පරිගණක උදවු මාර්ග නිර්දේශ - Pariganaka Udav Guidelines

සොයන්න

28.6.11

සියලුම පරිගණක උදවු මිතුරු මිතුරියන්ගේ  අවධානය පිණිසයි!!!.
Link to this Doc : www.puguide.tk
Last Updated on : 2011/06/10


1. පරිගණක උදවු ගැන කෙටි හැඳින්වීමක්

  • පරිගණක උදවු යනු ෆේස්බුක් සමාජ ජාල වෙබ් අඩවියේ ඇති විවෘත සමූහයකි (Open Group). 
  • මෙය ආරම්භ වූයේ 2011 මාර්තු මස 15 වැනි දින ය. 
  • පරිගණක උදවු හි මූලික අරමුණ පරිගණක දෘඪාංග සහ මෘදුකාංග භාවිතයේදී ඇති වන ගැටලු වලට පිළිතුරු ලබාදීම සහ ඒ ආශ්‍රිත දැනුම හුවමාරු කරගැනීමය.
  • මෙම Link එක භාවිතා කොට පරිගණක උදවු වෙත පැමිණිය හැක:  https://www.facebook.com/home.php?sk=group_200205416676273
  • පරිගණක උදවු මේ වර්ගයේ Facebook සමූහ අතර පුරෝගාමීත්වයක් උසුලන්නේ පහත හේතු නිසාය.
  1. සාමාජිකයින් අතර පවතින සුහද ආමන්ත්‍රණය
  2. සාමාජිකයින් සතු මනා විනය
  3. සාමාජිකයින් තුළ ඇති එකිනෙකාට උදවු කිරීමේ ආකල්පය
  4. සමූහය කෙරෙහි යුතුකම් ඉටුකිරීම සහ සමූහයට ඇති පක්ෂපාතී බව හා එකමුතුකම
  5. නව්‍යකරණය
  • මෙම වටිනාකම් රැක ගනිමින් පරිගණක උදවු මූලික අරමුණ ඉටු කරගැනීම සඳහා හැමවිටම ඔබේ සහයෝගය ඉතා අගය කොට සලකමු .

පහත සඳහන් වනුයේ පරිගණක උදවු සාමාජිකයෙකු ලෙස ඔබගේ අවධානය යොමු විය යුතු අංශ පිළිබඳ මාර්ග නිර්දේශයන් වේ.



2. සාමාජිකයින් බඳවා ගැනීම
 
  1. පරිගණක උදවු සාමාජිකයින් හට තමන්ගේ මිතුරු මිතුරියන් පරිගණක උදවු සමූහයට එක් කර ගැනීමේ හැකියාව ඇත. එහිදී පරිගණක උදවු සමූහයෙන් ඔවුන්ට සේවාවක් ඉටු වන්නේද නැද්ද යන්න පිළිබඳව සලකා බැලිය යුතුය. (උදාහරණයක් ලෙස ශ්‍රී ලාංකික නොවන විදේශික සාමාජිකයෙකුට පරිගණක උදවු තුළ භාෂාමය ගැටලු ඇත්නම් මෙම සමූහයෙන් ඍජු සේවාවක් නොලැබී යා හැක)
  2. ඕනෑම Facebook සාමාජිකයෙකුට Request එකක් මගින් පරිගණක උදවු සමූහයට එකතු විය හැක. මෙහිදී මෙම ඉල්ලීම් අනුමත කිරීම් Admin මිතුරු මිතුරියන්ගේ අනුදැනුම ඇතිව සිදුවනු ඇත.
  •  (සාමාජිකයින් එකතු කිරීම මෙම සමූහයෙන් ඔබේ මිතුරු මිතුරියන්ට සිදුවිය හැකි සේවය ගැන සලකා බලා ඔබ තුළින්ම ජනිත වන සිතුවිල්ලකින් සිදුවීම අප ඉතා වටිනා දෙයක් කොට සලකන බැවින් සාමාජික සංඛ්‍යාව වැඩි කරන ලෙස Admin මිතුරු මිතුරියන් විසින් කිසිදු අයුරකින් ඔබ වෙත කිසිදු බලපෑමක් හෝ ඉල්ලීමක් නොකරන බවට සහතික වෙමු).


