හැක් වූ FACEBOOK ගිණුමක් නැවත යථා තත්වයට පත් කරමු.

සොයන්න

6.3.12

අද ඉදිරිපත් කරන්නේ හැක් වූ Facebook ගිණුමක් නැවත යථා තත්වයට පත්කර ගන්නා ආකාරයයි.
ඔබගේ ගිණුම හැක් කළ හැකර්කරුවා විසින් Facebook ගිණුමේ මුරපදය ( password ) පමණක් වෙනස්කර ඇත්නම්www.facebook.com ලිපිනය වෙත පිවිස Forgot your password? යන සබැදිය ( link ) වෙත පිවිස එහි උපදෙස් අනුගමනය කර පහසුවෙන් නැවත ඔබගේ Facebook ගිණුම ඔබ අතට පත් කර ගත හැකිය.
Facebook ගිණුමක් හැක් කල පසු කරන තවත් දෙයක් තමයි අදාල ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කිරීම. මෙලස ඊමේල් ලිපිනය වෙනස් කළ විට ඔබට නැවත ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීම අපහසු වෙනවා. නමුත් මෙලස ගිණුමේ ඊමේල් ලිපිනය වෙනස් කල විටද නැවත ඔබගේ ගිණුම තත්වයට පත්කර ගත හැකියී. ඒ පහත සබැදියට ( link ) පිවිසීමෙන්. එහිදී සිදුවන්නේ Facebook වෙබ් අඩවිය පවත්වාගෙන යන අය විසින් නැවත ඔබගේ ගිණුම යථා තත්වයට පත්කිරීමක්. එම වෙබ් පිටුව වෙත පිවිස අදාල උපදෙස් අනුගමනය කරන්න.

සබැදිය ( link ) :-  http://www.facebook.com/help/?page=1023

මෙම ක්‍රමයන් මගින් ඔබගේ Facebook ගිණුම නැවත යථා තත්වයට පත්කර ගැනීමේදී ඔබගේ ඊමේල් ලිපිනය හැක් වූ එකක් නොවිය යුතුයි. ඔබගේ ඊමේල් ලිපිනය හා Facebook ගිණුම හැක් වූ විට පළමුව ඊමේල් ලිපිනය යථා තත්වයට පත්කර ගත යුතුය


Chathura Dilshan

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්