Scams

සොයන්න

7.3.12

Scam වලින් බේරෙන හැටි කියන්න කලින් Scam කියන්නේ මොනවද කියල කියන්නම් කෝ. සරලවම කියනවා නම් Scam එකක් කියන්නේ ඇමක්. පිටින් පේන්න තියෙන්නේ හරිම සුන්දර, දැක්කම ආස හිතෙන විදියේ යමක්. හරියට කවුරුහරි අපිට ආදරේට දෙන තෑග්ගක් වගේ. ඒත් ඇත්තටම ඒකෙන් අපිට කරන්නේ හානියක්. Scam කියන වචනේ හැදිලා තියෙන විදිය බලන්නකෝ.

  • Scheming(සැලසුම් සහගත)
  • Crafty(ප්‍රයෝගකාරී)
  • Aggressive(ප්‍රකෝපකාරී)
  • Malicious(හිංසාකාරී)
Scam කියන වචනේ හැදිලා තියෙන්නේ ඔහොමයි. (මගේ ඉංග්‍රීසි ගැන හිතන්න ඕනේ නෑ, scam නරකයි කියල හිතාගන්නකෝ). අපිව scam වලට කොටු වෙන ක්‍රම ගොඩක් තිබ්බත් මං අද කියන්න යන්නේ e-mail, text messages හා telephone calls මගින් සිදුවන scam කිරීම ගැන.

