POST TROUBLESHOOTING STEPS

සොයන්න

8.9.11


Hi..මේක කලින් ලියපු COMPUTER POST AND BEEP CODES (http://techgate-way2technology.blogspot.com/2011/09/computer-post-and-beep-codes.html)එකේ දෙවෙනි කොටස කියන්න පුළුවන් මම ඒකෙ මොකක්ද මේ Computer POST සහ  BEEP codes මඟින් කොහොමද අපේ පරිගණකයේ වැරදි හඳුනා ගන්න ආකාරය ගැන කියලා දුන්නා.දැන් කියන්න යන්නේ POST troubleshoting සහ ඒවා කොහොමද හදුනාගන්නේ යන්න කියලා දෙන්නයි.


 POST troubleshooting steps


අපි බලමු මේ POST fail වීමක් සිදු උනොත් එය හදුනාගන්නා ලක්ෂණ:


  1. පරිගණකය පනගැන්වීමේදී අවිදිමත් beep codes
  2. පරිගණකය on උනත් boot නොවීම හෝ කිසි දෙයක් සිදු නොවීම.
  3. ටික වෙලාවකින් පසු නැවත පරිගණකය restart වීම.
පරිගණකය on උනාම කිසිම දෙයක් සිදුනොවෙනවානම් (no lights, no sound, no fans, etc.)
එය power related issue එකක් විය හැකියි.


 පහතින් දැක්වෙන්නේ physical parts මගින් ඇතිවෙන දෝෂ මගහරවා ගන්න ආකාරයයි.


Remove new hardware

  •   අලුත් hadware එකක් පරිගණකයට සවි කරොත් ඉන්පසු පරිගණකය හරියාකාරව වැඩ කරන් නැතිනම් එම hardware එක remove කරලා බලන්න.remove කරාම නැවත පරිගණකය පෙර පරිදි නිසි ලෙස වැඩ කරනවානම් අපි අලුතින් සවි කරපු hardware එක මෙම පරිගණකයට ගැලපෙන්නේ නෑ.නැතිනම් system settings වෙනස් විය යුතුයි මෙම අලුත් hardware device එක සමග වැඩ කිරීමට.

Remove any disks or USB devices

  • CD's, DVD's remove කිරීමෙන් සහ USB devices (iPods, drives, phones, etc)connected  disconnected කිරීම නියම ආකාරයෙන් සිදු කරන්න.ඉන්පසු පරිගණකය reboot කරා බලන්න කිසියම් වෙනසක් දකින්න දියනවද කියලා.

Disconnect external devices
  • ඔබේ පරිගණකයේ පසුපස ඇති power cable එක හැර ඉතුරු සියල්ලම ගලවන්න.ඉන්පසු සාමාන්‍ය ආකාරයට පරිගණකය on කරලා බලන්න beep normal ද කියලා.beep වෙන්නේ නැතිනම් monitor එක හෝ display connected කරලා බලන්න යම් කිසි වෙනසක් සිදුවෙනවද කියලා.
Identify beep code

  • පරිගණකය විසින් නිකුත් කරන beep codes නිසි ලෙස අසා පරිගණකයේ දෝෂය මගහරවා ගත හැකියි.
Check all fans

  • ඔබේ පරිගණකයේ ඇති සියලුම Fans නිසි ලෙස ක්‍රියාකරනවද යන්න බලන්න.විශේෂයෙන් heat sink fan එක.මෙම Fans ක්‍රියා නොකරන්නේ නම් පරිගණකය overheat වීමේ බලපෑම තියනවා.නැතිනම් boot නොවීමද සිදුවිය හැකියි.
Check all cables

