සොයන්න

14.12.11

වින්ඩොස් 7 නත්තලට හැඩකාර වෙස් මුහුණක් අන්දමු

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

ඔන්න මාත් ගෙනවා පොඩි බඩුවක් මම කියන්න යන්නෙ සමහර විට ගොඩාක් අය දන්න දෙයක් වගේම නොදන්න අයට වැදගත් වෙයි  කියලයි මම මේ කියන්න යන්නෙ මොකුත් නෙවෙයි ඉතිං නේද අපි ගොඩාක් යාළුවන්ගෙ වින්ඩොස් සෙවන් තියෙන පරිගණක නිසා මගෙ ලිපිය වින්ඩොස් සෙවන් සදහා විශේෂ වේවි නොදන්න අයට එහෙනම් කතාව වැදගත් නැහැනි නේද මේකයි කියන්නෙ අපි ආසයි අළුතින් එන හැම කුණු ගොඩක්ම මල්ලට දාල බලන්න නේද එහෙනම් ඉතිං ඔයාලත් දාල බලන්නකො සාර්ථකද කියලා හොදේ මොනාද නේද අපි මෙහෙම කරමු ජනෙල් 7 කිවම හරි නේද වින්ඩොස් සෙවන් අමු හිග්ගලනි ආ.. ම්ම් එහෙනමි මේකයි ජනෙල් 7 සදහා මම ගෙනාවා වෙස් මුහුණු (skin pack ) ගොඩාක් මෙන්න 32 බිටි වලටයි 64 බිටි වලටයි වෙන වෙනම තියෙනවා හොදේ.

ළග එන නත්තලනි අපි නත්තලට අපේ පරිගණකයටත් නත්තල් වෙන්න එපැයි නේද බලන්නකො හොදද කියල

මෙතනින් බාගන්න
Christmas Skin Pack 1.0-X86
Christmas Skin Pack 1.0-X64

ජනෙල් 7 තිබුණට ඇවිත් නැති ජනෙල් 8 වෙස් මුහුණ මෙන්න  skin pack windows 8

මෙතනින් බාගන්න
8 Skin Pack 8.0-X86 

8 Skin Pack 8.0-X64

බලන්න මේකත් කැත නැහැ නේද Lion Skin Pack බඩුම තමයි නේද එහෙනම් හොදද කියන්නකො
 
මෙතනින් බාගන්න
Lion Skin Pack 12-X86

Lion Skin Pack 11-X64 
http://fc08.deviantart.net/fs70/f/2011/289/a/a/lion_skin_pack_11_x64_4sj_by_hameddanger-d4dr66.zip 
මේතමයි උන්බුටු කැමතියි නේද ආ.. 
  
මෙතනින් බාගන්න
Ubuntu Skin Pack 7.0-X86

Ubuntu Skin Pack 7.0-X64
මේකටත් ගොඩාක් අය කැමතියි නේද අරන් බලන්නකෝ

මෙතනින් බාගන්න
RocketDock For Lion Skin Pack
මේකනමි නියමයි මමත් දාල තියෙන්නෙ හොදේ අදකාලෙට ගැලපෙන පෝන් එකක් තියාගෙන ඉන්න ඔයාට පෝන් එක වගේම පරිගණකයත් Android පෙනුමක් දිල බලන්න කොහෙමද කියල

මෙතනින් බාගන්න
Android Skin Pack 2.0-X86
ndroid Skin Pack 2.0-X64
මේකත් නරකම නැහැ උත්සාහ කරන්නකෝ පහරම තමයි
  
මෙතනින් බාගන්න
Gnome Skin Pack 1.0-X86
Gnome Skin Pack 1.0-X64
ගොඩාක් යාළුවොන්ගෙ කටේ තියෙන්නෙම angry bird බලන්නකො පුරැදු පෙනුම දිල තරහ වෙයිද කියලා
 

මෙතනින් බාගන්න
Angry Birds Skin Pack 1.0-X86
Angry Birds Skin Pack 1.0-X64

බලාගෙන යනකොට එපා වෙනවා නේද තව එකනි ආ.. මරැම තමයි ඒකත් Iphone ගන්න කොහෙද අපිට නේද ඒකනි කියන්නෙ පරිගණකයවත් පොඩි වැඩ පාරක් දාල ඒ වගේ කරගන්නකො මොකෝ වෙන්නෙ නේද

මෙතනින් බාගන්න
iOS Skin Pack 1.0-X86

iOS Skin Pack 1.0-X64
මං හිතනවා ගොඩාක් විස්තර කරන්න ඕනි නැනි හැමෝම දන්නවනි නේද එහෙනම් මං ගියා හොදනම් හොදයි කියන්න හොදේ .
අමාරැවෙන් ගොතා ගත්තෙ මේ ටික මෝකෝ හැමදාම මෙතනට එන නිසා තරගයක් තියේනම් දිනුම පැරදුමට වඩා සහභාගිත්වය වටින නිසාවෙන්ම මාද තරග කරැවෙක් වෙමි......
ස්තුතියි.
ජනක වසන්ත



නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙදට්ටම ගෙන්න ගන්න

3 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

ඔන්න මම අද ඔයාලට නොමිලේ මවුස් පෑඩ් එකක් ගෙදට්ටම ගෙන්න ගන්න සිස්ටම් එකක් කියන්නයි යන්නෙ.. මවුස් පෑඩ් ඕන්නැති වුනත් නිකන් දෙන නිසා ගනිල්ලා...


1) මුලින්ම www.tomtop.com එකේ Sign Up වෙන්න අලුතින් අකවුන්ට් එකක් හදලා.

2) Sign Up form එකේ Personal Information කියන තැන යටින් Sign Up for Newsletter එක check කරන්න. එහෙම කරහම තව Point 20ක් එකතු වෙනවා.
(Form එකේ Screenshot එකක් - http://i53.tinypic.com/2hibf9t.jpg)

Sign Up වුන් ගමන්ම ඔයාල හදපු අකවුන්ට් එකට Point 50ක් එකතු වෙනවා (මේ සයිට් එකෙන් PayPal or Credit Card වලින් විතරක් නෙවේ මේ එකතු වෙන Point වලිනුත් බඩු ගන්න පුලුවන්)

3) අකවුන්ට් එක Confirm (Confirmation Email එන්නේ නැහැ ) කරල ඔක්කොම හරි ගියහම මේ ලින්ක් එකට ගිහින් ඒකෙ තියන මවුස් පෑඩ් එක Add to Cart කරන්න.

4) දැන් Cart එක තියන පේජ් එකට ගියහම එතන TomTop Points කියන තැනක් 70 ටයිප් කරල Apply Points කරන්න.

