Facebook Ten Commandments - ෆේස්බුක් දසපණත!

සොයන්න

9.9.11


සියලුම හිමිකම් ඇවිරිණි - කසුන් වීරසිංහ

1. ඔබේ අතිශය පුද්ගලික හෝ සාමාන්‍ය ‘සියලුම සත්‍ය තොරතුරැ’ ප්‍රොෆයිල් එකේ දමන්න එපා!

උදාහරණ විදියට කිව්වොත් නිවසේ ලිපිනය, නිවසේ හෝ ජංගම හෝ කාර්යාල දුරකතන අංක වගේ දේවල්.., ෆෙස්බුක් ඊමේල් ලිපිනය වගේ ඒවා හරහා ඔබ තනිව නිවසේ සිටින මොහොතක, ගිණුමට ලොග් නොවී සිටින විට කිනම් හෝ අපරාධයකට ගොදුරැ විය හැකිය.. ෆෙස්බුක් වදුරාට දැළිපිහිය හසුවුණාමෙන් භාවිත කරන්න එපා...!
දැන් අද ආයෙත් තමුන්ගේ ප්‍රොෆයිල් එකට ගිහින් මේ දේවල් තියෙද නැද්ද බලන්න..හරියට පේන්නෙ නැත්තම් වෙන අයෙකුගෙ ගිණුමින් හෝ Fake Profile එකක් හදාගෙන බලන්න... එහෙම නැතුව හිටපු පෙම්වතා/පෙම්වතියට පේන්න කියල, ඇයට/ඔහුට ඔබට ආයෙත් මතක්වෙලා අමතාවි කියල විවිධ දේ Publish කරන්න එපා!


2. ඔබ, ‍ඔබේ පවුලේ අය හා හිතමිතුරන්ගේ ඡායාරෑප ආදිය දමන්නට පෙර දෙවරක් සිතන්න.....

මේක කරනන් කලියෙන් ඔබේ Privecy Settings උපරිමයට සකසා තිබේ දැයි බල්න්න..අදත් ගිහින් බලන්න Account Settings වලට පහළින් තියෙන එකට ගිහින්, ඔබ නිවි සැනසිල්ලෙ අදාළ වෙනස්කම් කරන්න.. පෙන්නන්න, කමෙන්ට් දානන් දෙන්න ඕනි මොනවද/කාටද කියල.. මොකද මෙහි පළ කරන දෑ ඔබේ අවසරයකින් තොරව වෙළෙද අරමුණකට හෝ ඔබව අපහසුතාවයකට පත්කිරීමට යොදාගන්න පුලුවන් නිසා..!
වතාවක් අමෙරිකානු තරැණයෙකුට කලන්තෙ හැදුනලු Play Boy සගරාව බලද්දි...ඊට හේතුව මිනිහා තමුන්ගෙ පෙමිවතියගේ Modelling පින්තූර වගයක් ෆේස් බුක් එකට දාලා..ඒවා වෙනත් අයෙක් Photoshop හරහා සකසල නිරැවත් පින්තූර විදියට ප්‍රකාශයට පත් කරල!

3.  කිසිදාක හිතන්න එපා ඔබේ ෆෙස්බුක් පිටුව ඔබට  හා හිතවතුන්ට ‘පමණක්’ පේනවා කියල....

සම්මුඛ පරීක්ෂණ, නීති විමර්ශන හෝ අපරාධ විමර්ශන, පොලිස් හා ජාතික ආරක්ෂක අරමුණු උදෙසා අද ෆෙස්බුක් නිරන්තරයෙන් නිරීක්ෂණයට ලක්කරනවා.. ලංකාවේ පුද්ගලික ඊමේලි ගිණුම් පවා නිරීක්ෂණයට ලක්කරන තත්ත්වයක් තියෙන්නෙ.. 
ඔබ සම්මුඛ පරීක්ෂනයකට ඉල්ලුම් කරාම එයාල බලනව ඔබ කොහොම කෙනෙක්ද කියල ෆේස්බුක්වල ඉන්නවා නම්..පොලිසිය අපරාධකරැවන් අල්ලගන්නටත්, රජය දේශපාලන විරැද්ධවාදීන් දඩයම් කරන්නටත් සුලබව මෙය භාවිත කරනව.
සමහරැ  නිම නොවූ නඩු විභාග ගැන අනාවැකි, සාක්ෂි පළකරනව නොසිතාම..එය හරි අන්තරාදායකයි..
උදා - ලංකාවේ පවතින සුදුකොඩි නඩුවට අදාල ආරක්ෂක ප්‍රධානීන් නොකිවූ වා යැයි කියූ ප්‍රකාශ  කියූ බව සනාථ වන වීඩියො විවිධ අය පළ කිරීම
ඔබව පොඩි Google Search එකකින් අල්ලගන්න එක සිම්පල්!

