මෙන්න.. අන්තර්ජාලය හෑන්ඩ් මේඩ් ක්‍රමේට පෙරන හැටි.. ඕනේ විදිහට පෙරන්න..

සොයන්න

9.9.11


ඉතින්.. කට්ටියගේ සැප සනීප කොහොමද.. මේ ටිකේ ලියන්න වෙලාවක් තිබුනේ නැහැ.. දිගටම වැඩ.. වැඩ ගොඩක් තිබුන.. පල්ලියේ මංගල්ලේ ටත් වැඩ නිසා.. ඉතින් අයෙත් ලියනවා අලුත්  දෙයක්.. මේකත් ඉතාමත් වැදගත් වේවි.. 


එහෙනම්.. අද පාඩම.. පුනීල ක්‍රමයට.. ඒ කිව්වේ මැනුවල් මෙතඩ් එකට වෙබ් සයිට් පෙරන්නේකොහොමද කියල .. හරි.. මේකට කිසිම මෘදුකාංගයක් ඕනේ නැහැ.. ලොකු වැඩ කරන්නත් නැහැ.. අනික මේකෙන් නියම වැඩ කරන්න පුළුවන්.. කරලා ම බලන්නකෝ.. හරි නේ.. 


සාමාන්‍යයෙන් ගොඩක් ආයතන  වල කරන දෙයක් තමයි මේ අනවශ්‍ය වෙබ් සයිට් වලට යාමෙන් වලක්වන එක.. හැබැයි ගොඩක් වෙලාවට අපේ අය ඒවායින් රිංගන්න දන්නවා.. නේ.. හැබැයි  මම මේ කරන එකේ නම ඒවායින් නම් බේරෙන්න අමාරුයි.. මම ඉගෙන ගන්න ඉස්කෝලේ මැෂින් කීපයක මේ විදිහට ෆේස්බුක් වාරණය කළා.. අද වෙනතුරු කවුරුත් ඒවායින් නම් මුණු පොත භාවිතා කලේ නැහැ.. හරි.. ඉතින් අගේ නොකර කියන්නකෝ.. නේද?? හරි හරි.. මම ඔන්න ඉතින් කියනවා කරමේ..



ඉස්සෙල්ලාම යන්න system32 folder එකට.. දැන් යන්න ඒකෙ drivers වලට  ඒකෙ තියනවා ආයේ etc  folder එකට.. hosts කියලා ෆයිල් එකක් තියේවි.. ඒක නිකන් ම ඕපන් කරන්න බැහැ.. ඒ නිසා ඕපන් විත් අරගෙන නෝට්පෑඩ් දෙන්න.. හරි.. දැන් මෙහෙයුමට සියල්ල සුදානම්..


එහෙනම් ඔපරේෂන් වෙබ් සයිට් බ්ලොකින් පටන් ගමු.. කවුද ලයිස්තුවේ මුලින් ම ඉන්නේ.. ඕනේ කෙනෙක්.. හරි.. මෙහෙමයි කරන්නේ.. ඔකේ ඇති මෙන්න මෙහෙම එකක්.. 127.0.0.1  localhost කියලා  හරි... ඒ පේලියට යටින් තමා අපි වැඩ පටන් ගන්නේ.. අපි හිතමු අපිට වලක්වන්න ඕනේ facebook කියලා.. හරි ලේසියි.. මෙන්න ක්‍රමේ.. මෙහෙම කොටන්න.. 127.0.0.2 www.facebook.com මතක ඇතිව ඉඩක් තියන්න..අංකෙයි සයිට් එකයි අතර.. හරි.. සේව් කරන්න.. වහල දාන්න.. හරි.. දැන් වීරයෝ ටික.. ඕනේ බ්‍රව්සර් එකකින්.. ඕනේ ප්‍රොක්සි එකකින් යන්නකෝ බලන්න.. මොකද වෙන්නේ කියලා.. ප්‍රොක්සි වලට යන්න පුළුවන් වෙයි.. මගදී ඇණ  ගන්න වෙයි.. දැන් ඉතින් එක පාරට මේක වහල පටන් ගන්න එපා.. අපේ අය එහෙමනේ.. මොකක් හරි බාගෙට දැන  ගත්ත ගමන් උඩ යනවා.. ඉතුරු ටිකත් කියවන්න.. 
හරි.. දැන් තාක්ෂණික දත්ත.. මේකේ මොකක්ද මේ වෙන්නේ.. හරි සරලයි.. අපි ඉල්ලන සයිට් එක පරිගණකය හරහා dns එකට යනවා නේ.. එයානේ අපිට එයා ව හොයල දෙන්නේ.. එතනට යන්න කලින් එයා බලනවා ඒ ලිපිනය මැප් කරලා තියනවද කියලා.. ඒ බලන්නේ මේ අපි දැන් එඩිට් කරපු තැන.. දැන් අපි මේ කලේ මේ වෙබ් සයිට් එක වෙන ip එකකට මැප් කරපු එක.. එතකොට මොකද වෙන්නේ.. අපි ඉල්ලන කෙනා වෙනුවට මෙයාව එවනවා.. දැන් අවුලක්.. මේ ඇඩ්රස් එක වෙන් කරපු එකක්.. ඒ නිසා මොකද වෙන්නේ.. ඩිස්කනෙක්ට් වෙනවා.. හරි සරලයි.. 


