නිල්පාට මාරයාගෙන් ඔබේ පරිගණකය බෙර ගන්නේ මෙහෙමයි.. මෙන්න කියවන්න BSoD ගැන..

සොයන්න

9.9.11


මෙන්න මගේ තුන්වෙනි ලිපිය .. මේක ටිකක් භයානක එකක්.. සමහරු නම අහල නම් නැතුව ඇති.. හැබැයි දාන්න අය දන්නවා... මෙයාගේ කෙටි නම BSoD දිග ඇරියොත් blue screen of Death..  මැෂින් එකට බලපාන ලෙඩ වලින් දරුණු ම එකක්.. නෝ හෙල්ලුම් පොල් මැල්ලුම් වගේ.. මෙයාගේ නමේ හැටියටම තමා තිරය නිල් පාට  වෙනවා.. තේරෙන්නේ නැති අකුරු ටිකක් වැටෙනවා.. ඉතින් අපි කරන්නේ රිස්ටාර්ට් එකට කොටන ඒක.. එතකොට වැඩේ ලාවට සේප් වෙනවා.. ඒත් ඉතින් මේක කියවල බලන්නකෝ.. අවාසනාවට මට මේ වැඩේ කරන්න වෙලා තියෙන්නේ රුප නැතුව.. කමක් නැහැ.. කරගෙන යමු..



පළවෙනියෙන් ම කියන්න ඕනේ.. මේ එරර් ඒක ලැබෙන්නේ ඉතාම සංකීර්ණ අවස්ථා වල.. ගොඩක් වෙලාවට මේවට හරියට ම හේතු හොයා ගන්න නම් පරීක්ෂණ කරලා බලන්න ඕනේ.. බලමුකෝ අපි.. කොහොමද කියල..


මුලින්ම කියන්න ඕනේ.. මෙයා හරිම දරුණු නිසා.. මෙයාගෙන් බේරෙන එක තමා අමාරු.. ඉස්සෙල්ලාම අපි බලමු මෙයාව මෙන්න මෙහෙම ගොඩ දා ගන්න පුළුවන් ද කියලා ඒ කිව්වේ configuration settings  වලින්.. මෙහෙමයි කරන්නේ.. මැෂිම රිස්ටාර්ට් කළා .. ඔබන්න F8.. දැන් එන තිරයෙන් තෝරන්න last known good configuration..  දැන් එන්ටර් එකට තට්ටුවක් දාන්න.. මේක තම ප්‍රාථමික ම වැඩේ.. තව ඉස්සරහට යමු බලන්න..


හොඳයි.. ඕගොල්ලෝ දන්නවා පරිගණකයේ ප්‍රධාන මතකය තමා RAM එක.. ඒ හරහා තමා සියලු දත්ත ගමන කරන්නේ.. අපි දන්න විදිහට ගොඩක් පරිගණක වල එන දෝෂ වලට  RAM එක බලපානවා.. එතකොට මේ BSoD  වලටත් එහෙමයි.. කොහොමද හොයා ගන්නේ මේක.. මෙන්න ක්‍රමේ.. බලමු..  
මුලින්ම මෙහෙම කරන්න. ඔයාට එන එරර් එකේ තියන මෙමරි ඇඩ්රස් එක ලියා ගන්න.. ඒ කිව්වේ stop : 0x00ec3..... වගේ තියන එක.. දැන් අයෙත් මැෂින් එක රිස්ටාර්ට් කලහම ඔය අංකෙ ම නම් තියෙන්නේ.. තිතට ම ලෙඩේ ram එකේ.. පොඩ්ඩක් සුද්ද කරලා දාන්න.. ගොඩ ද ගන්න පුළුවන්..


හරි.. යමු ඉදිරියට..   


හරි.. ඊළඟට බලමු තව එකක්.. මෙන්න මේක..දැන් ගොඩක් වෙලාවට අපි කරන්නේ මොකක් හරි එරර් එකක් ආ  ගමන්  නැවත ආරම්භ කිරීම නේ .. ඒ කිව්වේ restart .. හෝව්.. හෝව්.. මෙයාට එහෙම කරන්නෙපා .. පොඩ්ඩක් කියවන්න.. ලියල තියන එක.. සාමාන්‍ය අදහසක් ගන්න පුලුවන්  ඒකෙන්.. මෙන්න මේ වගේ එකක් නම් එන්නේ.. IRQ_NOT_LESS_OR_EQUAL අනිවා  ගොඩක් වෙලාවට වෙලා තියෙන්නේ ඔයාගේ මැෂින් එකට අලුතෙන් දාපු hardware එකක ප්‍රශ්නයක්.. එක නිසා එයාව පොඩ්ඩක් අයින් කරලා බලන්න.. සමහර වෙලවටමෙහෙමත් වෙනවා.. drivers නොගැලපුනාම වුනත් මේක වෙතහැකි..  ඒක ඉතින් හොයල බලන්න.. 


තව එකක් තමා අපි දාන software වලිනුත් මේ වගේ පණිවිඩ ලැබෙන්න පුළුවන්.. ඒ වගේ වෙලාවට මොකද කරන්නේ.. මෙන්න මෙහෙමයි.. මුලින් කියපු ක්‍රමේට යන්න.. ඒ කිව්වේ  Configuration හරහා.. එහෙම නැත්නම් Safe Mode වලින්.. ඊට පස්සේ මෙහෙම කරන්න .. start programs accesories system tools system restore..  සෙවන් වලදී නම් ස්ටාර්ට් එකට ගිය ගමන් ම system restore  කියල දීල හොයා ගන්න.. ඊටපස්සේ මැෂිම restore කර ගන්න. එකේ තියන උපදෙස් අනුව..  ඊට පස්සේ ඔයාට පුළුවන් මෙන්න මේ වගේ මෘදුකාංගයකින් ඔයාගේ registry එක සුද්ද කර ගන්න.. ccleaner  හෝ fcleaner  වගේ.. 


දැන් ඉතින් වැඩේ ගොඩ.. තව පොඩ්ඩයි.. මේ එකක් වත් හරි යන්නේ නැහැ කියමු.. මොකද කරන්නේ.. ඒක පාරම වැඩේ දෙන්නම් කියලා වින්ඩෝස් දාන්න යන්න එපා.. ඔය තියන error message  එකේ කෝඩ් එක පොඩ්ඩක් හොයල බලන්න.. අන්තර්ජාලයේ.. විශේෂයෙන් wndows සයිට් එකේ.. ඒකෙ තව තොරතුරු ඇති.. ඒවත් බලන්න.. මම හිතන්නේ  මේ රෝගියාට මේ ප්‍රතිකර්ම වලින් හොඳක් වේවි.. එහෙනම්.. සුපුරුදු පරිදි ඔබගේ ප්‍රතිචාර යොමුකරන්න.. ජයෙන් ජය..      

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්