ලෝකයේ ඕනෑම තැනකට නොමිළේ SMS යවමු!!!

සොයන්න

8.9.11


ලෝකයේ ඕනෑම රටක, ඕනෑම අංකයකට නොමිළයේම SMS යවන්න... Trial නෙවෙයි, සීමාවක් නෑ!! හිතේ හැටියට SMS කරන්න. ෆෝන් එකේ ක්‍රෙඩිට් ඉවරද? ලඟපාත අන්තර්ජාල පහසුකම් සහිත පරිගනකයක් තියෙනවනම්, මෙන්න යවන හැටි SMS!!

1) මේ සඳහා භාවිතා කරන්නෙ www.freesmscraze.com වෙබ් අඩවියයි.


[මුලින්ම ගියාම පේන්න මෙහෙමයි]

2) මේ ලිපියෙන් මූලිකවම කියල දෙන්නෙ ලංකාවෙ අංකයකට SMS යවන විදියයි.

ඒ සඳහා මේ පහල පින්තූරයෙ තියෙන පරිදි ලින්ක් එකට යන්න

(නැත්නම් මෙන්න http://www.freesmscraze.com/us/index.html)

3) මෙතනට ගියාම Free SMS කරන්න පුළුවන් රටවල් ලැයිස්තුවක් දෙනවා. මෙතනින් Send Free SMS to Sri Lanka ලින්කුවට යන්න.
4) ම්ම්, එතනට කෙටුවද? දැන් මෙහෙම පිටුවක් විවෘතවෙලා ඇතිනේද? ලංකාවෙ කොඩියත් එක්ක...


5) මෙතනින් තමයි හැමදේම කරන්නෙ.
٠මෙතනින්, From : 
කියලා තිබෙන කොටුව ඇතුලෙ, +94 සහ ඔබේ ජංගම දුරකතන අංකය ඇතුල් කරන්න.[0 නැතුව ඇතුලත් කරන්න] උදා: +94710000000
٠ඊට පස්සෙ,  
Number : කොටුවෙ SMS එක යැවීමට අවශ්‍ය දුරකතන අංකය ඇතුල් කරන්න. මෙහිදීත් අංකය යෙදීමේදී 0 නොමැතිව ඇතුල් කරන්න. මෙතනදී Country Code ඇතුල් කල යුතු නැත.
උදා: 710000001٠අවසාන වශයෙන් Message : කොටුවෙහි ඔබට අවශ්‍ය පණිවිඩය සඳහන් කර Send SMS මත Click කරන්න.

[සාමාන්‍යයෙන් පණිවිඩය එසැනින් ග්‍රාහකයාට ලැබේ. නමුත් සමහර අවස්ථාවලදී මඳක් ප්‍රමාද විය හැක.]
මෙලෙසම ඔබට More Countries හරහා පෙර පරිදිම ක්‍රියවලිය සිදුකර ලෝකයේ ඕනෑම තැනකට නොමිලයේම SMS යැවිය හැකිය.

ස්තූතියි!

1 comments:

  • Anonymous says:
    9/9/11 11:54 AM

    THNX Brother
    it's very usefull.

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්