චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර..

සොයන්න

14.12.11


චිත්‍රපට නිකුත්වන විවිධ ආකාර ගැන එච්චර දැනීමක් නැති යාලුවන්ට මෙන්න මගෙන් පොඩි තෑග්ගක්..
මේ post එක කියවල බලන්න. චිත්‍රපට බලන අයටත් download කරන අයටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි...


CAM

CAM කියන්නෙ කවුරු හෝ තමන්ගෙ camcorder එක උපයෝගී කරගෙන සිනමා ශාලාවකින් වීඩියෝ කරපු ෆිල්ම් එකක කොපියක්. මෙවැනි කොපියක් සාමාන්‍යයෙන්, ෆිල්ම් එකක් සිනමාශාලාවලට නිකුත් කල සැනින් එනව. මෙවැනි කොපියක ගුණාත්මක භාවය බොහෝ හේතු (වීඩියො කරන කෙනාගේ පලපුරුද්ද, camcorder එකේ වර්ගය ...) මත රඳා පවතිනව. ඒත් සමස්තයක් වශයෙන් ගත්තම CAM කොපියක ගුණාත්මක භාවය ඉතාමත් පහළ මට්ටමක තමයි පවතින්නෙ.
camcorder එකෙහි සිදුවන ගැස්සීම් , ඉදිරි අසුන්වල සිටින ප්‍රේක්ශකයන්ගෙන් සිදුවන අවහිරතා වැනි හේතූන් මත මේවායේ video ගුණාත්මක භාවය තවත් අඩු වෙන්න පුලුවන්..
සිනමා ශාලාවේ සිටින ප්‍රේක්ශකයන්ගේ කෑ කෝ ගැසීම් මත මේවායේ audio ගුණාත්මක භාවයද තවත් අඩු වෙන්න පුලුවන්..
ඇතැම් වෙලාවට මෙවැනි කොපියක, ෆිල්ම් එකේ කොටස් අඩුවෙන් තිබෙන්නත් පුලුවන්.
මෙවැනි කොපියක capacity එකනම් සාපේක්ෂව අඩුයි.
අන්තිමට කියන්න තියෙන්නෙ ඉතින් මෙවැනි කොපියක්නම් download කර නොගන්න තරමට හොඳයි... :)

download කිරීමට සුදුසුද? නැත



TS (TELESYNC)

මෙය CAM කොපියකට වඩා ටිකක් හොදයිකිව්වොත් වරදක් නෑ, ඒත් මේකත් වීඩියෝ කරල තියෙන්නෙ සිනමාශාලාවකින් (හෝ projector එකකින්) කලින් වගේම camcorder එකක් යොදාගෙන. හැබැයි CAM කොපියකට වඩා පොඩි පොඩි වෙනස්කම් ටිකක් තියනව. මේව වීඩියෝ කරල තියෙන්නෙ CAM කොපියකට වඩා ගුණාත්මක අතින් ඉහල camcorders යොදාගෙන, බොහෝවිට සිනමා ශාලාවෙහි ප්‍රේක්ෂකයන් නැති අවස්ථාවක. මේ නිසා TS වල video ගුණාත්මක භාවය CAM වලට වඩා හොඳයි. මේවා රෙකෝර්ඩ් කරනවිට අධිතාක්ෂනික audio උපාංග යොදාගෙන තියන නිසා TS වල audio ගුණාත්මක භාවයද CAM වලට වඩා හොඳයි. ඒත් ඉතින් මෙවැනි කොපියක් download කරගන්නට පෙර දෙවරක් සිතා බලන්න ඕන..

download කිරීමට සුදුසුද? නැත



TC (TELECINE)

Telecine යන්ත්‍රයක් යොදාගෙන රීල් එකක තියන ෆිල්ම් එකකින් ඩිජිටල් විදියට ගත්ත කොපියක්. මෙය කෙලින්ම රීල් එකෙන් ගත් කොපියක් නිසා ගුණාත්මක භාවය අතින් ඉහලයි. එහෙත් මෙවැනි ඩිජිටල් කොපිකිරීමකට සාමාන්‍යයෙන් බොහෝ වියදමක් යන බැවින් මෙවැනි කොපි ඉතා දුලබයි..

download කිරීමට සුදුසුද? සුදුසුයි



SCR (SCREENER)

