සොයන්න

7.3.12

මෙන්න යාලුවනේ මගේ දෙවෙනි DOC එක.
ඔන්න යාලුවනේ මම අද පොඩි මැජික් එකක් තමයි ඔයගොල්ලන්ට පෙන්නන්න යන්නේ.....
මේක දන්න අය එහෙම ගොඩාක් ඇති. ඒත් නොදන්න අය එක්කෙනෙක් හරි ඇතිනේ......



ඔන්න මචන්ලා මම කියන්න යන්නේ අද pen drive එකක, hard එකක partition වල, එතකොට ඔය removeble disk වල එහෙම ICON එක වෙනස් කරන හැටි තමයි.

මුලින්ම ඔයාට දාන්න ඕන icon file එක ගන්න.
ඊටපස්සේ කරන්න ඕනේ මේකයි. මම මේ පහළ දාලා තියෙන ටික note pad එකක් open කරලා copy & paste කරගන්න. හොදද?

[autorun]
Label=MalithROX
Icon=usb_icon.ico

මතක තියාගන්න යාලුවනේ ඕකේ ඔය MalithROX කියන්නේ ඔයාට drive එකට දාන්න ඕන නම හොදද?
එතකොට usb_icon.ico කියන්නේ icon file එකේ නම. හොදට මතක තියාගන්න යාලුවනේ icon file එකේ අගට .ico කියලා තියෙන්න ඕනා. දැන් ඔය note pad එක මෙහෙම save කරගන්නකෝ......

autorun.inf

දැන් කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔය save කරගත්ත note pad එකයි icon file එකයි දෙකම ඔයාට වෙනස් කරගන්න ඕන drive එක open කරලා paste කරගන්න.
ඊට පස්සේ ඒ දෙකම hidden කරගන්නකෝ..........

දැන් refresh කරලා බලන්නකෝ ලස්සන.
මතක තියාගන්න යාලුවනේ removeble disk එකක්නම් ඒක ආයිත් machine එකෙන් ගලවලා ආයිත් plug කරන්න ඕනා. එතකොට තමයි ඒක වැඩ කරන්නේ.....


ඔන්න එහෙනම් මම ගියා.
මගෙ මැජික් එක හොදයිනම් Like එකකුයි Comment එකකුයි දාලම යන්නකෝ.......




**********************************************************************************

  • මගේ පළවෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ තුන්වෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ සිව්වැනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ පස්වෙනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.
  • මගේ සයවැනි DOC එකට යන්න ඕනේනම් පහත LINK එක භාවිතා කරන්න යාලුවනේ.



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්