3. Wall Posts
 
  1. සාමාජිකයෙකුට තම ගැටලු ඉදිරිපත් කිරීම සඳහා Wall Posts භාවිතා කළ හැක. එහිදී ගැටලුව ඍජුව, සංක්ෂිප්තව, හොඳින් වැටහෙන අයුරින් ඉදිරිපත් කළ යුතුය.
  2. සාමාජිකයෙකුට යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇති තොරතුරු අනෙකුත් සාමාජිකයින් සමග බෙදා හදා ගැනීම සඳහා Wall Posts භාවිතා කළ හැක. මෙහිදී අදාල වෙබ්/බ්ලොග් අඩවියේ ඇති එම තොරතුර පිළිබඳ කෙටි විස්තරයක් සහිතව Link එක යෙදිය හැක.
  3. සාමාජිකයින් විසින් තාක්ෂණික නොවන වෙබ් අඩවි, බ්ලොග් අඩවි යනාදිය සහ Fan Pages, Groups, Profiles හා සමූහයේ අරමුණින් බැහැර කිසිදු දෙයක් Post නොකළ යුතුය.
  4. සාමාජිකයින් විසින් කිසිදු විටකත් ප්‍රචාරණ අරමුණින් (Like, Share, Advertising etc.) Post නොකළ යුතුය.
  5. පරිගණක උදවු සමූහය තුළ පූජ්‍ය පක්ෂය, බාල - තරුණ - වැඩිහිටි සියලුම වයස් කාණ්ඩ නියෝජනය වන බැවින් කුමන හෝ දෙයක් පල කිරීමේදී වුවද සුහද, විනයගරුක, සභාවකට උචිත භාෂා රටාවක් භාවිතා කිරීමට සාමාජිකයින් විසින් සෑම විටම වග බලා ගත යුතුය. (සුහද ආමන්ත්‍රණය “පරිගණක උදවු“ තුළ විශේෂයෙන් රැකගත යුතු වටිනාකමකි).
  6. සාමාජිකයෙකු විසින් කරන Post කිරීමක් පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


4. Questions
 
  1. නිශ්චිත පිළිතුරු සංඛ්‍යාවක් ඇති ගැටලු ඇසීම සඳහා සහ කිසියම් කරුණක් පිළිබඳ අදහස් විමසීම් සඳහා Questions පහසුකම භාවිතා කළ හැක.
  2. නිශ්චිත කෙටි පිළිතුරු නොමැති ගැටලු සඳහා Qeustions භාවිතා නොකළ යුතුය. ඒ සඳහා Wall Posts භාවිතා කළ යුතුය.
  3. සාමාජිකයෙකු විසින් අසන Question එකක් පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


5. Links

  1. සාමාජිකයෙකු විසින්  අසා ඇති ගැටලුවකට පිළිතුරක් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇත්නම් එම Link එක කමෙන්ටුවක් ලෙස යෙදිය හැක.
  2. අනෙකුත් සාමාජිකයින්ටත් වැදගත් වන තොරතුරක් හෝ ලිපියක් යම් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ඇත්නම් එම තොරතුරෙන් කොටසක් සමග Link එක Wall Post එකක් ලෙස යෙදිය හැක.
  3. මාතෘකාවක් යටතේ ලියූ ‘සම්පූර්ණ ලිපියක්‘ සමග මූලාශ්‍රයේ Link එක DOC එකක් අවසානයේ යෙදිය හැක.
  4. Link එක පමණක් Wall Post එකක් ලෙස හෝ Doc එකක් ලෙස හෝ Photo එකක Caption එකක් ලෙස පල නොකළ යුතුය.
  5. එකම Link එක අවධානය යොමුකරවා ගැනීමේ අරමුණින් නැවත නැවත පල නොකළ යුතුය.
  6. සාමාජිකයින්ට හානිදායක වන දේ ඇතුළත් Links පල නොකළ යුතුය.
  7. සාමාජිකයෙකු විසින් පල කරන Links පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