  • සියලුම cables නිසි ලෙස සම්බන්ද වී තියනවාද යන්න අනිවාර්යෙන් බැලිය යුතුයි.cable loose එකක් තිබුනොත් පරිගණකය වැඩ කරන්නේ නෑ.
  • සියලුම disk drives වලට data cable එකක් සහ power cable එකක් සම්බන්ද වෙනවා.
  • ඔයාගේ power supply unit එකෙන් motherboard එකට cable එකක් යනවා.සමහර motherboard වල අමතර cable ටිකක් සම්බන්ද වෙනවා Fans වලට.
Disconnect all expansion cards

  • POST එකේ ප්‍රශ්නයක් ඇති උනොත් සියලුම expansion cards disconnect කර එකින් එක සවිකර පරිගණකය ක්‍රියාකරනවද  බලන්න.එතකොට දැනගන්න පුළුවන් මොන card එකේද ප්‍රශ්නය තියෙන්නේ කියලා. 

Disconnect all drives
  • ඔයාට පරිගණකයේ ඇති දෝෂය beep codes මගින් තීරණය කිරීමට නොහැකි නම් disconnect කරන්න IDE, SATA, SCSI හෝ අනිත් data cables disconnect කරන්න CD-ROM, hard drive, සහ floppy drive, Motherboard එකෙන්.
  • මෙමගින් ඔයාට සම්මත කරගන්න පුළුවන් POST fail උනේ ඇයි කියලා.මෙම device එකින් එක ගලවා නැවත සවිකර බලන්න පරිගණකය මගින් error එකක් දිස්වන්නේ මොන device එකද හෝ මොන cable එකෙන්ද කියලා.එතකොට පුළුවන් ප්‍රශ්නය හදුනාගන්නා.ගොඩක් වෙලාවට මෙය loose cable connection එකක් විය හැකියි.
Remove the RAM
  • ඉහත සියල්ලම කරත් පරිගණකයේ දෝෂය මගහැරවී නොමැතිනම් ඔයාගේ Ram එක ගලවන්න.ඉන්පසු පරිගණකය on කරන්න.පරිගණකයෙන් වෙනස් beep code එකක් ලැබේනම් හෝ beep code එකක් ආවේ නැතුව  දැන් beep වෙනවනම් පරිගණකය turnoff කරලා පහත පියවර අනුගමනය කරන්න.මෙයින් යම් එකක් ඔබේ පරිගණකයේ දෝෂය විය හැකියි.
  1. dust එක ඉවත් කර නැවත memory එක සවිකර පරිගණකය on කරන්න.
  2. memory stick ගොඩක් තියනවනම් සේරම ගලවන්න. ඒකරලා එකින් එක සවිකර බලන්න.  
  3.  එකක් පමණක් නම් තියෙන්නේ ගලවලා වෙන slot එකක සවිකර බලන්න.
  4. ඔයාගේ ram එක ගලවා වෙනත් වැඩකරන ram එකක සවිකර බලන්න. 
ඔයාගේ memory stick එක නිසා පරිගණකය ක්‍රියාත්මක නොවේනම් ඔයාගේ memory stick එක තවත් දුරට පාවිච්චි කලා නොහැක.
ඔයාගේ memory stick එක motherboard එකේ වෙනත් slot එකක සවිකරාම පරිගණකය ක්‍රියාත්මක වෙනවනම් ඔබේ motherboard එක මාරු කරන්න වෙනවා.


Power cycle the computer 
  • සමහර අවස්ථාවන් වලදී මෙම power related issues නිසා පරිගණකය boot වීම සිදුනොවිය හැකියි.power supply unit එක ක්‍රියාවිරහිත උනොත් මෙය සිදුවිය හැකියි.

Disconnect and reconnect the CPU
  • ඔබගේ පරිගණකයේ CPU එක ක්‍රියාවිරහිතනම් පරිගණකය boot වෙන්නේ නෑ.ක්‍රියා කරන CPU එකක් සවිකර බලන්න පරිගණකය on වෙනවද කියලා.එසේ on වෙනවනම් ඔබේ CPU එක මාරු කිරීමට සිදුවෙනවා.


0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්