ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදමු.

සොයන්න

9.9.11


 මේ කියන්න යන දේ නම් "පරිගණක උදව්" සාමාජිකයන්ට ප්‍රයෝජනවත් වෙයි කියල හිතනවා. දන්නා අය ඇති. නොදන්නා අයට ගොඩක් වටිනවා. මේ කියන්න හදන්නෙ ඕනෑම මෘදුකාංගයක Portable Application එකක් හදාගන්න ආකාරය.

අපි බලමු Portable Application එකක් කියන්නේ මොකක්ද කියල. Portable Application එකක් කියන්නෙ පරිගණකයේ Install කරන්නෙ නොකර Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට. මෘදුකාංගයක Portable Application එකක් තියෙනවනම් ඒක Pen එකකට දාගෙන ගිහිං Install නොකර Double Click කර භාවිතා කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි සරලව Portable Application එකක තියන ප්‍රයෝජනය.


මම මේ සදහා භාවිතා කරන්නෙ Cameyo කියන මෘදුකාංගය. මෙම මෘදුකාංගය මගින් කරන්නෙ ඔබ විසින් සිදු කරනු ලබන Install කිරීමක් Capture කර එය Portable Application එකක් ලෙස සැකසීමයි. පහලින් Cameyo වෙබ් අඩවියට පිවිසෙන්න. ඒ හරහා Cameyo මෘදුකාංගය download කරගන්න.


1) Cameyo Install කරන්න ----> Start ----> All Programs ----> Cameyo ----> Capture Software Installation.

2) Cameyo මෘදුකාංගය open වීමට හැර ඔබට Portable Application එකක් ලෙස සාදා ගැනීමට අවශ්‍ය මෘදුකාංගයේ Setup එක run කරන්න ----> එම වැඩසටහන Install කරන්න. මේ ආකාරයට කීපයක් වුනත් install කරන්න පුළුවන්.

3) Install වූ පසු Install done බට්න් එක ක්ලික් කරන්න ----> දැන් ඔබට Portable Application එකට ලබාදිය යුතු නම සහ Save වීමට පාත් එක ලබාදී OK කරන්න. සියල්ල සාර්ථකව කලේ නම් Success යනුවෙන් පණිවුඩයක් ලැබේ.

4) Save වීමට ලබාදුන් පාත් එකට ගොස් බලන්න. දැන් Portable Application එක Double Click කර Open කරගන්න. එච්චරයි !!වැඩේ හරිම ලේසියි. Try කරලම බලන්න. අදහස් දක්වන්නත් අමතක කරන්න එපා. එහෙනම් "පරිගණක උදව්" සාමාජික ඔබ සැමට සුභ දවසක් !!ස්තුතියි !!!මූලාශ්‍රය -http://neanatha.wordpress.com/2010/12/27/ඕනෑම-මෘදුකාංගයක-portable-application-එකක්-හ/

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්