6. Photos

  
  1. සාමාජිකයින්ට ඇතිවන ගැටලු විසඳා ගැනීම සඳහා Screen Shots පලකිරීමට අවශ්‍ය නම් Photos භාවිතා කළ හැක. මෙහිදී ගැටලුව අදාල Photo එකෙහි Caption එක ලෙස සඳහන් කළ යුතුය.
  2. යම් මෘදුකාංග හෝ දෘඪාංග පිළිබඳ තොරතුරු සාමාජිකයින්ට දැන්වීම සඳහා Photos භාවිතා කළ හැක. මෙහිදී අදාල මෘදුකාංගය හෝ දෘඪාංගය පිළිබඳ තොරතුරු Photo එකෙහි Caption එක ලෙස යෙදිය යුතුය.
  3. කිසියම් තේමාවක් යටතේ සැලසුමක් ඇතිව තොරතුරු ගොනුකිරීම සඳහා පමණක් Photo Albums භාවිතා කළයුතුය.
  4. සාමාජිකයින් විසින් කිසිදු විටෙකත් තම පුද්ගලික ඡායාරූප, ගැටලුවකට හෝ තොරතුරු බෙදාගැනීමකට අදාල නොවන Photos (හුදු ප්‍රදර්ශන අරමුණින් එකතු කරන තම තමන්ගේ desktop Screen Shots යනාදිය) සමූහයේ Photos වෙත එකතු නොකළ යුතුය.
  5. සාමාජිකයෙකු විසින් පල කරන Photos පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


7. Video

  1. සාමාජිකයෙකුට යම් ගැටලුවක් ඇසීම සඳහා දෘශ්‍ය මාධ්‍යයක උදවු අවශ්‍ය නම් ඒ සඳහා Videos භාවිතා කළ හැක.
  2. සාමාජිකයෙකුට පරිගණක උදවු මූලික අරමුණට අනුකූල වන ඕනෑම දෙයක් පිළිබඳ අනෙකුත් සාමාජිකයින්ට ඉගැන්වීමේ අරමුණින් Videos භාවිතා කළ හැක.
  3. සාමාජිකයෙකු විසින් කිසිදු විටෙක සමූහයේ අරමුණට අදාල නොවන Videos පල නොකළ යුතුය.
  4. සාමාජිකයෙකු විසින් පල කරන Videos පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


8. Docs

  1. සාමාජිකයින් විසින් යම් මාතෘකාවක් යටතේ සම්පූර්ණ තොරතුරු/විස්තරයක් ඇතුළත් ලිපි පල කිරීම සඳහා පමණක් Docs භාවිතා කළ යුතුය.
  2. උපුටාගත් ලිපි පල කිරීමේදී මූලාශ්‍ර සහ ආශ්‍රිත ලිපි සඳහා වන Links Doc එක අවසානයේ හෝ ආරම්භයේදී සඳහන් කළ යුතුය.
  3. ගැටලු යොමුකිරීම සඳහා කිසිසේත්ම Docs භාවිතා නොකළ යුතුය. එවැනි අවස්ථාවකදී එම Docs ඉවත් කෙරෙනු ඇත.
  4. විස්තරයකින් කොටසක් සමග සම්පූර්ණ විස්තරය කියවීමට වෙනත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක ලින්ක් එකක් දැමීමේදී Docs භාවිතා නොකළ යුතුය. ඒ සඳහා Posts පාවිච්චි කළ යුතුය.
  5. වෙනත් අයෙකු විසින් ලියන ලද Doc එකක් විකෘති කිරීමේ අදහසින් කිසිදු වෙනස් කිරීමක් නොකළ යුතුය. එසේ වෙනස් කරන තැනැත්තා හට සමූහයේ සාමාජිකත්වය ස්ථිර තහනමකට ලක් කෙරෙනු ඇත.
  6. සාමාජිකයෙකු විසින් පල කරන Doc එකක් පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


