පාට පාට ලස්සන අකුරුවලින් ෆිල්ම් වලට සබ්ටයිටිල් දාන්න

සොයන්න

6.3.12

ඔන්න මාගේ පලවෙනි ඩොක් එක , නිකන් ඉන්න ගමන් ලියන්න හිතුනේ .මේකයි කතන්දරේ ඔයාලා ෆිල්ම් එකක් බලනොකට ගොඩක් වෙලාවට සබ්ටයිටිල් එක යන්න සුදු පාටින් නේද ? හ්ම්ම් ....... ගොඩක් ඒවා නෙමෙයි මං බලපු හැම එකක්ම සුදු පාට තමා , ඉතින් ලස්සන ෆිල්ම් එකකට ලස්සන පාටින් අකුරු දාල සබ් එක හදාගන්න අසා නැද්ද ආ‍ා ? ආසාව කෙසේ වෙතත් දැනගන්න හරි කියලා දෙන්නම්කො



පේනවද මන්ද නේ ? අව්ලක් නෑ වැඩේ කරන හැටි බලාගන්නකෝ . මුලින්ම ඔයාලා ලග තියන සබ්ට්යිටිල් ෆයිල් එකක් නොට් පෑඩ් එකෙන් ඕපන් කරගන්න එතොකට ඔයාලට මේ වගේ වචන ටිකක් පෙනේවි
1
00:00:02,000 --> 00:00:20,000
යසිත ජයනාත් ඉදිරිපත් කිරීමක්

3
00:01:31,446 --> 00:01:37,294
සියළු කුරුල්ලනි, ගිරවුනි, අප ආදරේ දිනූ...

4
00:01:38,015 --> 00:01:40,945
සතුටේ නිදහස, විඳිනා අපමයි, ලොව දිනූ වීරයෝ...

5
00:01:41,047 --> 00:01:43,456
විනෝදයට ආසයි...

6
00:01:44,525 --> 00:01:47,283
ගායනාව හැකි සියළු කුරුල්ලනි...

7
00:01:47,484 --> 00:01:50,692
හිරු ඇති වෙලල බලා...

මේ තියෙන්නේ රියෝ කියන ෆිල්ම් එකේ මම සිංහලට හදපු සබ් එකේ කොපියක් දැන් ඔකේ ටයිම් ලයින් එකට පහලින් තියන පරිවර්තන ( සබ් ) පේලියට ඉදිරියෙන් මං දෙන කෝඩ් එක කොපි කරන්න මං උදාහරණයක්‌ කියන්නම් එතකොට පැහැදිලි වෙයි .

00:01:31,446 --> 00:01:37,294
{\3c&HFFFFFF&\1c&HFF0&\fs\b3\an0}<font color=red>සියළු කුරුල්ලනි, ගිරවුනි, අප ආදරේ දිනූ...
දැන් පැහැදිලි නේද මං කියාපු දේ ? සබ්ටයිටිල් එකේ වචන ටයිප් කරලා තියන පේලියේ මුලින් තමා මේ කෝඩ් එක කොපි කරන්න ඕනි {\3c&HFFFFFF&\1c&HFF0&\fs\b3\an0}<font color=red> ඊට පස්සේ ඔයලාට කැමති පාටක් දෙන්න පුළුවන් මං ඔකේ රෙඩ් කියලා දීලා තියෙන්නේ ? ඔයාලට පුළුවන් රෙඩ් කියන වචනේ වෙනුවට වෙන පටක නමක් දාල වෙන පාටකින් සබ් එක ගන්න . මෙන්න මේ විදියට
{\3c&HFFFFFF&\1c&HFF0&\fs\b3\an0}<font color=green>
එහෙනම් කරලා බලන්නකෝ අපි යනවා

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්