යාහූ එකට ඔටෝ ලොග් වෙමු

සොයන්න

6.3.12

Yahoo! Auto Login : VB.NET Tutorial 1
*********************************************************************
කොහොමද යාලුවනේ..!

අද ඉදන් Visual Basic.NET පාඩම් මාලාවක් බලාපොරොත්තු වන්න.. මං අද ඔයාලට කියලා දෙන්න යන්නේ යාහු වලට Auto Login වෙන්න හදාගන්න පුලුවන් ඇප් එකක්. හැබැයි gmail වලට නම් මේ විදියට Log වෙන්න ක්‍රමයක් හම්බ වුනේ නැහැ. යාහූ ලොගින් එකක් ඕන වෙනවා මේකට, නැත්නම් අලුතින් හදාගන්න.

මුලින්ම VB.NET වලට ගිහින් Open New Project (Ctrl+Shift+N) > Select Windows Forms Application > OK
ඊට පස්සේ, මේ විදියට ස්ක්‍රීන් එක ඩිසයින් කරගන්න.


(අපැහැදිලි නම් Image එක උඩ ක්ලික් කරන්න)

මේ විදියට හදාගන්න. මේ පිංතූරේ තියෙන්නේ හදාගන්න ඕන Properties ටික..


(අපැහැදිලි නම් Image එක උඩ ක්ලික් කරන්න)

තව ඕන (කැමතියි නම්) ලින්ක් ලේබල් එකක් දාගන්න New Account එකක් හදාගන්න
ඇඩ් කරගන්න හැටි පහත ෆයිල් එක download කරගෙනම බලන්න..

එහෙනම් කෝඩ් කරන්න පටන් ගමු..
code ලියන්න තියෙන්නේ Button දෙකට විතරයි..

Navigate Button එක ඩබල් ක්ලික් කරල,

WebBrowser1.Navigate("https://login.yahoo.com/")
මේ තියෙන්නේ log වෙන්න ඕන URL එක form එකට load කරන විදිය..

LogIn Button එක ඩබල් ක්ලික් කරල,

WebBrowser1.Document.GetElementById("login").SetAttribute("value", TextBox1.Text)
'ඔබගේ යාහු ගිණුමේ username එක ගන්නේ මේ විදියට

WebBrowser1.Document.GetElementById("passwd").SetAttribute("value", TextBox2.Text)
ඔබගේ යාහු ගිණුමේ password එක ගන්නේ මේ විදියට

WebBrowser1.Document.GetElementById(".save").InvokeMember("click")
මේ code එකෙන් වෙන්නේ ඔබගේ account එකට Auto Login වීමයි..

(" ") මේ ඇතුලේ තියෙන නම් ගත්තේ යාහු මේල් source code එකෙන්..


මේ පිංතූරේ තියෙන්නේ ඒ ඕන codes ටික,


(අපැහැදිලි නම් Image එක උඩ ක්ලික් කරන්න)

දැන් මේ හදාපු ඇප්ලිකේෂන් එක Run කරගන්න F5 ඔබන්න. Errors නැත්නම් රන් වේවි..

දැන් අපි මේ හදාගත්තු ඇප් එකේ මුලින්ම Navigate Button එක ක්ලික් කරන්න.
එතකොට යාහු ලොගින් පේජ් එකට ෆෝම් එකේ ලෝඩ් වෙනවා දැන් Yahoo Mail Username, Password ගහලා ලොගින් ක්ලික් කරන්න. එතකොට අර textbox වල දාපු විස්තර ෆෝම් එකට එනවා..

Tip: "මේ විදියට ඔයාලට ඕන නම් වෙබ් පේජ් එකක ෆෝම් ‍ෆිල් කරගන්නත් හදාගන්න පුලුවන්. ඒක කරගන්න ටිකක් HTML Tags ගැන දැනුමක් ඕන වෙනවා."

ඕකයි වැඩේ..
මේ හදාපු එකේ ගැටලු තියේ නම් මේකෙන් Project File එකයි, EXE File එකයි අරගන්න.

http://www.mediafire.com/download.php?rbrc9y4r7wy4bcr

Now Goto
WindowsApplication1 > bin> Release and run .exe file


ඔබගේ අදහස් මේකට දාලා යන්න. ඉස්සරහට හොඳ වැඩසටහනක් ලියන්න ඒ අදහස් වැදගත් වේවි..

මේක අනාරක්ෂිතයි කියලා හිතෙනවා නම් අත්හදා නොබැලුවට කමක් නැහැ. ඒත් තමන් හදන නිසා ඒ විශ්වාසය ඇතියි කියලා හිතනවා..

මේක නම් එඩිට් කරාට කමක් නැහැ..
පුලුවන්නම් එඩිට් කරන්න
බැකප් තියෙනවා :D

සුබ දවසක් වේවා..ආයුබෝවන්


Sajith Harshana

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්