5)දැන් Proceed to Checkout කියන එකට ගිහින් ඔයාලගෙ ගෙදර ඇඩ්‍රස් එක Billing Address එකටයි Shipping Address එකටයි දෙකටම දාන්න.

දැන් හරි.. මවුස් පෑඩ් එක සති දෙකක් තුනක් විතර යද්දි ගෙදට්ටම එයි...

මේකෙ Points වැඩි කරගන්න ඕන්නම් උයාලගෙ යාලුවන්ට මේ සයිට් එකේ රෙජිස්ටර් වෙන්න Refer කරන්න. Refer කරන ඊ-මේල් එකෙන් රෙජිස්ටර් වුන ගමන්ම Point 30ක් එකතු වෙනවා...


Dinuka Bandara

chrome වලදි *** වල රහස බලන්නෙ මෙහෙමයි...

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

ඔන්න තරගෙට මගෙනුත් ඩොක් එකක්....ලියනව......මෙකයි සිද්දිය,,

ගොඩාක් වෙලාවට අපිට මෙ **** වලින් පෙන්නන පාස්වර්ඩ් බලාගන්න,මාර ගෙමක් දෙන්න ඔනෙ! ජාව ස්ක්රිප්ට් නම් තියනවා මෙ වැඩෙට! නමුත් එච්චර දිග කොඩ් එකක් හදිස්සියකට මතක් වෙන්නෙ නැ නෙ? මතක තියාගන්නත් අමාරුයිනෙ?එකට විසදුමක් මට අද හම්බුනා...මෙකයි සින් එක!මෙක එක පාරක් කරපුවහම වැඩෙ මතක හිටිනවා......විනාඩියෙන් කරන්නත් පුලුවන්.නොනෙම පි-සි එකක (chrome තියෙන) කරගන්නත් පුලුවන්.....සැකත් නැ....ඔනෙම පාස්වොර්ඩ් එකකට කරන්නත් පුලුවන්!(facebook,gmail,ymail,ect...) මෙන්න මෙහෙමයි වැඩෙ කරන්නනෙ.....මෙක පොඩි ට්‍රික් එකක්!!

පියවර 1-මුලින්ම, බලාගන්න ඔනෙ පාස්වර්ඩ් එක හයිලයිට් කරලා රයිට් ක්ලික් කරලා inspect elernents click කරන්න....
පියවර 2- ඉට පස්සෙ පහලින් එන කොටසෙ password කියන ලයින් එක හොයාගන්න....
පියවර 3-එ ලයින් එකෙ තියෙන, "password" කියන එක "text" කියන විදියට වෙනස් කරන්න...ඉට පස්සෙ
              enter කරන්න..
   වෙනස් කිරිමට පෙර,  <input type="password" name="passwd" id="passwd">
     වෙනස් කල පසු,  <input type="text" name="passwd" id="passwd">
පියවර 4-දැන් වැඩෙ හරි....බලන්න පාස්වර්ඩ් එක ටයිප් කරන තැන නොමල් විදියට පෙන්නල තියෙයි......
පියවර 5- වැඩෙ කරලා ඉවර වෙලා page එක refresh කරන්න.....නැතකොට කලින් විඩියට තරු,තරු වැටෙයි....
එහෙනම් වැඩෙ හරි නෙ? අපි ගියා..... ලයික් එකක් කමෙන්ට් එකක් දාල යන්න!මට එච්චරයි ඉතුරු......
අපි ගියා.....
මම Pruthuvi Thushan.


Avast 2025

2 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

                  Avast intrenet security 2025 වෙනකම්  බය නෙතුව  internet යන්න 

                                            මුල සිට අගටම කියවන්න 

හරි මේක හෙමොටම වැදගත් එකක් නේ ....මොනා කරන්නත් virus වලින් අපි බේරිලා ඉන්න ඒපැයි  නේද ??
මේක 70%ක් ම  මට sure මේකෙන් pc එක slow වෙන්නෙත් නැ හොද ආරක්ශාවක්  තියනවා මමත්  මේක තමයි use කරන්නේ 

හරි මන් වැඩේ මුල එදලම පිලිවලට කියන්නම්කො   මුලින්ම මේ  ලින්ක්ට  ගිහින්  Avast free  download කරගන්න


හරිනේ  දැන් මන්  කියන විදිහට  පොඩි step ටික කරන්න වැඩේ ගොඩ 
  1. setup ඩබල්  click කරන්න 
  2. participate කියන තැන තියන tick එක අඉන් කරන්න 
  3. tiral විදිහට install කරන්න
                      දැන් තමා හොදම හරිය.  ඉස්සල්ලා නැවත්තපුතැන  ඉදලා
  1. Reastart කරන්න කියල msg අවා නේ හරි එක ඔහොම්මම තියන්න 
  2. දැන් Avast එක open කරන්න 
  3. එකේ  උඩ තියනවා settings කියලා seclet කරන්න 
  4. දැන් trobleshooting වලට යන්න 
  5. enable self defence කියන තැන තියන tick එක අයින් කරන්න 
  6. ok කරන්න 
  7. දැන් අර අපු restart mgs එකෙන් reastart  කරන්න 
  8. pc එක boot වෙද්දීම F8 ඔබන්න 
  9. safe mode යන්න administator වල 
  10. දැන් මේ පහල තියන file එක download කර   c/progrme file/avast/එක ඇතුලෙ  files ගොඩේ  අර file එක save කරන්න 
  11. දැන්  Reastart
මේ අර  file එක download කරන්න 

දැන් හරි ...
Avast එක  open කරලා internet connect කරලා  බය නැතුව online එකෙන්ම Active කරගන්න ....වැඩේ හරිනේ ........
කොන්දේසියක් තියනවා  update කරාට කමක් නැ හැබැයි  proggrame එක update කරන්න  එපා  එතකොට crack එක අහුවෙනවා 

කොම්පුටර් එපාාාාා වෙලාද?

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

කොම්පුටර් එපා වෙන වෙලාවලුත් තියෙනවනේ, ස්ලෝ වෙනවා, ස්ටක් වෙනවා, ඕන වෙලාවට වැඩක් කරගන්න නෑ, ඉතින් මේ තියෙන්නේ ඒ

වගේ කරදර වලින් ටිකක් හරි මිදිලා ඉන්න පොඩි ටිප්ස් ටිකක් අත්හදා බලලම හොදද නරකද කියන්න. මේ ගොඩක් දේවල් වැදගත් වෙන්නේ වින්ඩෝස්
පාවිච්චි කරන අයට තමයි හැබැයි ලිනක්ස් හරි මැක් හරි පාවිච්චි කරන අයටත් වැදගත් දේවල් තියෙනවා. ඒ හින්දා කියවලාම බලන්න.