4. සියලුම ආකාරයේ Friend Request අනුමත කරන්න එපා....!!

ඇත්තටම ෆේස්බුක් වල අරමුණ මිතුරැ සබදතා  හරහා සමාජ ජාල විදියට පුළුල් වීම.. නමුත් එන ‘සියලුම’ මිතුරන් Accept කිරීම සුදුසු නැහැ.. ආර්ක්ෂක අංශ නිරන්තරයෙන් විමර්ශන කටයුතු සදහා ෆේක් එකවුන්ට් හදාගෙන එනවා. ඇවිත් ඔබේ විස්තර, ඡායාරෑප, හිතමිතුරන්, කළ කී දෑ ආදිය බලනවා.. ලස්සන යුවතියක් විදියට ඉන්න සැගවුණු නිලධාරියෙකුට ඔබ අසැබි යෝජනා කරල අමාරැවෙ වැටෙන්න ඉඩ තියෙනවා වගේම නමත් කැත වෙනවා..
අඩුම ගාණෙ යාලුවෙක් විදියට Request එකක් එවන කෙනෙක්ගෙ Mutual Friends ල වගේම Profile එකත් හොදට බලන්න..ඔබ දන්න අය යාලුවො විදියට ඉන්නව නම් එයාලගෙන් අහල බලලම හොද අයෙකු නම් එකතු කර ගන්න..

5. නි‍ෙවස සැම විටම පිරිසිදුවට තබා ගන්න..
මම වගේම ඔබත්  නිතර කරන දෙයක් තමයි පළකරන දේවල් කිසිදු වගකීමකින් තොරව පළ කරන එකෟ  අපි දාන
දේ පිරිසිදු මෙන්ම වෘත්තීමය ගතියකින් තිබිය යුතුයි.. වීඩියෝ එකක් දැම්මොත් ඒකෙ වෙළෙද නාම පුවරු, නිවසේ
අපිළිවෙල තැන්, යමෙකුගෙ පුද්ගලිකත්වයට හානිවන    පසුබිම් දර්ශන නොදැමිය යුතුය. එමගින් ඔබේ ප‍්‍රතිරූපයට
හානි පැමිණෙයි.. ඒ වගේම ‘ජඩ වැඩ‘ පෙබ්ලිෂ් කරන්න එපා.. අන්තවාදී, උග‍්‍ර ආගමික-ජාතිවාදී දෑ මෙන්ම පටු
දේශපාලන අරමුණු උදෙසා ඔබේ ප‍්‍රකාශන භාවිත නොකරන්න. 

6. සෑම විටෙකදීම ඔබ පළ කළේ කුමක්දැයි නැවතත් වෝල් එකට ගොස් බලන්න.
ඔබ දාන දේ, ටැග් කරන දේ ඔබේ පමණක් නොව හිතවතුන්ගේද, ඔවුන්ගේ හිතවතුන්ගේත්  ප්‍රොෆයිල් වල
ස්ථාවර වෙනවා. ඔබ වීරකමක් විදියට දාන දේවල් වලට මුලු ලෝකයක්ම හිනාවෙනව ඇති.

7. ඔබේ ගිණුම විවෘත විට පරිගණකය ඔන් කර දමා යන්න එපා.
මේක හරියට ඔබේ මුදල් පසුම්බිය හරි ජංගම දුරකතනය හරි කැන්ටිමේ දාල ගියා වගේ.. ඉන් ඔබව විනාස
වෙන්නත් පුලුවන්. මොකද කාර්යාලයෝ අදාල තැන ඉන්න මානසික රෝගියෙකුට (අපිට වුණා වගේ) මේක
අහුවුණොත්?  