9. Events
 
  1. සාමාජිකයින් විසින් සංවිධානය කරනු ලබන යම් යම් විශේෂ අවස්ථා සඳහා Events පහසුකම භාවිතා කළ හැක. මෙහිදී එම Event එක Admin මිතුරු මිතුරියන්ගේ අනුමැතිය මත නිර්මාණය කළ යුතුය.
  2. කිසිදු කරදරකාරී වැඩසටහන්, ස්පෑම්, ප්‍රචාරාත්මක දේ සඳහා Events කිසිසේත් භාවිතා නොකළයුතුය.
  3. සාමාජිකයෙකු විසින් පල කරන Event එකක් පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


10. Comment කිරීම

  1. සාමාජිකයෙකු විසින් අසා ඇති ගැටලුවකට පිළිතුරු දීම සඳහා Comments භාවිතා කළ හැක.
  2. පරිගණක උදවු සමූහය තුළ පූජ්‍ය පක්ෂය, බාල - තරුණ - වැඩිහිටි සියලුම වයස් කාණ්ඩ නියෝජනය වන බැවින් කුමන හෝ දෙයක් පල කිරීමේදී සුහද, විනයගරුක, සභාවකට උචිත භාෂා රටාවක් භාවිතා කිරීමට සාමාජිකයින් විසින් සෑම විටම වග බලා ගත යුතුය. (සුහද ආමන්ත්‍රණය “පරිගණක උදවු“ තුළ විශේෂයෙන් රැකගත යුතු වටිනාකමකි).‍
  3. තමන්ගේ Facebook ගිණුම් හරහා ඉබේ පලවෙන කමෙන්ටු පිළිබඳව සාමාජිකයින් අවධානය යොමු කළ යුතුය. එවැනි කමෙන්ටු දුටු සැණින් ඉවත් කෙරෙන අතර, දිගින් දිගටම එය සිදුවේ නම් පිටුවේ ක්‍රමවත් බව ගැන සලකා ගැටලුව විසඳාගන්නා තෙක් එවැන්නෙකු තාවකාලික ඉවත් කිරීමකට ලක් කිරීමට සිදුවනු ඇත.
  4. සාමාජිකයෙකු විසින් කරන Comment කිරීමක් පිළිබඳ වගකීම එම සාමාජිකයා සතුවේ.


11. Search කිරීම
 
  1. කිසියම් සාමාජිකයෙකුට පරිගණක උදවු Wall Posts තුළ යමක් සෙවීමට අවශ්‍ය නම් පිටුවෙහි දකුණු පස ඉහළ කෙළවරේ ඇති Group Search පහසුකම ඒ සඳහා භාවිතා කළ හැක.(තවමත් යුනිකෝඩ් සෙවුම් පහසුකම ලැබී නැති බවද සලකන්න)


12. Notofications
 
  1. සාමාජිකයෙකුට ගෘප් Notofications පැමිණීම පිටුවේ දකුණු පස ඉහළ ඇති Edit Settings වෙත පිවිස පාලනය කළ හැක.
  2. මෙහිදී ඔබට ප්‍රයෝජනවත් ආකාරයකට ඔබ විසින් එම සැකසුම් සකසා ගැනීම සුදුසුය.


13. පල කළ දෑ ඉවත් කිරීම්
 

පහත සඳහන් කරුණු සපුරාලන ඕනෑම පලකිරීමක් පූර්ව දැනුම් දීමක් ඇතිව හෝ නැතිව ඉවත් කෙරෙනු ඇත.
  1. Virus,Spamming හෝ වෙනත් කරදරකාරී වැඩසටහන් ඇතුළත් වීම
  2. සභාවකට නුසුදුසු වචන ඇතුළත් වීම
  3. පුද්ගලයින්, කණ්ඩායම් ඉලක්ක කරගත් අපහාසාත්මක දේ අඩංගු වීම
  4. අදාල නැති වීම
  5. කෙටි කාලසීමාවක් තුළ නැවත නැවත පලවීම
  6. මූලික අරමුණ ප්‍රචාරණය වීම
  7. “කාලය නාස්ති වීම පමණක් සිදුවන“ අනවශ්‍ය මතගැටුම් වලට තුඩු දීම

