රීමූවබල් ඩ්‍රයිවිස්වල Scan and Fix පහසුකම නතර කර ගන්නා ආකාරය

සොයන්න

2.7.11

                                         
ආයුබෝවන්....

වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේදී පරිගණකයට පිටතින් සවිකරන උපාංග හෙවත් රීමූවබල් ඩ්‍රයිවිස්වල තිබෙන දෝෂ හදුනාගැනීම හා ඒවා නිවැරදි කිරීමේ පහසුකමක් තිබෙයි. ඔබත් වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතිය තිබෙන පරිගණකට පෙන් ඩ්‍රයිව් එකක් වැනි උපාංගයක් සවිකළ සැණින් මෙහි දැක්වෙන ආකාරයේ සංවාද කොටුවක් දර්ශනය වෙයි.


                                          

මෙය අපට ලබාගත හැකි ප්‍රයෝජනවත් පහසුකමක් වුවද ඇතුම් අවස්ථාවලදී මෙය කාලය වැයවන තරමක් කරදරකාරී වූවකි. එවන් අවස්ථාවලදී මෙම පහසුකම ඉවත් කර ගන්නා ආකාරය මෙම ලිපියෙන් ඔබට දැනගත හැකිය. රීමූවබල් ඩ්‍රයිව්ස්වල ඇති ෆයිල් සිස්ටම් එකෙහි දෝෂ මෙමගින් යථා තත්වයට පත්කරගත හැකිය. පරිගණකයකට සම්බන්ධ කර ඇති මෙවන් රීමූවබල් ඩ්‍රයිව් එකක් පරිගණකයෙන් ඉවත් කරගැනීමේ safely remove ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමෙන් ඒවා ඉවත් කරගත යුතුය. එසේ නොවුන අවස්ථාවලදී මෙම සංවාද කොටුව දර්ශනය වෙයි. වින්ඩෝස් සෙවන් මෙහෙයුම් පද්ධතියේ ඇති මෙම scan and fix පහසුකම අක්‍රීය කරගැනීම මගින් ඒවායේ AutoPlay පහසුකම ද නතර වෙයි.

                                           

මෙම AutoPlay පහසුකම නතර කරගැනීම සදහා පළමුවෙන්ම ස්ටාට් මෙනුව ලබාගෙන එහි පහළින් ඇති සෙවුම් කවුළුව තුළ msconfig යනුවෙන් ටයිප් කරන්න.

                                           

පසුව ලැබෙන සංවාද කොටුවේ ඇති services ටැබ් එක ක්ලික් කරන්න. පසුව පහලින් ඇති Shell Hardware Detection පහසුකම අක්‍රීය කරගන්න

                                             

නැවතත් ස්ටාට් මෙනුව විවෘත කර සෙවුම් කවුළුව තුළ services.msc යනුවෙන් ටයිප් කරන්න. පසුව Shell Hardware Detection යන්න ඔබට දර්ශනය වන ලැයිස්තුවෙන් සොයාගන්න. පසුව එය මත ඩබල් ක්ලික් කර general ටැබ් එක ක්ලික් කර stop යන්න ක්ලික් කරන්න.

                                              


                                             

                                              

startup type යන ඔප්ෂන් එක disable ආකාරයෙන් තබන්න. අවසානයේ Ok බොත්තම ක්ලික් කරන්න. අවසානයේදී පෙන් ඩ්‍රයිව් එකක් වැනි රීමූවබල් ඩ්‍රයිව් එකක් පරිගණකයට සවිකර බලන්න. ඉහතින් සදහන් කරන ලද පහසුකම් කිසිවක් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක නොවන බව ඔබට දක්නට ලැබේවි.

වැඩි විස්ථර සදහා -: http://pariganakalipi.blogspot.com

ස්තූතියි! ඔබට

සුභ දවසක්

0 comments:

Post a Comment

පරිගණක උදවු ගැන ඔබේ අදහස

PCWorld නවතම පුවත්