  • වින්ඩෝස් දාන්නේ හොර කොපියකින් නම් ඉන්ස්ටෝල් කරන්න කලින් වයිරස් නෑ කියලා විශ්වාස කොම්පුටර් එකකින් සීඩී එක ස්කෑන් කරන් ඉන්න. මට හම්බ වුන ගොඩක් වින්ඩෝස් සීඩි වල වයිරස් තිබිල තියෙනවා.
  • වින්ඩෝස් දාපු ගමන් අප්ඩේට් ටික දාලා ඊළඟට වයිරස් ගාඩ් එක දාන්න. මේ පිළිවෙල වෙනස් වුනොත් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. දාලා තියෙන වයිරස් ගාඩ් එක කොච්චර හොද එකක් වුනත් ඒ වයිරස් ගාඩ් එකට බෑ වින්ඩෝස් වල තියෙන අවුල් ඇතුලෙන් වයිරස් රිංගලා එන එක නතර කරන්න. ඒක නවත්තන්න තියෙන හොදම ක්‍රමය තමයි වින්ඩෝස් හැම වෙලේම අප්ඩේට් කරල තියෙන එක.
  • Operating system එක හැම වෙලාවෙම Update එකේ තියාගන්න. හැබැයි ඔන්ලයින් අප්ඩේට් කරන්න එපා. අප්ඩේට් එක බාගෙන අප්ඩේට් කරලා ඒ සෙටප් එක තියාගන්න අයෙත් වින්ඩෝස් දාන්න ඕන වුනොත් ඒ අප්ඩේට් එක බාන්න වෙන් නෑ. හැබැයි හාඩ් එකේ තියාගන්න එපා මොකද වයිරස් එකක් ආවොත් මේ අප්ඩේට් එක ඇතුලටත් රිංගන්න පුළුවන්. හොදම වැඩේ ඩීවීඩී එකක් අරන් මල්ටි සෙෂන් විදිහට අප්ඩේට් ටික ඒකට රයිට් කරලා පරිස්සම් තැනක අරන් තියන එක.
  • අපි ඉන්ටර්නෙට් යන්න Internet Explorer පාවිච්චි නොකලත් හැම වෙලේම අප්ඩේට් එකේ තියාගන්න. අපි දැනුවත්ව පාවිච්චි නොකලත් අපේ කම්පුටර් එකේ තියෙන ගොඩක් සො‍ෆ්ට්වෙයාර් මේක පාවිච්චි කරනවා. බලන්න සමහර සොෆ්ට්වෙයාර් දාන්න Internet Explorer මේ වර්ෂන් එකට වඩා ඉහල එකක් තියෙන්න ඕන කියලා දාලා තියෙන්නේ ඒ නිසයි.
  • වින්ඩෝස් ඉන්ස්ටොල් කරලා වයිරස් ගාඩ් එකත් දාලා ඉවර වුන ගමන් රීස්ටෝ පොයින්ට් එකක් හදලා තියාගන්න. පස්සේ දවසක කොම්පුටර් එකේ ලෙඩක් ආවොත් මේ පොයින්ට් එක රීස්ටෝ කරලා ඒ ලෙඩෙන් ලේසියෙන්ම ගැලවෙන්න පුළුවන්.
  • වයිරස් ගාඩ් එකක් දැම්මට විතරක් වැඩක් නෑ පුළුවන් හැම වෙලාවෙම ඒක අප්ඩේට් කරන්න. ඉන්ටර්නෙට් තියෙන අය ඔටෝ අප්ඩේට් වෙන්න දාලා තියන්න.
  • වයිරස් ගාඩ් එකේ තියෙන අනවශ්‍ය ෂීල්ඩ් අක්‍රීය කරලා දාන්න. මේකෙන් ලොකු වේගයක් ඉතුරු කරගන්න පුළුවන්. උදාහරණයකට Mail Shield, Im Shield වගේ දේවල් ගන්න පුළුවන්. හැබැයි මේ ෂීල්ඩ් වලින් ආරක්ෂා කරනා දේවල් පාවිච්චි කරනවා නම් අක්‍රීය කිරීම නොකළ යුත් දෙයක්. උදාහරණයක් විදිහට ඔයා මේල් බලන්නේ අවුට්ලුක් වලින් නම් මේල් ෂීල්ඩ් එක අක්‍රීය කරන්න හොද නෑ.
  • වින්ඩෝස් වල අපිට අනවශ්‍ය ගොඩක් සර්විසස් රන් වෙනවා මේ අනවශ්‍ය සර්විසස් නවත්තලා දාන්න. මේකෙනුත් ලොකු වේගයක් ඉතුරු කරගන්න
  • පුළුවන්. මේ ලින්ක් එකට ගිහින් ඒ වගේ සර්විස් කීපයක් බලාගන්න පුලූවන්. http://goo.gl/QXUoI
  • ඇප්ලිකේෂන් සොෆ්ට්වෙයාර් අත්‍යාවශ්‍යම ටික විතරක් දාගන්න. දාන හැම සොෆ්ට්වෙයාර් එකකටම කොම්පුර් එකේ ස්පීඩ් එක, හාඩ් කැපෑසිටිය අඩු වෙන අතරම වයිරස් එන්න තියෙන හැකියාවත් වැඩි වෙන බව මතක තියාගන්න.
  • ජාවා වලින් හදපු සොෆ්ට්වෙයාර් පාවිච්චි කරන් නැත්නම් JRE දාගෙන තියාගන්න එපා. මේක වයිරස් වල ලොකු ඉලක්කයක්
  • අපි නිතරම පාවිච්චි කරන් නැති සොෆ්ට්වෙයාර් කොම්පුටර් එකට ඉන්ස්ටෝල් කරගන්නවා වෙනුවට ඒ දේම කරගන්න පුළුවන් ඔන්ලයින් සේවාවක්
  • පාවිච්චි කරන්න. පහල තියෙන්නේ ජනප්‍රියම මෘදුකාංග දෙකක් වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් ඔන්ලයින් සර්විස් දෙකක්.
    Photoshop - http://pixlr.com/editor/
