මොනවද මේ ටොරන්ට් කියන්නෙ?

සොයන්න

30.6.11



අන්තර්ජාලය භාවිතාකරන බහුතරයක් පිරිස තමන්ට අවශ්‍ය වු විවිධ මෘදුකාංග, වීඩියෝ දර්න, හඬ පට, ලිපි ගොනු , එකී මෙකී නොකී බොහොමයක් දෑ පහසුවෙන් සොයා භාගත කර ගැනීම සඳහා ටොරන්ට් භාවිතා කරනු ලබනව.මෙලෙස සඳහන් කිරීමේදී පාඨක ඔබට සිතෙන්නට පුළුවන් ප්‍රශ්ණයකි මේ..

"එහෙනම් වෙබ් බ්‍රව්සරයකින් සාමාන්‍ය භාගත කිරීමක් සිදුකිරීමත් ටොරන්ට් මඟින් භාගත කිරීමක් සිදුකිරීමත් අතර වෙනස මොකක්ද?"

මෙම භාගත කිරීමේ ක්‍රම දෙක තුළ විශාල වෙනසක් පවතිනව.ඇත්තෙන්ම මා මේ ලිපියෙන් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණත් මෙම වෙනස ඔබට පැහැදිලි කරදීමයි.

හොඳයි, ප්‍රථමයෙන්ම අපි බලමු සාමාන්‍ය ලෙස වෙබ් ඔබගේ වෙබ් බ්‍රවසරය භාවතා කිරීමෙන් සිදුකරන භාගත කිරීමකදී සිදුවන ක්‍රියාවලිය.


ඔබ අන්තර්ජාලය භාවිතා කිරීම සඳහා යොදාගන්න වෙබ් බ්‍රව්සරය කුමක්ද? එය internet explorer, firefox, chrome, opera, safari හෝ වෙනත් වෙබ් බ්‍රව්සරයක් විය හැකියි.අපි ඩවුන්ලෝඩ් කිරීමක් සිදුකිරීමේදී සාමාන්‍යයෙන් සිදු කරනු ලබන්නේ වෙබ් පිටුවක ඩවුන්ලෝඩ් කිරීමක් සඳහා ඉඩ ලබාදී ඇති ලින්ක් එක ක්ලික් කිරීම මඟිනි.‍එම ක්ලික් කිරීමේදී අපගේ වෙබ් බ්‍රව්සරය මඟින් අප භාගත කරන ෆයිල් එක ඇති සර්වර් එකට දැනුම්දීමක් කරනුලබන අතර එවිට එම සර්වර් එක අපගේ පරිගණකය වෙත ෆයිල් එක එවයි.එනම් ඩවුන්ලොඩ් වීම ආරම්භවේ.මෙලෙස ඩවුන්ලෝඩ් වීම සිදුවන්නේ විශේෂ ප්‍රොටොකෝලයකට අනූවය.එය FTP (File Transfer Protocol) හෝ HTTP (Hyper Text Transfer Protocol) වේ.

දැන් අපි බලමු මෙලෙස ෆයිල්ස් ඩවන්ලෝඩ් කරගැනීමේ වාසි මොනවාද කියල.

  • භාවිතා කිරීම පහසුයි
  • ඩවුන්ලෝඩ් කිරීම සඳහා ‍අවශ්‍ය ප්‍රොටකෝලය භාවිතා කරනු ලබන වෙබ් බ්‍රව්සරයේ පැවතීම හේතුවෙන් ඒ සඳහා තවත් ප්‍රොටකෝල් ඉන්ස්ටෝල් කර ගැනීමට සිදුනොවීම.
  • වෙබ් සර්ච් එන්ජින් එකක් භාවිතා කර පහසුවෙන්ම අවශ්‍ය ෆයිල් එක සොයාගෙන ලින්ක් එකක් ක්ලික් කිරීමකින් අවශ්‍ය ෆයිල් එකක් ඩවුන්ලෝඩ් කර ගැනීමට ඇති හැකියාව.
එහෙත් අපි මෙලෙස ඩවුන්ලෝඩ් කිරීමක් සිදුකිරීමේදී අපගේ ඩවුන්ලෝඩ් වී‍මේ වේගය සඳහා ප්‍රධාන වශයෙන් බලපාන කරුණු දෙකක් තිබේ.එනම්
  • අප ඩවන්ලෝඩ් කිරීම සිදුකරනු ලබන සර්වරයේ පවතින කාර්ය්‍යබහුල බව
  • අප ඩවුන්ලෝඩ් කිරීම සිදුකරනු ලබන ෆයිල් එක අප වාගේම එම මොහොතේ ඩවුන්ලෝඩ් කරන තවත් පරිගණක සංඛ්‍යාව

වැනි දෑයි. මෙහිදී පෙර සඳහන් කළ කරුණූ දෙක වැඩි වන විට අපගේ ඩවුන්ලොඩ් වීමේ වේගය අඩුවීමක් සිදුවේ.එනමුත් මෙම කරුණු දෙක වැඩි වන්න වැඩි වන්න ඔබගේ ඩවුන්ලෝඩ් වීමේ වේගය වැඩිවන ප්‍රොටකෝලයක් තිබේදැයි පැවසුවොත්.. ඔව් ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමකදී සිදුවන්නේ එයයි.හොඳයි අපි දැන් ටොරන්ට් යන්න හඳුනාගනිමු.