දැන් තවත් පැත්තක් කියන්නම්.. මෙහෙම හිතන්න.. ඕකෙන් වෙන්නේ රීඩිරෙක්ට් කරන වැඩේ නම්.. අපිට පුළුවන් අපි ඉල්ලන එක වෙනුවට වෙනත් කෙනෙක් ව එවන්න කියලා ලියන්න.. එතකොට කාටවත් හිතෙන්නෙත් නැහැනේ මේක මේ බ්ලොක් කරපු කේස් එකක් කියලා.. ඒක කරන්නේ කොහොමද?? අනේ.. හරි ම ලේසි වැඩක්.. අර 127.0.0.2 වෙනුවට යවන්න ඕනේ කෙනාව ලියන්න.. ඒ කිව්වේ මෙහෙම..
www.google.lk www.facebook.com  කියලා දුන්නොත් fb යන කෙනාට එන්නේ google එක.. ඉතින් මිනිහ දස අතේ කල්පනා කරනවා.. මේ මොකද කියලා.. ඔය සමහර ආයතන වල අය මේ වගේ වැඩ වලට මෘදුකාංග වලට වියදම් කරනවා.. එතකොට වෙනම සෙටින්ග්ස් දානවා.. නැත්නම් අන්තර්ජාලය දෙන්නේ ම නැහැ.. ඊට වැඩ මේක ලේසියි නේද.. කාටවත් අමනාපයක් නැහැ නේ.. මම කියන්නේ අපරාදේ නේ ඔය වියදම.. නේද? හරි.. ඉතින්.. සුපුරුදු සේ සංවාදයට දොර හැර ඇත.. කියවල කොමෙන්ටුවක් දෙන්න.. අනික කියන්න ඕනේ.. මේ වැඩේ කරද්දී ඔයාට ඔයාගේ මුර බල්ලට කටකලියාවක් දාන්න වේවි.. (මම උපමා දානවා වැඩියි නේ!!.. මෙහෙමනේ.. රසවත් විදිහට ලියන්නත් එපැයි.. ඒකටත් කලාවක් තියනවා..) ඒ කිව්වේ සරලව වයිරස් ගාඩ් එක ටිකකට ඕෆ් කරන්න.. මොකද සමහර වයිරස් ගාඩ් වලින් මේ සෙටින්ග්ස් ගැන හොයල බලනවා.. ඒ කිව්වේ මේ වගේ වයිරසුත් තියනවා ඈ.. ඔයා ඉල්ලන කෙනා වගේ ම වෙස් වලාගත් කෙනෙක් ගාවට ඔයාව යවනවා.. නියමයි නේ.. ඒ නිසා මම හැම වෙලේම කියන දෙයක්.. මගේ ළමයිනුත් නිතර ම අහනවා.. කොහොම ද හැක් කරන්නේ.. මම කියන්නේ ඉස්සෙල්ලා ම හරියට ම ඉගෙන ගන්න.. එතකොට දැනුම යහපතට යොදන හැටි තේරුම ගන්න.. ඊට පස්සේ ඕව ඉගෙන ගත්ත හැකි.. අද ගොඩක් අය පොඩ්ඩක් දැන ගෙන ඊට පස්සේ හැක් කරන්න යනවා..ඉතින් අනික් අය හදපු මොනවා හරි ටූල් කෑලි අල්ලාගෙන.. ඊටපස්සේ ඇන ගන්නවා.. අන්තිමට අපේ මැෂිනුත් හැක් වෙලා තමයි  නවතින්නේ.. මම හැකිං ගැන වැඩිය කියන්න යන්නේ නැහැ.. නමුත් මම කිව්වේ තාක්ෂණය නිවැරදිව භාවිතා කිරීමේ දැනුම ඔබ ඉගෙන ගත්තා නම්.. එදාට මේවා ඉතාම සරල බව තේරේවි.. 


අදට ඇති .. ජය වේවා.. ඔබේ අදහස්.. ලියන්න ඕනේ මොනවාද කියලා කියන්න.. මම ලියන්නම්..  

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්