  • කිසිම වෙලාවක සයිට් දෙකක රෙජිස්ටර් වෙන්න එකම පාස්වර්ඩ් එකක් පාවිච්චි කරන්න එපා. ඒ වගේම නමක් ගමක් අංකයක් වගේ දෙයක් පාස්වර්ඩ් එකට නොදා අහඹු අංක අකුරු වගේ දෙයක එකතුවක් පාස්වර්ඩ් විදිහට පාවිච්චි කරන්න. උදා- "iHI0AiEo3w" වේ වගේ දෙයක් ක්‍රැක් කරන්න ගොඩක් අමාරුයි.
  • ඒත් හැම සයිට් එකටම වෙන වෙන පාස්වර්ඩ් දාපුවාම මතක තියාගන්න එකත් ආමරු වැඩක්නේ ඒ හින්දා මේ සෝෆ්ට්වෙයාර් එක පාවිච්චි කරන්න. එතකොට ඔයාට මතක තියාගන්න ඕන එක මාස්ටර් පාස්වර්ඩ් එකක් විතරයි. මම දැනට පාවිච්චි කරලා තියෙන හොදම පාස්වර්ඩ් මැනේජර් එක මේක.
    https://lastpass.com/
  • කොම්පුටර් එක ගැන කොච්චර විස්වාස වුනත් අත්‍යවශ්‍ය ෆයිල් ඔන්ලයින් බැකප් කරලා තියාගන්න. සීඩී, හාඩ් ඩිස්ක් වගේ දේවල් ගින්දරකින්, ජල ගැල්මකින්, සුනාමියකින් විනාස වෙන්න පුළුවන්. ඒත් අපි මේ වගේ සේවාවක් පාවිච්චි කළොත් අපේ දත්ත වලට ලොකු ආරක්ෂාවක් ලැබෙනවා. තියෙන ඔක්කොම නෙමෙයි අපට වැදගත්ම දේවල් විතරක් මෙහෙම දාගන්න. පහළ තියෙන්නේ මම වැඩියෙන්ම කැමති සේවාවන් දෙකක්
    https://skydrive.live.com/
  • මාස දෙකකට සැරයක් විතර හාඩ් ඩිස්ක් එක ඩිෆ්‍රැග් කරන්න. වේගය අඩු වෙන එක අඩු කරගන්න පුළුවන්. වින්ඩොස් එක්කම එන ඩීෆ්‍රැග් ටූල් එක ගොඩක් වෙලා ගන්න නිසා මේක පාවිච්චි කරන්න පුළුවන්.
    http://www.piriform.com/defraggler
  • දවස් දෙක තුනකට වතාවක් හොද ටූල් එකක් පාවිච්චි කරලා කොම්පුටර් එක තාවකාලිකව තියාගෙන හිටපු ෆයිල් මකල දාන්න. ටයිම් බෝම්බ් වගේ වයිරස් මේ ටෙම්ප් ෆයිල් අතරේ තියෙන්න පුළුවන්.මම පාවිච්චි කරන්නේ http://www.piriform.com/ccleaner
  • මාස දෙකකට වතාවක්වත් කොම්පුටර් එකේ කේසින් එක ඇතුලේ, මොනිටර් වල තියන දූවිලි අයින් කරන්න. දූවිලි තියනකොට කොම්පුටර් එක රත් වෙන ප්‍රමාණය ගොඩක් ඉහල යනවා ඒක කොම්පුටර් එකට ගොඩක් හානිකර වෙන්න පුළුවන්. තව දෙයක් තමයි ‍වැහි කාලෙදි මේ දූවිලි ජල වාෂ්ප එක්ක එකතු වුනාම මඩ වගේ ද්‍රව්‍යයක් හැදෙනවා, ඒකෙන් සර්කිට් ෂෝර්ට් වීම, විවිධ කොටස් මලකඩ කෑම වගේ දේවල් වෙන්න පුලුවන්. මේක කරන්න බුරුසුවක් පාවිච්චි කරන්න එපා. අත් වැරදිමකින් මොකක් හරි කොටසක ඒ කෙන්දක් පැටලුනොත් ඒ කොටසට හානි වෙන්න පුළුවන්. ඒ වෙනුවට තද හුලන් පාරක් පාවිච්චි කරන්න පුළුවන් නම් හොදයි.මේ රූපේ තියන ජාතියේ කෑන් එකක් පාවිච්චි කරන්න පුළුවන් නම් වඩාත්ම හොදයි.
  • අනිවාර්යයෙන්ම කොම්පුටර් එකේ උෂ්ණත්වය, කූලින් ෆෑන් වල වේගය වගේ දේවල් මනින්න පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් පාවිච්චි කරන්න. අපිට කේසින් එක ඇතුලේ වෙන දේවල් පේන් නෑනේ ඒ හින්දා මේ වගේ එකක් පාවිච්චි කරන එක අනිවාර්යයි. මොකද ෆෑන් එකක් වැඩ නොකර අදාල උපකරණය ගොඩක් රත් වුනොත් ඒක පිච්චෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඒම්ඩී ප්‍රොසෙසර් එහෙම මේකට ගොඩක් ගොදුරු වෙනවා. ඒත් ඉන්ටෙල් ප්‍රොසෙසර් වලට මේක දරාගන්න පුළුවන් විදිහට හදල තියෙන්නේ. සාමාන්‍යයයෙන් කිසිම උපකරණයක උෂ්ණත්වය 50C පනින්න හොද නෑ එහෙම වුනොත් ඒකට අදාල කූලින් ‍ෆෑන් එක මාරු කරන්න. රුපියල් හාර පන්සීයක් බේරගන්න ‍ෆෑන් එකක් නොදා ඉදලා දහස් ගාණක් වටින සීපීයූ එකක්, හාඩ් එකක් පිච්චිලා යන්න පුළුවන්. මම පාවිච්චි කරන්නේ මේ සොෆ්ට්වෙයාර් එක http://www.almico.com/speedfan.php
  • ඒ වගේම තමා හීට් සින්ක් හයි කරද්දි අනිවාර්යයෙන්ම හීට් සින්ක් කොම්පවුන්ඩ් පාවිච්චි කරන්න. සිග්නල් වගේ ටූත් පේස්ට් වලින් හීට් සින්ක් කොම්පවුන්ඩ් වලින් වෙන වැඩේ වෙන් නෑ.පොඩි එකක් රුපියල් සියයකට අඩු ගාණක් වෙන්නේ.