Scr එකක් කියන්නෙ විශේෂ පුද්ගලයන් හෝ ආයතන සඳහා දෙනු ලබන ෆිල්ම් එකක කොපියක්, ඇතැම්විට මෙය ෆිල්ම් එකක් ප්‍රවර්ධනය සඳහා සැකසූ කොපියක් වෙන්නත් පුලුවන්. මේවා play වෙනකොට තිරයේ යම් යම් අකුරු හෝ වචන ("The film you are watching is a promotional copy" වැනි..) දිස්වී අපිට බාධා කරන්න පුලුවන්. මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක පවතුනත් DVDRip තරම් හොඳ නැහැ.
බොහෝ විට මේවා VHS වශයෙන් තමයි දකින්න පුලුවන්. ඇතැමුන් මේවා බොහෝවිට VCD/DVD වලට හරවනව. ඔවුන් මෙම කාර්යයේදී යොදාගත් VHS recorder එක හා capture card එක මත මෙම VCD/DVD වල ගුණාත්මක භාවය රඳාපවතිනව. තවද මෙම කොපි ගනු ලබන්නේ master කොපියන්ද නැද්ද මතත් මෙම VCD/DVD වල ගුනාත්මක භාවය රඳාපවතිනව.

download කිරීමට සුදුසුද? නැත




DVDscr

ඉහත කී පරිදි DVD එකකට ලබාගත් scr කොපියක්. එහෙත් dvdscr ගුනාත්මක භාවය අතින් scr වලට වඩා ඉහලින්සිටිනව. මේවායේ සාමාන්‍ය scr වල මෙන් තිරයේ බොහෝවිට අකුරු හෝ වචන දකින්නට නැහැ.
තිබුනත් ඒවා අපිට බාධාකරන මට්ටමක පවතින්නේ නැහැ. DVDRip තරම් නැතිවුනත් මේවායේ audio/video ඉහල ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි (අවශ්‍යමනම් පමණක්)




WP (WORKPRINT)

WP එකක් කියන්නෙ film එකක් සම්පූර්ණයෙන් නිම වීමට පෙර පිටවූ කොපියක්. මේවායේ බොහෝවිට අතැම් දර්ශන/සංගීත ඛාන්ඩ අඩු හෝ වැඩි වෙන්න පුලුවන්.ගුණාත්මක භාවය අතින් ගත්තම මේවායේ ගුණාත්මක භාවය ඉහල අගයක සිට පහල අගයක් දක්වා විහිදෙනව. ඇතැම් WPs අවසන් කොපියට වඩා බොහෝසෙයින් වෙනස්වීමටත් ඉඩතියනව.

download කිරීමට සුදුසුද? නැත




R5

R5 කියන්නෙ විශේෂිත කලාප 5ක් ( Indian subcontinent, Africa, North Korea,Russia and Mongolia) සදහා යවනු ලබන DVD කොපියක්. මෙයත් Telecine යන්ත්‍රයක් ආධාරයෙන් ලබාගත් කොපියක්. මෙහිදී ඉතා ඉහල ගුණාත්මක භාවයකින් යුක්ත Telecine යන්ත්‍ර යොදාගනු ලබන නිසා video ගුණාත්මක භාවය ඉහල මට්ටමක පවතිනව.
එහෙත් ඇතැම් අවස්තාවල මෙවැනි කොපියක් නිකුත් වන්නේ english audio track එක රහිතව. එවැනි අවස්තාවක ඊට කලින් නිකුත් වූ audio track එකක් එය හා මුහු කරගන්න වෙනව. මෙම හේතූන් නිසා R5 එකක video වලට සාපේක්ෂව audioහි ගුණාත්මක භාවය අඩු මට්ටමක පවතිනව..

download කිරීමට සුදුසුද? සුදුසුයි




DVDrip

චිත්‍රපටයක අවසානයට නිකුත් කරන කොපිය මෙය වේ. කිසිඳු අඩුපාඩුවක් නොමැති මෙහි audio/videoහි ගුණාත්මක භාවය ඉතාමත් මට්ටමක පවතිනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි




BRrip

ගුණාත්මක භාවය අතින් DVDrip එකෙකට සමානයි, එහෙත් capacity එකෙන් සමාන DVDrip එකක් හා BRrip එකක් සැසදුවම BRrip එක වඩා වැඩි ගුණාත්මක භාවයකින් යුක්තවෙනව.
සාමන්‍යයෙන් BRrip එකක ගුණාත්මක භාවය වඩිවෙන්න වැඩිවෙන්න ඒවායේ capacity එක විශාල වශයෙන් වැඩිවෙනව.

download කිරීමට සුදුසුද? සුදුසුයි


මම්නම් හිතන්නෙ දැන් කාගෙත් ප්‍රශ්න වලට උත්තර ලැබෙන්න ඇති....
දැන් ඉතින් හැමෝටම හොඳට හොයල බලල චිත්‍රපටි download කරන්න පුලුවන්,, :)

මේ post එක ඔයාලට වැදගත් වුනානම් like එකක්, cmmnt එකක් දානත් අමතක කරන්න එපා... :)
ගිහින් එන්නම්...

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්