Facebook Updates

සොයන්න

7.3.12

මෙම ලිපිය ඔබ කියවන්නේ පරිගණක උදවු වෝල් එකේ සිට නම් රූප දර්ශනය නොවන බැවින්, රූප සටහන් සහිතව කියැවීම සඳහා මෙතැනට යන්න.
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Facebook ගෘප් අද මේ තිබෙන ආකෘතියෙන් හඳුන්වාදී දැන් වසරකට ආසන්න කාලයක් ගතවී තිබෙනවා. ඉදිරියේදී තවත් වෙනස්කම් සහිතව Facebook Groups දියුණු කෙරෙනු ඇති.


කෙසේවෙතත් නව ආකෘතියද අදියර කීපයකින් දියුණු කෙරුණා. මෙම දියුණු කිරීම් වල සුවිශේෂ වෙනසක් වගේම ඇතැම් සාමාජිකයින්ට යම් අපහසුතාවයක් ඇති කළ දියුණු කිරීමක් තමයි සමූහයකට සාමාජිකයින් එකතු කිරීමේදී ඇති කර තිබෙන වෙනස්කම්.


කලින් තිබූ එකවර සාමාජිකයින් 20ක් එකතු කළ හැකි Add Friends බොත්තම වෙනුවට සමූහයේ wall එක තුළ සමූහ විස්තරයට පහළින් ඇති “Who else should be in this group?“ යටතේ ඇති ටෙක්ස් බොක්ස් එක හරහා එක් වරකට එකතු කළ හැක්කේ එක් සාමාජිකයෙකු පමණයි.

මේ කියන්න යනදේ දන්න අයත් ඇති. නොදන්න අයත් බොහෝ ඇති.


කාටත් පෙනෙන්නට තිබෙන වරකට එක් සාමාජිකයෙකු පමණක් එකතු කරන ක්‍රමය වගේම කලින් තිබූ වරකට සාමාජිකයින් 20ක් බැගින් එක් කළ හැකි ක්‍රමයත් මේ Facebook Group ආකෘතියේ පියවරක් පසුපසින් සැඟව තිබෙනවා!.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

ඒ සඳහා ඔබ පළමුවෙන්ම සාමාජික ලැයිස්තුවේ "Members" යන තැන දකුණු කෙළවර ඇති See All මත ක්ලික් කළ යුතුයි.


ඉන්පසුව අදාල සමූහයේ සාමාජික ලැයිස්තුව ඇතුළත් පිටුව වෙත ඔබ පිවිසෙනු ඇති.


දැන් ඔබ මෙම පිටුවේ දකුණු පස ඉහළ කෙළවර ඇති Add Friends බොත්තම මත ක්ලික් කළ යුතුයි.


ඉන්පසුව ඔබට පහත ආකාරයේ සංවාද කොටුවක් ලැබෙනු ඇති.


මෙහි ඇති text box එක තුළ ඔබට ඔබේ මිතුරු ලැයිස්තුවේ සිටන මිතුරු මිතුරියන්ගේ නම් Type කළ හැකියි. සාමාන්‍යයෙන් පිටුව load වීමෙන් පසුව ඔබ නමක මුල් අකුර type කරනවිට එම අකුරෙන් ඇරඹෙන නම් ඇති මිතුරන්ගේ නම් ලැයිස්තුව පහළට දිගහැරෙනු ඇති.


මෙම ලැයිස්තුවේ දැනටමත් අදාල සමූහයේ සිටින මිතුරු මිතුරියන්ගේ නම් වලට පහළින් "Already a member" යනුවෙන් පෙන්වනු ලබයි.


එසේ "Already a member" යනුවෙන් සඳහන්ව නොමැති මිතුරු මිතුරියන්ගේ නම් මත ක්ලික් කිරීමේන් ඔබට ඔවුන්ව සාමාජික ලැයිස්තුවට එකතු කරගත හැකියි.


එසේ එකතු වෙන මිතුරු මිතුරියන් අදාල සංවාද කොටුව තුළ දිස්වනු ඇත.


මෙසේ සාමාජිකයින් 20ක උපරිමයකට යටත්ව එකතු කිරීමට අවශ්‍ය මිතුරු මිතුරියන් එක් කරගැනීමෙන් පසුව ඔබ විසින් "Add" බොත්තම මත ක්ලික් කළ යුතුය. එවිට ඔබ ලබාදුන් නම් ඇති මිතුරු මිතුරියන් අදාල සමූහයට එක් වනු ඇති.

▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬

සැලකිය යුතුයි - ඔබ විසින් Type කරන නම් සහිත මිතුරු මිතුරියන් දැනට සාමාජිකයෙක් නොවන බව පෙන්වුවද ඇතැම්විට ඔහු/ඇය එම සමූහයේ කලින් සාමාජිකයෙකුව සිට සමූහයෙන් ඉවත්ව ඇත්නම්, සාමාජිකත්වයෙන් නෙරපා හැර ඇත්නම් හෝ උපරිම සමූහ සංඛ්‍යාව ඉක්මවා ඇත්නම් එම මිතුරා හෝ මිතුරිය අදාල සමූහයට නැවත එක් කළ නොහැකි වනු ඇත.


▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
 සැලකිය යුතුයි - මෙම ලිපිය බොහෝදෙනෙකුගේ අවශ්‍යතාවය හඳුනාගෙන, වෙහෙසක් දරා මවිසින් සකසන ලද්දක් බැවින් උපුටාගැනීමේදී සුදුසු සදාචාරාත්මක පියවරයන් අනුගමනය කරන්න. 

පරිගණක උදවු සහෘදයින් වෙනුවෙන්
ඇඩ්මින් පරිගණක උදවු

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්