14. සාමාජිකත්වය අහෝසි කිරීම

  1. පරිගණක උදවු සමූහය වෙත එකතුවන කිසිදු සාමාජිකයෙකු ඉවත් නොකෙරෙන නමුත් ඇතැම් අවස්ථාවලදී හැසිරීම සහ විනය මත පදනම්ව බහුතරයකගේ යහපත උදෙසා අවස්ථානුකූලව දැනුම් දීමක් ඇතිව හෝ නැතිව ඉවත් කිරීම් සිදු කෙරෙනු ඇත.


15. සමූහයෙන් බැහරව යාම
 
  1. මිතුරෙකු විසින් එකතු කරනු ලැබූ  යම් සාමාජිකයෙකුට මෙම සමූහයෙන් සේවයක් නොලැබෙන බව සිතේ නම් හෝ, වෙනත් ඕනෑම කරුණක් නිසා සමූහය හැර යායුතු නම් ඒ සඳහා පිටුවේ දකුණු පස සාමාජික ලැයිස්තුවට පහළින් ඇති Leave This Group මගින් සමූහයෙන් ඉවත්ව යා හැක.
  2. කිසියම් සාමාජිකයෙකු එසේ ඉවත්ව ගිය පසු එම සාමාජිකයා විසින්ම නැවත ඉල්ලීමක් කිරීමෙන් හැර, සමූහය තුළ සිටින කිසිවෙකුට එම සාමාජිකයා නැවත එකතු කළ නොහැකි වනු ඇත.
  3. පුද්ගලික අමනාපකම් වැනි දේ නිසා සමූහය හැර යයි නම් පළමුව සමූහයෙන් ඔබට සිදුවන සේවාව පිළිබඳ සිතා බලා බුද්ධීමත්ව තීරණයකට එළැඹීම සුදුසුය.


  • ඉහතින් සඳහන් වන්නේ කිසිදු ආකාරයක නීති පද්ධතියක් නොවන බවත් ඉහළ ප්‍රමිතියකින් හා එකමුතු කමකින් යුතුව ඔබේම පරිගණක උදවු පිටුව ඉදිරියට ගෙනයාම සඳහා ඔබ විසින් සහයෝගය දැක්විය යුතු ආකාරයන් පමණක්ම බවත් අවධාරණය කරනු කැමැත්තෙමු.
  • සාමාජිකත්වය ලැබූ සියල්ලන්ම ඉහත සඳහන් මාර්ග නිර්දේශයන් අනුගමනය කිරීම ඉතා අගය කොට සලකන අතර එය සමස්ත සමූහයේම හිත සුව පිණිස හේතු වනු ඇත.


                                                  ස්තුතියි!
                            ෴පරිගණක උදවු Admin මිතුරු කැල෴

6 comments:

  • Draftaxen says:
    29/3/13 8:03 AM

    mage huawei e303 mobitel dongal eka unlock karana hati kiyannako...........

  • Unknown says:
    19/7/16 4:52 PM

    Instagram hack krnne khmda

  • Unknown says:
    19/7/16 4:52 PM

    Instagram hack krnne khmda

  • Saman says:
    30/7/16 7:31 AM

    http://www.realtranslatorjobs.com/GetPaidToTranslate.php?referrer=hferdem&vtid=&country=Sri%20Lanka&a=&email me site eka gena monawa hari dannawada ?
    please reply me on samanmusicg@gmail.com

  • Sajith kumara says:
    30/3/20 4:35 PM

    Mage fb eka hack karala photo thiyamawa hoyaganne kohomada

  • Nishan prasanga says:
    29/11/20 12:50 AM

    Mata fb account eka hacked vela thiyenne fishing attack ekak kiyanne kohomada visada ganne

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්