Angry Birds in Facebook

සොයන්න

7.3.12

කට්ටියට ආයුබෝවන්!!!Facebook එකේ දවස ගෙවන කස්ටියට තමයි මේ news එක.ගොඩක් අය දන්නවත් ඇති,මුලින්ම ROVIO 2009 දෙසෙම්බර් වල තමයි Angry Bird ක්‍රීඩාව නිකුත් කරේ,ඒක හිතුවටත් වඩා ජනප්‍රිය උනා.2010 වර්ෂයේ වැඩිම ප්‍රමාණයක් download කරපු Apple iOS application එක තමයි Angry Birds.ඊට පස්සේ තමයි ROVIO අනිත් platforms වලටත් Angry Bird නිකුත් කරේ.Android phones , Windows , Google Chrome සඳහා.දැන් එයාලා පළමු වතාවට Angry Bird, officially විදිහට නිකුත් කරා අපි කව්රුත් නිතරම යන්න කැමති මාර්ක් අයියගේ Facebook එකට.මේකත් නියම Fun එකක් වෙයි මුහුණු පොතේ පොරවල්ට,

මේ Angry Bird ක්‍රීඩාවේ අලුත් features වගයක් තියනවා.කවුරුවත් කැමති නෑනේ පරණ එකම සෙල්ලම් කරන්න.ඇත්තටම Facebook එකට ආපු ක්‍රීඩාව ටිකක් Social සහ තරගකාරී බැවින් වැඩියි, අලුත් Levels, සහ අලුත්ම Power-Ups.මෙන්න මේ power-up වර්ග 4ක් තියනවා,යටින් තියෙන්නේ ඒවා තමයි.

Super Seeds – Increase the size of the bird that is currently in the slingshot
King Sling – Increases the initial launch speed of all your birds.
Sling Scope – Allows you to see a large part of a bird’s trajectory before launch
Birdquake – Shakes the ground in any level  


Angry Bird Play කිරීම සඳහා මුලින්ම Application එකට අවසර දිය යුතු වෙනවා.ඊටපස්සේ සාමාන්‍ය වෙනත් Application එකක් විදිහටම Play කරන්න පුළුවන්,ඔයාට ඔයාගේ යාළුවොත් එක්ක Score සහ Activities, share කිරීමේ අවසථාව ලැබෙනවා.Angry Bird play කිරීමට Flash Player 11  හෝ ඊට වඩා අලුත් version එකක් install කරගෙන ඉන්න ඕනේ.Angry Bird ගැන උනන්දු අයට අලුත්ම news එක තමයි මේ අවුරුද්දේ මාර්තු මාසයේ 22 වෙනිදට Angry Bird Space නිකුත් කිරීමට සැලසුම් කරලා තියනවා.


 Flash Player 11 ( http://www.adobe.com/support/flashplayer/downloads.html )           
 PLAY ANGRY BIRD ON FACEBOOK (https://apps.facebook.com/angrybirds/)



0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්