සියල්ල පෙරන්න පුළුවන් ක්‍රමයක් තියනවද කියලා.. ඉතිං බොහොම අමාරුවෙන් හොයලා හොයලා.. හොයන්නාට සම්බවේ කිව්වත් වගේ ඇල් වතුරට උල් පිහියෙන් ඇන්න වගේ එකක් ලැබුන කියමුකෝ.. මේක මම සම්පුර්ණයෙන් චෙක් කළා.. දශමෙට වැඩ. නම තමා k9webprotection  මේක නොමිලේ බා ගන්න පුළුවන්.. හැබැයි ටිකක් අමාරුයි.. ඒ කිව්වේ බා ගන්න කලින් ම ඔන්ලයින් රෙජිස්ටර් කරන්න ඕනේ.. එතකොට ඔයාට ඊමේල් කරනවා අංකයක්.. ඒක දීල තමා ඉන්ස්ටෝල් කර ගන්න පුළුවන්.. හැබැයි මේක ඉතා ආරක්ෂිතයි.. මොකද මේකට ඇතුළු වෙන්නත් පාස් වර්ඩ එකක් දාන්න ඕනේ.. ඒක අමතක උනොත් නම් ඉවර ම තමා.. ඒක නැතිව මෙයාව uninstall  කරන්න හෝ සෙටින්ස් වෙනස් කරන්න බැහැ..  හරි.. දැන් වැඩ පටන් ගමු නේ.. මුලින්ම මෙන්න මේකට ගිහිල්ලා බා ගන්න.. මතක ඇතුව රෙජිස්ටර් වෙන්න.. නැත්නම් ඕක ඉන්ස්ටෝල් කරන්න බැහැ.. මගදී අර කෝඩ් ඒක ඉල්ලනවා..

ඔන්න ලින්ක් එක දැම්මා.. හරි.. මේක බාගෙන දා ගන්න.. මේක රන් කරහම ඕපන් වෙන්නේ වෙබ් පෙග් එකක් හැටියට මයි.. එතකොට හරියට රවුටර් එකක් සෙටප් කරනවා වගේ මෙයවසේටප් කරන්න පුළුවන්.. මේකේ වෙබ් සයිට් තියෙන්නේවර්ග කරලා.. ඒ කිව්වේ ක්‍රීඩා අධ්‍යාපන.. විනෝදාත්මක වැඩිහිටි වගේ.. එතකොට අනවශ්‍ය වෙබ් කාණ්ඩය ම එකපාර බ්ලොක් කර හැකි.. එතකොට ඔයා එක කණ්ඩයක් වත් නැති.. ඒ කිව්වේ ස්ටෑන්ඩඩ් එකක් නැති සයිට් සේරම වුනත් අයින් කලා හැකි.. ඊට පස්සේ කරන්න තියෙන්නේ මේකේ තියන allow list  එකෙන් අවශය සයිට් ටික විතරක් allow කර ගන්න එක තමා.. කරලා බලන්නකෝ.. අනික.. හිතන්න එපා මේකෙන් නම් රිංගන්න.. මමත් බැලුව.. අඩුම ගානේ රෙජිස්ට්රි වෙනස් කරලවත් බැරි වේවි.. මම එක වැඩක් නම් කලේ නැහැ..පෝටබල් බ්‍රව්සර් එකකින් බැලුවේ නැහැ.. ඒත් මම හිතන්නේ නැහැ.. 

එහෙනම් ඉතිං.. අපි ගියා.. මේ ක්රමෙටත් පෙරලා බලලා හොඳ විදිහක් කරන එකයි ඕං..
ඕං අපි ගියෝ... ආයෙත් එන්නම් වෙලාවක මොකක් හරි ගිනි ගෙඩියක් අරගෙන..(මේවා එල කිරි වැඩ.. විහිළුවට කිව්වේ ගිනි ගෙඩි කියලා හොඳේ.. නැත්තම් කට්ටිය බය වෙයි..)

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්