කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..

සොයන්න

9.9.11


කොම්පියුටර් ඩ්‍රයිවර් ගේ කේස් ද? මෙන්න කියවන්න.. ඩ්‍රයිවර් ව අලුත් කර ගන්න හැටි..


මේ ලිපියත් ඔයාලට වැදගත් වේවි.. ඇත්තටම කිව්වොත් මේවා තරමක් රහස් වගේ.. මොකද මේ වගේ දේවල් දන්නා අය කියල දෙනවා අඩුයි.. කමක් නැහැ.. මගේ දැනුම මම බෙදා ගන්නවා.. 
හරි.. අපි දන්නවා නේ පරිගණකයට බොහොම වැදගත් නේ මේ ඩ්‍රයිවර්ස් .. මේවා නැතුව පරිගණකයෙන් වැඩ කරන්න බැහැ.. ඒ කිව්වේ මේ හරහා තමා දෘඩාංග හා මෘදුකාංග සම්බන්ධය ක්‍රියාත්මක කරන්නේ.. දැන් ගොඩක් අයට තියන ප්‍රශ්නේ තමා අලුතෙන් වින්ඩෝස් දාපු වෙලාවට හරි ම ඩ්‍රයිවර්ස් හොයා ගන්න එක.. මාර කට්ටක් කන්න ඕනේ.. සී ඩි .. නොතිබුනොත්.. කොහොමත් ඉතින් අපේ මැෂින් වලින් බොහොමයකට සී ඩි නැහැ නේ.. හරි .. එතකොට ඉතින් ඉන්ටර්නෙට් එකෙන් ඩ්‍රයිවර් ගන්න මෘදුකාංගයක් බා ගත්තා.. ඊට පස්සේ කරන්නේ ඒක රන් කරලා එකෙන් ම වැඩේ කර ගන්න එක.. ඒකෙ කේස් දෙකක් තියනවා.. එකක් තමයි.. මේ මෘදුකාංග වලින් සමහර ඒවා හරහා වයිරස ස්ථාපනය වීම.. අනෙක සමහර ඒවා සඳහා මුදල්  ගෙවීමට වීම.. නැත්නම් මෙහෙම හිතමු.. ඔයාට අන්තර්ජාල පහසු කම නැත්නම් එතකොට මේවා යොදා ගන්න බැහැ.. වින්ඩෝස් වල තියන අප්ඩේට් එකත් එහෙමයි.. එතකොට ඉතින් මොකද කරන්නේ.. 



එකක් තමා ඉතින් මැෂින් එක ඔරිජිනල් නම්.. මොඩල් එක නෙට් එකේ ගහලා සයිට් ඒකට ගිහින් බා ගන්න එක.. එතකොට ඉන්ටර්නෙට් නැතුවත් පෙන් එකකට දාගෙන එන්න පුළුවන් නේ.. හරි.. මෙහෙම හිතන්න..අපි ගන්නවා මැෂින් එකක්.. ඒක ඇසෙම්බල්ඩ් එකක්.. විස්තර හොයා ගන්නත් බැහැ.. දැන් මොකෝ කරන්නේ.. 


මෙන්න ක්‍රමේ.. මේක මම බොහෝ අවස්ථා වල භාවිතා කරනවා..ඉතා සාර්ථකයි.. ඒක තමා චිප් අංක වලින් තොරතුරු හොයා ගැනීම.. දැන් ඔයාලා මට කියයි ඕකට අපි චිප් ගලවල බලන්නද? .. නැත්නම් කොහොමද කරන්නේ.. මෙහෙමයි.. ඕනෙම පරිගණක උපාංගයක තියනවා ඒකෙ ප්‍රධාන චිප් නම්බර් එක.. කොහොමද මෙයාව හොයා ගන්නේ.. මෙන්න මෙහෙම..
යන්න ඩිවයිස් මැනේජර් එකට.. දන්නේ නැත්නම් රන් එකට මේක කොටන්න.. devmgmt.msc  හරි.. මේකෙන් කොහොමද බලා ගන්නේ.. මෙන්න මෙහෙම.. මම දාන්නං රූප ..
ඉස්සෙල්ලා ම මේකේ තියන ඔයාට ඩ්‍රයිවර් බා ගන්න ඕනේ එක ඩබල් ක්ලික් කරන්න.. එතකොට ලැබේවි properties window එක..දැන් ඒකෙ තියෙන details  කියන ටැබ් එක ක්ලික් කරන්න.. එතකොට පහලින් ඒවි මෙන්න මේ වගේ වචන පේලියක් 
PCI\VEN_10EC&DEV_8172&SUBSYS_817210EC&REV_10\4&192AC53F&0&00E0 


මේකේ VEN හා DEV කියන තැන තියන අංක.. මේ උදාහරණෙ හැටියට 10EC සහ 8172 කියන එක කොපි කර ගන්න.. හරි දැන් තමා ගේම දෙන්නේ.. මෙන්න මේ සයිට් එකට යන්න..
www.pcidatabase.com  දැන් මේකට ගිහින් උඩ ඇති සර්ච් බොක්ස් දෙකක්..එකෙන් එකකට අදාල අගය.. Vendors කියන තැනට ven අගය හෝ devices කියන තැනට dev අගය දාල සර්ච් එකක් දෙන්නකෝ බලන්න.. කොහොමද වැඩේ.. මේකේ ven අගය දැම්මොත් නම් ඔයාලට ඒ යටතේ තියන සියලු ම ඩිවයිස් පෙන්නනවා.. එතකොට ඔයතියන dev අගය ඒ යටතේ තියනවද කියල බලන්න.. ඒක තියෙන්නේ  0 x විදිහට.. ඒ කිව්වේ o x 8172  වගේ.. වඩා හොඳයි ඩිවයිස් අගය ම බලනවා නම්.. කොහොම හරි.. මේකෙන් ඔයාට පුළුවන් කිසි කරදරයක් නොවී ඔයාගේ වැඩේ කර ගන්න.. සියට සියක් නිවැරදිව.. එහෙනම්.. කොමෙන්ට් වලට විවෘතයි .. අදහස් උදහස් යෝජනා චෝදනා ඕනේ එකක්.. තව මම කලින් එකෙත් දැම්ම මේක.. ඒ කිව්වේ ඔයාලට දැන ගන්න ඕනේ මාතෘකා ගැන කිව්වොත් ඒ ගැන ලිපි සකස් කරන්න පුළුවන්.. මම දැන් මේ කරන්නේ අවුරුදු ගණක ඉගෙන ගත්ත දැනුම බෙදා ගැනීම.. එකෙන් ඔයාලට යමක ලැබෙනවා නම් මට සතුටුයි... මේවා කියවලා ඔයාලා තව  අලුත්  දේවල් හොයා ගන්න..අලුත් දේවල් කරන්න.. එතකොට නියමයි.. එහෙනම් ගිහින් එන්නම්.. අලුතෙන් මොනවා හරි ලෑස්ති කරගෙන.. ඔබට සහ පරිගණක උදව වලට ජය.. මේවා ගැන අදහස් දමන ඔයාලට මාගේ ආචාරය..

1 comments:

  • dhammika says:
    8/3/13 10:47 PM

    Nothanna apata monwahari kiyala denawata bohoma istuthi. mage pc eke sound drivers neha. mama ihata vistara anuwa "ven" saha "dev" Nos hoya gatta. Eva "VEN_1023" "DEV_2000" mewa hoya gaththata passe kohomada Sound drivers hoyagena install kara ganne? ema vistarath idiripath kaloth adupadu sampoornai. Dhammika Maharagama.

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්