Internet Error

සොයන්න

7.3.12

අන්තර්ජාලය තුලින් වෙබ් අඩවි පෙන්වන්නේ නැති වෙලාවල්වලදී ඊට හේතුව වශයෙන් පණිවුඩයක් පෙන්වයි.එරර් මැසේජ් ලෙස හඳුන්වන මේ පණිවුඩ මගින් පමාවට හේතු විස්තර කරයි.
මේවා පෙන්වන්නේ අංකයක් සමඟය.එම අංකයෙන්ද ඒගැන වැටහීමක් ලබාගත හැක.

  1. හතරේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජ්ස් ලැබෙන්නේ වැරදි ලෙස වෙබ් බ්‍රව්සරය බාවිත කිරීමේදීය.
  2. පහේ ඉලක්කමෙන් ඇරඹෙන එරර් මැසේජස් ලැබෙන්නේ අන්තර්ජාල සේවා සපයන සර්වර්වල ඇතිවරදක් හෝ අන්තර්ජාල සම්භන්දතාවයේ වරදක් හේතුවෙනි.



400 Bad request


මෙයින් අදහස් කෙරෙන්නේ අන්තර්ජාලය වෙතින් පරිශීලකයා ඉල්ලා ඇති වෙබ් අඩවියට අදාල වෙබ් ලිපිනයෙහි යම් වරදක් තිබෙන බව හෝ එම වෙබ් ලිපිනයට අදාල වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල නොමැති බවයි.මෙවැනි පණිවුඩයක් ලැබුණුවිට කලයුත්තේ ටයිප් කරනලද වෙබ් ලිපිනයේ නිවැරදිතාව තහවුරුකර ගැනීමයි.

401 Unauthorized


මින් අදහස් කෙරෙන්නේ පරිශීලකයාට අවශ්‍ය වෙබ් අඩවියට හෝ වෙබ් පිටුවට ඇතුල්වීමට අවසරයක් නොමැති බවය.මෙම වෙබ් අඩවිවලට ඇතුළු විය හැක්කේ පරිශීලකයාගේ තොරතුරු ඇතුළත්කොට වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් පසු ලැබෙන් යූසර් නේම් හා පාස් වර්ඩ් යොදා ගැනීමෙනි.

403 Foribidden


මෙයින් අදහස් කෙරෙන්නේද පරිශීලකයා ඇතුළුවීමට උත්සහකරන වෙබ් අඩවියට ඇතුළුවීමට අවසර නැති බවයි.මෙහිදීද කළ යුත්තේ වෙබ් අඩවියේ ලියාපදිංචි වී අවසරලබා ගැනීමයි.

404 Page not found


මින් කියවෙන්නේ පරිශීලකයාට ලබා ගැනීමට අවශ්‍ය වෙබ් අඩවිය හෝ පිටුවට සම්බන්ධ කිරීමේ යම් තාක්ෂණික අපහසුතාවයක් පිළිබඳවය.මෙවැනි අවස්තාවලදී කළ යුත්තේ,පෙර සිටි වෙබ් පිටුව වෙත පැමිණ නැවත අදාළ වෙබ් අඩවිය ඉල්ලුම් කිරීම හෝ වෙබ් පිටුව රීෆ්‍රෙෂ් කිරීමෙන්ද මෙම වරද නිවැරදි කරගත හැක.
වෙබ් අඩවියේ ලිපිනයෙහි යම් වෙනසක් කොට තිබීම,වෙබ් අඩවියේ ඇතැම් වෙබ් පිටු මකා දමා තිබීම හෝ වෙබ් අඩවිය අන්තර්ජාලයෙන් ඉවත් කර තිබීම වැනි හේතු නිසාද මෙම එරර් මැසේජ් එක ලැබිය හැක.

408 Request time out


මෙම එරර් මැසේජ් එකෙන් කියවෙන්නේ වෙබ් ලිපිනය මත ක්ලික් කිරීමේදී පරිශීලකයා වෙතින් සිදුවන යම් ප්‍රමාද දෝෂයකි.අන්තර්ජාලයේ ඇතැම් වෙබ් අඩවිවල ලිපින වෙත ක්ලික් කිරීමේදී යම් කාල පරාසයක් බලපාන අතර එවැනි අවස්ථාවල සිදුවන ප්‍රමාදයන් නිසා මෙම එරර් මැසේජ් එක ලැබේ.මෙහිදී කළ යුත්තේ නැවත වරක් ක්ෂණිකව ක්ලික් කර,එම වෙබ් අඩවියට නැවත වරක් ඇතුළුවීමට උත්සාහ කිරීමයි.

500 Server not found


මෙම පණිවුඩය ලැබෙන්නේ අන්තර්ජාල සර්වර් වල ඇති යම් දෝෂ නිසාය.මේවා බොහෝ විට අන්තර්ජාල සේවා සපයන ආයතනවල පවත්වා ගෙන යනු ලබන සර්වර්වල සිදුවන වැරදි නිසා ඇති වේ.එනිසා මෙහිදී කළ යුත්තේ,ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ධ වීමට උත්සාහ කිරීමයි.

502 Server overload


මෙයින් කියැවෙන්නේ මෙම අවස්ථාව වෙන විට පරිශීලකයා භාවිතා කරනු ලබන සර්වර් වල කාර්යබහුලතාව වැඩිවී ඇති බව සහ එහි ඉඩ ප්‍රමාණයට ඔරොත්තු නොදෙන තරම් පරිශීලකයන් පිරිසක් එකවර සර්වර් වලට සම්බන්ධ වී ඇති බවයි.මෙහිදීද කළ යුත්තේ ටික වේලාවක් අන්තර්ජාලයෙන් ඉවත්ව සිට නැවත සම්බන්ධ වීමට උත්සාහ කිරීමයි.

503 Service unavailable


මින් කියවෙන්නේ ඉන්ටනෙට් සේවා සපයන්නාගේ සම්බන්ධතාවයේ යම් වරදක් හෝ ක්‍රියාවිරහිතවීමක් ඇතිව තිබෙන බවය.පරිශීලකයාගේ සම්බන්ධතාවය නතර කර දමා ඇති අවස්ථාවලදීද මෙම පණිවුඩය ලැබෙන අතර ඉන්ටනෙට් සේවා සපයන ආයතනයට දැන්වීමෙන් දෝෂය මඟ හරවා ගත හැක.

ප්‍රයෝජනවත් කියල හිතනවනම් like පාරක් දාලම යන්න.

Source - Wijaya pariganaka

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්