E-mail එකක් පාවිච්චි කරන අයට(e-mail පාවිච්චි නොකරන අයත් ඉන්නවනේ තවම) බොහෝදුරට මේ වගේ e-mail ඇම ලැබිල ඇති. සමහර අය අහුවෙලත් ඇති. මතක කරලා බලන්න, ඔයාට ලැබිල තියෙනවද අහලවත් නැති තෑගි තරගෙකින් දිනලා තෑග්ගක් හිමිවෙලා කියල ආපු e-mail. ඒ scam. මං දැන් කියන්නම් මේ වගේ scam එකක් හරියටම අඳුරගන්නේ කොහොමද කියල. බලන්න ඔයාලට ලැබෙන e-mail පණිවිඩයක මේ වගේ සැක සහිත කරුණු තියෙනවා කියල.
  • නිශ්චිතව සඳහන්ව නැති ආයතනයකින් ලැබුණු පණිවිඩයක් වීම. සාමාන්‍යයෙන් අපිට කොහෙන්හරි තෑග්ගක් දෙනවා නම් අනිවාර්යෙන් එයාල ඒ අතරම තමන්ගේ ආයතනය ගැන පොඩි ad එකකුත් දානවා. අපේ ආයතනය මෙහෙමයි, මෙහෙමයි කියල. ඒත් එහෙම ආයතනයක් ගැන සඳහනක් නැතිව, අපිට හිමිවුණ තෑග්ගක් ගැන විතරක් කියනවා නම් බොහෝදුරට ඒ ඇමක්.
  • E-mail එක එවපු e-mail ස'වරය නොමිලේ e-mail ගිණුමක් හදාගන්න පුළුවන් e-mail server ඕනේ තරම් තියෙනවනේ. Gmail, Yahoo!, Hotmail මේ වගේ server එකකින් ලැබුණු e-mail එකක් ගැන දෙවරක් හිතන්න වටිනවා. මොකද වැදගත් ආයතනයක් නම් ඔය වගේ නිකන් දෙන ඒවා ගන්නවා අඩුයි. ආයතනයක් කැමති තමන්ගේ සාර්ථකත්වය හැමෝටම පෙන්නන්න. ඒ නිසා එයාල e-mail යවන්න යොදා ගන්නේ තම නිල වෙබ් අඩවියෙන් ලබාගන්න e-mail address විතරයි, විශේෂයෙන් ආයතනයට අදාළ කටයුතු සඳහා.
  • නිල වෙබ් අඩවියක් නැති ආයතනයක් වීම. සමහරවිට e-mail එකේ ආයතනයක් ගැන කියල තියෙන්න පුළුවන්. ඒත් අපි ඇත්තටම දන්නේ නෑනේ එහෙම ආයතනයක් තියෙනවද කියල. පුංචි දෙයයි කරන්න තියෙන්නේ. ආයතනයේ නමින් Google කරලා බලන්න. E-mail මගින් තමන්ගේ වාර්ෂික ලොතරැයි දිනුමක් ගැන දැනුවත් කරන ආයතනයකට නිල වෙබ් අඩවියක් නැති නම් ඒක ටිකක් අතාත්විකයි නේද? 
  • නිල වෙබ් අඩවියේ ගුණාත්මක බව. ටිකක් හිතන්නකෝ, තමන්ගේ බැංකු ගිනුමක මිලියන ගානක් තියෙන කෙනෙක් scam එකකට අහුවුණා කියල. අහුවෙලා බැංකු ගිණුමේ රහස්‍ය තොරතුරු scam එක එවපු කෙනාට දුන්න කියල. එතකොට scam එක එවපු කෙනාට ලොකු මුදලක් නිකන්ම අයිති වෙනවා. මේ හේතුව නිසා සමහර scam කාරයෝ තමන් කරන වැඩේ උපරිමයෙන් කරනවා. ඒ වෙනුවෙන්ම වෙබ් සයිට් එකක් හදාගන්න උනත් පුළුවන්. හැබැයි ඒවා හදන්නේ තාවකාලිකව. කවුරුහරි අහු උන ගමන් සයිට් එක ඉවත් කරනවා. මේ හේතුව නිසා හදන වෙබ් අඩවිය උපරිම තත්වයෙන් හදන්න උවමනාවක් නෑ. යන්තං අටවල දානවා, එහෙම එකක් තියෙනවා කියල පේන්න. Official web site එකකින් බලාපොරොත්තු වෙන තත්වය නෑ. E-mail එක එවපු ආයතනයේ වෙබ් අඩවිය යන්තම් අටවපු එකක් නම් ඒක එච්චර ආරක්‍ෂිත නෑ.
  • අනවශ්‍ය තරම් වර්ණනා හා අඩුවෙන් තොරතුරු ඔයාට ලැබෙන e-mail එකේ විස්තර තියෙන්නේ ඉතාම අඩුවෙන් නම් සැලකිලිමත් වෙන්න. Scam වල හැටි තමයි කියවන කෙනාට දිව්‍යලෝකයක් මවල පෙන්නන එක. එකම කරුණ දෙතුන් වතාවක් කියනවා නම් ලස්සන වචන දාල ඒ කියන්නේ ඇත්තක් නම් වෙන්න බෑ. ලැබෙනවා කියල තියෙන තෑග්ග, මුදල ගැන කිව්වම අනිත් ඔක්කොම අමතක වෙන අය නම් මේවට ලස්සනට රැවටෙනවා. 
  • තෑග්ගක් නම් ඒ සඳහා විවිධ අමතර ගාස්තු ඉල්ලා සිටීම. ගොඩක් වෙලාවට ඔය තෑගි ගැන කියනකොට ඒ ගොල්ලෝ කියනවා මේ තෑග්ග එවන්න අපිට මෙහෙම මෙහෙම වියදම් වෙනවා, බදු ගෙවන්න වෙනවා කියල. ඒ අමතර ගාස්තු ටික ගෙවන්න, තෑග්ග එවන්නම් කියල කියනවා. රැවටෙන්න නම් එපා. ඒ ඔක්කොම බොරු.
ලිපිය මුලදී මං කිව්වේ e-mail, text messages සහ telephone calls වලින් එන scam ගැන කියනවා කියල. ඒත් ලිපියේදී නම් හැමතැනම සඳහන් වෙලා තියෙන්නේ e-mail ගැන විතරයි. කලබල වෙන්න එපා. E-mail වලදී හිතන දේවල් අනිත් දෙකටත් වලංගුයි. Text messages ගැන විශේෂ දෙයක් කියන්නම්. Google වල තියෙනවා mobile වලට messages යවන්න පහසුකමක්. ඔයාල ඒ ගැන දන්නවා ඇති. ඒ විදියට එන messages වල අංක තියෙන්නේ 8 යි. හැබැයි ඒකට අහුවෙන්න නම් එපා.

ඔන්න එහෙනම් කට්ටියම දැනගත්තානේ Scam එකක් අඳුරගන්නේ කොහොමද කියල. එහෙනම් මීට පස්සේ රැවටෙන්න එපා. දෙනවා කියන්නේ මොනවගේ තෑග්ගක් උනත් මොනතරම් ලොකු මුදලක් උනත් සිහිබුද්ධියෙන් හොයල බලන්න අමතක කරන්න එපා. මේ ලිපිය වැදගත් උනානම් පොඩි comment එකක් දෙන්න. මම ඊළඟ දවසේ scam වල තවත් පැත්තක් ගැන තොරතුරු කියන්නම්. 

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්