Microsoft Office වලට අභියෝග කරන Live Documents හා IBM Symphony

සොයන්න

27.6.11

ආයුබෝවන්!

ඔන්න එහෙනම් තවත් කතාවක් කියන්නම්, මම කලින් ඉදිරිපත් කරපු කතා වගේ මේක නම් එච්චර දිග නෑ, කියවලම බලන්නකො කොහොමද කියල,

අහගන්නකො,  මයික්‍රොසොෆ්ට් ආයතනයට වෙන්න යන දෙයක්

මයික්‍රොසොෆ්ට් ආයතනයේ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියට මපණක් දෙවැනි වන ඔවුන්ගේ MS Office වැඩසටහන් එකතුව වූ ලොව පැවති ලිපි ලිවීම, වානිජ කටයුතු සදහා ගණනය, තොරතුරු හා ප්‍රස්ථාර දැක්විය හැකි වැඩසටහන් හා දත්ත මෙහෙයුම් සදහා පැවති ජනප්‍රියම වැඩසටහන් එකතුවයි. නමුදු මිල අධික වීම හේතුවෙන් තුන්වෙනි ලොව හා අනිකුත් රටවල එතරම් මුදලක් වියදම් කිරීමට නොහැකි භාවිතා කරන්නන් එහි අනු පිටපත් භාවිතා කිරීමට පෙළඹි සිටිති.


ලොව ප්‍රමුඛස්ථානයේ සිටින මෙම වැඩසටහන අද තර්ජනයකට මුහුණ පා සිටී. ඒ අනවසරෙන් කරන අනු පිටපත් නිසා නොව අන්තර් ජාලය හා IBM වැනි සමහර ආයතන එකතුවී ලොවට එලිදැක්වීමට යන නොමිලේ ලබාගත හැකි කාර්යාල හා නිවෙස් සදහා ලිපි හා ගනුදෙනු කළ හැකි වැඩසටහන් නිසාවෙනි.

මෙවැනි එක් වැඩසටහනක් Live Documents යනුවෙන් InstaColl නැමැති ආයතනය විසින් අන්තර්ජාලය හරහා භාවිතා කළ හැකි අන්දමට නිෂ්පාදනය කොට ඇත. මෙහි ඇති වාසිය වන්නේ ලොව කුමන ස්ථානයක සිට වුවද එය අන්තර්ජාලය හරහා භාවිතා කිරීමට ඇති හැකියාවයි. ලිපි ගබඩා කිරීම සදහාද පහසුවද එම අන්තර්ජාලය ඔස්සේම ලබාදී ඇත. දැනට MS OFFICE හරහා සකසා ඇති ඕනෑම ලිපියක් මෙම වැඩසටහන හරහා ද භාවිතා කිරීමට පහසුකම් සපයා ඇත. මෙම වැඩසටහන භාවිතා කිරීමට අවශ්‍ය අයෙකු කළ යුත්තේ http://www.live-documents.com වෙබ් අඩවිය වෙත යොමු වීමයි. කෙලින්ම මෙම අඩවියට සම්බන්ධ වීම සදහා එහි ඇති කුඩා වැඩසටහනක් Download කර එය ස්ථාපනය කිරීම මගින් කරගත හැක.

IBM Symphony නමින් ලෝක ප්‍රසිද්ධ IBM ආයතනය විසින් MS Office සදහා ආදේශකයක් වින්ඩෝස් හා ලිනක්ස් භාවිතා කරන්නන්ට නොමිලේ ලබා දීමට සැලසුම් කොට ඇත. ලිපි සැකසීම, වානිජ්‍යය සදහා අවශ්‍ය ගණනය කිරීම් හා තොරතුරු හි ප්‍රස්ථාර දැක්විය හැකි වැඩසටහනක් යනුවෙන් වැඩසටහන් තුනක් කැටි කොට නව මෙම IBM Symphony සකසා ඇත.

බොහෝ විට මුදල් පසුපස හඹාගිය මයික්‍රොසොෆ්ට් ආයතනයේ පරිගණක ලෝකයේ ඒකාධිකාරිය තව නොබෝ දිනකින් බිදීයන බවට මෙය එක් සාදකයකි.

ඔබේ අදහස් මෙහි පළකරන්න අමතක කරන්න එපා,

ස්තූතියි!

සුභ දවසක්

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්