මේක කියවලා හොදයි, වටියි කියලා හිතෙනවා නම් ලයික් එකකුත් දාලාම යන්න අමතක කරන්න එපා

Facebook වල හිස් post,comment දැමීම.

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

ඔන්න මමත් පරිගණක උදවි තරඟයට ඉදිරිපත් කරන්න වැදගත් doc එකක් දාන්න හිතුවා.මේක සමහර විට සමහර අයත් දන්නවා ඇති.කමක් නෑ නොදන්න අයත් ඇති.මේ දේ තුලින් වෙන්නේ බොහොම සරල දෙයක්.ඔයාලා හැමදාම Facebook එකේ comment ඒ වගේම post එම දානවා නේද.හැබැයි කවදාවත් facebook එකේ හිස් post දාලා තියනවද.නැත්නම් හිස් comment දාලා තියනවද.ඔයාලා දැන් බලන්න comment box එකේ මුකුත් type කරන්නේ නැතුව comment එකක් දාන්න පුලුවන්ද කියලා.බෑ නේද.?එහෙනම් ඒක කරන හැටි බලමු.


...........................................................................................................................
...........................................................................................................................

ඔයාලට කරන්න තියෙන්නෙ සුලු දෙයක්.comment box එකට ගිහින් මෙන්න මෙහෙම type කරන්න...........

---- alt + 0173 ---- මම මේක type කරන්න කිව්වට type කරන්න නෙමෙයි අවශ්‍ය වෙන්නේ..ඔයාලා comment box එකට ගිහිල්ලා alt කී එක ඔබාගෙන 0173 ලෙස type කරන්න.දැන් enter කරන්න.හිස් කමෙන්ට් එකක් දැම්ම නේද..?මේ ආකාරයටම post උනත් ඔයාලට දාන්න පුලුවන්...!

ඔයාලට මේකෙන් යම් දෙයක් ඉගෙන ගන්න ඇකැයි මම හිතනවා..වැඩේ හොඳ නමි like එකක් දාලා මට සහයොගය දෙන්න..ගොඩක් අය වගේ ලොකු doc එකක් මම හැදුවෙ නෑ..හැබැයි පුංචි දෙයක් උනාට ගොඩක් අය දන්නෙ නැති දෙයක් මේක.ඔයාලා යම් දෙයක් මේකෙන් ඉගනගත්තනම් මට Like කරලා සහයොගය දෙන්න..!

Update - පොඩි update එකක් කරන්න හිතුනා..කට්ටයගේ comment වලින් මම දැක්කා මේ ක්‍රමයෙන් හිස් Post,comment වගේම massage උනත් යැවිය හැකි බව..ඔයාලත් ඒකට උත්සාහ කරන්න..
----------------------------
ස්තූතියි....
Like එකක් දාලා යන්න..!
----------------------------
---------------------------------------------------------------------------------------------------------------------------

SEO | ඔයාගෙ බ්ලොග් එක ගැන ලෝකෙටම කියන්න.

1 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

ඔන්න අද තමා මම මේ තරඟයක් ගැන දැනගත්තෙ ඔන්න මාත් තෑග්ගට පෙරේත වෙලා මගෙ බ්ලොග් එකේ මෙච්චර කාලෙකට ලංකාවෙ අය වැඩිම දෙනෙක් කියවපු පෝස්ට් එකේ සිංහල පරිවර්තනයක් දාන්නයි යන්නෙ. :D  

 SEO එහෙමත් නැත්තන් Search Engine Optimization කියන්නෙ Blogging කරන අයට වැදගත්ම, ඒත් ගොඩක් අය නොදන්න දෙයක්නේ. ඒවගේම මේ ගෲප් එක පාවිච්චි කරන අයගෙන් 60% කට වඩා බ්ලොග් කරනවනේ.
මෙතනදි සිංහල බ්ලොග් කරන අයට නම් හුඟක්ම කියවන්නන් එන්නෙ Reffer Sites වලින් නිසා වැදගත් වෙන එකක් නෑ. ඒත් ඉංගිරිස් එවුවා කරන අයට Reffer Sites වලින් එන කියවන්නන් ප්‍රමාණය ගැවෙන්නවත් මදි මොකද ඉංග්‍රීසියෙන් බ්ලොග් එකක් කරන්නෙ අත පිහදාගන්න නෙවෙයිනෙ. 

 ඒනිසා රීඩර්ස්ල ගෙන්නගන්න තියන හොඳම ක්‍රමේ තමා සෙවුම් යන්ත්‍ර. ඉතින් ඒ සඳහා අපි නිකංම පෝස්ට්ස් දැම්මට වැඩක් නෑ.. ඒව සෙවුම්යන්ත්‍ර වල ලැයිස්ත්ගත (Index) වෙන්න ඕනි.මුලින්ම බලමු කොහොමද බ්ලොග් එකක් සෙවුම් යන්ත්‍ර වල Index කරගන්නෙ කොහොමද කියල. මොකද මේ වැඩේ නොකර මොකක් කලත් වැඩක් නෑනෙ.               


.☻මුලින්ම (Google)ගූගල් වලින් පටන්ගමු.

 ඉස්සෙල්ලම Googleලට කියමු මෙහෙම බ්ලොග් එකක් තියනව කියලා. කරන්නෙ මෙහෙමයි, මේ ලින්ක් එකෙන් (http://www.google.com/addurl/) ගිහිල්ලා බ්ලොග් එකේ URL එක ඇතුලු කරන්න ඊට පස්සෙ තියන කැප්ච) එක වරද්දන්නෙ නැතිව ගහල Submit කරන්න. ( Blog එක හැදුවෙ Blogger වලින් නම් මේ පියවර වැදගත් නෑ. එහෙමනම් මේ පියවර බ්ලොගර් වලින් ඔයා වෙනුවට කරනවා .)  

දැන් ඔයා අලුත් පෝස්ට් එකක් බ්ලොග් එකට දාපු ගමන් ගූගල් දැනුවත් කරන හැටි බලමු. 
ඒකට අපි අපේ Site Map URL එක ගූගල්ලට දෙන්න ඕනි. ඒත් මාර කේස් එක; Blogger වලින් අපිට Site map එකක් හදන්න ක්‍රමයක් දීල නෑ..
ඒත් විකල්පයක් තියනවා. අපිට Feed URL එකක් තියනවනෙ. එක Submit කලා කියල SIte Map එකකට වඩා කිසිම පාඩුවක් හෝ වෙනසක් සිද්ද වෙන්නෙ නෑ.

මෙන්න මෙහෙමයි ඒක කරන්නෙ.