ටොරන්ට් යනු ඩිජිටලි ෆයිල් ෆෝර්මැට් එකකි.‍මෙම ෆයිල් වර්ගය .torrent වේ. ඔබගේ වෙබ් බ්‍රව්සරයේ ඇති FTP හෝ HTTP ප්‍රොටොකෝල වලට මෙම ටොරන්ට් ගනුදෙනුව සිදුකිරීමට නොහැක.මේ සඳහා ඔබගේ පරිගණකයට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් ඉන්ස්ටෝල් කර ගත යුතුවේ.

ලොව ඇති ජනප්‍රියම ටොරන්ට් ක්ලයන්ට් එක ලෙස බිට් ටොරන්ට් (Bit Torrent) ක්ලයන්ට් එක හැඳින්වීමට පුළුවන්.බිට් ටොරන්ට් ක්ලයන්ට් එක බාගත කරගැනීම සඳහා ක්ලික් කරන්න.

http://download.bittorrent.com/dl/BitTorrent-7.2.1.exe

මෙම ක්ලයන්ට් එක ඔබගේ පරිගණකයට ඩවුන්ලෝඩ් කර ඉන්ස්ටොල් කරගන්න.වැඩිවිස්තර ලබාගැනීම සඳහාhttp://www.bittorrent.com/ වෙත පිවිසෙන්න.

බිට් ටොරන්ට් මෘදුකාංගයේ ඉතිහාසය මඳකට සොයා බැලුවහොත් මෙම මෘදුකාංගය ලොවට හඳුන්වා දෙනු ලැබූවේ ඇමරිකාවේ සිටි බරැම් කොහෙන් නම් පරිගණක ක්‍රමලේඛ ශිල්පියෙකු විසිනි.ඒ 2001 ජූලි 02 වැනි දිනදීය.එදා සිට මේ දක්වා මෙම මෘදුකාංගය විවිධ වෙනස්වීම් වලට භාජනයවී අද වනවිට ලොව පුරා ටොරන්ට් භාවිතා කරන්නන් අතරේ ජනප්‍රියතම මෘදුකාංගය බවට පත්වී ඇත.දැන් අපි ටොරන්ට් ඩවුන්ලෝඩ් කිරීමක් සිදු කරන ආකාරයත් ඒ සමඟ සිදුවන ක්‍රියාවලියත් හඳුනා ගනිමු.

ටොරන්ට් ඩවන්ලෝඩ් කිරීමකට ක්ලයන්ට් එකක් ඉන්ස්ටෝල් කරගැනීමෙන් අනතුරව අප ටොරන්ට් සර්ච් එන්ජින් එකක් මාර්ගයෙන් අපට අවශ්‍ය ෆයිල් එක ඇති සර්වර් එක සොයාගත යුතුය.ජනප්‍රිය සර්ච් එන්ජින් කිහිපයක් පහත දක්වා ඇත.
මෙම සර්ච් එන්ජින් මාර්ගයෙන් අපට අවශ්‍ය ෆයිල් එක තිබෙන සර්වර් එක සොයාගැනීමක් පළමුව සිදුකළ යුතුවේ.තමන්ට අවශ්‍ය ෆයිල් එක ඩවුන්ලෝඩ් කරගැනීමෙන් පසු එය බිට් ටොරන්ට් හරහා ඕපන් කර ගත යුතුවේ. දැන් ‍බිට් ටොරන්ට් එම ෆයිල් එක තිබෙන සර්වරය සමඟ සම්බන්ධවේ.එම සර්වර් පරිගණකය ට්‍රැකර් ලෙස හඳුන්වයි. මෙහිදී ප්‍රථමයෙන්ම සොයා බලනු ලබන්නේ අප විසින් ඉල්ලා සිටින ෆයිල් එක තිබෙන ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගය භාවිතාකරමින් ඉන්ටනෙට් සමඟ සම්බන්ධවී සිටින පරිගණක මොනවාද යන්නයි.අප ඉල්ලා තිබෙන ෆයිල් එක සම්පූර්ණයෙන් ඩවුන්ලෝඩ් වී තිබෙන පරිගණක අඩුම කරමින් එකක් හෝ තිබිය යුතුය. කිහිපයක් තිබේනම් වාඩාත් හොඳයි.මෙම පරිගණක සීඩ්ස් (seeds) යනුවෙන් හඳුන්වනු ලබයි.ඒ සමඟ දැනට ඒ ෆයිල් එක ඉල්ලා තිබුණත් තවමත් ඩවුන්ලෝඩ් වෙමින් පවතින පරිගණකද විශාල ප්‍රමාණයක් පවතී.මේවා ස්වාම් (swarm) ලෙස හඳුන්වනු ලබන අතර ඒවායින් අප්ලෝඩ් වීම්ද සිදුවේ.
ස්වාම් පරිගණක වල ඩවුන්ලෝඩ් වී තිබෙනුයේ විවිධ ප්‍රතිශත වලිනි.එහෙත් සෑම පරිගණකයක්ම ඩවුන්ලෝඩ් වී ඇති දත්ත ප්‍රමාණය අනුව අනෙක් පරිගණක වලටද තමන් ළඟ ඇති ෆයිල් කොටස් ලබාදේ.මෙය සිදුවන්නේ අපට අවශ්‍ය ෆයිල් එකේ විවිධ කොටස් ඇති තැන් සොයා ඒඒ තැනි වලින් එම කොටස් ඩවුන්ලෝඩ් කර සම්පූර්ණ ‍ෆයිල් එක තනාදීමයි.මෙම කොටස් 64KB සිට 4MB දක්වා වන ප්‍රමාණයේ කොටස්වේ.මුලින් ගොනුවේ ඇති විරල කොටස් ඩවුන්ලෝඩ් කරනු ලබන අතර බහුල කොටස් අවසානයට තබා ගනී.මෙසේ අවශ්‍ය කොටස් සොයා ඒවා එකලස් කර දෙන්නේ ට්‍රැකර් පරිගණකය මඟනි.ඩවුන්ලෝඩ් කරනු ලබන ෆයිල් එක ඉල්ලනු ලබන පරිගණක ප්‍රමාණය වැඩි වන තරමට ඩවුන්ලෝඩ් වන වේගය වැඩිවන්නේ යැයි මා ඉහතදී සඳහන් කළේ ඒ බැවිනි.

