DNS (Domain Name System) මොකද්ද මේ DNS ?

සොයන්න

28.6.11

DNS (Domain Name System) මොකද්ද මේ DNS ?
Posted: පෙබරවාරි 11, 2009 by Gayan in අන්තර්ජාල, ජාලකරණය


  • DNS යනු දත්ත ගබඩාවකි.

(data base) එකෙන් කරන්නෙ අන්තර්ජාලයේදී අපි ටයිප් කරන ‍ඩොමේන් එකක් IP Address එකකට පරිවර්ථනය කරන එකයි.


ඇත්තට ම පරිගණක ජාලයක් තුල එක් තැනක සිට තවත් තැනකට සම්බන්ධ වීමේදී භාවිතා කරන්නේ IP Address.
උදා. වශයෙන් අපි google වලට යනවිට භාවිතා කරන්නේ www.google.com යන වෙබ් ලිපිනයයි.

එය Address bar එකෙහි ටයිප් කිරීමෙන් අපට google වෙබ් එකට යා හැකිය. නමුත් ඇත්ත වශයෙන්ම එය google හා සම්බන්ධ වන්නේ එහි වෙබ් ලිපිනයෙන් නොව එහි IP Address එකෙනි……

උදාහරණයක් වශයෙන් google වල IP Address එක 204.170.49.27 නම් එමගින් google වලට සම්බන්ධ වේ. නමුත් සාමාන්යoයෙන් වෙබ් අඩවි තියෙන ප්ර මාණයේ තරමටම IP Address එකින් එක මතක තබා ගැනීම අපහසුය. එහෙත් ඒ වෙනුව‍ට වෙබ් ලිපිනය මතක තබ ගැනීම‍ට හැකිය. ඒ නිසා අප යම් වෙබ් අඩවියකට යෑමේදී භාවිතා කරන්නේ ඊ‍ට අදාල වෙබ් ලිපිනයයි.

DNS එකෙන් කරන්නෙ අපි ටයිප් කරන ‍ඩොමේන් එකක් IP Address එකකට පරිවර්ථනය කරන එකයි. ඉන් පසු අදාල ස්ථානය හා IP Address මගින් සම්බන්ධ වීමයි.


උපුටා ගත්තේ : http://gayansblog.wordpress.com/2009/02/11/dns-domain-name-system-%E0%B6%B8%E0%B7%9C%E0%B6%9A%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF-%E0%B6%B8%E0%B7%9A-dns/

 http://gayansblog.wordpress.com/

ලිව්වේ : Darshana Wimukthi

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්