ඉස්සෙල්ලම ඔයාගෙ Google එකවුන්ට් එකට ලොග් වෙන්න. ඊට පස්සෙ මේ ලින්ක් එකෙන් හිල්ල දකුනු පැත්තෙ තියන ADD A SITE බට්න් එක ක්ලික් කරන්න. එතකොට පොඩි පොපප් එකක් එයි. එතනදි ඔයාගෙ බ්ලොග් URL එක දීල Continue කරන්න.  
බ්ලොග් URL එක දෙනකොට ඒයාල ඉල්ලන එකෙන් format දෙන්න "http://" කියන කොටස නැතු.ව මෙන්න මේ වගේ (www.blogtrickstream.com

ඒ ඇතුල් කරපු බ්ලොග් එක හදල තියෙන්නෙ ඔයා ලොග් වෙලා ඉන්න එකවුන්ට් එකෙන්නම් ඔයාව බ්ලොග් එකෙ විස්තර තියන පේජ් එකකට redirect වෙයි එහෙම නැත්තං ඒ Blog එක ඔයාගෙමයි කියල තහවුරු කරන්න කියල ඒසඳහා අදාල උපදෙස් තියන පේජ් එකකට එනව.

ඉතින් ඔයාගෙ අයිතිය තහවුරු කරන හැටි ඉස්සෙල්ලම බලමුකො.. 

           redirect උන පේජ් එකේ ටැබ් දෙකක් පේනව නේද, Recommended method සහ Alternate methods කියල. ඒකෙන් "Alternate methods" කියන එක තෝරන්න. 
ඊට පස්සෙ "Add a meta tag to your site's home page" කියන රේඩියො බටන් එක ක්ලික් කරල ලැබෙන කෝඩ් එක කොපි කරගන්න. ඒක අරගෙන බ්ලොග් එකේ HTML Editor එකට ගිහින් </head> කියන ටැග් එකට උඩින් පේස්ට් කරල save කරන්න.
save කලාට පස්සෙ ආපහු අර හිටපු පේජ් එකට ගිහින් verfy බට්න් එක ඔබන්න.
ඔන්න එතකොට වැඩේ ගොඩ කියල ඔයගෙ බ්ලොග් එකේ තොරතුරු තියන පේජ් එකක් පෙනෙයි. තොරතුරු කිවුවට අලුත දාපු නිසා මොකුත් නෑ..:D

 ඒ පේජ් එක වම්පැත්තෙ තියන සයිඩ්බාර් එකේ Site Configuration කියන එක ඔබන්න. එතකොට එන ඩ්‍රොප් ඩවුන් එකෙන් "Sitemaps" කියන කොටස තොරන්න.ඔයා සයිට් මැප් පේජ් එකට ගියාම එතනින් කියන බටන් එක ඔබල එන පොපප් එකට බ්ලොග් එකේ RSS Feed URL එක දෙන්න වලින් හදපු බ්ලොග් එකක් නම් එක මේ වගේ වෙන්න ඕනි.
 " http://your-blog.blogspot.com/feeds/posts/default?redirect=false "

ම්ම් බ්ලොගර් ගැන දන්න කස්ටියට දැං ප්‍රශ්නයක් එයි මොකද RSS Feed URL එක "http://www.blogtrickstream.com/rss.xml" කියල දාන්නෙ නැතුව අර විදිහට දැම්මෙ කියල. ඒකටත් හේතුවක් තියනව. අපි සාමාන්‍යයෙන් බ්ලොග් එකේ Feed URL එක feedburner හදපු එකකට redirect කරවනවනේ.. ඒක නිසා එක Webmaster tool වලින් බාරගන්නෙ නෑ.. එතනදි redirect වෙන එක මේ URL එකෙන් නවත්තන්ව, ඒකයි. මං හිතන්නෙ නිකංම එක දාලා අමාරුවෙ වැටුණු අය කිහිප දෙනෙක්වත් මෙතන ඉන්න ඕනි.

 ඔන්න ඒ වැඩේ හරි.  වැඩේ ගොඩ ගියානම් ටික වෙලාවකින් sitemaps පේජ් එකෙ feed URL එකට ඉස්සරහින් කොළ පාට හරියක් වැටෙයි. 

☻Yahoo වලදිත් කරන්න තියෙන්නෙ ඔය වගේම තමයි. මම හිතන්නෙ ඔයාල ක්‍රමේ හොයාගනියි. ඒකත් දාන්න ගියොත් පෝස්ට් එක හුඟාක් දිග වෙනව. මෙතනින් ගිහින් ට්‍රයි කරන්න(http://www.bing.com/toolbox/webmaster). බැරි උනොත් කමෙන්ට් එකක් දාන්න මම පුළුවන් විදිහට උදවු කරන්නම්.

ළඟකදි ඉඳන් වැඩේ තව ලේසි වෙලා.. දැන් Yahoo සහ Bing එකතුවෙලා නිසා දෙකටම අපිට Bong වලින් Sitemap එක එකතු කරන්න පුළුවන්. ඒවිතරක් නෙවෙයි Bing වලින් 50$ක Advertising නිකන්දෙනවයි කියන්නෙ. ගිහිල්ලම බලන්න.


අම්මෝ ලියල ඉවරයි........ ඔන්න දැං කට්ටිය බලයි මේකද මේ යකාගෙ මහලොකු SEO  කියල. ඇත්තටම නැහැ. මම මේ කිව්වෙ පටන්ගන්න කලින් කරන්න ඕනි දේ. මේ Doc එක ලිවුවෙ තරඟය නිසා උනත් ලියන් යන්කොට මට හිතුන දිගටම මම දන්න දේවල් මේ ගෲප් එකේ විදිහට දාන්න. ඉතින් මං හිතනව මට ඒකට ඔයාල උදවු කරයි කියල.

ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබද පිළිබද වැදගත් කරණු කිහිපයක්.

0 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

තෝරු මෝරු අතර හාල්මැස්සෙක් වගේ මමත් තරගයට ආවා. කියවල බලල හොදයිනම් LIKE එකකුත් දාන්න. දිනුම පැරදුම කෙසේ වෙතත් ඉදිරිපත් වීමත් සතුටක්. ඇඩ්මින් වරුන්ට මගේ ප්‍රණාමය . . . . !


 ඔබගේ දෑතේ සැමවිට තිබෙන ජංගම දුරකථනය පිළිබද පිළිබද වැදගත් කරණු කිහිපයක්.

***********අන්තර්ජාල හා පොත් පත් අශ්‍රීත කරණු වලින් උපුටා ගන්නා ලදී*************
..........................................................................................................................................
  •        පලමුව;        හදිසියකද
ඔබ හදිසි ආපදාවකට අවධානමකට ලක්වුන විට හෝ ඕනෑම හදිසි අවස්ථාවකදී ඔබට ගත හැකි ක්‍රියාමාර්ග එනම් කළ හැකි කාර්යයන් ප්‍රමාණය අතලොස්සක්  විය හැකිය. ඒත් ඔබගේ ජීවිත ආරක්ෂකයා, ජීවිත ආරක්ෂක මෙවලම ලෙස ජංගම දුරකථනය භාවිතා කළ හැකි බව ඔබ දන්නවාද?

