Blogger-blog-attribution-gadget-remove

සොයන්න

7.3.12

ඔයාලා blog එකක් කරනවානම් හරි නැත්තන් blog කියවනවානම් දැකලා ඇති මේ Attribution Gadget එක.සමහර Blogger Templates වලනම් ඕක පහසුවෙන් අයින් කරගන්න පුළුවන්.සමහර ඒවගේ බෑ.යටින් තියන pic එක බලන්නකෝ,


මෙන්න මෙවිදිහට තමයි ඒ gadget එකට ගියාම තියෙන්නේ.වෙන Gadget එකක්නම් තියනවෙනේ Remove කියලා Button එකක්.මේකේ නෑ.ඉතින් අපිට පුළුවන් මේකටත් Remove button එකක් Add කරගන්න.ගොඩක් අය කරන්නේ පොඩි HTML code එකක් දාන එකනේ.ඒත් මම කියන්න යන්නේ එහෙම දෙයක් ගැන නෙමෙයි.මේකත් HTML එකේ edit එකක් තමයි,ඒ වුනාට වැඩේ ගොඩක් සරලයි.යට තියන pic එක දිහා බලන්නකෝ...


ඔයාලට පේනවා ඇති කලින් pic එකේ Remove කියන Button එක නැතිඋනාට මේ උද තියන pic එකේ Remove button එකක් තියනවා කියලා.මම කියලා දෙන්න යන්නේ කොහොමද මේ Remove button එක Add කරගන්නේ කියලා,එහෙනම් වැඩේ පටන්ගමු,

01- ඔයාගේ blog එකේ Design කියන tab එකට යන්න.ඊට පස්සේ Design යටතේ ඇති Edit HTML වලට යන්න.

02- Edit Template වලට යටින් තියන්නේ ඔයාගේ Template එකේ HTML code එක.දකුණට වෙන්න තියනවා නේද Expand Widget Templates කියලා එකක්.ඒකට ඉස්සරහින් තියන box එකට tic එක දාන්න.

03- දැන් ඔයාලගේ key board එකේ Ctrl key එක ඔබාගෙන F අකුර ඔබන්න.එතොකොට පොඩි Search box එකක් එනවනේ.ඒකෙ ලියන්න Attribution කියලා.ඒකරලා Enter key එක ඔබන්න.එතොකොට පල්ලෙහා තියනවිදිහට එයි.මම මේකට use කරන්නේ Firefox නිසා Search box එක එන්නේ යටින්.Chrome වලනම් එන්නේ දකුණුපැත්තේ උඩින්,

04- දැන් චුට්ටක් යටට වෙන්න locked='true' කියලා ඇති.ඒකෙ true කියන එක මකලා දාලා false කියලා type කරන්න.locked='false' ආකාරයට.

05- දැන් SAVE TEMPLATE button එක click කරන්න.

06- දැන් Page Elements වලට ගිහින් Attribution Gadget එකට ගියාම Remove කියලා button එකක් තියෙයි.එතනින් Remove දීලා එක අයින් කරගන්න පුළුවන්.

රූපත් එක්ක බලන්න ඕනනම් මේ ලින්ක් එකට යන්න.

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්