8. කැෆේ වලින්,පොදු තැන් වලින් ෆෙස්බුක් යන්නෙ බලාගෙනයි....
අපි නිතර කැෆේ යනවා ඉන්ටනෙට් ගෙදර නැතිනම්, එක්කො යාලුවන්ගෙන්, නැතිනම් පොදු ස්ථාන වලින්.
නැතිකමට ගියා වගේ නෙවෙයි..  ඒ පරිගණක වල ඔබේ Password සේව් කරල නම් යනන් එපා! ඊලගට
Keylogger දාලා තියෙනවා සමහරැ ඔබේ තොරතුරැ උස්සන්න..ගැහැනු ළමයෙක් නම් මේ ගැන දෙවරක්
හිතන්න..  ඔබේ අනන්‍යතාව හෙළි නොවෙන තරමට ඇගට ගුණයි..

9. තියෙන ඔක්කොම කුණුගොඩවල් Facebook  වල පළකරන්න එපා!
ඔබට, අද නාපු එකයි, වැසිකිළියේ සනීපෙට ශරීර කෘත්‍ය කළ හැටි... අප්‍රසන්න පින්තූර, මට දැන් ‘ගුද වාතයක්
ගියා‘ ආදි කමකට නැති දේවල් මෙන්ම  අද මගේ වෛද්‍ය පරීක්ෂණය 10ට අහවල් රෝහලේදි කියල වගේ දේවල්
දාන්න එපා..හතුරෙක් ඉන්නව ඔබව ලෙහෙසියෙන් වට්ටන්න පුලුවන් තැනක්..ගෙදර ඉන්නෙ ඔබ විතර නම් හොරැ
වුණත් පනින්න බැරි නැහැ ඔබ නැති බව දන්න නිසා. අනික ඔනෑවට වඩා විස්තර මෙහි පළ කරන එකම
අන්තරාදායකයි..

10.  නිරන්තරයෙන් Firewall, Auto Updates, Anti-Virus Software යවත්කල් කරන්න..
අපි වින්ඩෝස් දාපු ගමන් කරන්නෙ ෆයර්වෝල් හා ඔටෝමැටික් අප්ඩේට් ඕෆ් කරන එක!!  දැන් පුතිවෛරස
මෘදුකාංග වල මිල බොහොම අඩුයි. ඒවටත් නොමිලේ දෙන ඒවා පාවිච්චි කරනව.  හැම විටම Service Pack  දාලා
සිස්ටම් එක අප්ඩේට් කරල තියා ගන්න..රවුටරයක් නම් ෆයර්වෝල් සෙටින්ග්ස් දන්නා කෙනෙකුගෙන් අසාගෙන
හදාගන්න.. හැමෝම කරන්නෙ චෛරස්ගාඩ් එක දාලා බලං ඉන්න එක!! ඒකෙ කිසිදු සැකසුමක් නිවැරදිව
Customize කරල හදන්නෙ නැහැ..ඊට පස්සෙ පලු යන්න ගාඩ් එකට බණිනවා..
අනෙක් කාරණාව නොදන්නා ඇප්ලිකේෂන්,  සැකකටයුතු ලින්ක් ඔහේ එනවාට ක්ලික් කරල දානවා
කිසි හෙවිල්ලක් බැලිල්ලක් නැහැ..ඊට පස්සෙ බෙරිහන් දෙනවා හැක්වුණා කියල.. Spam වලින් පරිස්සම් වන්න..
නොදන්න ඇප්ලිකේෂන්, Sex Content Link, නොදැනුවත්වම ක්ලික් වුණාම ඔබ අහුවෙලා ඉවරයි..
පරිස්සමින්..අලුත් Anti-Virus මෘදුකාංගවල සැකකටයුතු ලින්ක්, Anti-Phishing වගේ ගොඩක් පහසුකම්
තියෙනවා..ඒවා Enble කරගන්න..

ඔබට ජය...!
පරිගණක උදව් වෙත මනෝරම වීරසිංහ

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්