බලන්න ඔබට කළ හැකි දේ ...........
එනම්;
Ø  ලෝකයේ ඔනෑම රටක හදිසි ඇමතුම් අංකය 112  වේ.ඔබගේ ජංගම දුරකථන ජාලයේ තරංග නොමැති විට පවා (out of the coverage ) නොමැති විට පවා 112 අංකය ඇමතු සැනින් එය වෙනත් ජාලයක් හා සම්බන්ධ වෙමින් ඔබගේ ඇමතුම ලබා දේ.

Ø  එමෙන්ම මෙම අංකයේ ඇති සිත්ගන්නා සුලු විශේෂත්වය නම් ඔබගේ කී පෑඩය ලොක් වි ඇති විට පවා (keypad is locked) මෙම අංකය එබිය හැකි විමයි.
Ø  එමෙන්ම මෙය ලෝකයේ ඕනෑම රටක නොමිලයේ ලබා දෙන සේවාවකි.

Ø  එසේම මෙම අංකය “ 000 “සමාන වන බව ඔබ දැන සිටියාද?
..........................................................................................................................................
  •       දෙවනුව;        යතුර වාහනය ඇතුලෙද ?  
ඔබ ඔබගේ වාහනය තුල යතුර තබා දොර ලොක් කරාද? දැන් ඇයි බිය වන්නේ ඔබගේ ජංගම දුරකථනය ඔබ ලගද? එය ඔබය උපකාර වේවි.ඔබගේ වාහනයේ දුරස්ථ පාලක යතුරක් තිබේ නම් හා අමතර යතුර ඔබගේ නිවසේ තිබෙන්නට පුලුවන්. දැන්.........

Ø  ඔබගේ ජංගම දුරකථනයෙන් ඔබගේ නිවසේ සිටින සාමාජිකයෙකුගේ ජංගම දුරකථනයකට ඇමතුමක් ගන්න.දැන් ඔබගේ ජංගම දුරකථනය වාහනයේ දොර අසලින් තබා නිවසේ සිටින සාමාජිකයාට  Unlock Key එක ඔබන්න කියන්න. දැන් ඔබගේ වාහනයේ දොර විවෘත වී ඇත.

Ø  ඔබට විශාල දුරක් ගොස් යතුර රැගෙන ඒමට අවශ්‍ය නැත. කාර්මිකයන් පසුපස යාමට අවශ්‍ය නැත. ඔබගේ නිවස සැතපුම් සියගණනක් දුර වුවත් දැන් ගැටලුවක් නැත.
.....................................................................................................................
  • තෙවනුව;   සැගවුනු බැටරි බලය
 ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය අත්‍යාවශ්‍ය අවස්ථාවකදී බැසගොස්ද? බැටරිය ආරෝපනය කර ගැනිමට ක්‍රමයක් නැද්ද? ඇයි බය වෙන්නේ....................

Ø  බැටරි බලය ලබා ගැනීමට *3370# ඔබන්න. ( # ලකුණ මතක තබාගන්න)

Ø  බැටරිය සම්පුර්ණයෙන් බැස ගිය විට පමණක් මෙම ක්‍රමය භාවිතා කළ යුතුය.

Ø  මෙම විශේෂ ක්‍රමය මගින් ඔබගේ ජංගම දුරකථනයේ බැටරිය 50% ආරෝපනය වී පණගැන්වෙනු ඇත.

Ø  ඔබ භාවිතා කළ සැගවුණු බැටරි බලය ඔබ ඊලගට බැටරිය ආරෝපනය කරන විට යථාතත්වයට පත්වී සම්පුර්ණ වේ.
...............................................................................................................................................

  •   සිව්වනුව;   ඔබගේ නැතිවු සොරකම් කළ ජංගම දුරකථනය අක්‍රීය කරන්නේ කෙසේද?

Ø  මුලින්ම ඔබගේ දුරකථනයේ සිරියල් අංකය සොයාගත යුතුයි. ඒ සදහා  *#06# අංකය භාවිතා කළ හැකිය
Ø  මෙම අංකය සලකුණු 15 ( digit) සමන්විත වේ. (මෙම අංකය අදම  සොයාගෙන එය සුරකිව තබා ගන්න)

Ø  මෙම අංකය ඔබගේ handset එක සදහාද විශේෂිත වේ.

Ø  දැන් මෙම අංකය ඔබගේ ජංගම දුරකථන සමාගමට ලබා දීම මගින් ජංගම දුරකථනය හා handset එක අක්‍රීය කළ හැකිය.මෙම සිම්පත මාරු කර තිබුණද ගැටලුවක් නො‍වේ.

සැ:යු -    මෙම ක්‍රමය මගින් ඔබගේ දුරකථනය නැවත ලබාගත නොහැකි නමුත් සියලු දෙනා මෙය   අනුගමනය කිරීම මගින් සොරුන් දුරකථන සොරකමට නොපෙළබෙනවා ඇත.
...................................................................................................................................................

                                                           ****      ස්තුතියි!    ****

                                                      @@@  දැනට මෙපමණයි  @@@
                                       !!!!!   ඔබ යම් දෙයක් දැනගත්තා නම් LIKE එකකුත් දාන්න !!!!!
''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''

පසුව ලියමි. 
සැලකිය යුතුයි.ඉතා වැදගත්

මේ පිළිබදව නැවත පැහැදිලි කිරීමක් කිරීමට බලාපොරොත්තු වන බැවින් මෙම ලිපිය කියවු සියලු දෙනා තරගය අවසානයේ මෙම ලිපිය කෙරෙහි අවධානය යොමු කරන්න.
                                ***************************************
1 .ජංගම දුරකථන වල සමහර පහසුකම් සමහර අවස්ථාවලදී රටෙන් රටට කළාපයෙන් කලාපයට වෙනස් වන ස්වාභාවයක් ඇති බව වැඩිදුර අධ්‍යයනයේදී පෙනීගොස් ඇත. උදාහරණයක් ලෙස සිංගප්පුරුවේ හදිසි ඇමතුම් අංකය ඇමතීම සදහා අපගේ ජංගම දුරකතනයේ මුදල් තිබීම අවශ්‍ය වේ. මේ පළමු කරුණට අදාල අපේ රටේ එවැනි සුවිශේෂිතාවයක්

*** ශ්‍රී ලංකාව තුල අපි කවුරුත් දන්නා පරිදි පොලීසිය 119, 118 රෝහල 110 සහ ගිනිනිවන හමුදාව සදහා 111 තමයි භාවිතා කරන්න වෙන්නේ. එත් අවාසනාවට කී පෑඩි ලොක් ව තිබියදී නම් වැඩකරන්නේ නැත.***
                                 ***************************************

 .................................................................................................................................................
.

