කෝ මේ Quick Launch Toolbar එක????? - පරිගණක උදවු Exclusives!!! - (හය වැන්න)

සොයන්න

1.7.11

(2011 මැයි 15 වැනිදා)


පරිගණක උදවු Exclusives 6 වැනි ලිපියෙනුත් වෙනදා වගේම කියන්න යන්නේ වින්ඩෝස් සෙවන් වල අපේ අවධානය යොමු නොකළ,  කතාබහට ලක් නොවුණු තවත් පුංචි තැනක් ගැනයි.


මතකද XP වල තිබුණු Quck Launch Toolbar එක?
කෝ ඒක වින්ඩෝස් සෙවන් වල නැහැනේ?


Taskbar එකට වැඩසටහන් වල Shortcuts අපිට pin කරන්න නම් පුලුවන් තමයි.  ඒත් කලින් තිබුණු Quick Launch Toolbar එක තරම් හිතට අල්ලන්නෙ නැති වෙන්නත් පුලුවන්...



එහමෙ හිතෙනවානම් අපි උත්සහ කරමු වින්ඩෝස් සෙවන් වලටත් ඒ විදියටම Quick Launch Toolbar එකක් හදාගන්න. ඒ මෙහෙමයි.


1. මුලින්ම ඔයාගෙ Taskbar එක උඩ Right Click කරල එන මෙනුවෙන් Toolbars ගිහින් එතන පහළම තියෙන New Toolbar... ක්ලික් කරන්න.


2. එතකොට ඕපන් වේවි “New Toolbar-Choose a Folder“ කියල වින්ඩෝ එකක්. ඒකෙ පහළ තියෙන Folder කියන තැනට මේ පහළින් තියෙන පේළිය Copy කරලා Paste කරගන්න.


%userprofile%\AppData\Roaming\Microsoft\Internet Explorer\Quick Launch


3. දැන් Select Folder ක්ලික් කරන්න.


4. දැන් ඔයාට පේනවා ඇති taskbar එකේ Quick Launch කියල අලුත් toolbar එකක් තියෙනවා. දැන් අපි මේක කලින් අපිට පුරුදු Quick Launch Toolbar එක විදියට හදාගමු.


5. Taskbar එක උඩ Right Click කරලා  එන මෙනු එකෙන් "Lock The Taskbar" ක්ලික් කරන්න. දැන් ඔයාට අපි හදාගත් අලුත් Toolbar එක ඇදගෙන යන්න පුලුවනි taskbar එක දිගේ කැමති තැනකට. අපි වම් පැත්තෙ කෙළවරට ඇදගෙන යමු. ඔයාට පේනව ඇති පුංචි dots පේළි තුනක්. අන්න එතනට cursor එක ගෙනියන්න. එතකොට cursor එක ඊ හිස් දෙකක් විදියට පෙනේවි. කීපසැරයක් වම් පැත්තට drag කරලා ඔයාට පුලුවන් වේවි ඒක වම් පැත්තෙ අයිනට ගේන්න. (Pin කළ Shortcuts ටික මේ විදියටම දකුණු පැත්තට ඇදලා දාන්නත් පුලුවනි). හරි, දැන් Placement එක හරි :).


6. දැන් අපේ Quick Launch Toolbar එක උඩ Right Click කරලා එන මෙනු එකේ තියෙන “Show Text“ සහ “Show Title“ උඩ ක්ලික් කරලා, Tool bar එකේ තියෙන වචන කොටස් අයින් කරගන්න.


7. දැන් ආයෙම Quick Launch Toolbar එක උඩ Right Click කරලා එන මෙනු එකෙන් "View" ගිහින් “Large Icons“ තෝරන්න.


8. දැන් බොහෝදුරට වැඩ ඉවරයි ඔන්න. දැන් අර 5වෙනි පියවරේදි කළ විදියටම අවශ්‍ය තරමට  ඉඩ තියෙන විදයට Drag කරලා හදාගන්න. ඉන්පස්සෙ Taskbar එක උඩ Right Click කරලා “Lock The taskbar“ ක්ලික් කරන්න.


(ඔයාට ඕන shortcuts මේ Quick launch ටූල්බාර් එකට drag කරලා දාගන්නත් උවමනා නැති ඒවා delete කරගන්නත් පුලුවන් ආයෙම "Unlcok the Taskbar" ගිහින්).
__________________________________________________


පසුගිය පරිගණක උදවු Exclusives! ලිපි:

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්