HACKER! - ෴පරිගණක උදවු ShortNote෴ - දෙවැන්න

සොයන්න

30.6.11



කිසියම් පරිගණක පද්ධතියක නිර්මාණ කරුවන්ගේ ප්‍රධාන අරමුණින් බැහැරවූ අරමුණක් ඉටුකර ගැනීම සඳහා එම පරිගණක පද්ධතියේ ගති ලක්ෂණ වෙනස් කිරීම Hacking ලෙස හැඳින්විය හැක.

Hacking තම ජීවන ශෛලිය සහ දර්ශනය (Life Style & Philosophy) ලෙස පිළිගෙන ඒ හා සම්බන්ධ ක්‍රියා වල නිරත වන අයෙකු hacker වරයෙකු ලෙස සරලව හැඳින්විය හැක. එසේත් නැතිනම් කිසියම් ලාභ ප්‍රයෝජනයක් අපේක්ෂාවෙන්, විරෝධතාව පල කිරීමක් වශයෙන් හෝ අභියෝග ජය ගැනීමේ අභිලාෂයෙන් පරිගණක පද්ධති තුළට කඩා වදින්නන් Hacker කෙනෙකු ලෙස හැඳින්විය හැක.


මෑත කාලීන ව black hat hacker වරුන් වෙත මාධ්‍ය හරහා යොමුවූ දැඩි අවධානය හේතුවෙන්, බොහෝවිට Hacking යන යෙදුම බොහෝ තැන් වලදී “ආරක්ෂාව හා සම්බන්ධ පරිගණක අපරාධ“ හැඳින්වීම සඳහා වැරදි අර්ථකථනයන් ඇතිව භාවිතා වන බව පෙනේ.

හැකර්වරුන් පසුබිම් කොට ගෙන ඇතිවූ උප සංස්කෘතිය (Sub Culture) පරිගණක පාතාල ලෝකය (Computer Underground) ලෙස හැඳින්වූවත් දැන් වන විට මෙය විවෘත සමූහයකි (Open Community).


Hacker යන යෙදුම සම්බන්ධයෙන්ද විවිධ මතභේද පවතී. පරිගණක අපරාධ කරුවන් (Black Hats) සහ පරිගණක ආරක්ෂක විශේෂඥයන් (White Hats)  අතර වෙනසක් නොදක්වමින් පරිගණක ක්‍රමලේඛ සම්පාදකයින් (Computer Programmers) පවසන්නේ පරිගණකයකට කඩා වදින පුද්ගලයෙකු හැඳින්වීම සඳහා වඩාත් උචිත වචනය වන්නේ Hacker නොව Cracker යන්න බවයි. මේ පිළිබඳව White Hat Hacker වරුන්ගේ මතය වන්නේ Hacker යන යෙදුම ඔවුන්ට අයත් බවත්, Black Hat හැකර් වරුන් Cracker ලෙස හැඳින්විය යුතු බවත්ය.

එකිනෙකාගෙන් වෙනස් ආකල්ප දරණ පරිගණක පාතාලයේ උප සමූහ (Sub Groups) කීපයක් ඔවුන්ට එකඟ විය නොහැකි කණ්ඩායම් වලින් තම කමන් වෙන්කොට හඳුන්වා ගැනීම සඳහා විවිධ යෙදුම් භාවිතා කරයි. මේ නිසා හැකර් වරුන් වර්ග කීපයක් දක්නට ලැබේ.



  • White hat - White hat hacker කෙනෙකු ආරක්ෂාව බිඳ දමන්නේ ද්වේෂ සහගත නොවන (non-malicious) හේතු සඳහාය, උදාහරණයක් ලෙස යමෙක් තමන්ගේම තොරතුරු පද්ධතියේ දෝෂ සෙවීම සඳහා මෙවැන්නක් කිරීම ගතහැක. මෙම වර්ගයේ 'white hat' hacker වරුන් ethical hackers ලෙස ද හැඳින්වේ.

