මෙන්න ඉලෙක්ට්‍රොනික් මැජික් ෂෝ එකක්.. සම්පුර්ණයෙන් ම නොමිලේ.. අත්හදාබලන්න..

සොයන්න

9.9.11


මේ ලිපිය නම්ම් කලින් ඒවා වගේ නෙමේ.. ටිකක් වෙනස්.. මේක ලියන්නේ ඉතින් විනෝදෙට.. හැබැයි ඉතින් මේකෙන් ඉගෙන ගන්න දේවලුත් නැතුව ම නෙමෙයි.. මේකේ තියන දේවල් සමහරක් සුන්දරයි..සමහර දේවල් කරපුවහම නම්  ඔයාල බය වෙයි.. එත බය වෙන්න එපා.. කිසිම හානියක් නැතුව අත්හදා බලන්න පුළුවන්..

එහෙනෙම් මෙන්න.. යාළුවොත් එක්ක විනෝද වෙන්න.. පරිගණක triක්ස් ..


හැමෝම කැමති නේ ෆිල්ම් බලන්න.. එහෙම නම් මේකත් බලන්නකෝ.. මේක හරි අපුරු චිත්‍රපටියක්..  මෙහෙමයි කරන්නේ.යන්න ස්ටාර්ට් මෙනු එකේ රන් එකට.. දැන් මේක කොටලා එන්ටර් කොරන්න .. telnet towel.blinkenlights.nl
මේක එන්න නම් ටිකක් වෙලා යනවා.. ඒ නිසා ඉවසන්න.. විනාඩි 2 3 ක් ..


 කොහොමද? නියමයි නේ.. හරි.. දැන් බලමුකෝ තව මොනවාද තියෙන්නේ කියලා.. මේක බලන්න නම් ඕනේ ms word..  හරි.. ඔයාල දන්නවනේ වර්ඩ් වල සමීකරණ වැඩ කරන්නේ නැහැනේ.. හැබැයි මේ සමීකරණයට නම් ඔයාල බලාපොරොත්තු නොවෙන උත්තරයක්‌ ඒවි.. මෙන්න.. ගහල බලන්න.. එන්ටර් ඔබපු ගමන වැඩ.. හිස්තැන් තියන්න එපා.. =rand(10,10)

 එල නේ.. හරි.. තව ඉස්සරහට යමු..

මෙහෙම හිතන්න.. ඔන්න.. පොඩි කතාවක්.. ඔයාගේ ගෙදරට යාළුවෙක් එනවා.. මචන්..මට පොඩි වැඩක් කර ගන්න තියනවා.. විනාඩි 10 කට උබේ මැෂින් එක දෙන්න පුලුවන්ද? දැන් කේස්.. මොකද යාලුවට මැෂිම දෙන්නත් ඕනේ.. පැය ගානක් යයිද දන්නෙත් නැහැ.. විනාඩි 10 න් සට්ඩවුන් වෙන්න ක්‍රමයක් වත් ...ඕක මොකක්ද.. ගැහුවා ඉන්ටර්නෙට් එකේ.. නේද? පිස්සුද.. ඇයි හැම එකට ම ඉන්ටර්නෙට්.. මෙන්න ක්‍රමේ.. කරලා බලන්නකෝ.. යන්න රන් එකට .. මෙන්න වදන.. දාල බලන්න...
shutdown -s -t 600
මේකේ -s තියන තැන L දැම්මොත් ලොග් ඕෆ්.. r දැම්මොත් රිස්ටාර්ට්.. එතකොට -t වලට පස්සේ කාලය තත්පර වලින්.. 

මේකෙන් හොඳ වැඩ ගත්ත හැකි.. මෙහෙම.. ඩවුන්ලෝඩ් එකක් දාල නිදා ගන්න පුළුවන් රැට.. වෙලාව දුන්නහම ඉබේම මැෂිම ඕෆ් නේ.. 

මෙන්න අභියෝගය.. පුළුවන් නම් නවත්වන්න ඔය යන සට් ඩවුන් එක.. 
අමාරුයි නේ.. ඔව්ව්... ඕකට ඉතින් විදින්න තියෙන්නේ එක ම බෙහෙතයි.. 
මෙන්න ඒකත් රන් එකට විදින්න.. shutdown -a 

දැන් ඇති කියල හිතෙනවා.. තව ගොඩක් තියනවා.. දැන් වෙලාවත් රෑ 10 පහු වෙලා ... ඉතින් ඉතිරි කොටස පසුවට දමන්නම්.. සුපුරුදු පරිදි ඔබේ අදහස් වලට විවෘතයි.. එහෙනම් මැජික් ෂෝ එකේ ප්‍රේක්ෂක ප්‍රතිචාර බලමුකෝ.. ගිහින් එන්නම්.. හොඳේ..

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

There was an error in this gadget

PCWorld නවතම පුවත්