Google Picasa

සොයන්න

6.3.12




මං මේ කියන්න යන්නේ ගොඩක් දෙනා දන්නේ නැති, දන්නා අයත් හරියටම දන්නේ නැති, ඒත් හරියට දන්නා අය හොඳටම වැඩ ගන්න web site එකක් ගැනයි. ඒ තමා Google එකෙන් ලබා දෙන Picasa වෙබ් පහසුකම. ඇත්තම කියනවා නම් ගොඩක් දෙනෙක් මේ ගැන අහලවත් නැතුව ඇති. එහෙම අහලවත් නැති කෙනෙක්ට උනත් Picasa expert කෙනෙක් වෙන්න පුළුවන් වෙන විදියට මං පැහැදිලි කරලා දෙන්නම්.

Picasa වල සේවාව කොටස් දෙකකට බෙදමු. එකක් තමයි online වැඩ කරගන්න picasaweb පහසුකම, අනික Picasa software එක. Picasa software එකෙන් වැඩ කරන්න internet ඕනේ නෑ. Download කරගෙන ඕන වෙලාවක පාවිච්චි කරන්න පුළුවන්. ඒක එච්චර අමාරු වැඩක් නොවන නිසා අද මං වැඩිපුර අවධානයක් යොමු කරන්නේ Picasaweb ගැනයි. පස්සේ software එක ගැන කියන්නම්.

Picasa දෙන්නේ Google එකෙන් නිසා හැමදේටම කලින් Google account එකක් තියෙන්න ඕනේ. මං හිතන්නේ හැමෝටම වගේ ඇති, තවමත් ගුගල් ගිණුමක් නැති අය හදාගන්න. Google account එකෙන් අපිට ගොඩක් පහසුකම් හම්බ වෙනවා. Youtube, Google+, Picasa, Blogger සහ මේ වගේ මහා ගොඩක් ජාති. හරි. දැන් බලමු Picasa ගැන.

Picasaweb.google.com තමයි Picasa homepage එක. මුලින්ම අපි ඒකට යමුකෝ. එතකොට ඔයාලට දකින්න ලැබෙයි My Recent Albums, Recent Activity සහ Featured Photos කියල තුනක්. Picasa වලට අලුත් නම් පලවෙනි දෙකේ මුකුත් දකින්න ලැබෙන්නේ නෑ. Featured Photos වල තියෙන්නේ අනිත් කට්ටිය upload කරපු පින්තුර. අපි upload කරන පින්තුර අනිත් කට්ටියට පේන්නෙත් එහෙම තමයි. මේවට අමතරව දකින්න ලැබෙයි tabs තුනක් Home, My photos, Explore කියල. තව Upload කියල button එකකුත් ඇති. අපි දැනට ඉන්නේ Home tab එකේ. Home tab එකේ වැඩිය වැඩ කෑලි නෑ. අපි ඊළඟ tab එකට යමු.

My Photos. වැඩ කෑලි ගොඩාක් තියෙනව මේ tab එකේ. හැබයි ඉතින් කලින් Photos upload කරලා තියෙන්න ඕනේ. ඒ නිසා මං මේකට කලින් Upload button එක ගැන කියල ඉන්නම්. Upload button එක එබුවම යන්නෙත් My Photos වලට තමා. හැබැයි වෙනස්. සම්පුර්ණ හිස් කොටසක් තියෙන්නේ. අපි upload කරන පින්තුර ඇල්බම් එකකට දාල ඇල්බම් එකට නමක් දාන්න පුළුවන්. Album name කියල තියෙන්නේ. නැත්නම් දැනට තියෙන පරණ Album එකකට photos add කරන්නත් පුළුවන්. add to an existing album කියල තියෙන්නේ ඒකට තමා. Computer එකේ තියෙන photo එකක් ඇදල දාන්නත් පුළුවන්, ඊට වඩා ලේසියි select from එකෙන් වැඩේ කරනවා නම්. Photos upload වෙන්න ටිකක් වෙලා යයි, network connection එකේ හැටියට. Upload කරලා ඉවර උනාම සැහෙන්න වැඩ කරන්න පුළුවන්.