(ටොරන්ට් ඩවුන්ලෝඩ් කරන අතරමඟදී අපගේ ඩවුන්ලෝඩ් කිරීමට වෛරස් එකතුවන්නේ නැහැ.නමුත් එම ෆයිල් එකේ වෛරස් තිබෙන්න පුළුවන්. මේ සඳහා වෛරස් ගාඩ් එකක් මඟින් ස්කෑන් කර ෆයිල් එක ඕපන් කරන්න පූළුවන් නමුත් සමහර විට keygen / Crack වයිරස් ගාඩ් මඟින් අල්ලන්න පුළුවන්.මේ සඳහා කරන්න පුළුවන් හොඳම දේ තමා ප්‍රසිද්ධ ටොරන් සර්ච් එන්ජින් භාවිතා කිරීම සහ එම ඩවුන්ලෝඩ් ලින්ක් එක සමිබන්ධයෙන් එය ඩවුන්ලෝඩ් කරගත් පුද්ගලයන් දමා ඇති comment) කියවා බලා ඩවුන්ලෝඩ් කිරීම..)


බිට් ටොරන්ට් භාවිතා කරන ඔබට වැදගත් යමක් පැවසීමට කැමතියි.ඔබ යම්කිසි දෙයක් බිට් ටොරන්ට් හරහා ඩවන්ලෝඩ් කිරීමෙන් අනතුරුව බිට් ටොරන්ට් තුළින් ඉවත් නොවී තවදුරටත් එය ක්‍රියාත්මකව තැබුවොත් ඊළඟ ඩවුන්ලෝඩ් කිරීම වේගවත් වේ.‍ඔබ ඩවුන්ලෝඩ් කිරීම අවසන් කළ පසු තවදුරටත් ක්ලයන්ට් එක විවෘතව තැබීමෙන් ඔබගේ පරිගණකය සීඩ් එකක් බවට පත්වන අතර ඔබගේ එම ත්‍යාගශීලිත්වය බිට් ටොරන්ට් ක්ලයන්ට් හි සටහන්වේ.ඒ ත්‍යාගශීලිත්වයට අනුව ඔබේ ip address එක ශ්‍රේණිගත වන අතර ඊළඟ ඩවුන්ලෝඩ් වීම වේගයෙන් ඉටු කරදෙන්නේ ඔබගේ උපකාරයට ප්‍රතිඋපකාරයක් වශයෙනි.ඔබ සීඩ් පරිගණකයක් වීමෙන් ඔබට වියදමක් නැත.

ලිව්වේ : චමෝද් සසංක
www.Trickslanka.com
♣¤═══¤♣♣¤¤۩۞۩ஜஜ۩۞۩¤¤♣♣¤══════¤♣
  ░░░░░░█▀▀░▄▀▀▄░█▀▀░▄▀▀▄░░░░░░
  ░░░░░░▀▀█░█▀▀█░▀▀█░█▀▀█░░░░░░
  ░░░░░░▀▀▀░▀░░▀░▀▀▀░▀░░▀░░░░░░
♣¤═══¤♣♣¤¤۩۞۩ஜஜ۩۞۩¤¤♣♣¤══════¤♣

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්