Virus ඇතුල් වුන Doubel Click Open කරන්න බැරි Partition යථා තත්වයට ගැනීම.

සොයන්න

30.6.11

කොහොමද යාලුවනේ? ඔන්න මගෙනුත් පුංචි දෙයක් ඔයාලට දෙන්න හිතුණ. මේක මගේ පළවෙනි ලිපිය. ඉතින්, මං මේ කියන්න හදන දේ සමහර වෙලාවට ඔයාල දන්නවත් ඇති. නොදන්න අයත් ඇති නේ? එයාලට ප්‍රයෝජනවත් වේවි කියලයි මේක ලියන්න හිතුවෙ.

වෛරස් ගැන ඔයාල අහල ඇති නේ? කවුද වෛරස් ගැන නොදන්නෙ නේද?

                                        මෙහෙමයි. සමහර වෙලාවට වෛරස් අපේ හාඩ් එකේ partition ඇතුලට ගියාම
ඒව ඇරගන්න බැරුව යනව. දැකල ඇති නේ? වෛරස් ටික අයින් කරත් මේව ඇරගන්න බැරුව යනව. ඉතින්, ඒ වෙලාවට මේ ක්‍රමේ අත්හදා බලන්න.


  • ගන්න Notepad File එකක්.
  • ඔයාලට ඒකෙ නම පෙන්නාවි New text document කියල.
  • ඒක autorun.inf විදියට save කරන්න.

මෙතනදි ඔයාලට පොඩි දෙයක් කරන්න වෙනව. autorun.inf විදියට නම වෙනස් කරාට මේක තාම
නිකන් Text File එකක් විතරයි නේ? මේක autorun වලට වෙනස් කරන්න ඕන මේ විදියට.

  • Tools වල folder Opetion යන්න
  • ඊට පස්සෙ View Tab 1 තෝරන්න
  • ඒකෙ Advance setting යටතේ තියන Hide Extension files & folders වල හරි ලකුණ අයින් කරන්න
  • දැන් Apply Ok කරන්න
  •  ආපහු ඔයා හදාගත්ත Notpad file එක තියන තැනට එන්න
දැන් ඒකෙ නම විදියට ඔයාට පේන්නෙ autorun.inf.txt විදියට. ඒකෙ txt කියන ටික මකල දාන්න ඩොට් එක (.) ළගට එනකන්.
  • එතකොට ඉතුරු වෙන්නෙ autorun.inf විතරයි. මේක නම වෙනස් කරල enter කරාම පොඩි Massage එකක් එවි.
  • ඒක Ok කරන්න.                                                                                                                             
දැන් ඔයා හදපු file එකේ Icon එක වෙනස් වුනා නේද?
                                           ඔන්න අමාරු වැඩටික නම් දැන් ඉවරයි. දැන් මේ හදාගත්ත file එක උඩ Right Click කරල කොපි කරගන්න. ඊට පස්සෙ වෛරස් ගිහින් Open වෙන්නෙ නැති Partition එක උඩ  Right Click කරල Past කරන්න. එතකොට ඔයාගෙන් අහයි දැනටමත් මේ file එක තියනව. ඒක උඩින් save කරන්නද කියල. ඒ විදියටම එතන save කරන්න. දැන් Partition double Click කරල බලන්න. සමහර වෙලාවට මේ වැඩෙන් හරි නොයන්න පුලුවන්. එතකොට කරන්න තියෙන්නෙ Partition එක උඩ  Right Click කරල Rename කරන එක. ඔයාලට කැමති නමකින් Rename කරන්න පුලුවන්.

මම නම් මෙතනදි කරන්නෙ සුලු දෙයයි.

Partition එක උඩ  F2 Key එක Press කරල Delete Key එක ඔබනව. ඊට පස්සෙ තියන නම මැකෙනව. ආයෙ Enter Key press කරාම Partition Rename වෙලා. (මෙතනදි Rename වෙන්නෙ Local Disk විදියට) කරල බලන්න වැඩේ කොහොමද කියල.

මතක තියා ගන්න. මේක නොදන්න අයට විතරයි.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්