Upload ඉවර උනාම යන්න My Photos වලට. දැන් පේනවා ඇති options ගොඩක් තියෙනවා. පින්තුර ගොඩක් upload කරා නම් අපිට පුළුවන් ඒක slideshow එකක් විදියට බලන්න. කරන්න තියෙන්නේ slideshow කියන button එක ඔබන්න විතරයි. ඒ වගේම ඔයාට Google+ account එකක් තියෙනවා නම් ඔයාගේ පින්තුර ඔක්කොම share කරන්නත් පුළුවන්. Actions කියල තියෙන එකෙන් වැඩ ගොඩක් කරගන්න පුළුවන්. Album එකේ කවරය වෙනස් කරන්න, ඇල්බම් එක ගැන පොඩි විස්තරයක් ලියන්න වගේ දේවල්. හැබැයි ඔතන තියෙනවට වඩා ගොඩක් වැදගත් options ටිකක් තියෙනවා දකුණු පැත්තේ තීරුවේ. බලමු මොනවද කියල. වැදගත්ම option එක තමා link to this album කියන එක. ඒක click කරලා බලන්නකෝ. උඩින්ම ලැබෙනවා ඇල්බම් එකේ URL එක. විශේෂයෙන්ම බ්ලොග් කරන අයට ඒක වැදගත් වෙයි, බ්ලොග් පොස්ට් දානකොට සැරින් සැරේ photos upload කරන්න ඕනේ නෑ මෙහෙම කරාම.

ඊළඟ එක වැදගත් වෙන්නේ වෙබ් සයිට් එකක් කරන අයටයි. Embed කරපු ලින්ක් එක තියෙනවා ඇල්බම් එකට. ඒ code එක සයිට් එකට රිංගව ගන්නයි තියෙන්නේ. ඔයාලගේ බ්ලොග් වලට එහෙම slideshow එකක් දාන්න කැමති නම් embed slideshow කියන එක click කරන්න. එතකොට එනවා අලුත් කොටුවක්, ඒ කොටුවෙන් පුළුවන් slideshow එක අපි කැමති විදියට හරිගස්ස ගන්න. එහෙම කරලා කහ පාට කොටසේ තියෙන code එක copy කරගන්න. බ්ලොග් එකේ gadget එකක් විදියට add කරන්න. ඉතාම සරලයි.

දැන් හරිනේ. ඔක්කොම වගේ කිව්වනේ. කිව්වේ නැත්තේ Explore tab එක ගැන විතරයි. එකේ කියල දෙන්න තරම් දෙයක් නෑ. අනිත් අය upload කරපු photos බලන්නයි තියෙන්නේ. පහලින් තියෙනවා පොඩි ජොලි වැඩකුත්. Game එකක්. කරන්න තියෙන්නේ එයාල පෙන්නන photos වල location එක අනුමාන කරන්නයි. හි හි. චුටි game එකක්. ඕනේ නම් කරලා බලන්න. ඒකට උඩින් තියෙන්නේ අලුතෙන් Picasaweb එකට upload වෙච්ච පින්තුර. කැමතිනම් ඒවා slideshow එකක් විදියට බලන්න පුළුවන්.

මේ පොස්ට් එක මං හිතුවට වඩා ටිකක් විතර දිග උනා. අවුලක් නෑනේ? පස්සේ දවසක දාන්නම්කො Picasa software එක ගැන. ගිහින් එන්නම්. නොදන්නා දෙයක් දැනගත්ත නම් පොඩියට comment එකකුත් දාලම යන්න. ස්තුතියි. මම කොමොඩෝ මකරා.

මුල් ලිපිය-http://makarawijithaya.blogspot.com/2012/02/picasa.html[හැබැයි මුල් ලිපියේ මුකුත් අමුත්තක් නෑ. මේකම තමයි.]


කොමොඩෝ මකරා


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්