පරිගණක උදවු

සොයන්න

7.3.12


කොහොමද යාලුවනේ. සේරම හොදින් නේද? ඔන්න මමඅදත් පොඩි software එකක් අරන් ආවා. අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන web sites ආරක්ෂා කාරී ද කියල දන්නේ නැති උනාම ලොකු ගැටළු වලට මුණ පාන්න වෙනවා. මම මෙ ලගදි spam site එකකට ගිහින් බොහොම අමාරුවෙන් ගොඩ අවේ. දැන් ඉතින් ඒවාට බය වෙන්න දෙයක් නැ. මම මෙ දෙන්න යන software එකෙන් ඔයාලට පුළුවන් ඔයාල click කරන්න යන site එක ආරක්ෂා කාරී ද කියල බලල ඇතුල් වෙන්න. එතකොට ඔයාලට බය නැතිව අදාල site එකට ගිහින් වැඩේ කර ගන්න පුළුවන්.

මම මෙ කියන software එක දෙන්නේ McAfee එකෙන්.

http://www.siteadvisor.com/ software එක free බාගන්න.

දැන්  බාගත්ත software එක Install කරගන්න.ඊට පස්සේ ඔයාලගේ Browser එක restart කරන්න.

එපමණයි. දැන් එන්නකෝ ලින්ක් දල තියෙන තැනකට. ඒ කිව්වේ පරිගණක උදව් එකට. දැන් බලන්න අපේ යාලුවෝ දල තියෙනලින්ක් වලට ඉදිරියෙන් සලකුනක් වැටිලා ඇති මෙ වගේ.



ලින්ක් එක ඉස්සරහින් කොළ පාටින්  හරියක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක ආරක්ෂා කාරී එකක් කියන එකයි.

ලින්ක් එක ඉස්සරහින් කහ  පාටින්  ප්‍රශ්නාර්ථයක්  වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක ගැටළු කාරී ආරක්ෂාව අඩුයි එකක් කියන එකයි.

ලින්ක් එක ඉස්සරහින් රතු  පාටින්  කතිරයක් වැටිලා තිබුනොත් එකෙන් කියන්නේඒ ලින්ක් එ‍ක අවදානම්කාරී  කියන එකයි.

එහෙනම් හරිනේ. ඔන්න අපි ගියා.  මේක බලල කුරු හරි යාලුවෙක් වැඩක ගත්තනම් එක තමයි මගේ සතුට. මේකේ හොද නරක බලල මට කියන්න හොදේ. එහෙනම් සුබපැතුම් යාලුවනේ.

නිශාන්
උපුටා ගැනීම.. http://ranganaflash.blogspot.com/

1 comments:

  • Blogger says:
    30/12/16 10:52 AM

    I've used AVG protection for a couple of years, I recommend this antivirus to all of you.

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්