  • Black hat - පුද්ගලික වාසි හෝ ද්වේෂ සහගත අරමුණකින් පරිගණක ආරක්ෂාව බිඳ දමන Hacker වරුන් Black Hat Hackers ලෙස හැඳින්විය හැක. Black Hat Hacker වරුන් ආරක්ෂිත පද්ධති තුළට කඩා වැදි දත්ත විනාශ කිරීම හෝ අවසරලත් පරිශීලකයන්ට පවා ප්‍රෙයා්ජනයට ගතනොහැකි ලෙස ජාල අඩපණ කිරීම් සිදු කරනු ලබයි.මෙවන් කඩාවැදීමක කුරුමානම (Targeting) සහ පර්යේෂණය හා තොරතුරු රැස් කිරීම ලෙස අදියර දෙකකි.

  • Grey hat - ඉහත දෙවර්ගයේ එකතුවකි මේ. මොවුන් පරිගණක පද්ධතියන අයිතිකරුවන්ට ඔවුන් පරිගණක පද්ධතිය වෙත ඇතුළු වූ බව දැන්වීමේ ඒකායන පරමාර්ථයෙන් කඩා වැදී, පසුව පද්ධතිය පිළිසකර කිරීම සඳහා සුළු මුදලක් අය කිරීම වැනි දෙයක් සිදුකරනු ලබයි.

  • Elite hacker - මෙය හැකර්වරුන් අතර ඇති සමාජ තත්ත්වයකි, elite යන යෙදුම කුසලතාවයෙන් පරිපූර්ණ වැනි අදහසක් දීම සඳහා යොදාගෙන ඇත.

  • Script kiddie - වෙනත් අය විසින් තනන ලද pre-packaged automated tools  භාවිතා කර පරිගණක පද්ධතියකට කඩාවදින අදක්ෂ අයෙකු script kiddie කෙනෙක් ලෙස හැඳින්විය හැක. මෙවැන්නන් සාමාන්‍යයෙන් මෙම සංකල්ප පිළිබඳ අඩු අවබෝධයක් ඇත්තන්ය.

  • Neophyte - Neophyte, "n00b", හෝ "newbie" යනු Hacking සහ තාක්ෂණික පැතිකඩ පිළිබඳ කිසිදු අවබෝධයක් හෝ අත්දැකීමක් නැති නවකයින්ය.

  • Blue hat - පරිගණක පද්ධතියක් දියත් කිරීමට (Launch) පෙර එහි ඇති දෝෂ සෙවීම සඳහා යොදාගන්නා පරිගණක ආරක්ෂාව පිළිබඳ උපදේශන සේවා සපයන ආයතනයකින් බැහැර පුද්ගලයෙකි. මයික්‍රොසොෆ්ට් ආයතනයද මෙම හැකර් වරුන්ගේ සේවය ලබාගනී.

  • Hacktivist - සමාජයීය, මතවාදී, අාගමික හෝ දේශපාලනික පණිවුඩ ලබාදීම සඳහා තාක්ෂණය භාවිතා කරන්නෙකු මෙනමින් හැඳින්වේ. සාමාන්‍යයෙන් මොවුන් වෙබ් අඩවි විකෘති කිරීම/මකා දැමීම (website defacement) හෝ denial-of-service attacks වල නිරතෙවති. බොහෝ අවස්ථා වල hacktivism යන්න සයිබර් ත්‍රස්තවාදය (cyberterrorism) සඳහා උපකරණයක් ලෙසද යොදාගෙන ඇත.
☺☻........
හැකර් වරයෙකූ වීමට ඔබත් කැමතිනම්!http://whatishacking.org/how-to-become-a-hacker.html
_________________________________________________


මූලාශ්‍ර / වැඩිදුර කියවීම් :
http://whatishacking.org/
http://en.wikipedia.org/wiki/Hacker_(computer_security)
_________________________________________________

මීට පෙර පලවූ පරිගණක උදවු ShortNote ලිපි


                                                ෴කිනිත් හෙට්ටිආරච්චි෴

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්