ඔබගේ Blog Site හෝ Web Site එකටත් තමුන්ටම කියා ඔන්ලයින් වීඩියෝ චැනලයක්

2 comments | සම්පූර්ණ ලිපිය කියවන්න...

 ඔන්න ඉතින් මටත් හිතුන විනෝදෙට වගේ පොඩි ඩොකෙක් දාන්න කියල..හැබැයි අඩුපාඩු තිබුනොත් කියල දෙන්න හොඳේ..මොකද මේ මගෙ පලවෙනි Doc එකනෙ.


                        කොහොම උනත් මම දැක්ක තමුන්ටම කියල ඔන්ලයින් රේඩියෝ චැනලයක් ආරම්භ කරන ආකාරය.ඉතින් මම කවදාවත් දැකල නැහැ ඔන්ලයින් වීඩියෝ චැනලයක් පටන්ගන්න හැටි සිංහලෙන් කොහේවත් තිබෙන බවක්.
                                  ඉතින් මේ ගැන දන්න අයත් ගොඩාක් ඇති, කොහොම නමුත් නොදන්න අයත් ඊට වඩා ඇති කියල හිතුන නිසාත් , මෙවන් දේවල් අත්හදා බලන්න කොල්ලො ගොඩාක් ආස නිසාත්  තමයි මේ ආකාරයෙන් දැනුවත් කිරීමට සිතුවේ.

           මේ සඳහා නොමිලයේ පහසුකම් ලබා දෙන ආයතන කිහිපයක් ඇතත් මා ඉන් එකක් පිලිබඳව කියාදෙන්නයි සූදානම් වන්නේ.හරි එහෙනම් මෙන්න මේ පහල තිබෙන ලින්ක් එකෙන් ගිහින් මුලින්ම ඔබේ ඊමේල් ඇඩ්ඩ්‍රස් , යූසර් නේම් ,පාස්වර්ඩ්  සහ අදාල දේවල් පුරවල රෙජිස්ටර් වෙන්නකෝ.

                                               http://www.justin.tv/     

                                 දැන් ඉතින් අපේ චැනල් එකේ වැඩේ හරි කෙලින්ම අපේ පේජ් එකට එතනින් යනව.ඊට පස්සෙ අපිට ඕන සෙටින්ස් හදන්න පුලුවනි අපේ යූසර් නේම් එක උඩ මවුස් පොයින්ටර් එක තියාගෙන ඉන්නකොට අපිට ඕන සෙටින්ස් පේජ් එකට යන්න පුලුවනි ( Channel settings, Account Settings )

                      මතක ඇතුව අපේ account setting Page එකේ අප‍ගේ Email ලිපිනය තිබෙන තැන ඉදිරියෙන් link එකක් තිබෙනවනෙ Verifi කියල ඒක උඩ click කරල අපේ email එකට ගිහින් එතන තිබෙන link එක click කරල නැවත ඒ හරහ channel Page එකට එන්න ඔනි. එවිට තමයි අපේ Email ලිපිනය Verified වෙන්නෙ. ඕව ඉතින් කියන්නත් දෙයක්යැ නේද..? හරි..දැන් ඉතින් අපිට අවශ්‍ය ආකාරයට settings ඕන ඕන විදියට හදාගන්න බැරියැ.. බලමුකො මේකෙන් මොකක්ද වෙන්නෙ කියල ඊට ඉස්සරවෙලා නේද..?

   හරි දැන් ඉතින් පලමුවෙන් අපි බලමු අපේ webcam එකෙන් දීල මෙකෙද වෙන්නෙ කියල..

              හෝව් හෝව් මට එකක් අමතක උනා.. ආ... කමක්නෑ තාම පරක්කු නෑනෙ. දැන් ඔයාලගෙ Video player එක ඔයාලගෙ blog එකට හරි Web එකට හරි ඇතුලත් කරගන්න එපැයි..                                              ඒකට මෙන්න මෙහෙම කරන්න. ඔයාල දැන් හදාගත්තු account එකේ උඩම තියෙන ඔයා දීපු Username එක උඩ මවුස් පොයින්ටර් එක තියාගෙන ඉද්දි  Pages යටතේ  Channel කියල ති‍බෙන link එක click කොරපුවහම යන්නෙ ඔයාලගෙ Video Player එක තමයි. අන්න ඒ Player එකට පහලින් තිබෙන Embed code එක (  Embed - Copy this code to your website or blog යටින් ඇති ) copy කරන් ගිහින් ඔයාගෙ site එකට paste කරන්න.එච්චරයි.

                                      ම්ම්ම... ඒ උනාට තාම කොහොමද ‍ ‍webcam එකෙන් දෙන්නෙ කියල කිවුවෙ නෑනෙ. දැන් යන්න ඔයාගෙ acount එකට උඩින්ම රතුපාටට කොටුවක් තියෙන්නෙ Go Live කියල, අන්න ඒක ඔබන්න.( මේ වනවිට ඔබේ වෙබ් කැමාරාව පරිගණකයට සම්බන්ධ කරල තියෙන්න ඕන හොඳේ.)

ඊට පස්සෙ මෙන්න මේ පහල රූපයේ විදියට එකක් එයි.ඒකෙ කොලපාටට තිබෙන Allow කියන බට්න් එක උඩ click කරපුවාම ඔයාගෙ වෙබ් කැමරාව පෙනෙයි දැන් එහි  start කියා තිබෙන එක මත click කරන්න වැඩේ හරි. දැන් ඔයාගෙ Blog site හෝ web site එකට ගිහින් බලන්න webcam එකෙන් යන රූප බලාගතහැකියි.                   
 
මීටඅමතරව වෙනම TV Card හෝ Capture card භාවිතා කරමින් ඔබට සිතෙන පරිදි ඕනෑම වීඩියෝවක් සජීවීව ඔබේ සයිට් එක හරහා විසුරුවා හැරිය හැකියි.                     නොතේරෙන තැනක් තිබේනම් අහන්න බනින්න එපා අඩුපාඩු ඇත්නම් පහදා දෙන්න ප්‍රයෝජනයක් උනානම් හෝ ප්‍රයෝජනයක් වෙයි කියා සිතෙනවානම් Like එකක් Comment එකක් දාල යන්න.
ස්තුතියි..!

සැකසුම... " අමිත් ප්‍රනානදු"
         

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්