බ්ලොග්ස්පොට් බ්ලොග් එකක් හදමු - පරිගණක උදවු StEp By StEp!!!

සොයන්න

1.7.11


  • කෙනෙක් සිංහලෙන් පියවරෙන් පියවර බ්ලොග් එකක් හදාගන්නා විදිය අහපු නිසා, මීට මාස දෙකකට කලින් මම පරිගණක උදවු වෝල් එකේ ලියූ ලිපියක් මේවිදියට දෙන්න හිතුවා.

  • මේ ලිපියෙන් විස්තර කරන්න හදන්නෙ Blogspot බ්ලොග් එකක් හදාගන්නා විදියගැනයි. වැඩි දෙයක් කරන්න නැහැ. අමාරුත් නැහැ. පහළින් තියෙන පියවර ටික අනුගමනය කරල බලන්න. ප්‍රශ්න තිබුණොත් අහන්න. පරිගණක උදවු අපේ මිතුරු මිතුරියන්ගෙන් අනිවාර්යෙන්ම පිළීතුරක් ලැබේවි.

හොඳයි එහෙනම් මෙතැනින් වැඩේ පටන්ගමු.

1.දැනට ගූගල් එකවුන්ට් එකක් නැතිනම්, මේ ලින්ක් එකට ගිහින් ගූගල් එකවුන්ට් එකක් හදාගන්න.

(https://www.google.com/accounts/NewAccount?service=blogger&continue=https%3A%2F%2Fwww.blogger.com%2Floginz%3Fd%3D%252Fcreate-blog.g%26a%3DADD_SERVICE_FLAG&hl=en&sendvemail=true&followup=https%3A%2F%2Fwww.blogger.com%2Floginz%3Fd%3D%252Fhome%26a%3DSERVICE_ONLY&naui=8)


2. දැනටමත් ගූගල් එකවුන්ට් එකක් තියේනම් මෙතැනින් ලොග්වෙන්න.

(https://www.google.com/accounts/ServiceLogin?service=blogger&continue=https%3A%2F%2Fwww.blogger.com%2Floginz%3Fd%3Dhttp%253A%252F%252Fwww.blogger.com%252Fhome%26a%3DADD_SERVICE_FLAG&passive=true&alinsu=0&aplinsu=0&alwf=true&ltmpl=start&skipvpage=true&rm=false&showra=1&fpui=2&naui=8#s01)


3. ඊට පස්සෙ, බ්ලොගර් ඩෑෂ්බෝඩ් එක ඕපන් වෙයි. එතැනින් Create a Bolg ක්ලික් කරලා බ්ලොග් ටයිටල් එකයි ඇඩ්‍රස් එකයි දෙන්න.(ඇඩ්‍රස් එක දීලා Check Availability ක්ලික් කරල බලන්න ඒ ඇඩ්‍රස් එක දැනටමත් කවුරුහරි අරගෙනද කියලා).


4.Word Verification කියන තැන ඇදවෙලා තියෙන අකුරු ටික හරියට පහළින් ටයිප් කරලා Continue ක්ලික් කරන්න.


5. ඊළඟ වින්ඩෝ එකෙන් කැමති ස්ටයිල් එකකත් තෝරලා ආයෙමත් Continue ක්ලික් කරන්න.(මේ ස්ටයිල් එක පස්සෙ ඔයාට වෙනස් කරගන්න පුලුවන්)


6. ඉන්පස්සෙ Start Blogging ක්ලික් කරන්න.


7. මේ ඕපන් වෙන්නෙ ඔයා හැදුව බ්ලොග් එකේ පෝස්ට් දාන වින්ඩෝ එක. සරලවම කීවොත් ටයිටල් එක (මාතෘකාව) දීලා පහළ කොටසේ ලිපිය ලියලා Publish Post ක්ලික් කරන්න. දැන් පෝස්ට් එක බ්ලොග් එකට එකතු වෙයි. (සිංහලෙන් අවශ්‍ය නම් සිංහලෙන් ටයිප් කරන්න. මාතෘකාවට අදාල ලේබලයක් දැම්මොතින් පස්සෙ ප්‍රයෝජනවත් වේවි)


8. දැන් view post ගිහින් පොස්ට් එක බලන්න.
මේ බ්ලොග් එකේ දකුණු පැත්තෙ ඉහළ කෙළවරේ තියෙන Design ක්ලික් කරලා බ්ලොග් එකට ගැජට්ස් ඇඩ් කරගන්න පුලුවනි. ගැජට් වල ටයිටල් එකත් සිංහලෙන් දුන්නොත් සිංහලෙන්ම පෙනේවි.


හැමදේම නම් කියාදෙන්ට අමාරුයි ප්‍රයෝගිකව. අතපත ගාලම ඉගෙනගන්න ඕන. හරිම ලේසියි, අමාරු නැහැ. හිතනවා මේ පෝස්ට් එක වැදගත් වේවි කියලා.....

-කිනිත් හෙට්ටිආරච්චි-

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්