GMAIL සඳහා Virtual Hard Drive එකක් Create කරගමු.

සොයන්න

6.3.12

හැමෝටම සුබදවසක්! Gmail ගැන කතාකරද්දී අද ලෝකයේ හොඳම e-mail වැඩසටහන කිව්වොත් හරි.වෙනත් පැත්තකින් බලද්දී File හුවමාරු කරගන්නා Communication medium එකක්.අපිට පුළුවන් Files attach කර Send කිරීමට 25MB දක්වා අපේ යහළුවන් සමග.තව දෙයක් කියන්න ඕනේ executable files සහ folders attach ඔබට කිරීමට අවස්ථාවක් නෑ.මම අද කියන්න යන්නේ Files attach කිරීමට ඉතා පහසු ක්‍රමයක්,ඒ Gmail Drive එක අදාරයෙන්.

රූප සහිතව බලාගැනීමට යන්න,
http://techlokaya.blogspot.com/2012/02/gmail-virtual-hard-drive-create.html

Gmail Drive එක Freeware එකක්.එකපාරක් install කරාම ඔයාගේ පරිගණකයේ Gmail Accounts සඳහා Virtual Drive එකක් නිර්මාණය වෙනවා.ඔයාට පුළුවන් ඔයාගේ Files හා Data මෙම Gmail Drive එකට ඇදලා දාන්න( drag & drop ) ඊටපස්සේ ඔයා Gmail Drive එකට දාපු Files හෝ Data, Gmail Drive එක මගින් ඔයාට email කරනවා ඔයා attach කරපු Files හෝ Data සමගින්ම.ඇත්තටම මෙම Gmail Drive එක Virtual Hard Drive එකක් ඔයාට මෙම Drive එකට access තියෙන්නේ active internet connection එකක් තිබුනොත් පමණයි.මම හිතනවා Gmail Drive සම්බන්දයෙන් පැහදිලි කරා ඇති කියලා.දැන් අපි බලමු මේක හදාගෙන Files attach කරගන්නේ කොහොමද කියලා,

01 - Gmail Drive එක Download  කරගන්න.
(http://www.filehippo.com/download_gmail_drive/)

02- ඔබට ලැබෙන ZIP file එක WinRAR මගින් Extract කරගන්න.

03- Extract වුනාට පස්සේ ඔබට ලැබෙන Setup.exe executable file එක double click කර Gmail Drive එක install කරගන්න.

04- Install කරගැනීමෙන් පසු My Computer වෙතට යන්න.එහිදී ඔබට ඔබේ අලුත් Virtual Drive එක දැකබලා ගැනීමට පුළුවන්.

04- දැන් මෙම GMail Drive එක මත Right click කර Login As... මත click කරන්න.

05- දැන් ඔබට අවස්ථාව ලැබෙන්නේ ඔබේ e-mail එක සහ password එක ලබාදීමටයි.e-mail එක සහ password එක ලබාදී Ok කරන්න.

06- දැන් ඔයාට පුළුවන් ඔයාගේ Files මෙම Gmail Drive එකට drag & drop කිරීමට.උදාහරණයක්‌ ලෙස ඔබ test.txt  ආකාරයේ File එකක් Gmail Drive එකට දැම්මොත් එම File එක ඔබේ gmail account එකට Gmail Drive එක මගින් mail කරනවා.දැන් ඔබ ඔබේ Gmail Account එකට යන්න එහිදී ඔයාට බලාගන්න පුළුවන් " me " ලෙස නමක් සහිත email එකක් ලැබී ඇති බව.ඒ ලැබී ඇත්තේ ඔයා Gmail Drive එකට දාපු test.txt File එක.

07- Gmail Drive එකෙන් Log Out වීමට Gmail Drive මත Right Click කර Log out යන්න ලබා දෙන්න.එමගින් ඔබට Log out වීමට පුළුවන්.

Source - http://techlokaya.blogspot.com/2012/02/gmail-virtual-hard-drive-create.html මම යනවා.ජයශ්‍රී!


Nirmal Chathura

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්